කොහොඹ වලින් පිළිකා නසන බෙහෙත ලංකාවෙන්

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කොහොඹ වලින් පිළිකා නසන බෙහෙත ලංකාවෙන්

    ලොවම පුදුම කරමින් ලංකාවෙන් කොහොඹ වලින් පිළිකා නසන බෙහෙතක් සොයාගනී

    කොහොඹ ශාකයේ පවතින ‘ජෙඩුනීන්’ නැමැති රසායනික සංයෝගය පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බව ලොව ප්‍රථම වතාවට සොයාගත් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනය කියයි.

    ඖෂධ ගබඩාව ලෙස ජන වහරේ හඳුන්වන කොහොඹ ශාකය අපරිමිත ඖෂධීය ගුණයෙන් යුක්ත වන අතර එහි අඩංගු පිළිකා නාශක හැකියාව ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි දියුණු විද්‍යාත්මක පර්යේෂණක් තුළින් සනාථ කිරීමට හැකිවූ බව විද්‍යාඥයෝ පවසති.

    කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි තෙන්නකෝන්, ආචාර්ය මෙරාන් එදිරිවීර, ආචාර්ය පූර්ණා පියතිලක, කාතිකා මායන්, ඩැනියෙල් නොක්වූ, රනා මෝහන්, ලක්ශ්මිගා තර්මරාජා, උමා රාජගෝපාලන්, කනිෂ්ක සේනාතිල සහ මහාචාර්ය අයිරා තාබෘෘ යන මහත්ම මහත්මීහු මෙම පර්යේෂණය සඳහා දායකවූහ.

    මහාචාර්ය නේද්‍රා කරුණාරත්න සහ ආචාර්ය නුවන්ති කටුවාවෙල නැනෝ තාක්ෂණික උපක‍්‍රම මෙහෙයමින් ඔවුනට සහාය දැක්වූහ. මෙම පර්යේෂණය සඳහා ජාතික විද්‍යා පදනමෙන් මූල්‍ය දායකත්වය හිමි විය.

    පර්යේෂණය පිළිබඳව ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා මෙසේ පැවැසීය.

    ‘‘දැනට පිළිකා ප‍්‍රතිකාර සඳහා භාවිත කරන රසායනික සංයෝගවලින් පිළිකා පියවි විනාශ කිරීමට හැකියාවක් නෑ. මෙහිදී අප සොයා බැලූවේ පිළිකා පියවි සෛලවල සක‍්‍රීය ක‍්‍රියාකාරීත්වයට සෘජුව දායකවන විශේෂිත ප්‍රෝටීනයක් අවහිර කිරීමේ හැකියාවක් ඇති නව සංයෝග තිබේ දැයි කියලයි. එවැනි සංයෝග හමු වුවහොත් පිළිකාව තවදුරටත් සක‍්‍රීයවීම වළක්වා පිළිකාව සදහටම විනාශ කළ හැකියි.’’

    ‘‘ 2013 වර්ෂයේදී මුලින්ම මෙම පර්යේෂණය අප ආරම්භ කළා. ආසියාතික රටවල ශාකවලින් ලබාගත් රසායනික සංයෝග 35 ක් පමණ එකින් එක ගෙන දියුණු පරිගණක මෘදුකාංග යොදගෙන පිළිකා පියවි සෛලවල අති විශේෂිත ප්‍රෝටීනයක් හා බැඳී ඒවායේ සක‍්‍රීය ක‍්‍රියකාරීත්වය අවහිර කරන්නේ දැයි සොයා බැලූවා. මෙහිදී අප සිදුකළේ හුදෙක් පුරෝකථනයක් පමණයි. ඒ සඳහා භාවිත කළ ශිල්ප ක‍්‍රමය මොලිකුලර් ඩොකින් ලෙස හැඳින්වෙනවා. එහිදී අධි තාක්‍ෂණික පරිගණක තාක්ෂණ ක‍්‍රම උපයෝගී කරගෙන DNA, RNA, ප්‍රෝටීන අප සිරුරේ සහ ශාකවල රසායනික සංයෝග තවත් ප්‍රෝටීනයක් හෝ රසායනික සංයෝගයක් සමඟ බැඳි ෙසෙලවල ක‍්‍රියකාරීත්වය වෙනස් කරන ආකාරය පිළිබඳව විශ්ලේෂණය කළා.

    ‘‘මෙය හරියට අගුලූ යතුරු යාන්ත‍්‍රණයකට සමානයි. එක් අගුලකට එක යතුරක් ගැලපෙන්නා සේ කොහොඹ ශාකයේ ඇති ‘ජෙඩුනීන්’ රසායනික සංයෝගය පිළිකා පියවි සෛලවල විශේෂිත ප්‍රෝටීනය හා බැදි එය අවහිර කර පිළිකා පියවි ෙසෙලවල ක‍්‍රියාකාරීත්වය අඩපණ කර පිළිකාව විනාශ කිරීමේ හැකියාව තිබෙන බව අපට පුරෝකථනය කිරීමට හැකිවුණා.’’

    ‘‘පසුව එම පුරෝකථනය සත්‍ය දැයි සොයා බැලීම සඳහා පිළිකා අවස්ථාවේ තිබෙන මානව කළලයකින් ලබා ගත් පිළිකා පියවි සෛල පර්යේෂණයට යොදාගත්තා. සායනිකව භාවිත කරන රසායනික සංයෝගවලටත් වඩා වැඩියෙන් ‘ජෙඩුනින්’ රසායනිකය පිළිකා පියවි සෛලවලට වැඩි ක‍්‍රියාකාරීත්වයක් දක්වන බවත් එමගින් අප සිරුරේ රුධිර සෛලවලට කිසිඳු හානියක් නොකරන බවත් සනාථ වුණා.’’

    ‘‘ඉහත පර්යේෂණයට සමාන්තරව ‘ජෙඩුනීන්’ සංයෝගයේ ගුණාත්මක බව නැනෝ තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කළ හැකිදැයි අප සොයා බැලූවා. විශේෂයෙන් සැකසු නැනෝ අංශු තුළ ‘ජෙඩුනීන්’ රඳවා පියයුරු පිළිකා පියවි සෛල සහ පෙනහළු පිළිකා සෛලවලට හඳුන්වා දුන්නාම ‘ජෙඩුනීන්’ සතු පිළිකා කාරක ගුණය පෙනහළු පිළිකා සෛල සඳහා සංශුද්ධ ‘ජෙඩුනීන්’ වලට වඩා දස ගුණයකින් වැඩිවන බව පෙනී ගියා.

    ‘‘ එසේම පියයුරු පිළිකා පියවි සෛල සෘජුවම ඉලක්ක කරගත හැකි ‘ජෙඩුනීන්’ රසායනය යොදාගෙන සැකසූ නව නැනෝ තාක්ෂණික මුසුවක් අප දැනටමත් සකසා තිබෙනවා. ඒ සඳහා පේටන්ට් බලපත‍්‍රයක් අයැදුම් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා. අප පර්යේෂක කණ්ඩායම මෙම සොයාගැනීම දැනට ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාත්මක සඟරා 3 ක පළකර තියෙනවා. වගකිවයුතු නිලධාරීන් තවමත් මෙවැනි දියුණු ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ ශ්‍රී ලංකාවේ සිදුවන බව නොදන්නවා විය හැකියි. මෙවැනි පර්යේෂණ සඳහා විශාල මුදලක් වැය වෙනවා. අප මේ සියල්ල සිදුකරනුයේ අනාගත පරපුර වෙනුවෙන්. තවත් වසර 10 ක් ඇතුළත අපේ සොයාගැනීමක් ජාත්‍යන්තර සායනික භාවිතය සඳහා යෙදවීමට පිඹුරු පත් සකස් කර තිබෙනවා.’’ යැයි සමරකෝන් මහතා පැවැසීය.

    image_e12164d231.jpg

    source

    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    කරුනාකර ලන්කවෙ කොහොබ ගස් සදාහා
    හැකි ඉක්මනින් පොලිස් ආරක්ශාව ලාබා දෙන්න.

    :sorry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meeta amatharava, KOHOBA vala ENERGY eka laba dena gunayak thiyenava. Mama danna Body builder kenek innava, Elakiri valata Kohoba mix karala bonne. DUTUGAMUNU KING GE DASA MAHA YODAIN GE PRADANA PANAYA------------KOHOBA YUSHA + ELAKIRI KALA VALIN BEELA THIYENNE. MEETA AMATHARAVA DIYAVADIYAVA SUVA KIRIMATA-----KOHOBA + GAMMIRIS--------
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    කාල් කාලෙට එක එක ඒවා.
    ඒඩ්ස් වලට හොයා ගත්තා කිව්වා, පිළිකා අරව මේවා ඔක්කොම ටික කාලයයි :eek:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Meeta amatharava, KOHOBA vala ENERGY eka laba dena gunayak thiyenava. Mama danna Body builder kenek innava, Elakiri valata Kohoba mix karala bonne. DUTUGAMUNU KING GE DASA MAHA YODAIN GE PRADANA PANAYA------------KOHOBA YUSHA + ELAKIRI KALA VALIN BEELA THIYENNE. MEETA AMATHARAVA DIYAVADIYAVA SUVA KIRIMATA-----KOHOBA + GAMMIRIS--------

    mama kohoba bonawa.....iyeth peredath hoda viduru 2k gahuwa.....

    mata nam dan kohoba bonna purudu wela ....eka nathuwa ba.....

    ayeth next week glass ekak bonna one....

    age thiyena leda tika kohen yanawada danne na....supiri....

    :):):):)
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අයි බන් මේ හොයාගන්නවා කියන ඒවා එලියට එන්නේ නැත්තේ බෙහෙතක් විදිහට. රජයද වැරදි? මේගොල්ලෝ ඒ සොයාගැනීමෙන් ලෙඩේ හොද කරන්න පුලුඅවන් කිව්වාට එක බෙහෙතක් විදිහට දීල පරීක්ෂණ කලාද? Internationally recognition එක ගන්න පුළුවන්නේ: මොකෝ ඒ ?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mama kohoba bonawa.....iyeth peredath hoda viduru 2k gahuwa.....

    mata nam dan kohoba bonna purudu wela ....eka nathuwa ba.....

    ayeth next week glass ekak bonna one....

    age thiyena leda tika kohen yanawada danne na....supiri....

    :):):):)

    කොහොඹ බොන්න පිළියෙළ කරගන්නේ කොහොමද? ඕක විසක් නැද්ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ උට්ට තමා බං.. ගස් ලබු කොලයි, පොල් කොලයි, අරවයි මේවයි හැම ලබ්බෙන්ම පිලිකා වලට බෙහෙත් හොයාගන්නවා.. ඒඩ්ස් වලට බෙහෙත් හොයාගන්නවා ලංකාවෙ.. හොයාගන්නව විතරයි.. එතනින් එහාට උන් හොයන්නත් නැති වෙනවා..:lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කොහොඹ බොන්න පිළියෙළ කරගන්නේ කොහොමද? ඕක විසක් නැද්ද?

    poddak wath wisa na ban..... dan man aurudu 7ka idan bonne.....

    kohoba walin age thiyenawanam monawa hari wisak ekath nasanawa....

    :):):)

    ----------------------------------------------------------------------------------

    mulinma hoda kohoba podi ithi kallak kadagena.......eka tikak hodala ganna kola wala duwili wadinawane....

    ita passe kola tika witharak aththen surala ganna......

    danna wangediyata.....

    kotanna 5min withara.....

    ita passe hoda penerayak aragena....... ara kota gaththa kohoba kola juice tika penereyane mirikala pirisi koppekata dala ganna....

    a pirisi koppetama samana premanayaka elakiri koppayakuth pattekin thiya ganna.....

    dan kohoba koppe eka ugurata hoda husmak aragena bonna.......eka bipu gaman thawa husmak aragena elakiri koppeth bonna.....

    game over....:):):)

    ---------------------------------------------------------------------------------

    kohoba bonne ude pandara/...... 6.00 am -7.00 am wage hodai.....

    kohoba bonna kalin wena mukuth kanne bonne epa.....

    kohoba bonna use karana equipment kohoba bonnama thiya ganna.....nathnam ewain kama kanna -hadanna gaththoth tiththa rasa enawa hode....

    office yana keneknam niwadu dawasaka bonna one.........(biwwama therei ai ehema kiwwe kiyala....)

    ude bipu kenek tanam hawasa 4.00 - 5.00 ta withara nawata kamak na...ude nanna epa....

    eka nisa bonna kalin muna kata hodagena pirisidu wela inna.....

    kohoba eka bila paya 3 -4 kata withara passe kama kanna....

    ----------------------------------------------------------------------------------

    dan inna aya mewa danne na.....matath meka purudu kale mage achchi amma..........

    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527

    මේ මොකද්ද බං මේ කරන්නේ මෙහෙමෙ නෙමෙයි කොහොඹ බොන්නේ..