ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගංවතුර help
Reply
 
Thread Tools
(#1)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 8,240
Join Date: Jan 2010
sad ගංවතුර help - 05-27-2017, 09:34 PM

රත්නපුර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ප්‍රවේශ විය හැකි සහන මද්‍යස්තාන සියල්ල පරීක්ෂාව දැන් ආරම්භ කර ඇත . හදිසි අවශ්‍යතා ඇතොත් සෞ.වෛ.නි. වෛද්‍ය ගාමිණි මහතා අමතන්න 0714408878 (ගිලන් රථ පහසුකම් සහිතයි )

Reply With Quote
(#2)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 8,240
Join Date: Jan 2010
05-27-2017, 09:38 PM

People coming from Mathara from Highway to Colombo- do not come from cars. You will get seized your engine near to Kaluthara in the highway. This is the current situation at highway at the 32nd mile post.

අපි හැමෝටම කලහැකි යමක් ඇත.... ඔබගේ ශ්‍රමය දැනුම අවැසිම මොහොතයි මේ.. ආදරනීය ජනතාවනි එක්ව නැගී සිටිමු .. පසුව සිටි තැන්වලටම .. සිටි මතවාද වලටම යමු

තිරිවනාකැටිය, නිවිතිගල කලවාන මතුගම මාර්ගය නිවතිගලට ආසන්නයේදි 1 km ,ක පමණ පෙදෙසක් සම්පුර්ණායන්ම නාය ගොස් ඇත පාර තිබු ස්ථානයක් වත් හදුනාගත නොහැක පාරෙ එම ස්තානය හරහා පයින් හෝ ගමන් කල නොහැක කරවිට ආසන්නයේදි ස්තාන කිහිපයතම light කනු දෙකට තුනට කැඩි පාරේ විසිර පවති විදුලිය සම්පුර්නායන්ම ඇන හිටි ඇත කරැනාකර මෙය වගකිවයුත්තන්ට දැනගැනිමට හැකිතාක් share කරන්න

දියේ ගිලුන අයෙකු බේරා ගැනීමේදී අනුගමනය කළ යුතු පියවර
හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්මවීමේදී බොහෝ අය අනතුරට පත් වූ අය බේරා ගන්නට උත්සාහ කරන එක ගොඩාක් හොදයි.
නමුත් ඔහු බේරා ගත්තාට පසුව එම පුද්ගලයා නිවැරදිව එසවීම සහ රැගෙන ඒම පිළිබදව මෙන්ම ප්‍රථමාධාරය පිළිබදවද අවධානය යොමු කරන්නේ ඉතා මැනවි.
ඔබ රෝගියා උපද්‍රවයෙන් බේරාගත්තත්, ඔහු ගේ ජීවිතය බේරාගැනීමට ක්‍රියා නොකලොත් ඔහු මියයනු නියතය. එනම් හුස්ම නතරවූ අයෙකුගේ හදවත ක්‍රියාත්මක වීම නතර වී ඇති විට හදවතේ ඇති ඔක්සිජන් සහිත රුධිරය මොළයට නොසැපයීම නිසා විනාඩි 12 ක් පමණ කාලය තුළ මොළය මිය යා හැකිය. එබැවින් රෝහලට ගෙන ඒමට පෙර රෝගියා පත් වී ඇති අවධානම පරීක්ෂා කර බලා ඒ අනුව ප්‍රතිකාර සපයා රෝහල් ගත කරන්න.
මතක තබා ගන්න.......... අනතුරකට පසු එළඹෙන පළමු පැය අප හදුන්වන්නේ රත්‍රන් පැය කියලයි . එයිනුදු පළමු විනාඩි 10 අප හදුන්වන්නේ ප්ලැටිනම් කාලය කියායි. එබැවින් ඔවුන්ගේ ජීවිත අපි හැකි අයුරින් බේරාගනිමු.
1-දියේ ගිලෙමින් පවතින අයෙකු බේරාගැනීමේදී ඔබට ඒ පිළිබද පළපුරුද්දක් නැතිනම් ඒ සදහා පළපුරුදු ඇති කෙනෙකුගේ උදව් ඉල්ලා සිටින්න.
2-පළපුරුදු කෙනෙකු නිවැරදි පිළිවෙත් අනුගමණය කරමින් ඔහු ගොඩට රැගෙන ආ යුතුය. ඔහු හුස්ම නොගන්නේනම් සහ ඒ සදහා බොහෝ කාලයක් ගත වන්නේනම් ගොඩට එන අතරතුරද මුඛයට ,මුඛය තබා හුස්ම ලබා දිය හැකිය. එනමුදු ඒ සදහා මනා පළපුරුද්දක් තිබිය යුතු අතර පළපුරුදු නැතිනම් කඩිනමින් ගොඩට ඒම කළ යුතුය.
3-එසේ නැතිනම් වෙනත් විකල්ප ක්‍රම මගින් ඔහු බේරන්න උත්සාහ කරන්න.
ඔබ ආරක්ෂිතවී සපයා ගත හැකි ඕනෑම උපකරණයක් මගින් රෝගියා බේරන්න උත්සාහ ගන්න. උදා. කඹයක් , දිග ලීයක් . පාවෙන උපකරණයක් හෝ මිනිස් දම්වැලක් මගින් කෙනෙකුගේ ජීවිතය බේරා ගත හැකිය.
4-ගොඩට ගත් පසු හිස, ගෙළ සහ කෂේරුකා ස්ථාවරව තබා ගන්න .
නිකට මදක් ඔසවා නළල මදක් පහත්කර හුස්ම ගන්නා මාර්ගය නිවැරදිව පවත්වාගන්න.
5-මුඛය ආසන්නයේ යම් දෙයක් සිරවී ඇතිබව පෙනේනම් එය තම ඇගිළි මගින් ආරක්ෂිතව ඉවත් කළ හැකිය. එය සංයමයෙන් කළ යුතුය. නැතිනම් එමගින් තව දුරටත් ශ්වසන මාර්ගය අවහිර විය හැකිය.
6-තම කම්මුල රෝගියාගේ නාසය සහ මුඛය අසළ තබා හුස්ම වැටේදැයි ඇසීමෙන් . දැනීමෙන් විනිශ්චය කරන්න. ඇස්දෙකෙන් රෝගියාගේ පපු ප්‍රදේශය උස්පහත් වන්නේදැයි තත්පර 5 ක් 10 ක් පමණ බලා හුස්ම ඇති නැති බව විනිශ්චය කරන්න.
7-රෝගියා හුස්ම ගන්නේනම් පැත්තට හරවන්න. රෙදි පොරවනයකින් හොදින් පොරවන්න.
අධීක්ෂණය කරමින් රෝහල කරා රැගෙන යන්න.
8-හුස්ම නැතිනම් හෝ ඉතා අපහසුවෙන් අසීරුව හුස්ම ගන්නේනම් වහා හුස්ම වාර 5 ක් ලබා දෙන්න. (තත්පරයකට එක ගානේ)
ඉන් අනතුරුව පපුව මධ්‍යයට පපු තෙරපුම් වාර 30 ක් ලබා දෙන්න.
9-අඛන්ඩව පපු තෙරපුම් වාර 30 - හුස්ම වාර 2 ක්‍රියාත්මක කරමින් සුදුසු වාහනයක දමා පහසුකම් ඇති රෝහලක් කරා රැගෙන යන්න.
ශරීර උෂ්නත්වය පාලනය කිරීමට රෝගියා රෙද්දකින් පෙරවීමටත් අමතක නොකරන්න

Last edited by Sri_Sampath; 05-28-2017 at 06:22 PM.
Reply With Quote
(#3)
Old
hancok's Avatar
hancok hancok is offline
Senior Member
hancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to all
 
Posts: 27,252
Join Date: Aug 2008
Location: පිළි-ඇඳි-දොළ
Send a message via Yahoo to hancok
05-27-2017, 09:39 PM

bump
Reply With Quote
(#4)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 8,240
Join Date: Jan 2010
05-27-2017, 09:46 PM

Reply With Quote
(#5)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
05-27-2017, 09:47 PM

bump
Reply With Quote
(#6)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 8,240
Join Date: Jan 2010
05-27-2017, 09:48 PM

මේ අවස්ථාව වනවිට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් අවශ්‍ය යයි නිවේදනය කර තිබෙන ද්‍රව්‍ය පහත පරිදි වේ. මේවා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය කාර්යාල වෙත ගෙනැවිත් භාරදිය හැකිය.
බෙඩ් ෂීට්
බ්ලැංකට්
මෙට්ට
ජෙනරේටර් (2-5Kv)
ගම් බූට්
ලයිෆ් ජැකට්
පැදුරු
මොබයිල් ටොයිලට්
මදුරු දැල්
කොට්ට
රේන් කෝට්
ටෙන්ට් රෙදි
ටෙන්ට්
විදුලි පන්දම්
තුවා
කුඩ
ඉටි පන්දම්
ගිනි පෙට්ටි
ෆ්ලෑෂ් ලයිට්
සබන්
ප්‍රථමාධාර කට්ටල
ටූත් පේස්ට්
ටූත් බ්‍රෂ්
සැමන් ටින්
කිරිපිටි
විශාල ඉවීමේ උපකරන
වතුර පොම්ප
පිඟන්
ඩයිපර්
වතුර බෝතල් (5l)
පාසල් බෑග්
ප්‍රාදේශීය කාර්යාල සහ ඒවායේ සම්බන්ධීකරණ නිලධාරී ලයිස්තුව‍
කළුතර: ක්‍රිෂාන්: 0713 404 487/0776 368 763
කොළඹ: නන්දසිරි: 0778 819 389
ගාල්ල: ඉසුරු: 0710 330 179
මාතර: විදානගේ: 0718 245 180/0715 186 309
රත්නපුර: කුමාර: 0714 408 835
ගම්පහ: කුසුම්සිරි: 0710 330 522

Last edited by Sri_Sampath; 05-28-2017 at 12:26 AM.
Reply With Quote
(#7)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 8,240
Join Date: Jan 2010
05-27-2017, 09:49 PM

Last edited by Sri_Sampath; 05-28-2017 at 12:30 AM.
Reply With Quote
(#8)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 8,240
Join Date: Jan 2010
05-27-2017, 09:50 PM

Reply With Quote
(#9)

05-27-2017, 09:52 PM

මේ වන විට මී උණ රෝගයට ලබාගන්නා Doxycycline ප්‍රතිජීවකය පිළිබද සමාජ ජාල වල දැඩි ලෙස කතාබහට ලක්වන බව දැකිය හැකිය. එම ඖෂධය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය මගින් 2016.05.24 දින නිකුත් කරන ලද උපදෙස් මාලාව පහත දැක්වේ. එහි ඖෂධය ලබාගැනීමට අදාල උපදෙස් වල සිංහල පරිවර්තනය මෙසේය.
අදාල ඖෂධය එක් වරක් පමණක් මිලිග්‍රෑම් 200 ක් ලබාගැනීම සතියක කාලයක් සදහා ප්‍රමාණවත්ය. ආහාර ගැනීමෙන් පසු හෝ ආහාර ගැනීමෙන් තොරව ඖෂධය ලබාගත හැකිය. ඖෂධය ගැනීමේදී සම්පූර්ණ වතුර වීදුරුවක් භාවිතා කිරීම නිර්දේශ කෙරේ.
මෙම ඖෂධය;
01) වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට,
02) ගර්භනී කාන්තාවන්ට,
03) කිරි දෙන මව්වරුන්ට,
04) මෙම කාණ්ඩයේ ඖෂධ වලට අසාත්මිකතා පෙන්වන අයට
භාවිතා කිරීමට නිර්දේශ නොකෙරේ.
එමෙන්ම අක්මාවේ හෝ වකුගඩු ආශ්‍රිත රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට සාමාන්‍යයෙන් නිර්දේශ නොකරයි.

ඡායාරූපය උපුටාගැනීම - වෛද්‍ය Praveen Tharanga

Last edited by Sri_Sampath; 05-27-2017 at 10:14 PM.
Reply With Quote
(#10)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 8,240
Join Date: Jan 2010
05-27-2017, 09:55 PM

නිවිතිගල, කිරිබත්ගල ප්‍රදේශයේ කන්දක් නායයාමෙන් නිවාස කිහිපයක් යටවී ඇති බවට තොරතුරු වාර්තාවෙයි. ඊට යටවි ජීවිතක්‍ෂය පත් වූ 10 දෙනෙකුගේ පමණ සිරුරු හමුවී ඇති බව ද පැවසේ. පස්වලට යටවු තවත් පිරිසක් සිටින බවට තොරතුරු වාර්තා වුවද ඒ බව තහවුරු කර ගැනීමට බලධාරීන් කිසිවෙකුත් සම්බන්‍ධ කර ගැනීමට දුරකතන මාර්ග අවහිරව තිබේ.

නායයාම් සම්බන්‍ධයෙන් තැනින් තැන තොරතුරු වාර්තාවෙයි. එහෙත් ඒවායෙන් විපට පත් වූවන් සම්බන්‍ධයෙන නිසි තොරතුරු ලබාගැනීමේ හැකියාවක් නැත. ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කර ඇති නිසාත් දුරකතන මාර්ග අවහිර වීවිමත් නිසා මේ තත්ත්වය ඇතිවි තිබේ.

ගංවතුරින් යට වූ ප්‍රදේශවල පානීය ජල ගැටලුවක් තදින් මතුව ඇතැයි ගවතුරට යටව පිරිස් පවසති.

පෙරවරුවේ පැවති වර්ෂාවේ යම් අඩුවීමක් සවස් වරුවේ දක්නට ලැබුණි. එහෙත් ගංවතුරේ අඩවක් නැත. රත්නපුර නගරය තවමත් ජලයෙන් යටවී තිබෙන බැවින් වාහන ගමනාගමනය ඇනහිට තිබේ.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07035 seconds with 8 queries