සම්පත් වෙබ් කාඩ් කෙලවීමට පෙර

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    සම්පත් වෙබ් කාඩ් කෙලවීමට පෙර








    මේක අදාල වෙන්නේ දැනටත් සම්පත් වෙබ් කාඩ් එකක් පාවිච්චි කරලා ගණුදෙනු කරන කුකුලන්ට නෙවෙයි. ලොරෙන්සෝද අල්මේදා කොළඹට ආපු දවස්වල වෙබ් කාඩ් පාවිච්චි කර කර ඉඳලා දැන් කාඩ් එක කොටින්ම පාවිච්චි කරන්නැති උන්ට.

    කාලෙකට කලින් සම්පත් විශ්ව එකවුන්ට් එකක් ඕපන් කරාට පස්සෙ ක්‍රෙඩිට් කාඩ් එකත් එක්ක තව කාඩ් එකක් තියනව දැක්කාම මට මතක් උනා අවුරුදු ගාණකට කලින් මං පාවිච්චි කරපු වෙබ් කාඩ් එක. ඒකෙ ගෙවන්න පොඩි ගාණකුත් වැටිලා තිබුනා. මං ඕක ගණන්ගත්තෙ නෑ. මොකද අපි වෙබ් කාඩ් එකට සල්ලි දාලනේ පාවිච්චි කරන්නේ. අනික මේ වෙනකොට කාඩ් එක අවලංගු වෙලා තියෙන්න ඕන.

    ඒත් අවලංගු වෙච්චි කාඩ් එකක් සිස්ටම් එකේ මට පෙන්වන්න විදිහක් නෑ කියන එක මට එච්චර ගාණක් ගියේ නෑ.
    කාලයා හෙමින් හෙමින් යනකොට මෙන්න බොලේ මේ වෙබ් කාඩ් එකේ ගෙවන්න තියන ගාණත් එන්න එන්න ටිකෙන් ටිකේ සතෙන් සතේ රුපියලෙන් රුපියල වැඩිවෙනවා. ඒත මං ගණන් ගත්තෙ නෑ.

    දවසක් එකපාරටම අකුණක් ගහන්නාවගේ සිහලු මට හිතුනා “හත් ඉලව්වෙ මං මේක ගණන්නොගෙන ඉඳලා මේක හෙණගානකට යනකල් ඉඳලා බැංකුවෙන් ගෙවන්න කිව්වොත්“ කියලා.

    දවසක් කස්ටෙක් හම්බවෙන්න කොළඹ ගිහිං ගෙදර එනගමන් සම්පත් බැංකුවකට ගොඩ වැදිලා ඒකෙ ඉන්න එකෙකුට කිව්වට ඌට තේරුනේ නෑ මොකද්ද මං කියන්නේ කියලා :no::no: පස්සෙ මං කිව්වා මැනේජර් හම්බවෙන්න ඕන කියලා

    මැනේජර් සිරා ඩයල් එක.මගෙ එකවුන්ට් එක තියෙන්නෙත් ඒ බ්‍රාන්ච් එකේ නෙවේ නමුත් ඌ මට අදාල බ්‍රාන්ච් එකට යන්න කියන්නෙ නැතිව විස්තරේ අහගත්තා. උට A to Z විස්තරේ කිව්වාම ඌ ගත්තා කෝල් එකක් කාඩ් සෙන්ටර් එකට. අරගන කතාකරලා පොර මට කිව්වා “කාඩ් සෙන්ටර් එකේ කට්ටිය කිව්වා කාඩ් එක එක්ස්පයර් වෙලා නෑ කියලා. නමුත් එහෙම වෙන්න බෑ මම තවදුරටත් මේක හොයලා බලන්නම් කියලා මගේ ෆෝන් නම්බර් එකත් ඉල්ලගත්තා කෝල් එකක් දෙන්නම් කියලා.

    ටික දවසකින් කෝල් එකක් දීලා කිව්වා බැංකුවට මේල් එකක් ගහන්න කාඩ් එක කැන්සල් කරලා ගෙවන්න තියන ගාණ රිවර්ස් කරලා දාන්න කියලා.

    ඒකත් කරා. සති දෙකක් විතර ගියාට තාම පෙන්නනවා කාඩ් එක. කොහොම හරි ආයෙ කතාකරපුවාම පොර ආයෙ HQ කතාකරලා බලලා කීවා approval එකට දාල තියෙන්නේ දවස්කීපයකින් හරි කියලා.

    කිව්වත් වගේ දවස්කීපයකින් වැඩේ හරි. අර කාඩ් එක කැන්සල්.

    දැන් කුකුලනි උඹල ගාවත් මෙහෙම ආදි කාලෙ වෙබ් කාඩ් තියනවා නං චෙක් කරලා බලපල්ලා ටික ටික ගාණ එකතු වෙවී තියනවාද කියලා....

    ඉස්තූතියි

     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මගෙත් කලින් ගත්ත එකක් තිබුනා. හෙටම බලන්න ඕනේ මොකද වෙල තියෙන්නේ කියලා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    Mageth ekak tibuna..eke Nam sallith tikak tibuna..habai PayPal eke expire kiyala tibuna wage matakai..passe paypal ekata com bank card eka damma
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    වෙබ් කාඩ් එකක් කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකක් ද? ඩෙබිට් කාඩ් පාවිච්චි කරනවට වෙනම ගානක් ගෙවන්න ඕන නෑනෙ මාසිකව (මම ගාව පරණ HNB Debit card එකක් තියෙනව මාසිකව ගානක් නම් කැපුණේ නෑ)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ටහුකන්ඩ යකෝ මටත් තියෙනවා පරණ සම්පත් වෙබ් කාඩ් එකක්. ඒකෙන් ගෙව ගෙවා ඉන්නවා සල්ලි ඉවර වෙන පාටක් නෑ. හොයල බලන්ඩ ඕනි . තෑක්ස් මචං කිව්වට
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    :angry::angry::angry:ටකන්ඩ මගෙත් එකක් තියෙනවා දැන් අවරුදු 4 විතර පාවිචි කරේ නැ බලන්න ඕනේ ඉක්මනටම :angry::angry::angry::angry::angry:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    වෙබ් කාඩ් එකක් කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකක් ද? ඩෙබිට් කාඩ් පාවිච්චි කරනවට වෙනම ගානක් ගෙවන්න ඕන නෑනෙ මාසිකව (මම ගාව පරණ HNB Debit card එකක් තියෙනව මාසිකව ගානක් නම් කැපුණේ නෑ)

    ක්‍රෙඩිට් කාඩ් එකක් නෙවෙයි මයෙ පුතේ. ක්‍රෙඩිට් කාඩ් නැති අනාත කුකුලොන්ට online transaction කරන්න පුලුවන් කාඩ් එකක්. ඒකාඩ් එකට දාන සල්ලි ටික ඉවරවෙනකල් transaction කරන්න පුලුවන්. Associated Bank account එකක් අවශ්‍ය නෑ වෙබ් කාඩ් එකකට.
     
    • Like
    Reactions: banda065

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    ක්‍රෙඩිට් කාඩ් එකක් නෙවෙයි මයෙ පුතේ. ක්‍රෙඩිට් කාඩ් නැති අනාත කුකුලොන්ට online transaction කරන්න පුලුවන් කාඩ් එකක්. ඒකාඩ් එකට දාන සල්ලි ටික ඉවරවෙනකල් transaction කරන්න පුලුවන්. Associated Bank account එකක් අවශ්‍ය නෑ වෙබ් කාඩ් එකකට.

    අහ්හ් එල එල. Associated bank account එකක් තියෙන ඩෙබිට් කාඩ් වලට ඔය සීන් එක නෑනේ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    අහ්හ් එල එල. Associated bank account එකක් තියෙන ඩෙබිට් කාඩ් වලට ඔය සීන් එක නෑනේ

    මේක මේ පරණ වෙලා expire නොවිච්චි සීන් එකක්නේ....
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    මගෙත් කලින් ගත්ත එකක් තිබුනා. හෙටම බලන්න ඕනේ මොකද වෙල තියෙන්නේ කියලා

    ඔව් ඔව් බලන්ට බලන්ට
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    magey eke -4000 balance ekak thiyenava, avurudu 4kata 5kata kalin gaththe eka parak pavichchi karata passe pavichchi kalema na.. :(
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    magey eke -4000 balance ekak thiyenava, avurudu 4kata 5kata kalin gaththe eka parak pavichchi karata passe pavichchi kalema na.. :(

    හරි මගෙ සීන් එකම තමයි එහෙමනං. වහාම බැංකුවට ගිහිං කියලා ඕක කැන්සල් කරවගත්තොත් හොඳයි.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    kohomada balance eka balaganne?

    සම්පත් විශ්ව online banking වලින් පුලුවන්. එහෙම නැත්තං බැංකුවට ගිහිං කියන්න තමයි වෙන්නේ. කාඩ් නම්බර් එක මතක නැති උනාට අවුලක් නෑ. NIC එක තිබ්බනං හරි
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    සම්පත් විශ්ව online banking වලින් පුලුවන්. එහෙම නැත්තං බැංකුවට ගිහිං කියන්න තමයි වෙන්නේ. කාඩ් නම්බර් එක මතක නැති උනාට අවුලක් නෑ. NIC එක තිබ්බනං හරි
    Web card eka witharak tiyena ayatath ohoma baluwahakida?