රුසියානු විජයග්‍රාහී පෙළපාලිය -2017

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියානු විජයග්‍රාහී පෙළපාලිය -2017

    hc500jj.jpg

    මෙම ඉසව්ව සම්බන්ධව සවිස්තර ලිපියක් මෙහි පළ කරන්නට සිතාගෙන සිටියේ කාලයක් පටන් මුත් එය අද වන තෙක් යථාර්තයක් කරගන්න නොහැකි විය.රුසියානු විජයග්‍රාහී පෙළපාලියක් සජීවිව නරඹන්නට පළමුවරට අවස්ථාව ලැබුණේ මෙම වසරේදීය.නමුත් රුසියා ටුඩේ රූපවාහිනී සේවය එය සවිස්තරව වාර්තා කරන්නට අසමත් වූ බව මුලින්ම කියන්නට අවශ්‍යයි.ඔවුන් රූපවාහිනී මැදිරියට විශේෂඥයෙක් කැදවාගෙන විත් තිබුණත් ඔහුගෙන් ප්‍රමාණවත් විචාරයක් ලබාගන්නට නිවේදකයා දක්ෂ නොවීය.අවාසනාවකට මෙවර විජයග්‍රාහී පෙළපාලියේ ගුවන් සංදර්ශනය ඇතුලත් නොවූයේ මොස්කව් අවට කාලගුණය ඊට සුදුසු තත්ත්වයේ නොපැවතීමයි.

    වෙනත් වසර වල මෙන්ම මෙවරද විජයග්‍රාහී පෙළපාලිය රුසියාවේ අගනගරයේ රතු චතුරස්‍රය කේන්ද්‍රකරගෙන පැවැත්වූයේ මැයි 9 දාය.මෙම පෙළපාලිය පැවැත්වෙන්නේ 1945 වර්ෂයේදී රුසියානු හමුදාව විසින් නාසි ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය කිරීම සැමරීම උදෙසාය.මෙවර රුසියානුවන් සැමරුවේ එහි 72 වන සංවත්සරයයි.පෙළපාලියට සහභාගි වන සෙබලුන් කාණ්ඩ ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු විසින් සෝදිසි කිරීමෙන් අනතුරුව ජනපති විලැඩ්මීර් පුටීන් වෙත පැමිණ දැනුම්දීමෙන් පසුව පූටීන් සිය 14 වන විජයග්‍රාහී පෙළපාලි කතාව සිදුකරන ලදි.මෙදිනම රුසියාව පුරා ප්‍රධාන නගර 26ක ඔවුන්ගේම විජයග්‍රාහී පෙළපාලි පවත්වයි.තවද සිවිල්-හමුදා ඒකාබද්ධ පෙළපාලි රටපුරා නගර 50ක පැවැත්වේ.ඊට අමතරව රුසියානු හිතැති නමුත් රුසියාවට අයත් නැති ඩොනෙට්ස්ක් ජනතා ජනරජය සහ ලුහන්ස්ක් ජනතා ජනරජයේ මෙන්ම කලින් සෝවියට් දේශයේ කොටස් වශයෙන් පැවති රාජ්‍යවලද සැමරීම් සිදුකෙරේ.

    විජයග්‍රාහී පෙළපාලියකට සූදානම් වීම අරඹන්නේ ඊට මාස ගණනකට පෙරය.2017 ඉසව්ව වෙනුවෙන් පෙර සූදානම් වීම් 2016 නොවැම්බර්/දෙසැම්බර් මාසවල පටන් සිදුකෙරේ.පුහුණු වීම් ඇලබිනෝ හමුදා පුහුණු සංකීර්ණයේ සිදුවේ.

    සුපුරුදු පරිදි අපි අවධානය යොමු කරන්නේ මෙම පෙළපාලියේ ප්‍රදර්ශනය කල යුද අවි සම්බන්ධවයි.සැබවින්ම මෙම ඉසව්ව ලෝක අවධානය දිනා ගන්නේ මෙම යුදෝපකරණ නිසාය.හොඳම උදාහරණය වන්නේ 2015 වර්ෂයේ විජයග්‍රාහී පෙළපාලියයි.එහිදී රුසියානුවන් ඔවුන් සතු නවතම යුද අවි ප්‍රදර්ශනය කරන ලදි.එදින එළිදැක්වූ අමාටා නම් නවතම යුද ටැංකිය නිර්මාණය කල කතිකාවත තවමත් නිමවී නැත.



    රථ පෙළපාලියේ ඇතුලත් යුද අවි ලැයිස්තුව මෙසේය

    T-34 - ටී-34 මධ්‍යම ප්‍රමාණයේ යුද ටැංකිය

    GAZ-2975 "Tigr" - ටයිගර් නම් පාබල හමුදා ජංගම රථය

    Kornet D/EM - කෝර්නට් ඩී/ඊඑම් ජංගම යුද ටැංකි නාශ අවි පද්ධතිය සහිත ටයිගර් රථය

    Typhoon-K MRAP - ටයිපූන්-කේ එම් ආර් ඒ පී රථය

    Ural Typhoon MRAP - යූරල් ටයිපූන් එම් ආර් ඒ පී රථය

    BTR-82AM APC - බී ටී ආර්-82 ඒ එම් සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථය

    BMP-3 - බී එම් පී-3 රථය

    BMP Kurganets-25 APV - බී එම් පී කුර්ගානෙට්ස්-25 රථය

    T-72B3M (T-72B4) - ටී-72බී3එම් නවීකරණය කල යුද ටැංකිය

    T-14 - ටී-14 අමාටා යුද ටැංකිය

    2S19 Msta-S - 2එස්19 මස්ටා-එස් ජංගම කාලතුවක්කු රථය

    2S35 Koalitsiya-SV - 2එස්35 කොලිට්සියා-එස් වී ජංගම කාලතුවක්කු රථය

    9K720 Iskander - 9කේ720 ඉස්කන්ඩර් ජංගම උපායමාර්ගික බැලස්ටික් මිසයිල පද්ධතිය

    Tor-M2U - ටෝර්-එම්2යූ සෑම් මිසයිල සංකීර්ණය

    Buk-M2 - බක්-එම්2 ජංගම සෑම් මිසයිල පද්ධතිය

    Tor-M2DT - ටෝර්-එම්2ඩීටී සහ Pantsir-SA - පැන්ට්සර්-එස් ඒ ඇදගෙන යන ආක්ටික් සෑම් මිසයිල පද්ධතිය

    BMD-4M - බීඑම්ඩීප්-4එම් ගුවනින් හෙළිය හැකි පාබල හමුදා ප්‍රහාරක රථය

    BTR-MDM "Rakushka" APC - බීටීආර්-එම්ඩීඑම් "රකුෂ්කා" සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථය

    Pantsir-S1 - පැන්ට්සර්-එස්1 ජංගම සෑම් මිසයිල පද්ධතිය

    S-400 - එස්-300 ජංගම සෑම් මිසයිල පද්ධතිය

    RS-24 Yars - ආර් එස්-24 යාර්ස් ජංගම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ප්‍රවාහන රථය

    BTR Bumerang APC - බීටීආර් බියුමරැන්ග් සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථය






    gZONB0c.jpg

    T-34 - ටී-34 යුද ටැංකිය

    මෙය සෝවියට් දේශයේ නිෂ්පාදිත මධ්‍යම ප්‍රමාණයේ යුද ටැංකියකි.දෙවන ලෝක යුද්ධයේ නැගෙනහිර පෙරමුණේ ජයග්‍රහණය සෝවියට් දේශයට ලබාගත හැකිවූයේ ටී-34 යුද ටැංකිය නිසාවෙනි.තවද දෙවන ලෝක යුද්ධයේ වඩාත් සාධනීය,කාර්යක්ෂම සහ බලගතුම යුද ටැංකි නිර්මාණ සැලැසුම ලෙස මෙය හැඳින්වීය.





    oomzEtH.jpg

    Tigr-M - ටයිගර් -එම් ජිප් රථය

    ටයිගර්-එම්/GAZ-233114 යනු රෝද හතරටම බලය යෙදූ සැහැල්ලු සහ උපායමාර්ගික රථයක් වන ටයිගර් GAZ-2330හි වැඩිදියුණු කල සංස්කරණයයි.මෙහි වහලයේ දුරස්ථව පාලනය කල හැකි අවි පද්ධතියක් ස්ථානගත කල හැකිය.





    0lcqIag.jpg

    Tigr Kornet-D - ටයිගර් කෝර්නෙට්-ඩී ජිප් රථය

    ටයිගර් කෝර්නෙට්-ඩී යනු රුසියානු හමුදාවට එක්වූ නවතම ප්‍රති-යුද ටැංකිනාශක මිසයිල ප්‍රවාහන රථයයි.මෙය පළමුවරට ප්‍රදර්ශනය කෙරුණේ 2015 වර්ෂයේ විජයග්‍රාහී පෙළපාලියේදීය.ඕනෑම භූමියක ගමන් කල හැකි අයුරින් නිපදවා තිබෙන ටයිගර්-එම් GAZ-233116 රථයක් මත කෝර්නෙට් -ඩී අවි පද්ධතියක් ස්ථානගත කර තිබේ.





    hX9y3rK.jpg

    Typhoon-U - ටයිපූන්-යූ රථය

    යූරල්-63095 ටයිපූන් රථය ටයිපූන්-යූ යන නමින්ද හඳුන්වයි.එය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමක් මත නිර්මාණය කරන ලද්දකි.මෙම සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන ට්‍රක් රථය ලෝකයට එළිදරව් කලේ 2010 සැප්තැම්බර් මාසයේදීය.





    Iy7lSwz.jpg

    Typhoon-K - ටයිපූන්-කේ රථය

    කමාස්-63968 ටයිපූන් රථය ටයිපූන්-කේ නමින්ද හඳුන්වන අතර එය රුසියාව සතු සන්නාහ සන්නද්ධ ,බිම්බෝම්බවලට ඔරොත්තුදෙන ට්‍රක් රථයකි.ටයිපූන් පවුල 2010 වර්ෂයේදී ආරම්භ කල රුසියානු ටයිපූන් වැඩසටහනේ කොටසකි.කමාස් සහ ගාස් යන රථ කණ්ඩායම් ටයිපූන් වැඩසටහන යටතේ දියුණු කල එකිනෙකට වෙනස් රථ පවුල්ය. කමාස්-63968 රථය රෝද හයටම බලය යෙදූ ටොන් 21ක් බර පුද්ගලයින් 16ක් ප්‍රවාහනය කල හැකි එකකි.





    w6I1Q1q.jpg

    Kurganets-25 BMP - කර්ගනට්ස්-25 බීඑම්පී රථය

    පාබල හමුදා විසින් භාවිතා කරන මෙම කර්ගන්ට්ස්-25 බීඑම්පී රථය නිර්මාණය කරන්නේ රුසියානු යුදෝපකරණ සමාගමක් වන කර්ගන් මැෂින් නිෂ්පාදන සමාගම විසින්ය.මෙය කැටපිලර් යොදාගන්නා සන්නාහ සන්නද්ධ සැහැල්ලු නව රථ පවුලකට අයත්ය.කර්ගනට්ස් -25 රථය මිනිසුන් රහිතව ක්‍රියාත්මක වන කොතක් සහිතව නිපදව තිබේ.කොතේ 2ඒ42 මි.මී.30 ස්වයංක්‍රීය අවියක් ,මි.මී.7.62 පීකේටී මැෂින් තුවක්කුවක් සවි කර ඇත.ඊට අමතරව කොත දෙපස කෝර්නට්-ඊඑම් වර්ගයේ යුද ටැංකි නාශක නියාමක මිසයිල දියත්කරණ 2ක්ද සවි කර තිබේ.





    bYK0pD1.jpg

    BMP-3 - බීඑම්පී-3

    බීඑම්පී-3 යනු සෝවියට් දේශය විසින් නිපදවන ලද කැටපිලර් සහිත උභයචර පාබල සටන් සඳහා යොදාගන්නා රථයකි.මෙම පවුලේ පැරණි සාමාජිකයන් වන්නේ බීඑම්පී-1 සහ බීඑම්පී-2 රථයි.බීඑම්පී-3 රථය සේවයට එක්වන්නේ 1990 වර්ෂයේදීය.එය සතු ප්‍රධාන අවිය මි.මී. 100 2ඒ70 අර්ධ-ස්වයංක්‍රීය රයිපල් අවියකි.එය යුද ටැංකි නාශක මිසයිල දියත් කිරීමටද යොදාගැනීමට පුලුවනි.





    w5OaLrr.jpg

    T-72B3 - ටී-72බී3 යුද ටැංකිය

    2017 වර්ෂයේ විජයග්‍රාහී පෙළපාලියේදී රුසියානු හමුදාව විසින් ටී-72 යුද ටැංකියේ නවතම සංස්කරණය වන ටී-72බී3 එළිදක්වන ලදි.රුසියානු යුද හමුදාවේ කොදු නාරටිය වන්නේ ටී-72බී3 යුද ටැංකියයි.එහි ප්‍රධාන අවිය මි.මී.125 2ඒ46එම්-5 ස්මූත්බෝර් වර්ගයේ එකකි.





    6ZlaKNc.jpg

    T-14 Armata - ටී-14 අමාටා යුද ටැංකිය

    2015 වර්ෂයේ විජයග්‍රාහී පෙළපාලියේදී ප්‍රථමවරට මහජන ප්‍රදර්ශනයට ගෙන ආ ටී-14 අමාටා යුද ටැංකිය මිනිසුන් රහිත කොතකින් සමන්විතය.එහි කාර්යමණ්ඩලය අසුන් ගෙන සිටින්නේ ඉදිරිපසට වන්නටය.දුරස්ථව පාලනය කල හැකි එහි කොතේ නව පරම්පරාවේ මි.මී.125 2ඒ82-1එම් ස්මූත්බෝර් අවියක් සවිකර තිබේ.එය ස්වයංක්‍රීයව උණ්ඩ පුරවා ගත හැකි අයුරින් නිපදවා තිබේ.තවද ප්‍රධාන අවියට ලේසර් මාර්ගයෙන් මගපෙන්වන මිසයිල කි.මී. 7-12 දක්වා දුරකට යැවිමට පුලුවනි.





    oauNgW1.jpg

    2S35 Koalitsiya-SV - 2එස්35 කොආලට්සියා -එස්වී

    2එස්19 චැසිය මත පදනම්ව නිර්මාණය කල 2එස්35 කොආලට්සියා-එස්වී රථය කැටපිලර්,නව කොතක් සහිත ස්ව බලයෙන් ධාවන වන කාලතුවක්කුවකි.එහි ප්‍රධාන අවිය සංවර්ධනය කරමින් පවතින 2ඒ88 මි.මී.152 කාලතුවක්කුවකි.ඉන් නිකුත් කරන්නේ 9කේ25 නම් මි.මී.152 ක්‍රාස්නෝපූල් ලේසර් නියාමක උණ්ඩයකි.ඒවා කි.මී. 20 දක්ව දුරට යැවිය හැකිය.





    e99Yb0Y.jpg

    2S19 MSTA-S - 2එස්19 මස්ටා-එස්

    මෙය ස්ව බලයෙන් ධාවන වන ,කැටපිලර් කාලතුවක්කු රථයකි.1989 වර්ෂයේදී හඳුන්වා දුන් 2එස්19 මස්ටා-එස් රථය,මි.මී.52 2එස්5 ස්වයංධාවන කාලතුවක්කු පද්ධති වෙනුවට හඳුන්වා දුන්නකි.එහි ප්‍රධාන අවිය මි.මී. 152 2ඒ64 එකකි.චැසිය ටී-80 යුද ටැංකියෙන්ද එන්ජිම ටී-72 යුද ටැංකියෙන්ද ණයට ගෙන ඇත.





    oNWh7ZF.jpg

    BTR-82a - බීටී ආර්-82ඒ රථය

    බීටී ආර්-82 ඒ යනු බීටී ආර්-80ඒ නම් රෝද 8ක් සහිත සන්නාහ සන්නද්ධ ප්‍රහාරක සහ පුද්ගල ප්‍රවාහන රථයේ නවතම සංස්කරණයයි.2009 දෙසැම්බර් මාසයේදී මෙම රථය ගැන පළමුවරට එළිදරවු කෙරිණි.එය සතුව 2ඒ72 මි.මී.30 අවියක් සහ මි.මී.7.2 මැෂින් තුවක්කුවක් තිබේ.මෙම රථය දිවා-රාත්‍රී මෙහෙයුම් සඳහා යොදාගත හැකිය.





    cq8KzUb.jpg

    Iskander-M - ඉස්කැන්ඩර්-එම් මිසයිල රථය

    මෙය එස් එස්-26 ස්ටෝන් යන නමින් නේටෝ සංවිධානය විසින් හඳුන්වනු ලැබේ.ට්‍රක් රථය තුල කෙටි දුර උපායමාර්ගික මිසයිල පද්ධතියක් තිබේ.අතරමැදි න්‍යෂ්ඨිල බලකා ගිවිසුමට අනුව මිසයිල නිර්මාණය කර තිබෙන්නේ කි.මී. 400 දුරක් ආවරණය කල හැකි පරිද්දෙනි(ගිවිසුමේ සඳහන් උපරිම දුර කි.මී. 500).





    6hT8B2s.jpg

    Buk-M2 - බක්-එම්2 මිසයිල රථය

    නේටො සංවිධානය එස් ඒ-17 ග්‍රීස්ලි යන නමින් හඳුන්වන මැදි දුර ගොඩබිම්-ගුවන් මිසයිල පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ ගුවනින් එල්ලවන තර්ජනවලින් රුසියානු ආරක්ෂක ක්ෂේත්‍ර බලකා සහ කාර්ය සංවිධාන ස්ථාපනය කිරීම් සුරැකීමටය.බක්-එම්2 මිසයිල පද්ධතියකට ගුවන් යානාවල සිට මිසයිල දක්වා පුලුල් පරාසයක ඉලක්ක විනාශ කිරීමට හැකි බව කියවේ.ඊට ඕනෑම දිශාවකින් පියාසර කරන ඉලක්ක 24ක් දක්වා සමගාමීව ලුහුබැද විනාශ කිරීමට පුලුවනි.මීටර් 10-24,000 දක්වා උසකින්ද උපරිම දුර කි.මී 50 දක්වා වූ පියාසර වස්තූන් ඉලක්ක කිරීමට මෙම මිසයිල පද්ධතිය නිර්මාණය කර තිබේ.





    ZwvuWdZ.jpg

    TOR-M2U - ටෝර්-එම්2යූ රථය

    මෙය ටෝර්-එම්2 නම් කෙටි දුර ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතියේ වැඩිදියුණු කල සංස්කරණයකි.ඉලකක් පෙරට වඩා හොඳින් හඳුනාගත හැකි ලෙස එහි සංග්‍රාමික මිසයිල පද්ධතියේ ඇල්ගොරිතම් දියුණු කර තිබේ.එම පද්ධතිය ඔස්සේ ඉලක්ක හඳුනාගැනීම,බෙදා වෙන් කිරීම,වඩාත් වැදගත් තර්ජනය හඳුනාගැනීම සහ සමගාමීව ඉලක්ක හතරක් වෙත මිසයිල දියත් කිරීම සිදුකෙරේ.උස මීටර් 10-1000 ත් උපරිම කි.මී.12ක් දුරිනුත් චලනය වන ඉලක්ක විනාශ කිරීමේ හැකියාව ටෝර් -එම්2 මිසයිල පද්ධතිය සතුය.





    7ZdTjGI.jpg

    TOR-M2DT - ටෝර්-එම්2ඩීටී රථය

    රුසියාවේ නිෂ්පාදිත කෙටි දුර ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතියක් වන මෙය ටෝර්-එම්2 මිසයිල විදින යොදාගනියි.මේ පද්ධතිය ආක්ටික් කලාපය තුලට උචිත ලෙස සැලසුම් කර තිබේ.කැටපිලර් සහිත ඩිටී-30එම්පී රථවල චැසිය යොදාගෙන නිර්මාණය කල මේ රථය එකිනෙකට සම්බන්ධ කල කොටස් දෙකකින් සමන්විතය.





    EEepqNL.jpg

    Pantsir-SA - පැන්ට්සර්-එස් ඒ මිසයිල පද්ධතිය

    පැන්ට්සර්-එස්1 අවි පද්ධතිය භාවිතා කරන පැන්ට්සර්-එස් යනු රුසියාවේ නිෂ්පාදිත කෙටි දුර ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතියකි.ඩීටී-30පීඑම් කැටපිලර් රථවල චැසිය මූලික කරගෙන නිපදවූ මෙයද ආක්ටික් කලාපයට ගැලපෙන අයුරින් සැලසුම් කර තිබේ.මෙයත් කොටස් දෙකකින් සමන්විත අතර දෙවන රථයේ පැන්ට්සර්-එස්1 අවි පද්ධතිය සවි කර තිබේ.





    4Ub4jin.jpg

    BTR-MDM Rakushka - බීටීආර්-එම්ඩීඑම් රකුෂ්කා රථය

    බීටීආර්-එම්ඩී කැටපිලර්,වාසර බහුකාර්යය සන්නාහ සන්නද්ධ රථයේ වැඩිදුර දියුණු කිරීම්වල ප්‍රතිඵලය රථයයි.2013 වර්ෂයේදී අවි ප්‍රදර්ශනයකදී මෙය ප්‍රථම වරට එළිදක්වන ලදි.





    5DIVJua.jpg

    BMD-4M - බීඑම්ඩී-4එම් රථය

    බීඑම්ඩී-4 නම් කැටපිලර්,ගුවනින් හෙළිය හැකි,උභයචර සන්නාහ සන්නද්ධ පාබල හමුදා සහායක ප්‍රහාරක රථයේ වැඩිදියුණු කල සංස්කරණය බීඑම්ඩී-4එම් නමින් හඳුන්වයි.මි.මී.100 2ඒ70 අවිය,මි.මී.30 2ඒ72 අවි දෙකක් සහ මි.මී.7.62 මැෂින් තුවක්කුවක් ඊට වෙඩි බලය සපයයි.ස්වයංක්‍රීයව උණ්ඩ පුරවා ගැනීමේ යාන්ත්‍රණයක් මි.මී.100 ප්‍රධාන අවිය සතුය.එහි උණ්ඩ 34ක් සහ අතිරේකව උණ්ඩ 18ක්ද තිබේ.





    VTxo9Vj.jpg

    Pantsyr-S1 - පැන්ට්සර්-එස්1 රථය

    නේටෝ සංවිධානය එස් ඒ-22 ග්‍රේහවුන්ඩ් යන නමින් හඳුන්වන මෙය ගුවන් ආරක්ෂණ මිසයිල සහ අවි පද්ධතියකි.පැන්ට්සර් -එස්1 සතුව 57ඊ6 වර්ගයේ ගොඩබිම්-ගුවන් නියාමක මිසයිල 12ක් සහ මි.මී. 30 2ඒ38එම් ස්වයංක්‍රීය අවි දෙකක් තිබේ.බහු පරාස රේඩාර් සෙවුම් හැකියාවක් සහිත මෙම පද්ධතියට කි.මී. 30 දුරින් වූ ඉලක්ක හඳුනාගැනීමත් එහි සිට කි.මී. 24ක් දක්වා දුරකින් තිබෙන ඉලක්ක විනාශ කිරීමටත් පුලුවනි.





    TYvX11W.jpg

    S-400 Triumph - එස්-400 ට්‍රයම්ප් රථය

    දිගු දුර ගොඩබිම්-ගුවන් මිසයිල පද්ධතියකි.2007 වර්ෂයේ පටන් රුසියානු හමුදාව විසින් භාවිතා කරන අතර උපරිම කි.මී. 400ක් දක්වා දුරකින් වූ ඉලක්ක වැනසීමට ඊට හැකියාව තිබෙන බව පැවසේ.





    966bvfr.jpg

    Yars RS-24 - යාර්ස් ආර් එස්-24 මිසයිල ප්‍රවාහන රථය

    රුසියාවේ නිෂ්පාදිත ජංගම න්‍යෂ්ඨික අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් වන මෙය 2004 වර්ෂයේදී නිපදවීම අරඹා තිබේ.අධියර තුනකින් යුක්ත මෙම මිසයිලයට කි.මී. 10,500ක උපරිම දුරකට පියාසර කල හැකිය.එහි අවි ශීර්ෂ 10ක් දක්වා ප්‍රමාණයක් රැගෙන යාහැකිය.





    5YKYzQ4.jpg

    K17 Boomerang - කේ17 බූමරැන්ග් රථය

    බූමරැන්ග් රථය රෝද 8ටම බලය යෙදූ සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථයකි.රුසියානු හමුදාව භාවිතා කරන පැරණි බීටීආර් පවුලේ රථ වෙනුවට මෙය හඳුන්වාදී තිබේ.2013 වර්ෂයේදී බූමරැන්ග් රථය ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරිණි.2ඒ42 මි.මී. 30 ස්වයංක්‍රීය අවියකින්ද,මි.මී.7.62 මැෂින් තුවක්කුවකින්ද සමන්විත මෙම රථයේ කොත මිනිසුන් රහිතව ක්‍රියාත්මක වීමට පුලුවනි.ප්‍රධාන අවිය දෙපස කෝර්නට්-ඊඑම් යුද ටැංකි නාශක මිසයිල විදින දෙකක් සවිකර තිබේ.






    Source:armyrecognition.com,wikiwand.com

    -HarshaLulzSec-
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර අයිටීඇන් එකේ රුපවහිනියේ ඇවිත් ලොකේ ගැන විස්තර කියන එඩ්වින් ගොයියටයි ලොන්ත බුවාලට වඩා උබට මාර දැනුමක් තියෙන්නේ. සිරාවටම මේ හැකියාව රැකියාවක් වශයෙන් කරහන්. විචාරකයෙක් වෙයන්. උබ එල කොල්ලෙක් කිරියේ දැකපු
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    patta


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    අර අයිටීඇන් එකේ රුපවහිනියේ ඇවිත් ලොකේ ගැන විස්තර කියන එඩ්වින් ගොයියටයි ලොන්ත බුවාලට වඩා උබට මාර දැනුමක් තියෙන්නේ. සිරාවටම මේ හැකියාව රැකියාවක් වශයෙන් කරහන්. විචාරකයෙක් වෙයන්. උබ එල කොල්ලෙක් කිරියේ දැකපු
    :yes::yes::yes:
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    sss

    අර අයිටීඇන් එකේ රුපවහිනියේ ඇවිත් ලොකේ ගැන විස්තර කියන එඩ්වින් ගොයියටයි ලොන්ත බුවාලට වඩා උබට මාර දැනුමක් තියෙන්නේ. සිරාවටම මේ හැකියාව රැකියාවක් වශයෙන් කරහන්. විචාරකයෙක් වෙයන්. උබ එල කොල්ලෙක් කිරියේ දැකපු

    ඒක ඈත්ත.. වෑඩේ තියෙන්නේ මු වෑඩිය කතා බහක් නෑති ඩයල් එකක් නේ :yes::yes:
    anyway good post
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ස්වයං ධාවන කාල තුවක්කුව ගැන පැහැදිලි කරපං මචං...
    ඒකේ driver කෙනෙක්ට palce එකක් නැද්ද හදිසියේවත් දෝෂයක් ඇති වුනොත් manual ක්‍රමයට ධාවනය කරන්න...?
    ස්වයං ධාවනය නිමානය කරන්න අවෂ්‍ය දත්ත ලබා දෙන්නේ කොහොමද?