නොපසුබට උත්සාහය - විරියින්ද්‍රිය
නොපසුබට උත්සාහය - විරියින්ද්‍රිය
විරියින්ද්‍රිය යන මෙහි විරිය යනු යම්කිසි ක්‍රියාවක් කිරීමෙහි දී එය නො නිමවා නො නවත්වා වූ ද, ක්‍රියාව මනා කොට සිදු කරන්නා වූ ද, කළ යුතු දෙය කෙරෙහි අධිපති බව පවත්වන්නා වූ ද, එක්තරා මානසික ශක්ති විශේෂයකි. එම සම්ප්‍රයුක්ත චිත්ත චෛතසිකයන් තමාට අනුකූල කරවන්නා වූ ස්වභාවයෙන් ඉන්ද්‍රියයක් ද වේ. එබැවින් වීර්‍ය්‍යයට ම විරියින්ද්‍රිය යයි කියනු ලැබේ. වීර්‍ය්‍යය කායික වීර්‍ය්‍ය මානසික වීර්‍ය්‍ය වශයෙන් දෙ වැදෑරුම් වේ. ශරීර ශක්තිය කායික වීර්‍ය්‍ය නමි. එය රූප කොට්ඨාසයට අයත් ය. ඉන්ද්‍රිය කථාවෙහි එය නො ගනු ලැබේ. විරියින්ද්‍රිය වනුයේ මානසික වීර්‍ය්‍යය ය. එය කුශලා කුශල දෙපක්ෂයෙහි ම යෙදෙන ධර්මයෙකි. අකුශල කර්ම විෂයයෙහි වූ වීර්‍ය්‍යය අකුශල විරියින්ද්‍රිය ය.
මේ බෝධිපාක්ෂික කථාවෙහි ගනු ලබන්නේ කුශල පක්ෂයට අයත් විරියින්ද්‍රිය ය. කුශල වීර්‍ය්‍යය ද ප්‍රකෘති වීර්‍ය්‍යය ය, භාවනාමය වීර්‍ය්‍යය යි දෙ වැදෑරුම් වේ. එයින් විරියින්ද්‍රිය ය වැඩි දියුණු කිරීමේ අදහසින් ධුතංග රක්ෂා කිරීම, සමාධි ප්‍රඥා භාවනා කිරීම යනාදියෙන් වීර්‍ය්‍යය දියුණු නො කළා වූ සාමාන්‍ය පුද්ගලයන් ගේ වීර්‍ය්‍යය, ප්‍රකෘති වීර්‍ය්‍යය ය. එය සාමාන්‍ය වැඩවලට යෝග්‍ය වතුදු ලෝකෝත්තර මාර්ගයට පැමිණීම සඳහා කළ යුතු භාවනාවට ප්‍රමාණවත් නො වේ. නො වැඩූ වීර්‍ය්‍යය ඇති යෝගාවචරයාගේ සිත භාවනා කර්මයට වන් කල්හි දුබල වන සැටි කුසීත වස්තූන් ගේ වශයෙන් දත යුතු ය. කුසීතවත්ථු අටෙකි. එය අංගුත්තර නිකය අට්ඨක නිපාතයෙහි වදාරා තිබේ.
කුශීත වස්තු අට
නො වැඩූ වීර්‍ය්‍ය ඇති යෝගාවචරයා වැඩක් කරන්නට තිබෙන කල්හි “අද වැඩ කොට මහන්සි වන්නට තිබේය” යි නො පැමිණියා වූ ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීම සඳහා වීර්‍ය්‍ය නො කොට භාවනාව හැර නිදන්නේ ය.
හෙතෙමේ වැඩ කොට නිම වූ කල්හි “මහන්සි වී සිටින මේ වේලාවෙහි භාවනාදිය නො කළ හැකි ය” යි නැවතත් නිදන්නට ම පටන් ගනී. ධ්‍යාන විදර්ශනා මාර්ග ඵල පිණිස වීර්‍ය්‍ය නො කරයි.
ගමනක් යන්නට තිබෙන කල්හි ද “මට ගමනක් ගොස් මහන්සි වන්නට ඇත්තේ ය. ඒ නිසා දැන් නිදා ගත යුතුය” යි භාවනාව හැර නිදන්නේ ය.
ගමන ගොස් වෙහෙසුණු කල්හි ද “මහන්සි වී සිටින්නා වූ මට අද අනෙකක් නො කළ හැකි ය” යි හෙතෙමේ නිදයි. ධ්‍යානාදියට පැමිණීමට වීර්‍ය්‍ය නො කරයි
හෙතෙමේ බලාපොරොත්තු වන පරිදි භෝජනයක් නොලත් දිනයෙහි “අද මට සෑහෙන්නට ආහාරයක් ගන්නට නුපුළුවන් විය. එබැවින් දුබල වෙමි. අද මට භාවනා කරන්නට ශක්තිය නැතැ” යි නිදයි. ධ්‍යානාදියට පැමිණීමට වීර්‍ය්‍ය නො කරයි.
රිසි පරිදි බොජුන් ලබා රිසි සේ කුසපුරා වැළඳූ දිනෙහි “අද මාගේ කුස පිරුණා වැඩිය, එබැවින් ඇඟ බරය, ඇඟට පණ නැත” කියා නිදයි. ධ්‍යානාදිය සඳහා වීර්‍ය්‍ය නො කරයි.
හෙතෙමේ සුළු රෝගයක් හට ගත් කල්හි “මේ රෝගය තිබියදී ධ්‍යානාදිය සඳහා වීර්‍ය්‍ය කරන්නට ගිය හොත් මහා රෝගයක් විය හැකිය. ඒ නිසා දැන් මම විවේක ගනිමින් නිදමි” යි ධ්‍යානාදිය සඳහා වීර්‍ය්‍ය නො කරයි.
රෝගය සුව වූ කල්හි ද “රෝගය සුව වූ හැටියේ ම දැන් වීර්‍ය්‍ය කළ හොත් නැවත ද රෝගය හට ගත හැකි ය. ඒ නිසා නිවාඩු ගනිමි” යි නිදයි. ධ්‍යානාදිය සඳහා වීර්‍ය්‍ය නො කරයි. මේ කුශීත වස්තු අට ය.
ධ්‍යාන මාර්ග ඵල ප්‍රතිලාභය සඳහා භාවනාවෙහි යෙදීමට ප්‍රමාණ වන්නා වූ භාවනා කර්මයෙහි දී නො පසු බස්නා වූ දියුණු කරන ලද්දා වූ වීර්‍ය්‍යය භාවනා වීර්‍ය්‍ය නම් වේ. බෝධිපාක්ෂික විරියින්ද්‍රිය වනුයේ ඒ භාවනාමය වීර්‍ය්‍යය. එය ඇති කර ගත් තැනැත්තා ඉහත දැක්වූ කරුණු අටෙහි දී පිළිපදින්නේ මෙසේ ය
දියුණු වූ විරියින්ද්‍රිය ඇති යෝගාවචර තෙමේ වැඩක් කරන්නට ඇති කල්හි “මට ඉදිරියෙහි වැඩක් කරන්නට ඇත්තේ ය, එය පටන් ගත් කල්හි ශමථ විදර්ශනා කර්මයන්හි යෙදෙන්නට නො ලැබෙන්නේ ය. එය මට අලාභයෙක, එ බැවින් දැන් දැන් භාවනාවෙහි යෙදිය යුතු ය” යි ධ්‍යානාදිය ලැබීම සඳහා වඩාත් උත්සාහ කරන්නේ ය. වැඩ කොට අවසන් වූ කල්හි “මාගේ කාලය වැඩට ගත වූයේ ය. එයින් මට වූයේ අලාභයෙක, එය පිරිමැසෙන සැටියට දැන් භාවනාවෙහි යෙදිය යුතුය යි” අධිකතර උත්සාහයෙන් ශ්‍රමණ ධර්මයෙහි යෙදෙන්නේ ය. ගමනක් යන්නට ඇති කල්හි ද, ගමනක් ගොස් ආ කල්හි ද, කුස පුරා ආහාර නො ලත් කල්හි ද, කුස පුරා ආහාර ගත් කල්හි ද රෝගාතුර වූ කල්හි ද, රෝගය සුව වූ කල්හි ද, හෙතෙමේ එසේ ම පිළිපදින්නේ ය
දුබල වූ විරියින්ද්‍රියයෙන් යෝගකර්මය කරන්නාහට කාලය ගත වීම මිස සමාධි ප්‍රඥාවන්ගේ වැඩීම සිදු නො වේ. අවුරුදු බොහෝ ගණනක් යෝග කර්මය කළ පසු ද ඔහුගේ සමාධිය පළමු පැවති ලෙස ම පවතී. ඔහුගේ ප්‍රඥාව ද පළමු තුබූ පරිදි ම පවතී. දුබල විරියින්ද්‍රියයෙන් යෝග කර්මය කිරීම පණ නැති අතකින් වැඩ කිරීමක් වැනි ය, නුහුරු අතකින් වැඩ කිරීම වැනි ය. පණ නැති නුහුරු අතකින් කරන කර්මාන්තය මැනවින් නො සිදු වන්නාක් මෙන් දුබල වීර්‍ය්‍යයෙන් කරන යෝග කර්මය මැනවින් සිදු නො වේ. දියුණු තියුණු වීර්‍ය්‍යයෙන් යෝග කර්මය කරන්නා හට එහි ඵලය ඉක්මනින් දැකිය හැකි වන්නේ ය.
ධන සැපයීම් ආදි ලෞකික කටයුතුවලට වීර්‍ය්‍ය කොට පුරුද්ද ඇති වූ තැනැත්තන්ට විරියින්ද්‍රිය දියුණු කිරීම පහසු ය. විරියින්ද්‍රිය ද කායික වීර්‍ය්‍ය චෛතසික වීර්‍ය්‍ය වශයෙන් දෙයාකාර වේ. ධර්මය පාඩම් කිරීම, බොහෝ කල් වාඩිවී සිටීම, සක්මන් කිරීම ආදි යෝග කර්මයේ දී ශරීරය සහාය කොට ගෙන කළ යුතු ක්‍රියා විෂයයෙහි පවත්නා වීර්‍ය්‍යය කායික වීර්‍ය්‍ය නම් වේ. සමාධිය වැඩීමෙහි හා අනිත්‍යාදි වශයෙන් සංස්කාරයන් මෙනෙහි කිරීමෙහි ද පැවැත්විය යුතු වීර්‍ය්‍යය මානසික වීර්‍ය්‍යය ය. යෝගාවචරයා ඒ දෙකින් ම සම්පූර්ණ විය යුතු ය. වත් පිළිවෙත් කිරීමෙන් ද පිණ්ඩපාතික, නේසජ්ජික, රුක්ඛ මූලික, අබ්භෝකාසිකදි ධුතංග පිරීමෙන් ද, කායික වීර්‍ය්‍යය වැඩේ. කායික වීර්‍ය්‍යය ඇති කර ගත් තැනැත්තාහට එහි පිහිටා එය උපකාර කොට ගෙන භාවනාවෙහි යෙදීමෙන් මානසික වීර්‍ය්‍ය ඇති කර ගැනීම පහසු ය. “කත්ථ විරියින්ද්‍රියං දට්ඨබ්බං? චතුසු සම්මප්පධානෙසු ඵත්ථ විරියින්ද්‍රියං දට්ඨබ්බං” යි වදාළ පරිදි සතර සම්‍යක් ප්‍රධානයන් අනුව බලා විරියින්ද්‍රියයේ වැඩුණු ප්‍රමාණය තේරුම් ගත යුතු ය.
මතු සම්බන්ධයි!
. රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෝධිපාක්ෂික ධර්ම විස්තරය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න:https://goo.gl/FxxF4d

Facebook
Path to Nirvana
Amasuwa
Path to Nirvana
Amasuwa
බුදු සරණයි!
Last edited: