අනුර කුමාර දිසානායකට ගල් ගහන්න එන්න
ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායක අනුර කුමාර දිසානායක, විවාහ මංගල උත්සවයකට සහභාගී වී සිටින බැව් බැලූ බැල්මට පෙනෙන ඡායාරූප කීපයක් මෙය ලියන මොහොතේ සිට දින කීපයකට පෙර කවුරුන් හෝ අන්තර්ජාලයට මුදා හැරීමත් සමග, දෛනික `ෆේස්බුක්` රැල්ල එදෙසට හැරිණි.
ජවිපෙ නායක අනුර, ඒ ඡායාරූපවල සිටියේ කිසියම් කාන්තාවක් සමීපයේය. ඒ ඔහුගේ බිරිඳ බැව් කියැවේ. ක්‍රිස්තියානි දේවස්ථානයක පැවති බැව් පෙනෙන, මේ කියන මංගල උත්සවය, ඒ කාන්තාවගේ පළමු විවාහයේ පුත්‍රයාගේ බැව් ද කියැවේ. ඒ තරුණයා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙන ගත් බැව් ද කියැවේ.
එතැන් සිට නැගෙන චෝදනා පොදුවේ මෙසේය. ``අනුරලා නිර්ධන පන්තිය ගැන කතාකරාට වෙඩින් එක ධනපති එකකි. අනුරලා අනුන්ගේ පෞද්ගලික ජීවිත විවේචනය කරාට ඒ ගොල්ලන්ගෙත් එහෙමය. අනුරලා නිදහස් අධ්‍යාපනය ගැන කතාකරාට පුතාලා ප්‍රයිවට් කැම්පස් යති. අනුරලා නිරාගමික වුනාට පුතාලා පල්ලි යති.
ලංකාවේ විවාහ මංගල්‍ය සංස්කෘතියක් ඇත. එය කලෙක ගමේ ගෙවල්වල ගස්වල ලවුඩ්ස්පීකර් බැඳ ග්‍රැමෆෝන් දමා මහ හයියෙන් ගන්නා විදිහේ එකකි. එය මෙකල, තරු හෝටල්වල සිට නගරයේ වෙඩින් හෝල් හෝ නිවසේ සිට ම, ඩී ජේ දමා බෑන්ඩ් ගසා සෙටප් දමා මහ හයියෙන් ගන්නා විදිහේ එකකි. ධනපති වෙඩින් විප්ලවවාදී වෙඩින් කියා ජාතියක් නැත. චාම් බවේ සීමාව තමන්ට තීරණය කළ හැකිය.
අනුරගේ බිරිඳගේ පළමු විවාහයේ දරුවා, වැඩිහිටියෙකි. තමන්ගේ මංගල උත්සවයේ හැඩය තීරණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නොව, ඒ තරුණයා සහ ඔහුගේ මනාලියයි. ඔහු අධ්‍යාපනය ලැබිය යුත්තේ කොතැනද යන්න තීරණය කරන්නේ ද ඔහු ම ය. අධ්‍යාපනය සම්බන්ධ ජවිපෙ ප්‍රතිපත්තිය මධ්‍යම කාරක සභාවෙන් විමසා, එහි අනුමැතිය ගෙන ඔහු වැඩකළ යුතුද ?
(අනෙක් අතට වාමාංශික දේශපාලන පක්ෂයක් සිය ප්‍රතිපත්ති සකස් කරන්නේ, නායක කාරකාදීන්ගේ පවුල්වල අයගේ භාවිතාවන් දෙස බලා ද නොවේ. මේ වගේ වෙලාවට, එහෙමත් නැත්නම්, මේ කලබල අවසන් වූ පසු, අවශ්‍ය නම්, සියල්ල විකිණෙන සමාජයක අධ්‍යාපනයේ හෝ සෞඛ්‍යයේ පමණක් එල්ලීම ගැනත්, වෘත්තීය මාෆියාවල ගොදුරක් වීම ගැනත්, කොහොමත් නරක `රාජ්‍යය` අතේ ම අධ්‍යාපනය තබාගන්න යනුවෙන් කීමේ පරස්පරය ගැනත් නිවාඩුව කල්පනා කළ හැකිය.)
අනුරගේ පුත්‍රයා මිහින් ලංකා වැඩකිරීම සහ පසුව ශ්‍රී ලන්කන් වෙත අනුයුක්ත වීම ද ඇතැමුනට ප්‍රශ්නයකි. එම ආයතන, පෞද්ගලික අභිලාෂයන් මත රාජපක්ෂ ආණ්ඩුව නිර්මාණය කළා වුවද, ඒවා සෙල්ලම් ගෙවල් නොව, රාජ්‍ය අනුබද්ධ ආයතනයන්ය. නිල් බලකායේ ආධාරකරුවන්ට රැකියා ලබා දීම සඳහා ස්ථාපිත කළේ ම යැයි උපකල්පනය කළ ද ඔවුන්ගෙන් ම සම්පූර්ණයෙන් පුරවා ආයතනයක් දුවවන්නට නොහැකිය. එහෙයින්, එවැනි පන්නයේ ආයතනවල, වැඩ දන්න අයට නිසි පටිපාටියට රැකියා දීම ද අනිවාර්ය වේ. කෙසේ වෙතත් මේ කියන පත්වීම වැඩ නොදන්නා කෙනෙකුට දුන් අයථා එකක් නම් වහාම පරීක්ෂණයක් පවත්වන්න ! ඒක කාටත් හොඳයි !!
ඕනෑම කෙනකුගේ පෞද්ගලික ජීවිතය විවේචනයට භාජනය වන්නේ, පොදු සමාජයට හානියක් වන මොහොතේ සිටය. මහින්දගේ පුතුන් තරුණියන් තුරුළු කරගෙන ඔවුන්ව හපාගෙන සිටීම වැරැද්දක් නොවේ. ඒ ඔවුන්ගේ පෞද්ගලික චර්යාවන්ය. එහෙත්, දේශපාලන බලය යොදවා කළ අපරාධ හෝ දූෂණ වංචාවලට සමාව දිය හැකිද ? මහින්දගේ පුතකු වූ නිසා ම යෝෂිතට ගහන්නට ඕනෑ වූ විට යසාරාගේ ෆොටෝ ෂෙයා කිරීමේ සිල්ලර දේශපාලනය, ස්වයං විවේචනය කරගැනීමට මෙය හොඳ අවස්ථාවක් බව ද කිව යුතුය. මේ ග්‍රාම්‍ය දේශපාලනය වහා නවතා දැමිය යුතුය.
ඊළඟට, යම් කෙනෙක් ආගම් අදහන්නේ නැත කියා, පල්ලියක පවත්වන මංගල උත්සවයකට හෝ නොගිහින් සිටිය යුතුය කියා කවුරුන් හෝ කියන්නේ නම්, එය විහිළුවකි. නිරාගමිකයකුට එය තවත් ස්ථානයක් පමණි. ආගම් ගැන ඇති දේශපාලන ප්‍රතිපත්තිය යනු, පල්ලියකට පන්සලකට ගොඩ නොවීම නොවේ. අටපිරිකර රැගෙන මල්වතු අස්ගිරි යෑම නම්, අන්න නියම ගොන්පාට් එකකි.
ලිංගිකත්වය මුග්ධ ලෙස දේශපාලනයට ගෑවීම විකාරයකි. විමල් වීරවංශට ගහන්නට ඕනෑ වූ විට අල්ලාගන්නේ ඔහුගේ බිරිඳ හෝ දියණියයි. රනිල් වික්‍රමසිංහ හෝ මංගල සමරවීරට කළ හැකි දේශපාලන විවේචන පසෙක තබා ඔවුනගේ ලිංගික අභිලාෂයන් උලුප්පනු පෙනෙයි. මේ මොන විලි ලැජ්ජා නැති දේශපාලනයක්ද
අපගේ දේශපාලන න්‍යාය පත්‍ර වෙත අවම මනුෂ්‍ය සදාචාරය කැඳවා ගත යුතුව තිබේ. බ්ලොග් රචකයකුට ගහන්න ඕනෑ වූ විට ඔහුගේ දරුවන්ට පවා අපහාස කරන, නිළියකට මඩ ගහන්නට ඕනෑ වූ විට සාදයක ෆොටෝ උස්සා අපහාස කරන, හිනා මූණු දමමින් වීරවංශගෙ බිරිඳගේ වීඩියෝ ෂෙයා කර අපහාස කරන, රනිල්ට ළමයි නෑ - මංගල පොන්නයා කියා ස්වයං තෘප්තියක් ලබන, මේ තිරිසන් භාවිතයෙන් අප අත් මිදිය යුතු නැද්ද ? මක්නිසාද යත්, අප හැමෝම අඩුවැඩි වශයෙන් රඟන්නේ මේ මඩ ගොහොරුවේය. ඉතින් ඇඟේ මඩ ගා නොගත් කෙනෙක් ඉන්නවානම්, අනුර කුමාර දිසානායකට ගල් ගහන්න එන්න !
පසුව ලියමි:
ජවිපෙටත් යමක් කිව යුතුය. ධනපති ආණ්ඩුවක සංස්කෘතික ඇමතිකම දැරූ ජවිපෙ, එකල යෝජනා කළේ, `අසභ්‍ය` චිත්‍රපට ප්‍රචාරක පුවරු ගලවන්නටය. මේවා අධිපති සංස්කෘතියේ මනස්ගාත මිස වෙන දෙයක් නොවේ. ජවිපෙ සාමාජිකයා අරක්කු සිගරැට් වලින් තොරය. ඒ වාම ශීල ව්‍යාපාරය ; මහින්ද චින්තනය ලෙස වෙස් ගැන්වී, `මතට තිත` වැනි සංකල්ප වලින් දේශපාලනිකව හයිජැක් කරනු ලැබීය. මාක්ස්වාදී (?) සුනිල් හඳුන්නෙත්ති පන්සලකට ලවුඩ්ස්පීකර් `පූජා` කරනු අපි දැක්කෙමු. ඒ ලවුඩ්ස්පීකර්වලින් දේශනා කෙරෙන්නේ, දාස් කැපිටාල් නොවේ. මාක්ස්වාදී (?) විජිත හේරත්ගේ ෆේස්බුක් පිටුවේ, තෙල් මල් පහන් ගෙන පන්සල් යන ෆොටෝ මේ ලියන මොහොතේත් ඇත. මේ ලියුම්කරු පවා ඒ දේශපාලන මල්වට්ටියට අතීතයේදී මූලික වශයෙන් අත ගසා තිබේ. ඉතින්, අප පෝෂණය කළ සදාචාර සර්පයා දැන් අප සොයා එමින් සිටින්නේ, න්‍යාය සහ භාවිතය අතර උපන් මකරා ද සමගය.
සහෝදරියනි, සහෝදරවරුනි, ඉතිහාසය බැක් ෆයර් වෙමින් තිබේ. අලුතෙන් හිතමු ! ශීල ව්‍යාපාර වෙනුවට වාම ව්‍යාපාර හදමු !! සංයමයෙන් සමගියෙන් සහ සිහි බුද්ධියෙන් මේ සත්තුන්ට මුහුණ දෙමු !!!
(විමුක්ති රණසිංහ)
srilankamirror
(කොන්දේසි සහිතයි)

Last edited: