වහලය සරසන සූර්යබල උළු කැට! ටෙස්ලා මෝටර් සම#
වහලය සරසන සූර්යබල උළු කැට! ටෙස්ලා මෝටර් සමාගමේ අලුත්ම නිපැයුම!
ලෝකයේ නව නිපැයුම්කරුවකු ලෙස නමක් දිනාගෙන සිටින ලෝකයේ ලොකු ම ධනකුවේරයකු වූ ඉලන් මස්ක් (Elon Musk) වහලවල් සඳහා සූර්යකෝෂ උළු නිපදවා සවි කර දෙන්න සූදානම්. ඔහුගේ අරමුණ සෑම නිවසක් ම සූර්යබලයෙන් පණ ගැන්වෙන නිවසක් කරන්නයි.
”ලෝකයේ සෑම නිවසක් ම සූර්යබල ශක්තියෙන් කි‍්‍රයා කරන ලස්සන වහලයක් සහිත සොඳුරු නිවසක් කිරීම මගේ බලාපොරොත්තුවයි” ඉලන් මස්ක් කියයි.
වෙනස බලන්න ! මේ තියෙන්නේ ඉලන් මස්ක් යෝජනා කරන නව ටෙස්ලා උළු සහිත වහලයක් ඇති නිවසක්.
ඉලන් මස්ක් මුලින් ම හදන්නේ මේ වසර තුළ ඇමෙරිකාවේ අයට මේ නව නිපැයුම ලබා දෙන්නයි. දැනටමත් අන්තර්ජාලය හරහා මේවා අලෙවි කිරීමට ලියා පදිංචිය අරඹලා. මුලින් ඇමෙරිකාවේ අලෙවිය කොට ලබන වසරේ සිට ලෝකය පුරා අලෙවි කරන්න ඔහු බලාපොරොත්තු වෙනවා.
නිවසේ සාමාන්‍ය උළු යෙදීමට යන වියදමට වඩා සියයට 30ක් වැඩිපුර මේ නව නිපැයුම සඳහා වැය වන බවයි.
බැලූ බැල්මට මේ උළු සූර්යකෝෂ ඒවා යයි කියන්න බැහැ. සාමාන්‍ය උළුකැට කියලයි හිතෙන්නෙ. ඒත් ඒවා ඇතුළේ හිරුරැස්වලින් විදුලිය නිපදවිය හැකි සූර්යකෝෂ තියෙනවා.
මෙවැනි ගෙයක බිත්තියක් ඇතුළේ ‘පවර්වෝල්’ නමින් බලශක්තිය ගබඩා කළ හැකි බැටරියක් තියෙනවා.
මෙහි ඉහත දැක්වෙන්නේ සුර්ය බලයෙන් සමන්විත වහල සෙවිලි උළුයි. ඒවා බරින් සාමාන්‍ය උළු කැටයකට වඩා සැහැල්ලූයි.
මෝටර්රථ නිෂ්පාදනය, අන්තර්ජාල මෘදුකාංග, අභ්‍යවකාශතරණය සඳහා වූ යානා නිපදවීම ආදී නවීන ව්‍යාපාරික ක්ෂේත‍්‍ර ගණනාවකටම ඔහු සම්බන්ධයි. ඇමරිකාවේ කැලිපෝනියාවේ පදිංචිව සිටියද ඔහු අටවල් තුනක පුරවැසිභාවය උසුලනවා. ඔහුට දකුණු අපි‍්‍රකාවේ, කැනඩාවේ හා ඇමරිකාවේ යන රටවල් තුනේ ම පුරවැසි භාවය තියෙනවා. වාර්තා වී ඇති අන්දමට ඔහු ලෝකයේ ධනවතුන් අතර 80 ස්ථානය හිමි කර ගෙන තියෙනවා. ලෝක ප‍්‍රකට ෆෝබ්ස් සඟරාව කියන විදියට ඔහු ලෝකයේ සිටින බලවත් ම පුද්ගලයන් අතර 21 වැනි ස්ථානයේ පසුවෙනවා.
වහලය සරසන සූර්යබල උළු කැට! ටෙස්ලා මෝටර් සමාගමේ අලුත්ම නිපැයුම!
ලෝකයේ නව නිපැයුම්කරුවකු ලෙස නමක් දිනාගෙන සිටින ලෝකයේ ලොකු ම ධනකුවේරයකු වූ ඉලන් මස්ක් (Elon Musk) වහලවල් සඳහා සූර්යකෝෂ උළු නිපදවා සවි කර දෙන්න සූදානම්. ඔහුගේ අරමුණ සෑම නිවසක් ම සූර්යබලයෙන් පණ ගැන්වෙන නිවසක් කරන්නයි.
”ලෝකයේ සෑම නිවසක් ම සූර්යබල ශක්තියෙන් කි‍්‍රයා කරන ලස්සන වහලයක් සහිත සොඳුරු නිවසක් කිරීම මගේ බලාපොරොත්තුවයි” ඉලන් මස්ක් කියයි.
ඉලන් මස්ක් මුලින් ම හදන්නේ මේ වසර තුළ ඇමෙරිකාවේ අයට මේ නව නිපැයුම ලබා දෙන්නයි. දැනටමත් අන්තර්ජාලය හරහා මේවා අලෙවි කිරීමට ලියා පදිංචිය අරඹලා. මුලින් ඇමෙරිකාවේ අලෙවිය කොට ලබන වසරේ සිට ලෝකය පුරා අලෙවි කරන්න ඔහු බලාපොරොත්තු වෙනවා.
නිවසේ සාමාන්‍ය උළු යෙදීමට යන වියදමට වඩා සියයට 30ක් වැඩිපුර මේ නව නිපැයුම සඳහා වැය වන බවයි.
බැලූ බැල්මට මේ උළු සූර්යකෝෂ ඒවා යයි කියන්න බැහැ. සාමාන්‍ය උළුකැට කියලයි හිතෙන්නෙ. ඒත් ඒවා ඇතුළේ හිරුරැස්වලින් විදුලිය නිපදවිය හැකි සූර්යකෝෂ තියෙනවා.
මෙවැනි ගෙයක බිත්තියක් ඇතුළේ ‘පවර්වෝල්’ නමින් බලශක්තිය ගබඩා කළ හැකි බැටරියක් තියෙනවා.
ටෙස්ලා ඉලෙක්ටි‍්‍රක් කාරය හා ටෙස්ලා වහල උළු ගැන ටෙස්ලා මෝටර් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ඉලන් මස්ක් ඇමෙරිකාවේ කැලිෆෝනිවේ ලොස් ඇන්ජලීස් නගරයේදී පසුගියදා කරුණු පැහැදිලි කළ අන්දම.