Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ

    හැමෝම ඇවිල්ල බලන්න, අනිත් අයත් දැනුවත් කරන්න මේ ගැන.


    මට ඊයෙ වුණ සිද්ධියක් මේක, මගේ ෆෝන් එක විකුණන්න ඊයෙ මම Ikman.lk එකේ ඇඩ් එකක් දැම්මා, දාලා සුලු වෙලාවකින් මම ඇඩ් එකේ දාපු මගේ අංකයට මැසේජ් එකක් ආවා Whatsapp වලින්, ඒක ලංකාවෙ නම්බර් එකක් නෙමෙයි IDD නම්බර් එකක්, එයා චැට් එකෙන් මගෙන් ඇහුවෙ ikman.lk එකේ දාපු ෆෝන් එක විකුණන්න තියේද, මගෙන් ගාන ඇහුවා, මම ඇඩ් එකේ තිබුණ ගාන කිව්වාම එයාට ඒක ගන්න ඕන කිව්වා, එයා U.S Army එකේ වැඩ කරන කෙනෙක් කිව්වා, දැන් Military වැඩ වගයකට නයිජීරියාවෙ ගිහිල්ලා කිව්වා ඉන්නේ, එයාගෙ පුතාගෙ ඇඩ්‍රස් එකත් මට එවලා මේ ඇඩ්‍රස් එකට ෆෝන් එක යවන්න කිව්වා(නයිජීරියා වල ඇඩ්‍රස් එකක්), යවද්දි SL Post හරි DHL
    හරි මොනව හරි එකක් භාවිතා කරන්න කීව්වා(මට මෙතැනදිත් පොඩි සැකයක් ආවා පිටරට ඉන්න කෙනෙක් SL Post ගැන දන්නෙ කොහොමද කියලා:confused::confused::confused:),මට මුදල් ගෙවීමට මගේ බැන්කු ගිණුම් වල විස්තරත් ලබාගත්තා, එ් අතෙරදීම මගේ ඊමේල් ඇඩ්‍රස් එකත් ඉල්ලගත්තා(ඊමේල් ලිපිනය ඉල්ලද්දි මම කල්පනා කලා ඒක මොකටද ඕන වෙන්නෙ කියලා, ඒත් ඉතිං ප්‍රශ්නයක් නැති නිසා ඒකත් ඔන්න ඔහේ දීල දැම්මා) ඔය සංවාදය වුණේ ඊයේ රෑ, ඒත් මම කල්පනා කළා
    පිටරට ඕන තරම් ෆෝන් තියෙද්දි ඇයි මේ ලංකාවෙන්ම ෆෝන් එකක් ගෙන්නන්න හදන්නේ කියලා, ඊට පස්සේ මට හිතුනා පිටරට මේ
    ෆෝන් වර්ගය දැන් හොයාගන්න බැරි නිසා එයා ඒකටම තියෙන ආසාවට මෙහෙන් ගෙන්නන්න හදනවා කියලා මම හිතාගත්තා, Whatsapp
    වලින් චැට් කරපු හැම Screenshot එකක්ම මම යටින් දාලා තියෙනවා,
    QzS3B1f
    QzS3B1f.jpg


    QvK0wG2.jpg

    8V8pjT3.jpg


    jp4EBvl.jpg


    CcTpeqT.jpg


    KQvbIjJ.jpg


    xiQjuDi.jpg


    sqtsJsV.jpg


    Q8tOHrM.jpg


    DThwkrk.jpg


    HabKceA.jpg


    1zfG1hI.jpg



    T8mb28w.jpg


    ඊට පස්සෙ අද උදෙ මෙන්න මෙයා මැසේජ් එකක් දැම්මා මම තව විනාඩි 30කින් සල්ලි දානවා ඔයාගෙ අකවුන්ට් එකට ඊට පස්සේ ෆෝන්
    එක පෝස්ට් එකට දාන්න කියලා, මටත් ඇත්තටම වෙන දේ හිතාගන්න බැරුව හිටියේ, කොහොම හරි මගේ බෑන්ක් අකවුන්ට් එකේ
    SMS Alert සර්විස් එකත් දාගෙන ඉන්න නිසා මෙයා සල්ලි දැම්මොත් මට මේක මැසේජ් එකකින් එන නිසා, මම කලබල නොවී
    වෙනදේ බලාගෙන හිටියා, එ් අතරෙදි මට ඊමේල් එකක් ආවා USBank එකෙන් ඔයාට Rs. 50,760ක මුදලක් ලැබිලා තියෙනවා :shocked::shocked::shocked:(මම ඊෙම්ල් එක දැක්ක ගමන් පුදුම වුණා මොකද මම ෆෝන් එක දැම්මෙ 24,000 කට ඒත් මේ ඊමේල් එකෙන් 50,760ක් වැටුන කිව්වාම), ඒ මුදල ලබාගන්න ඔයා අදාළ භාණ්ඩය පෝස්ට් එකට දාලා, තැපෑලයෙන් දුන්න රිසීට් එකේ පිටපතක් හා ට්‍රැකින් නම්බර එක ඊමේල් කරන්න කියලා, ආව ඊමේල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් යටින් දැම්මා:yes::yes::yes:,

    COtT8EF.jpg


    tvsW98R.jpg


    ඒක ඇවිල්ල විනාඩි 10ක් යන්න වුණේ නෑ ඒ පුද්ගලයා වට්ස් ඇප් එකෙන් චැට් කරල මම සල්ලි ගෙව්වා ඔයාට ඊමේල් එකක් ආවාද කියලා ඇහුවා, මම කිව්වා ඊමේල් එක නම් ආවා ඒත් මගේ ලෝකල් බෑන්ක් එකට සල්ලි ඩිපොසිට් වුණේ නැති නිසා මේක ෂිප් කරන්න බෑ කියලා,
    එතකොට එයා කියනවා SLPost දාලා ඒකෙ රිසීට් එකයි ට්‍රැකින් නම්බර් එකයි ඔය බෑන්ක් එකට දෙන්න එවෙලේම සල්ලි ටික ඔයාට ලැබෙයි කියලා, ඒත් එක්කම මට ලොකු සැකයක් ආවා, මම ආයිත් ඒ ඊමේල් එක බැලුව ඒක එව්වේ කවුද කියලා, මට එතැනදි මගේ සැකය හරියටම තහවුරු වුණා, ඒකෙ Sender තමයි [email protected] මේ insurer.com කියන ඩොමේන් එකට ගියාම ඒක මුකුත්ම නෑ,
    කිසිම වෙබ්සයිට් එකක් පේන්න නෑ, ඒ විතරක් නෙමෙයි ගූගල් එකේ සර්ච් කරල බැලුවම ඒ සයිට් එක, වංචා ගොඩකට අහුවුණ සයිට් එකක්
    කියලා පෙනුනා, මම ඒ විස්තර ඔක්කොම අර වට්ස් ඇප් එකේ චැට් කරපු කෙනාට කිව්වාම එයා බායි කියලා මාව වට්ස්ඇප් එකෙනුත් බ්ලොක් කලා එයාගෙ බොරුව එතනම අහුවුණ නිසා,

    මේක ඉන්ටර්නෙට් එකේ අපි නොදකින තවත් ලොකු වංචාවක්,

    හැබැයි මට මේකෙ තාම හිතාගන්න බැරි දේවල් ටිකක් තියෙනවා,

    මෙයා හැම තිස්සෙම SL Post එකෙන් දාන්න කියලා කියන්නේ, මේ හොරකම කරන පුද්ගලයා ලංකාවෙ කෙනෙක් වෙන්න ඕන, එ් විතරක් නෙමෙයි SL Post එක ඇතුලෙ සම්බන්ධතා තියෙන කෙනෙක් වෙන්නත් ඕන, මොකද මෙයා ට්‍රැකින් නම්බර් අරගෙන පාර්සල්
    එක අපේ රටින් යන්න කළින් උස්සන්න තමයි හදල තියෙන්නේ, මේක පිටිපස්සේ ලොකු මෙහෙයුමක් තියෙනවා,

    මේ ගැන දන්න හැමෝම දැනුවත් කරන්න, ඒ වගේම මට හිතෙන දෙයක් මේ හොරකම අල්ලගන්න ගොඩක් ලේසියි කියලා, ඒ නිසා
    මේ සම්බන්ධව පියවර ගන්න පුලුවන් කෙනෙක් එලකිරි එක ඇතුලෙ ඉන්නවා නම් පොඩක් හොයලා බලන්න, මටත් පුලුවන් උපරිමයෙන් දෙයක් කරනවා, මේක පිටිපස්සේ අනිවාර්යෙන්
    ලංකාවෙ තැපැල් සේවයේ වැඩ කරන ලොකු ජාවාරම්කාරයො සෙට් එකක් ඉන්නවා,

    මේක සෝෂල් මීඩියා වලත් පුලුවන් තරම් ෂෙයාර් කරන්න, ඒ වගේම මේකට ගන්න පුලුවන් පියවර තියේ නම් කියන්න, මේකෙන් ඉදිරියට
    රැවටෙන්න යන අය බේරගන්න පුලුවන් වෙයි,

    මට තාක්ෂණික දැනුම තියන නිසා මේවා මේ විදියට සර්ච් කරලා ඇත්තටම හොරකමක් කියලා ඇඳුරගත්තා ඒත් තාක්ෂණික දැනුම
    අඩු කෙනෙක් අනිවාර්යෙන්ම මේ ජාවාරමට අහුවෙනවා, ඒ විතරක් නෙමෙයි දැනටමත් කී දෙනෙක් නම් අහුවෙලාද දන්නේ නෑ,

    පුලුවන් තරම් ෂෙයා කරන්න මේක, උඹල අඳුරන එෆ්.බී පේජ් මැනේජර්ල හෙම ඉන්නවා නම් මේක ඒ අයට දීපං පෝස්ට් කරන්න කියලා

    එල
     
    Last edited:

    PuwakBadilla

    Banned
    Jun 7, 2017
    39
    7
    0
    නයිජීරියාවෙන් එන ඇස් ඇරපු බලල් පැටියෙක්වත් විස්වාස කරන්න එපා:D මට ගොඩක් ඕවා ඇවිත් තියනවා
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    this is a very old trick on the internet.

    i got this kind of mail when I use wow.lk

    its called as "Nigerian scam" :oo:

    unfortunately, some people buy this story and send the goods immediately.