ආනන්ද වෙඩිසිංහ නැති වෙලානේ

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    ආනන්ද වෙඩිසිංහ නැති වෙලානේ

    නුවරඑළිය මාර්ග ධාවන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතුරතුරදී දරුණු අනතුරකට මුහුණදුන් ප්‍රවීන යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ අද දින (29) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    එම අනතුරෙන් ඔහුගේ කොඳුඇට පෙළට සහ හිසට දැඩි ලෙස හානි වී තිබුණා.සුපර් මෝටාර්ඞ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී තවත් යතුරුපැදියක් සමග හැඬල එකිනෙක ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබුණා.ඔවුන්ගේ යතුරුපැදිවල හැඬල එකිනෙක වැදීම නිසා දෙදෙනාටම සිය යතුරුපැදි නිසි ආකාරයෙන් පාලනය කරගැනීමට නොහැකි වී ඇති අතර පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඔහු යතුරුපැදියෙන් ඉවතට වීසිවී තිබෙනවා.පසුව යතුරුපැදියෙන් ඉවතට විසිවූ වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී ඇති බවත්, පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්ව ඇති බවත් පැවසෙනවා. ඔහු මාසයකට අධික කාලයක් කෝමා තත්ත්වයෙන් මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබ තිබෙන අතර මෙලෙස අවාසනාවන්න ලෙස අද (29) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවුණේ.

    සෑහෙන්න හොද මනුස්සයෙක් කියල තමයි අහලා තියන්නේ.
    ආනන්ද වෙඩිසිංහට නිවන්සුව පතමු.

    18740392_1302365923214274_7449162188630720650_n.jpg

     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ එහෙමද බං :sorry::sorry:
    මෙතුමා ලංකාවේ බයික් රේසින් වලට එන්න ඉන්න පොඩි උන්ට එහෙම ගොඩාක් උදව් කලා කියල අහල තියනවා
    නිවන් සුව ලැබේවා..!!!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    කුරුණෑගල කොල්ලෙක් වැහැර ඉද්දි පට්ට දුකක් වින්ද ඒ කාලේ. එහෙම තමයි දෙපයින් නැගිට්ටෙ. දුකයි බං. :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයියෝ දෙයියනේ. නිවන් සුව ලැබේවා. දුකයි මචන් ගොඩක්.:(:(:(:(:(:(
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    අඩෝ එහෙමද බං :sorry::sorry:
    මෙතුමා ලංකාවේ බයික් රේසින් වලට එන්න ඉන්න පොඩි උන්ට එහෙම ගොඩාක් උදව් කලා කියල අහල තියනවා
    නිවන් සුව ලැබේවා..!!!

    :( ඔව් මචං. සෑහෙන්න හොද කෙනෙක්. තමන්ගේ සල්ලි වලින් ගොඩක් අයට උදව් කරලා තියනවලු.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    කුරුණෑගල කොල්ලෙක් වැහැර ඉද්දි පට්ට දුකක් වින්ද ඒ කාලේ. එහෙම තමයි දෙපයින් නැගිට්ටෙ. දුකයි බං. :(

    ඔව් බන් මාත් සෑහෙන්න අප්සට් :(