දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න පුළුවන්!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න පුළුවන්!

    sugar.jpg

    අද ලෝකයේ බොහෝ දෙනා ගොදුරු වන බෝ නොවන රෝග අතරින් එකකි දියවැඩියාව. සුව කළ නොහැකි ව්‍යාධියක් ලෙස ලොවම හඳුනාගෙන ඇති මෙය දේශීය වෛද්‍ය කර්මයෙන් නිට්ටාවට සුව කළ හැකි බව ඇහැලියගොඩ වෙදාරච්චි පරපුරේ තුන්වැනි පුරුක ලෙස හැඳින්වෙන යටියන්තොට මහවිල වෙද මහතා පවසයි. ‘සිළුමිණ‘ පාඨකයන් වෙනුවෙන් අපි ඒ වෙදකම පිළිබඳ තොරතුරු සොයා ගියෙමු.

    දියවැඩියාව කොයි කාටත් හැදුණාම
    මුත්‍රා පිටකරයි රෑටත් නිතරෝම
    තොල කට වියළි නිදිමත එයි හැමදාම
    සුව කර ගන්න රෝගය නොවරදවාම

    මෙසේ අප හා පැවසුවේ යටියන්තොට මහවිල වෙදැදුරු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හේ. මු. සෙනරත් ජයසූරිය බණ්ඩාර වෙද මහතාය. ඔහු එසේ කියමින් කළු පැහැ, රිදියෙන් වැඩ දැමූ වක් ගැසුණු යමක් මේසය මත තැබීය. ඒ තේමිස් වෙදආරච්චි වෙද ආතාගෙන් සෙනෙවිරත්න වෙද බණ්ඩාර පියාටත් පසුව තමන්ටත් උරුම වූ මීහරක් අඟින් තැනූ බෙහෙත් හෙප්පුවයි.

    “ඉස්සර නම් අපේ වෙද පරම්පරාවේ සිරිත දකුණ‘තේ වෙදැඟිල්ලේ නියපොත්ත වවන එක. ලෙඩා පරීක්ෂා කරලා අදාළ බෙහෙත මේ හෙප්පුවෙන් ගන්නේ ඒ නියපොත්තේ උදව්වෙන්. අපේ විශේෂත්වය සර්වාංග වෙදකම. ඒ කාලේ දියවැඩියාව ලෙඩුන් මේ වගේ හිටියේ නෑනේ. ඇහැලේපොළ පරම්පරාවේ හේරත් මුදියන්සේලාගේ රාජකීය වෙද පරපුරෙන් තමයි අපි පැවත එන්නේ. මේ හෙප්පුවට අවුරුදු 1000ක් විතර වෙනවා. පුස් කොළ පොතුත් එහෙමයි.“

    එසේ කියූ මහවිල වෙද මහතා සිංහල වෙදකම ඇති වූ ආකාරයේ ඉතිහාසය පිළිබඳද අපට පැවසුවේය.

    “අවුරුදු 3000කට පෙර වෛදික යුගයේ තමයි අපේ සිංහල වෙදකම ඇති වුණේ. ඊට පෙර ගම්මානවල මිනිසුන් ලෙඩදුක්වලින් පීඩා වින්දා. ඒ කාලේ බ්‍රාහ්මණයන් කහ වස්ත්‍රයෙන් සැරසී බවුන් වඩමින් ඉඳ තිබෙනවා ගස් ගල් ආදිය මත. මිනිසුන්ගේ මේ දුක් වේදනා දුටු බ්‍රාහ්මණයන්ගෙන් 54 දෙනකු හිමාලයට ඍද්ධි බලයෙන් ගොස් සාකච්ඡා පවත්වා ඉන් සිවු දෙනකු මහා බ්‍රහ්මයා හමුවීමට පිටත්ව තිබෙනවා. භරතවද්, දක්ෂ ප්‍රජාපතී ගෝතමී, අස්විනි කුමාරවරුන් දෙදෙනා මෙසේ පළමුව ගොස් ඇත්තේ ශක්‍ර දෙවියන්ගේ මාර්ගයෙන් මහාබ්‍රහ්මයා හමුවීමටයි. එහිදී ඉන්ද්‍ර දේවතාවා හමුවී භරතවද් සහ අස්විනි කුමාරවරුන් කතාබහේ යෙදෙමින් ප්‍රමාද වෙද්දී, ප්‍රජපතී ගෝතමී කෙළින්ම ශක්‍ර භවනට ගොස් මිනිසුන්ගේ දුක පවසා ඔසු ගැන විමසා තිබෙනවා. ඒ වන විට ඔසු පිළිබඳ කිසි අදහසක් නොතිබූ මහා බ්‍රහ්මයා ස්වයං භූ ඥානයෙන් ඒ පිළිබද කීමෙන් පසු ඔසු පහළ වුණාලු! ආපසු පැමිණි බ්‍රාහ්මණයන් ඉතිරි අය සමඟ ලෝකයේ කොටස්වලට මේ ඔසු දැනුම ලබා දීමට බෙදී ගියාලු. ඉන්දියාව හිමි වී තිබුණේ අගස්තිට ලංකාව හිමිවුණේ පුලස්තිට.

    පුලස්ති ඍෂිගේ පුතා බෙහෙත් කළේ නෑ. ඒත් මුණුපුරු රාවණ වෙදකම් කළා. රාවණ රජුගේ ගෝලයා තමයි බුදුරජාණන්වහන්සේටත් බෙහෙත් කළ කෞමාරභච්ඡ ජීවක පඬිතුමා. ඒ පරම්පරාවේ ශල්‍යකර්ම හා වෙදකම් දුටු ගැමුණු, පණ්ඩුකාභය සහ බුද්ධදාස රජු දක්වා විහිදුණා. ඒවා අපට අහිමි වුණේ විවිධ ආක්‍රමණවලින් පසුවයි. ඒත් 1931 ආයුර්වේද පනතින් පසු යළිත් අපේ වෙදකම් තරමක් හිස ඔසවා තිබෙනවා. දේශීය රෝහල් 82ක් පමණ තිබෙනවා. ඒත් ඒ එකකවත් ‘මිනී කාමර‘ නෑ. ඒකයි අපේ වෙනස.“

    දේශීය වෙදකමේ අගය එසේ පැවසූ මහවිල වෙද මහතා ඉන් පසු අපට පැහැදිලි කළේ දියවැඩියාව හෙවත් මධුමේහය ඇති වීමට බලපාන හේතුන්ය.

    “දියවැඩියාව හැදෙන්න හේතු 7ක් බලපානවා. එක: පරම්පරාවෙන් පරම්පරාවට එන ජාන නිසා, දෙක: කෘත්‍රිම ආහාර, ජාන තාක්ෂණයෙන් හැදූ ආහාර වැඩිපුර පරිභෝජනය නිසා, තුන: මළ- මූත්‍ර වේග දරා සිටීම, හතර: බටහිර හා දේශීය ඖෂධ මාත්‍රාව ඉක්මවා භාවිත කිරීම, පහ: අධික තරබාරුව හෙවත් ස්ථුලතාව. මෙය ඇති වන්නේ නැවුම් ආහාර නිතර වැඩිපුර ගැනීමෙන් පෝෂණය වැඩි වීම නිසයි. හය: මානසික ආතතිය. සඵල කරගත නොහැකි ඉලක්ක ගැන ඇතිවන අනවශ්‍ය සිතිවිලි නිසා තමයි සියයට 90ක් දෙනාට දියවැඩියාව ඇති වන්නේ. අවසාන වශයෙන් කම්පනයත් දියවැඩියාවට හේතුවක්.“

    කම්පනයෙන් දියවැඩියාව ක්ෂණිකව ඇති වූ අයුරු තහවුරු කිරීමට ඔහු උදාහරණයක් ද සැපයීය.

    “මීට අවුරුදු දෙකකට පමණ කලින් මා ළඟට ආවා සීනි මට්ටම තුන්සිය ගාණකට වැඩිවෙලා කියාගෙන ලෙඩෙක්. ඔහු දැක්කාම සාමාන්‍යයෙන් හොඳ ශරීර පෙනුමක් තිබුණා. පසුව විමසද්දී දැනගත්තේ, ඔහු ගුවන් නියමුවෙක්. දිනක් ඉහළ අහසේ මඟීන් රැගෙන යද්දී ඉන්ධන අවසන් බව දැන ගන්න ලැබිලා. කොහොම හරි යානය ගොඩ බස්වා ගත්තත්, ඒ වෙලාවේ තැති ගත් තරමට ඔහුට කම්පනයක් ඇති වෙලා. වෛද්‍ය පර්යේෂණයේදී අධික දියවැඩියා තත්ත්වයක් තිබෙනවා කියලා ඔහු රැකියාවෙනුත් ඉවත් කරලා. හැබැයි කලින් එහෙම ලෙඩක් තිබුණ කෙනෙක් නෙවේ. පසුව අපෙන් ප්‍රතිකාර කර සුව වුණා.“

    මේ ආකාර 7ට ඇති වන දියවැඩියා වර්ග ගැනද වෙදමහතා පැවසුවේය.

    “අපේ ක්‍රමයට දිය වැඩියා වර්ග 20ක් තිබෙනවා. ඉන් 16ක්ම නිට්ටාවටම සුව කරන්න පුළුවන්. හැබැයි හතරක් නම් සුව කරන්න බෑ.“

    එසේ කී ඔහු දියවැඩියා වර්ග පිළිබඳ විස්තර කළේ මෙසේය.

    “ඔය වර්ග විස්සෙන් 10ක් හට ගන්නේ සෙම කෝප වීමෙන්. ඒවා උදක මේහය, ඉක්ෂු මේහය, සාන්ද්‍ර මේහය, සුරාමේහය ආදි වශයෙන් හඳුන්වනවා. ප්‍රමේහය කියන්නේ අපේ සිරුරට නරක දෙයක් ඇතුළු වුණොත් ඇති වන තත්ත්වයක්. නිදසුනක් හැටියට අපේ මූත්‍ර කහ පාටට යනවා නම් එහි තේරුම තමයි අපට ගෞරිමේහය ඇති බව. ඒ කියන්නේ අපේ ඇඟේ රත්රන් ටික මූත්‍ර සමඟ පිට වෙනවා. එය ගණන් නොගෙන මාස හය හතක් හිටියොත් මධුමේහයට හැරෙනවා.

    ඒ වගේම පිත කෝපයෙන් දියවැඩියා වර්ග 6ක් ඇති වෙනවා. ඒවා නීලමේහ, ක්ෂාර මේහ, කාල මේහ, හරිද්‍රාමේහ ආදි නම්වලින් හඳුන්වනවා.

    නිදසුනක් හැටියට සීතමේහ කියන්නේ මූත්‍රා දහ පාළොස් වතාවක් සීතලට පිටවීම. එයත් ගණන් නොගෙන ටික කාලයක් සිටීමෙන් දියවැඩියාවට හැරෙනවා.

    මේ රෝග 16ම සුව කළ හැකි පාරම්පරික ඖෂධයක් අප ළඟ තිබෙනවා. ඒත් වාතය කෝප වීමෙන් ඇති වන වාසාවේගය, මජ්ඣමේහය, හස්තිමේහය සහ ශෞද්‍රමේහ මාස හය හතක් තිබිලා මධු මේහය බවට පත් වුණොත් කිසිම විදිහකින් හොඳ කරන්න බෑ.

    ඒ වගේම රෝගියාගේ ස්ත්‍රීපුරුෂභාවය, ප්‍රතිශක්තීකරණය, වයස‍ ආදිය සමඟත් රෝගයේ ස්වභාවය, සුව වන්නට ගතවන කාලය ආදිය වෙනස් වනවා. කිව යුතු අනෙක් වැදගත්ම කාරණය තමයි බෝ නොවන රෝග ඇති වන්නේ තමන් පෙර කළ කුසලාකුසල කර්ම අනුවයි. ඒ නිසා බොහෝ සෙයින් අකුසල් කළ අයටත් සුව කළ නොහැකි රෝග වැලඳෙනවා.“

    කෑම පාලනය මේ රෝගයට බෙහෙත් කිරීමේදී ඉතා වැදගත්ය. ඒ පිළිබඳ මහවිල වෙද මහතා උපදෙස් දුන්නේ මෙසේය‍.

    “සුදු සම්බා, සුදු කැකුළු සහ සියලුම විදේශීය සහල් වර්ග, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, රටකජු, කොස් ඇට, වට්ටක්කා, බටානා, බීට්රූට්, සියලුම අල වර්ග, හරක් මස්, ඌරු මස්, එළු මස්, ගෝනමස්, ඉස්සෝ, දැල්ලෝ, ටින් මාලු, පාන්පිටිවලින් නිෂ්පාදිත සියලුම ආහාර වර්ග, සියලුම කිරිපිටි වර්ග, අයිස්ක්‍රීම් වර්ග, යෝගට් වර්ග, චීස්, බටර්, මාගරින්, සීනි, හකුරු, රටඉඳි, බිස්කට්, කේක්, පැණිබීම, වටලප්පන්, මිදුණු කිරිවර්ග, පාම් තෙල්, එළවළු තෙල්, මේදය සහිත ආහාර, අඹ, අන්නාසි, රඹුටන්, දූරියන්, කිලෝපේර, කෝලිකුට්ටු, ආනමාළු, ඇම්බුන්, සීනි කෙසෙල්, කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර, ක්ෂණික ආහාර සහ ජාන තාක්ෂණයෙන් සැදූ ආහාර අපේ බෙහෙත් සමඟ ගැනීම හොඳ නෑ. සමහරු බෙහෙත් ගන්න ගමන් මේ දේවල් කාලා ලෙඩේ වැඩි කරගෙන අමාරුවේ වැටෙනවා. කට පරෙස්සම් කරගැනීම හැම දේටම වඩා වටිනවා. අපේ බෙහෙත් ගන්න ගමන් එහෙම පැවතිලා නිට්ටාවටම සුව වූ අය දහස් ගණනක් ඉන්නවා.“

    සුවවූවන් අතරින් කිහිප දෙනකු සම්බන්ධ කරගැනීමට අපටද හැකි විය. කුසුම් මල්දෙනිය මහත්මිය අප සමඟ වෙද මහතාගේ බෙහෙත්වල ගුණය පැවසුවේ මෙලෙසිනි.

    “මට ෂූගර් හැදිලා අවරුදු තුනක් විතර හිටියා. ඉංග්‍රීසි බෙහෙත් කාලයක් ගත්තා. ඒ අතරේ අපි අඳුරන අවුරුදු 14ක දරුවෙක්ට සීනි කියලා මේ වෙද මහත්මයා ළඟට ගෙනියලා හොඳටම හොඳ වුණා. ඉතින් මමත් ගියා. සීනි තිබෙද්දී අතපය රිදෙනවා, කලන්තේ වගේ හරි අමාරුයි. මට 280ට සීනි තියෙද්දී ගියේ. වාර 4ක් බේත් ගත්තා දැන් මට ඒ කිසි අමාරුවක් නෑ. සීනි මට්ටම 77 වෙලා. හැබැයි එහෙම වෙන්නේ අපි වෙද මහත්තයා කියන විදිහට පාවිච්චි වුණොත් තමයි.“

    පොළොන්නරුවේ සම්පත් ප්‍රියන්ත මහතාද මෙසේ නිට්ටාවට සුවය ලැබූවෙකි.

    “මට 2010දි විතර තමයි සීනි හැදුණේ. 220 තිබුණු මට්ටම අන්තිමේදී 480ත් පැන්නා. කිලෝ 80ට හිටි මගේ බර 58ක් වුණා. කොච්චර බෙහෙත් ගත්තත් හොඳ වුණේ නෑ. ඇඟපත රිදෙනවා, කේන්ති යනවා, ඇස් පේන්නැතුව යනවා, අතපය හිරි වැටෙනවා, තව කියන්න බැරි ප්‍රශ්නත් තිබුණා. හරිම අමාරුයි. පස්සේ වෙද මහත්තයා ගැන විස්තරයක් දැකලා බෙහෙත් ගන්න ගියා. මාස 4ක් බේත් ගද්දී ඇඟ පුෂ්ටිමත් වෙලා අමාරුකම් නැතිව ගියා. වෙද මහත්තයා කියන ක්‍රමයටම හිටියාම ඉක්මනින් සුව වෙනවා. ඊට පස්සේ බේත් ඇඟෙන් ඉවත් කරන විදිහත් මට කියලා දුන්නා. දැන් අවරුදු 6ක් විතර මට හොඳයි. ඒත් හිතේ බයට තාම කරවිල එහෙම හොඳට කනවා. වනේ වන හතුරෙකුටවත් හැදෙන්න එපා මේ ලෙඩේ නම්. ඇත්තෙන්ම මේ ගැන කියලා දෙන එකත් ලොකු පිනක්. සෙවයක්.“

    බෙලිඅත්ත, කුඩාහින්නේ ජේ.බී.ඒ. ජයසිරි මහතා අපට විශේෂ වූයේ ඔහු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අයකු නිසාය. අනෙක් අය කියූ රෝග ලක්ෂණ සියල්ලෙන් ඔහු දැඩි සේ පීඩාවට ලක් වී සිටි බවද පවසමින් මෙසේ කීවේය.

    “මම අවරුදු 8ක් විතර දියවැඩියාවෙන් පෙළුණා. ඔය කියන අමාරුකම් මදිවට තිස්සේම මූත්‍රා කරන්න ඕනා. මමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා විටමින් අඩු ඇති කියලා ඒවත් ගත්තා. මට සීනි 130 පනිද්දි හොඳටම අමාරු වෙනවා. කිලෝ 12ක් විතර බරත් අඩු වුණා. සෑහෙන්න දුක් වින්දා. ඒ අතරේ 2016 අප්‍රේල්වල මේ වෙද මහත්මයා ගැන වැඩසටහනක් දැකලා මම කතා කළාම විස්තර අහලා මාස 6න් සුව කරන්නම් කීවා. හැබැයි කෑමට සුදුසු නුසුදුසු දේවල් ලැයිස්තුවක් දුන්නා. ඉංග්‍රීසි බෙහෙත බොන අතරේ තමයි මට වෙද මහත්තයාගේ බෙහෙත් දුන්නේ. දවස් 20න් 20ට සීනි මට්ටම මනින්න කීවා. ටිකෙන් ටික ඉංග්‍රීසි පෙත්ත අඩු කළා. වෙද මහත්තයාගේ බෙහෙතුත් දවසක් ඇර දවසක් වගේ අඩු කරලා දවස් 10ට වරක් වගේ ගන්න කීවා. දැන් මට සුවයි. අතපය හිරිවැටෙන්නේ නෑ. අපේ පැත්තේ කිරි කනවා හරියට. ඉතින් සීනි පැණි කැවෙනවා. හැබැයි දෙවියන්ගේ පිහිටෙන් මට කියන්නත් ලෝබයි දැන් ඒ අමාරුකම් නෑ. මම දන්නවා මේවාට විරුද්ධව කතා කරන සමහරු හොරෙන් වෙද මහත්තයා ගාවට යනවා කියලත්. ඇත්තෙන්ම මේ වගේ වෙදැදුරන් අපි ආරක්ෂා කරන්න ඕනා. අනෙක හතු පිපෙන්නා වගේ එන සමහර වෙදුන් ඉංග්‍රීසි පෙති කුඩු කරලා කොළවර්ග කලවම් කරලා දෙනවා. අපිට ඒ රහ අඳුනන්න පුළුවන්. ඒත් මේ බෙහෙත් එහෙම නෑ කියලා මට හොඳටම විශ්වාසෙන් කියන්න පුළුවන්.“

    මහවිල වෙද මහතාද පැවසූවේ ඔහු අපේම කැලෑවලින් බෙහෙත් වර්ග සොයා ගන්නා බවයි. එහිදී මහා බ්‍රහ්මයාට පින් දී ඒ බෙහෙත් පැළෑටි නෙලා ගත යුතු බවද ඔහුගේ මතයයි. ඔහුගේ ඖෂධවලින් සිදුවන්නේ අග්න්‍යාශයේ වැසුණු කපාට යළි විවර කරමින් ස්වාභාවිකව ඉන්සියුලින් ශරීරයේ නිපදවෙන්නට අවශ්‍ය පරිසරය යළි ගොඩ නැඟීම බවද විස්තර සහිතව ඔහු අපට කියා දුන්නේ සෞඛ්‍ය පාඩමක් මෙනි. එවිට දියවැඩියාව නිසා හට ගන්නා පාදයේ තුවාල ආදිය ඉබේම සුව වන බවද ඔහු තර්කානුකූලව පෙන්වා දුන්නේය. කෂාය ආදි සිංහල බෙහෙත් වැඩිපුර සිරුරට එක්වීම නිසා වකුගඩු ප්‍රශ්න මතුවේදැයි අප නැඟූ පැනයට ඔහුගේ පිළිතුර වූයේ මෙයයි.

    “බත්-වෑංජන කන්න ගත්ත දවසේ ඉඳන් අපි සිංහල බේත් තමයි කන්නේ. සූදුරු, මහදුරු, කොත්තමල්ලි, කහ, ඉඟුරු,ගම්මිරිස්, කරපිංචා කියන්නේ මොනවාද? සුද්දා ඒවායේ සංයුතියෙන් එක වර්ගයක් අරගෙන පෙත්ත හදලා දුන්නම අපි ගිලිනවා. එතකොට වකුගඩු දිය වෙන්නේ නැද්ද? අපි සමස්තය අරගෙන වර්ග ගොඩක් එක්කයි බෙහෙත් දෙන්නේ. සිංහල බෙහෙතෙන් අතුරු ආබාධ එන්නේ නැත්තේ සංයුතිය වැඩි නිසයි.“

    දියවැඩියා රෝගයට ගොදුරු නොවීමට මධ්‍යම ප්‍රතිපදාවට අනුව ආහාර ව්‍යායාම ආදිය ගත යුතු බව කී යටියන්තොට මහවිල වෙද මහතා ඒ සඳහා පහසුවෙන් කළ හැකි අත්බේතක් ද කීවේ සිළුමිණ පාඨකයන්ගේ හිතේත් ගතේත් සුවය පිණිසය.

    “දියවැඩියාව සියයට 90ක් හැදෙන්නේ මානසික ප්‍රශ්න නිසා. අනෙක ග්ලූකෝස් අඩංගු ආහාර වැඩිපුර ගැනීමත් සෙම් රෝග නිසාත් දියවැඩියාව වැඩි වෙන්න පුළුවන්. අවුරුදු 10ට වැඩි ඕනෑම කෙනෙක් හැමදාම උදේට කැකිරි යුෂ අඬු කෝප්ප බාගයක් බොනවා නම් ජීවිතේ කවදාවත් දියවැඩියාව හැදෙන්නේ නෑ. ඒ වගේම කරපිංචා කොළ යුෂ කෝප්පයක් බැගින් සතියට දෙවරක් බීවොත් රුධිර නාළවල, අක්මාවේ තෙල් ඉවත්වෙලා, ලේ සුද්දවෙලා, මළ හොඳින් පහවෙලා, චර්ම රෝග සුව වෙලා, විෂ නසනවා. අනෙක පුළුවන් තරම් කොළ මැල්ලුම් හැම වේලකටම ගන්න. තේ වෙනුවට රණවරා මල් ටිකක් බොන්න. ගැමි ආහාරවලට පුළුවන් තරම් හුරු වෙන්න. සැම එළවළු වර්ගයක්ම පොදුවේ කන්න. රෝගියකුට කෑම නොදුන්නොත් හොඳටම සෞඛ්‍යය පිරිහෙනවා. අපේ වෙදකම කරන්නේ හොඳට බඩ පිරෙන්න කන්න දීලයි. මම කියන්නේ දියවැඩියාව නිට්ටාවට හොඳ කරන්න පුළුවන්.“
    logo.png
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මා මෙම සටහන බැලුම්ගල වෙත ඉදිරිපත් කරන්නේ තවත් ජනතා රැවටීමක් පිළිබදව දැනු්වත් කිරීම සදහායි. මේ දිනවල දෙරණ නාලිකාවේ ප්රචාරය කෙරෙන සිදු ටෙලි නාට්යය (රාත්රි 7.30 සිට 8.00 දක්වා) අතරදුරදී දියවැඩියාව නිට්ටාවට සුවකරනු ලබන බවට දැන්වීමක් පළ කරනු ලැබේ. යටියන්තොට මහවිල වෙදමැදුර දුරකථන 0711631724 සහ 036 5710810 වශයෙන් වැඩිදුරටත් තොරතුරැ පළ කරනු ලැබේ.
    එම දැන්වීමට අනුව මම එම හේ මු සෙනරත්වෙ ජයසූරිය බණඩාර වෙදමහතා හමුවට ගියෙමි. මා යනවිට වෙලාව දවල් 11 පමණ වී තිබුණි. වෙදමහනා ග්ලුකොමීටරයකින් ලේ වින්දුවක් පරීක්ෂා කළා මිස මගේ නාඩි බැනීමක් හෝ වෙනත් පරීක්ෂණයක් සිදු කළේ නැත. සාමාන්යෙයන් බටහිර වෛද්ය වරයකු වෙත යන විට පැය දහයක් නිරාහාරව සිටීමෙන් පසුවයි එබ.ු රැධිර පරීක්ෂණයක් කෙරෙන්නේ. නැත්නම් කෑම කා පැය දෙකකින්.
    හා දැන් බේත් වර්ග දෙකක් තියෙනවා රතුපාට අකුරින් මුද්රිත කඩදාසියේ බෙහෙත් පාවිච්චියේදී පිළිපැදිය යුතු ආකාරය තියෙනවා ඒ අනුව කටයුතු කරන්න කියා කියන විටම වෙදමහතා වාඩි වී සිටි ස්ථානයේම පැත්තක ඇති කවුන්ටරයක් ඉදිරියේ සිටි කාන්තාවක් කුඩු බෙහෙත් බෝතලයකුත් දියර බෙහෙත් බෝතලයකුත් කවරයක දමා දී දැන රැපියල් 5100.00 ගෙවන්න කියා මට කීවේය. මා අත එතරම් මුදලක් ඒ අවස්ථාවේදී නොතිබුණත් බැංකු කාඩ්පතක් මා ළග තිබුණ නිසා අසල තිබුණ බැංකුවට ගොස් මුදල් ලබාගෙන ඒවා ගෙවා බෙහෙත් ගෙන ගෙදර පැමිණියෙම්.
    රතු අකුරින් මුද්රිත උපදෙස් පත්රෙය් හැටියට නම් මාසයක් පමණ කාලයක තුල රෝගය සුව අතට හැරිය යුතුවිය. මුරා දින 40ක්ම බෙහෙත් ගන්නා අතරතුර නිරාහාරව සිට පරීණාකරනු ලැබූ සේ සාම්පල අනුව රෝගයේ කිසිදු අපුවක් දක්නට නොලැබුණි.
    දින 40 කින් නැවත වෙද හමතා හමුවුයෙමි. රෝගයට අදාල කිසිදු අඩුවක් දක්නට නොමැත් බව වෙදමහතාට පැවසුවෙමි. වෙදමහතා එවිට ලේපරික්ෂා කළ ග්ලුකෝ මීටරය තමාට පරීක්ෂා කිරීමට අවශ්ය බව මට පැවසුවේය. ලේ පරීක්ක්ෂා කෙළේ නවලේා්ක රසායනාගාරයෙන් බව පැවසූ විට තවත් කුඩු බෝතලයක් දී එයද මිශ්ර කර වතුර කෝප්ප හයට තුන වනසේ සින්දවා දිනකට තුන් වරක් බොන්නට නියම කොට රරුපියල් 5500.00 ගාස්තුවක් අයකෙළේය. තවත් දින 30ක් එම බෙහෙතද පාව්ච්චි කළත් කිසිදු අඩුවක් නෙමැති නිසා වෙදමහතාට දුරකථනයෙන් කතා කෙළෙමි. දවල් කාලයේදී රෝගීන් සියයකටත් වැඩි සංඛ්යාවක් පැමිණෙන නිසා වෙදමහතාට කතා කළ නොහැකි බවත් අවශ්ය උපදෙස් දීමට තමන්ට හැකි බවත් දුරකථනයට පිළිතුරුැ දෙන අය පවසයි.
    මහවිල වෙද මැදුර යනුවෙන් වෙබ් සයිට් එකක්ද ඇත මම එයට ද ඇතුලු වී මා මුහුණ දෙනු ලබන ගැටලුව පිළිබදව සටහනක් ද තබා ඇත. එය ඔබ ආයතනය විසින්ද පරීන්ෂා කළ හැකිය.
    මා ඊයේ රාත්රි 9.03 සිට විනාඩි දහයක් පමණ කාලයක් කතා කරමින් මා තුළ ඇති කළකිරීම පිළිබදවද විස්තර කරමින් මා නැවත වෙද මහතා හමුවීමට පැමිණීමට බලාපොරොත්තු වන බවත් ඊට පෙර නිට්ටාවට සුවය ලද කීපදෙනෙකු පිළිබද තොරතුරු දැනගැනීමට කැමති බවත් පැවසුවෙමි. මා එහි පැමිණිවිට එබදු කීපදෙනෙකු පිළිබද විස්තර දියහැකි බව වෙදමහතා පැවසීය.එපමණක් නොව බෙලිඅත්ත දිසා රෝහලේ ඩීඑම්ඕ මහතාත් නිට්ටාවට සුවය ලැබීමෙන් පසු ා්විස්මයට පත්ව තමාට ස්තුති කළ බවත්මට පැවසුරෙව්ය. එසේ නම් වෙද මහතා හමුවට එන ගමන හිතේ සතුටකින් පැමිණීම සදහා කල්තියා එබදු තොරතුරැ මට ලැබෙන්ට සලස්වන මෙන් මම ඉල්ලා සිටියෙමි. පසුදා එනම් අද දවල් තමාට දුරකථනයෙන් කතා කරන ලෙස වෙදමහතා මට පැවසීය. මම ඒ අනුව අද උදේ 10 සිට 0711631724 අංකය ඇතුවද දුරකථනය නාදවුනත් දිසිවකු1 පිළිතුරැ නෙදුන් නිසා උදේ 11.05 ට 0365710810 අංකයෙන්වෙ දමහතා ඇමතුවෙමි. ඊයේ රෑ එබදු දුරකථන සාකච්ඡාවක් පිළිබදව තමනට මතකනැතැයි වෙදමහතා මට පැවසීය.
    බෙලි අත්ත ඩීඑම්ඕ පිළිබදව මට කී දෙ පිළිබදව මා මතක් කළ විට වෙදමහතා තරහෙන් කතා කරමින් ඔන්න එහෙනම් ලියාගන්න කියා එක් අංකායක් මට දුන්නේය.එය ඉන්ද්රානි නමි කාන්තාවකගේ බව පැවසුවේය. ඊළගට තවත් අංකයක් දුන්නේය. එය ඩීඑම්ඕ මහතාගේ නොම්මරයද කියා මා ඇසු විට එය බෙලිඅත්ත එම්ඕඑච් කාර්යාලයෙ වැඩ කරන කෙනෙකුගේ යයි මට පැවසීය. ඩී එම් ඕ පිළිබදව ඇචුවිට වෙදමහතාට තරහ ගොස් දුරකථන රිසීවරය තදින් දමා ගසනු මට ඇසුණි.
    මට දුන් අංක දෙකේම සදහන දෙදෙනා පසුගිය මාසයේ සිළුමිණ පපුවත්පතේ වෙදමහතා පිළිබදව පළව තිබුණ ලිපියක සදහන්නව තිබුණ පුද්ගලයන් දෙදෙනාගේ බව ඕ දෙදෙනාගෙන් එක් අයකුට කතා කළ විට මට දැනගනනට ලැබුණි.
    බැලුම්ගල අසාධාරණති්වයට එරෙහිව ජනතාව ආරක්ෂා කරන ආයතනයක් ජෙස අප බොහෝ දෙනාගේ ගරැත්වයට පාත්ර වී සිටින ආයතනයක් නිසා මෙම තොරතුරැ ඔබ වෙත දැන්වීමට කටයුතු කරන ලද බව සැලකුව මැනවි. ස්තුතියි.
    22 March at 09:33 · Public

    https://m.facebook.com/nethfmbalumgala/posts/2242871329270817
     
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දියවැඩියාව නිට්ටාවට සුවකල හැකි රෝගයක් නොවේ.පාලනය කරන එක විතරයි කරන්න පුලුවන්.
    (ලෝකයෙ වැඩිම දිර්ගකාලීන රෝගින් ගනනක් ඉන්නේ දියවැඩියාව නිසා.කවුරුහරි දියවැඩියාවට නිට්ටාවටම සුවවෙන බෙහෙතක් හොයාගත්තොත් අනිවාර්යෙන්ම නොබෙල් තැග්ග හම්බවෙනවා )
    දියිවැඩියාවේ රෝග ලක්ෂන අවම නිසා රුධිරයේ සිනි මට්ටම වැඩිවුනාට රොගියෙකුට දැන්නේ නෑ. අන්තිමේදි සන්කුලතා ඇවිත් කකුල් කපන්න හෝ වකුගඩු රෝග එනකම්ම දන්න්නේ නෑ.සින්හල බෙහෙත් නිසා දියවැඩියවට බෙහෙත් ගන්න එක නවත්තලා වකුගඩු රෝග හා සුව නොවන තුවාල නිසා පාද ඉවත් කරපු අය ඕන තරම් ඉන්නවා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මා මෙම සටහන බැලුම්ගල වෙත ඉදිරිපත් කරන්නේ තවත් ජනතා රැවටීමක් පිළිබදව දැනු්වත් කිරීම සදහායි. මේ දිනවල දෙරණ නාලිකාවේ ප්රචාරය කෙරෙන සිදු ටෙලි නාට්යය (රාත්රි 7.30 සිට 8.00 දක්වා) අතරදුරදී දියවැඩියාව නිට්ටාවට සුවකරනු ලබන බවට දැන්වීමක් පළ කරනු ලැබේ. යටියන්තොට මහවිල වෙදමැදුර දුරකථන 0711631724 සහ 036 5710810 වශයෙන් වැඩිදුරටත් තොරතුරැ පළ කරනු ලැබේ.
    එම දැන්වීමට අනුව මම එම හේ මු සෙනරත්වෙ ජයසූරිය බණඩාර වෙදමහතා හමුවට ගියෙමි. මා යනවිට වෙලාව දවල් 11 පමණ වී තිබුණි. වෙදමහනා ග්ලුකොමීටරයකින් ලේ වින්දුවක් පරීක්ෂා කළා මිස මගේ නාඩි බැනීමක් හෝ වෙනත් පරීක්ෂණයක් සිදු කළේ නැත. සාමාන්යෙයන් බටහිර වෛද්ය වරයකු වෙත යන විට පැය දහයක් නිරාහාරව සිටීමෙන් පසුවයි එබ.ු රැධිර පරීක්ෂණයක් කෙරෙන්නේ. නැත්නම් කෑම කා පැය දෙකකින්.
    හා දැන් බේත් වර්ග දෙකක් තියෙනවා රතුපාට අකුරින් මුද්රිත කඩදාසියේ බෙහෙත් පාවිච්චියේදී පිළිපැදිය යුතු ආකාරය තියෙනවා ඒ අනුව කටයුතු කරන්න කියා කියන විටම වෙදමහතා වාඩි වී සිටි ස්ථානයේම පැත්තක ඇති කවුන්ටරයක් ඉදිරියේ සිටි කාන්තාවක් කුඩු බෙහෙත් බෝතලයකුත් දියර බෙහෙත් බෝතලයකුත් කවරයක දමා දී දැන රැපියල් 5100.00 ගෙවන්න කියා මට කීවේය. මා අත එතරම් මුදලක් ඒ අවස්ථාවේදී නොතිබුණත් බැංකු කාඩ්පතක් මා ළග තිබුණ නිසා අසල තිබුණ බැංකුවට ගොස් මුදල් ලබාගෙන ඒවා ගෙවා බෙහෙත් ගෙන ගෙදර පැමිණියෙම්.
    රතු අකුරින් මුද්රිත උපදෙස් පත්රෙය් හැටියට නම් මාසයක් පමණ කාලයක තුල රෝගය සුව අතට හැරිය යුතුවිය. මුරා දින 40ක්ම බෙහෙත් ගන්නා අතරතුර නිරාහාරව සිට පරීණාකරනු ලැබූ සේ සාම්පල අනුව රෝගයේ කිසිදු අපුවක් දක්නට නොලැබුණි.
    දින 40 කින් නැවත වෙද හමතා හමුවුයෙමි. රෝගයට අදාල කිසිදු අඩුවක් දක්නට නොමැත් බව වෙදමහතාට පැවසුවෙමි. වෙදමහතා එවිට ලේපරික්ෂා කළ ග්ලුකෝ මීටරය තමාට පරීක්ෂා කිරීමට අවශ්ය බව මට පැවසුවේය. ලේ පරීක්ක්ෂා කෙළේ නවලේා්ක රසායනාගාරයෙන් බව පැවසූ විට තවත් කුඩු බෝතලයක් දී එයද මිශ්ර කර වතුර කෝප්ප හයට තුන වනසේ සින්දවා දිනකට තුන් වරක් බොන්නට නියම කොට රරුපියල් 5500.00 ගාස්තුවක් අයකෙළේය. තවත් දින 30ක් එම බෙහෙතද පාව්ච්චි කළත් කිසිදු අඩුවක් නෙමැති නිසා වෙදමහතාට දුරකථනයෙන් කතා කෙළෙමි. දවල් කාලයේදී රෝගීන් සියයකටත් වැඩි සංඛ්යාවක් පැමිණෙන නිසා වෙදමහතාට කතා කළ නොහැකි බවත් අවශ්ය උපදෙස් දීමට තමන්ට හැකි බවත් දුරකථනයට පිළිතුරුැ දෙන අය පවසයි.
    මහවිල වෙද මැදුර යනුවෙන් වෙබ් සයිට් එකක්ද ඇත මම එයට ද ඇතුලු වී මා මුහුණ දෙනු ලබන ගැටලුව පිළිබදව සටහනක් ද තබා ඇත. එය ඔබ ආයතනය විසින්ද පරීන්ෂා කළ හැකිය.
    මා ඊයේ රාත්රි 9.03 සිට විනාඩි දහයක් පමණ කාලයක් කතා කරමින් මා තුළ ඇති කළකිරීම පිළිබදවද විස්තර කරමින් මා නැවත වෙද මහතා හමුවීමට පැමිණීමට බලාපොරොත්තු වන බවත් ඊට පෙර නිට්ටාවට සුවය ලද කීපදෙනෙකු පිළිබද තොරතුරු දැනගැනීමට කැමති බවත් පැවසුවෙමි. මා එහි පැමිණිවිට එබදු කීපදෙනෙකු පිළිබද විස්තර දියහැකි බව වෙදමහතා පැවසීය.එපමණක් නොව බෙලිඅත්ත දිසා රෝහලේ ඩීඑම්ඕ මහතාත් නිට්ටාවට සුවය ලැබීමෙන් පසු ා්විස්මයට පත්ව තමාට ස්තුති කළ බවත්මට පැවසුරෙව්ය. එසේ නම් වෙද මහතා හමුවට එන ගමන හිතේ සතුටකින් පැමිණීම සදහා කල්තියා එබදු තොරතුරැ මට ලැබෙන්ට සලස්වන මෙන් මම ඉල්ලා සිටියෙමි. පසුදා එනම් අද දවල් තමාට දුරකථනයෙන් කතා කරන ලෙස වෙදමහතා මට පැවසීය. මම ඒ අනුව අද උදේ 10 සිට 0711631724 අංකය ඇතුවද දුරකථනය නාදවුනත් දිසිවකු1 පිළිතුරැ නෙදුන් නිසා උදේ 11.05 ට 0365710810 අංකයෙන්වෙ දමහතා ඇමතුවෙමි. ඊයේ රෑ එබදු දුරකථන සාකච්ඡාවක් පිළිබදව තමනට මතකනැතැයි වෙදමහතා මට පැවසීය.
    බෙලි අත්ත ඩීඑම්ඕ පිළිබදව මට කී දෙ පිළිබදව මා මතක් කළ විට වෙදමහතා තරහෙන් කතා කරමින් ඔන්න එහෙනම් ලියාගන්න කියා එක් අංකායක් මට දුන්නේය.එය ඉන්ද්රානි නමි කාන්තාවකගේ බව පැවසුවේය. ඊළගට තවත් අංකයක් දුන්නේය. එය ඩීඑම්ඕ මහතාගේ නොම්මරයද කියා මා ඇසු විට එය බෙලිඅත්ත එම්ඕඑච් කාර්යාලයෙ වැඩ කරන කෙනෙකුගේ යයි මට පැවසීය. ඩී එම් ඕ පිළිබදව ඇචුවිට වෙදමහතාට තරහ ගොස් දුරකථන රිසීවරය තදින් දමා ගසනු මට ඇසුණි.
    මට දුන් අංක දෙකේම සදහන දෙදෙනා පසුගිය මාසයේ සිළුමිණ පපුවත්පතේ වෙදමහතා පිළිබදව පළව තිබුණ ලිපියක සදහන්නව තිබුණ පුද්ගලයන් දෙදෙනාගේ බව ඕ දෙදෙනාගෙන් එක් අයකුට කතා කළ විට මට දැනගනනට ලැබුණි.
    බැලුම්ගල අසාධාරණති්වයට එරෙහිව ජනතාව ආරක්ෂා කරන ආයතනයක් ජෙස අප බොහෝ දෙනාගේ ගරැත්වයට පාත්ර වී සිටින ආයතනයක් නිසා මෙම තොරතුරැ ඔබ වෙත දැන්වීමට කටයුතු කරන ලද බව සැලකුව මැනවි. ස්තුතියි.
    22 March at 09:33 · Public

    https://m.facebook.com/nethfmbalumgala/posts/2242871329270817

    ඕක අනිවාර්යෙන්ම රැවෛමක්.සුවවෙලා කියන අයගේ බෙහෙත් නහර කලාට පස්සේ ආපහු රුධිරයෙ සිනී මට්ටම චෙක් කරන්න ඕනේ.ප්‍රශෙනේ ලන්කාවේ ජාහික පුවත්පතක් හරිහමන් සොයා බැලීමකින් තොරව මේ වගේ අයට ප්‍රචාරය දෙන එක.