මහාතිත්ථය_කැණීමට_සුදුසු කාලයද මේ
‘මහාතිත්ථය’ කැණීමට සුදුසු කාලයද මේ
අදින් වසර 2200කට පමණ ඉහත දකුණු ආසියාවේ පැවති ‘මහා වාණිජ වරාය’ සහ ‘වෙළෙද නගරය’ පිහිටි භූමිය, එක් පැත්තකින් වන රොදින් ද, අනෙක් පැත්තෙන් ඉපැරණි තිරුකේදීශ්වරන් හින්දු කෝවිල සමීපයේ ජනාවාස බිම් තීරුවෙන් ද වැසී, වල්බිහිව තිබුණේ ය.අතීත ‘මහාතිත්ථ වරාය නගරය’ සහ ‘ජාත්‍යන්තර වරාය පරිශ‍්‍රය’ දැන් පොළොවෙන්, පසින් වැසී ගොසිනි. එකල එහි පැමිණි මහේශාක්‍ය චීන, රෝම, ග‍්‍රීක, අරාබි සහ ඉන්දීය වෙළෙ`දුන් විසින් ඉතිරිකර ගිය සලකුණු මිස, දැන් එහි නිසිදු නාවිකයෙක් දකින්නට නැත්තේය!
මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර සූරීහු සිය ‘රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි’ නම් අගනා ග‍්‍රන්ථයෙහි ඉපැරණි මාන්තායි නගරය ගැන කදිම තොරතුරක් ගෙනහැර දක්වති. එය මහාතිත්ථයෙන් හමුවූ සෙල් ලිපියක එන පුවතකි. එකල ‘තේවන්’ නම් තැනැත්තෙක්, තිරුකේදීශ්වරන් කෝවිල අසල නගරයෙහි වීදි පහනක් දැල්වීම පිණිස බරපැන දැරූ බව එයින් කියැවේ. ඒ සදහා වන මුදල්, එහි ‘වෙළෙ`ද ශ්‍රේණියක’ (වෙළෙද සමාගමක) තැන්පත් කළ බව සෙල් ලිපියෙන් හෙළිවෙතියි සිරිවීරයෝ පවසති.
‘මහාතිත්ථය’ සම්බන්ධයෙන් ලියැවුණු එකම පර්යේෂණ ග‍්‍රන්ථයේ කවරයේ පින්තූරයයි. ග‍්‍රන්ථයේ නම, .'MANTAI city by the sea ය.
පෞරාණික ‘මහාතිත්ථ වරාය පරිශ‍්‍රය’, පිහිටා තිබෙන්නේ, වර්තමාන මන්නාරම නගරයට කිලෝමීටර් 06ක් පමණ ගිනිකොණ දෙසිනි. පැරණි බසින් ‘මහාතිත්ථය’ යන්නෙහි තේරුම, ‘මහා තීර්ථය’ හෙවත් ‘මහා තොටුපොළ’ යන්නයි. මන්නාරමේ සුප‍්‍රකට, ඉපැරණි තිරුකේදීශ්වරන් හින්දු කෝවිල පිහිටා ඇත්තේ ද ඉපැරණි වරාය භූමිය ආශ‍්‍රිතව ය. මන්නාරමේ ‘මහා තොටුපොළ’, එකල මහා වරායකි. එය රටේ වයඹ දිග මුහුදේ පිහිටි ප‍්‍රධාන වරාය ද විය.
‘ඒ කාලේ මේක තමයි දකුණු ආසියාවේ ලොකුම වාණිජ වරාය. ඒ වගේම මෙතැන ලොකු වෙළෙද නගරයකුත් තිබිල තියෙනවා’, ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ අතීත සැමරුම් සැගවුණු කැලෑ රොද මැද්දෙන් ඇවිද යන අතරතුරය.
මාන්තායි මහා භූමියේ එක් පැත්තකින් මන්නාරම් ගොඩබිම ය. අනෙක් පැත්තෙන්, කලපු පරිසරය සහ මුහුද ය. කලකට ඉහත නම් මේ ඉසව්ව කොටි යුද්ධයට නතුව පැවති බව, බංකර් සලකුණුවලින් පෙනෙයි.
අතීත මහාතිත්ථය බෙහෙවින් සෞභාග්‍යවත් ය. එය එකල අනුරාධපුර රාජධානියේ ප‍්‍රධාන ජාත්‍යන්තර වරායයි. එසේම එය අනුරාධපුර නගරයේ ‘ජාත්‍යන්තර දොරටුව’ වශයෙන් ද පවතින්නට ඇත. විදෙස් වෙළෙද සම්පත් අනුරාධපුරයට ඇදී ආවේ ද, පිටරටවලට යවන බඩු-භාණ්ඩ ලංකාවෙන් එතෙර වූයේ ද මහාතිත්ථයෙනි. ඉතිහාසඥයන් පවසන අන්දමට, මහාතිත්ථය නාවික ගමන් අරභයා මුලින්ම අත් පොත් තබා ඇත්තේ ඉන්දියාව සමග සබදතා පැවැත්වීමෙනි. ක‍්‍රි. පූ. 07-08 යන සියවස්වල පවා මන්නාරම් මුහුදු බොක්කට ඉන්දීය වෙළෙද සබදතා පැවති බව ඉතිහාසඥයන්ගේ විශ්වාසයයි. ඉන්දීය වෙරළාසන්න තොටුපොළවල සිට පැමිණි යාත‍්‍රා ක‍්‍රම ක‍්‍රමයෙන් මන්නාරම් බොක්ක ‘මහා තීර්ථයක්’ හෙවත් ‘මහා තොටුපොළක්’ බවට පත් කරන්නට ඇත. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුරයේ ඇතුළුනුවර කළ කැණීම් අනුව, ක‍්‍රි. පූ. 09 වැනි සියවසේ දී පවා අනුරාධපුරය නගරයක් මෙන්ම කිසියම් ආකාරයක පාලන කේන්ද්‍රස්ථානයක් ද වූ බව හෙළි විය. එකල එයට ඉන්දීය වෙළෙ`ද සම්බන්ධතා ද පැවති බව ඉන් අනාවරණය කෙරිණි. ඇතැම් විට ඉන්දීය සබදතාවයන්, මල්වතු ඔය මෝය ආශ‍්‍රිතව හෝ මන්නාරම් බොක්ක ආශ‍්‍රිත තොටුපොළකින් පැමිණියා වන්නට ද පුළුවන! ඒ කෙසේ වෙතත්, මහාතිත්ථය විධිමත් වෙළෙද වරායක් වශයෙන් වැඩ කටයුතු අරඹන්නේ ක‍්‍රි. පූ. 02 වැනි සියවසේ දී පමණ ය. එනම් අදින් වසර 2200කට පමණ ඉහත දී ය.
මේ කාලය වන විට මහවැලි ග`ග මෝය ආශ‍්‍රිතව (කොඞ්ඩියාර් බොක්ක), වත්මන් ත‍්‍රිකුණාමලයේ ‘ගෝකණ්ණතිත්ථ’ වරාය (ක‍්‍රි. පූ. 06 වැනි සියවස) ද, රුහුණේ ‘ගොඩවාය වරාය’ (ක‍්‍රි. පූ. 04 වැනි සියවස) ද ඇරඹී තිබිණි. අනුරාධපුර නගරයට ඊසාන දිගින් ගෝකණ්ණතිත්ථය ද, වයඹ දිගින් මහාතිත්ථය ද පිහිටියේ ය. එබැවින් එතෙර මෙතෙර නාවික වෙළෙදාම් අරභයා අනුරාධපුරයට ඉහළ වැදගත්කමක් ලැබිණි.
තවත් අතකින් විස්තර කළ හොත්, මහාතිත්ථ වරාය පිහිටියේ ‘මල්වතු ඔය’ (අරුවි ආරු) හෙවත් ඉපැරණි ‘කාදම්බ නදී’ නිම්නයේ පහළ කොටසේ ය. එබැවින් එය නිරන්තරවම අනුරාධපුරය සමග බැ`දී පැවතිණි.සෞභාග්‍යවත් අතීත මහාතිත්ථයට යස ඉසුරු ගෙන එමින් නෞකාවෝ, ප‍්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ පැමිණුනහ. ඉන් එකක් වූයේ, සේද රෙදි නිපැයෙන චීනයේ සිට ලංකාව සහ ඉන්දියාව ඔස්සේ මැද පෙරදිග දක්වා දිවෙන මුහුදු මාර්ගයයි. චීනයේ ‘කැන්ටන්’ නුවර සිට පැටවුණු සේද රෙදි තොග රැුගෙන එහි නිතරම යාත‍්‍රා කළේ, චීන නෞකාවන් ය. අනෙක් වෙළෙද නැව් මාර්ගය වූයේ, නැගෙනහිර ඉන්දියාවේ සිට මැද පෙරදිග ඔස්සේ යුරෝපයට කුළුබඩු ආදිය ප‍්‍රවාහනය කෙරුණු නාවික මාර්ගයයි. එහි වැඩිපුරම යාත‍්‍රා කළේ අරාබි නාවිකයෝ ය. අරාබි මුහුදේ නැව් ගමන්වල දී, ලංකාවේ ප‍්‍රධාන වරාය ලෙස සැලකුණේ මහාතිත්ථ වරායයි. මුල් කාලයේ චීනයේ සේද රෙදි, ඉන්දියාව ඔස්සේ ගොඩබිම් මාර්ගවලින්, මැද පෙරදිග ඔස්සේ යුරෝපයට ප‍්‍රවාහනය කෙරුණේ ගැල් මගිනි. ඒ මාර්ගය එකල හ`දුන්වනු ලැබුවේ ‘සේද මාර්ගය’ යනුවෙනි. පසුකාලීනව එය ‘සමුද්‍ර සේද මාර්ගය’ බවට පත් විය.
එකල සේද රෙදි, අශ්වයන්, කානේලියන් පබළු, ඇගේට් ආභරණ, මැටි බදුන්, පෝසිලේන් භාණ්ඩ සහ මිදි යුෂ ආදිය එතෙරින් මහාතිත්ථයට ලැබිණි. මුතු-මැණික්, අලි ඇතුන්, කුළුබඩු, තඹ ලෝහ ආදිය මහාතිත්ථයෙන් එතෙරට යැවිණි. මහාතිත්ථය එකල ‘මහා වෙළෙද නගරයක්’ විය. එහි සිට අනුරාධපුරය දක්වා පුළුල් මාවතක් ද ඉදිවී තිබිණි. ක‍්‍රි. ව. 13 වැනි ශත වර්ෂය දක්වා ඉන්දීය වෙළෙන්දන් එහි පදිංචිව සිටියහ. අතීත මහාතිත්ථය, වර්තමාන තිරුකේදීශ්වරන් හින්දු කෝවිල් භූමිය ආශ‍්‍රිතව පොළොවේ වැළලී සිටින්නේ, ඒ සියලූ ඉතිහාස පුවත් ළයෙහි සගවා ගනිමිනි.
කැලෑ පඳුරු අතරින් නික්ම, මහාතිත්ථයේ ඉතිහාසය පුරා සැරිසැරීම විචිත‍්‍රවත් ය. ‘මේ තියෙන්නේ පැරණි දිය අගල්. මේක ‘ඩබල් මෝත්’, ඒ කියන්නේ දිය අගල් දෙකකින් සුරක්ෂිත කරලා තිබුණු වරායක්. පිටත දිය අගල පළලයි. ඇතුළත දිය අගල පළලින් අඩුයි’, කැලෑව තුළ එක ළඟින් පිහිටි ඇළවල් බඳු ව්‍යුහයන් පෙන්වමින් නිමල් පෙරේරා කියයි.
මාතොට හෙවත් මහාතිත්ථ වරාය පරිශ‍්‍රය අරභයා ආචාර්ය නිමල් පෙරේරාට ඇත්තේ පැරණි නෑකමකි. මහාතිත්ථ භූමියේ වරින්වර කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණවලට සම්බන්ධ වීමෙන් නෑකම හට ගෙන තිබේ!
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මාතොට භූමියෙහි ප‍්‍රථම කැණීම පවත්වා ඇත්තේ වර්ෂ 1977 වසරේ දී ය. ‘මම ඉස්සෙල්ලාම මෙහේ ආවේ 1979 වසරෙදි’, ඔහු කියයි. අතීත මහාතිත්ථ වරායේ සෞභාග්‍යවත් හැඩතල සොයා කළ දැවැන්ත පුරාවිද්‍යා කැණීම, ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් 1980 වසරේ දී ඇරඹිණි. එය ‘සහයෝගිතා කැණීමකි.’ ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලය, ලන්ඩන් නුවර කෞතුකාගාරය, නිව්යෝක් නුවර මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය සහ නවදිල්ලි නුවර, පෝඞ් පදනම යන විදේශීය පර්යේෂණ ආයතන ද ඊට එක් වූහ. කැණීම මෙහෙයවූයේ ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජෝන් කාස්වෙල් මහතා ය. ඇමෙරිකාවේ හාවඞ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාර්තා ප‍්‍රිකට්, ඉන්දියානු පුරාවිද්‍යාඥ බී.කේ. තාපර්, මාක් කෙනෝයර්, පී.පී. ජොග්ලේකර්, පීටර් ප‍්‍රැන්සිස්, මහාචාර්ය එම්.ඞී. කජාලි, ආචාර්ය ගිලියන් ජුලෙෆ් යන විද්වතුන් ද, එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශකවරයෙකු වූ ආචාර්ය සිරාන් දැරණියගල, සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය එච්.ඩබ්ලිව්. විජයපාල, සත්ත්ව විද්‍යාඥ ආචාර්ය පී. බී. කරුණාරත්න ඇතුළු විද්වතුන් රැුසක් ද, සරසවි පහක සිසුන් ද කැණීමට සහ එයින් සොයා ගත් පුරාවස්තු විශ්ලේෂණයට එක් වූහ. වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා, මහාචාර්ය අනුර මනතුංග සහ සුමේද කරුණාරත්න ද කැණීමට එක්වූ විද්වතුන් අතර වූහ. එය එදා මෙදාතුර ලංකාවේ සිදුවූ දැවැන්ත පුරාවිද්‍යා කැණීමකි.
‘මේක විශාල වරායක්. ඒ වරාය සාමාන්‍යයෙන් අශ්වලාඩමක හැඩයෙන් යුක්තයි’, නිමල් පෙරේරා කියයි!
මහාතිත්ථය එකල ‘ගුදම්’ (නැව් බඩු ගබඩා) සහිත ජාත්‍යන්තර වරායකි. ජාත්‍යන්තර වෙළෙ`ද භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයකි. කැණීම් පර්යේෂණයේදී සොයා ගත් ආකාරයට වරාය පරිශ‍්‍රය පැවැති භූමිය හෙක්ටයාර් 50ද ඉක්මවයි. වරාය පිහිටි භූමිය දිය අගල් දෙකකින් සුරක්ෂිත කර තිබේ. වරාය ඇතුළත පිහිටි ගොඩනැගිලිවල අවශේෂ ද පර්යේෂකයන්ට හමු විය. වරායෙහි එක් ජැටියක් ද, එක් පිවිසුම් මාවතක මීටර් 200ක පමණ කොටසක් ද කැණීම්වලින් මතුකර ගැනුණි. පිවිසුම් මාවත මීටර් 2.4ක් පළල ය. එය ඉදිකර ඇත්තේ පිළිස්සූ ගඩොළු සහ බොරළු තට්ටු මත මුහුදු වැලි අතුරා සකස් කිරීමෙනි. මෙය වත්මනෙහි මහා මාර්ගවල ‘තාර’ හෝ ‘කාපට්’ ඇතිරීමකට සමාන ය! කැණීමෙන් හමු වූ පුරාවස්තු අතර, ඉපැරණි රෝම, චීන සහ අනෙකුත් විදේශීය කාසි, චීන මැටි බඳුන් කැබලි, වීදුරු බ`දුන් කැබලි, වීදුරු පබළු, කාර්නේලියන් පබළු ආදිය ද විය. ආභරණ සහ තඹ ලෝහ නිපැයූ කම්හලක අවශේෂ ද එහි තිබිණි. කැණීම්වලින් හමුවී ඇති චීන මැටි බඳුන් කැබලි, ඔස්සේ චීන නාවිකයන්ගේ ආගමනය ද, රෝම සහ ඉන්දියානු කාසි මගින් යුරෝපීය නාවිකයන්ට තිබූ සම්බන්ධය ද පිළිබිඹු වීම, මහාතිත්ථයේ විශේෂත්වයයි.
ආචාර්ය නිමල් පෙරේරා පවසන අන්දමට, වරාය තිබී ඇත්තේ දිය අගල් ආශ‍්‍රිතව ය. ‘ලොකු දිය අගලේ නැව් නවත්වන්නත්, ඒවා යාත‍්‍රා කරවන්නත් ඇති. දිය අගල් දෙක මේ භූමියේ බොහොම ඈතට විහිදෙනවා. පිවිසුම් මාර්ග, කුඩා යාත‍්‍රා ගමන් කරන ඇල මාර්ග තිබෙන්න ඇති. දිය අගල් දෙකෙන් වට වුණු ගොඩබිම් භූමිය අක්කර දෙතුන්සීයක්වත් විශාල බව පේනවා’, ඔහු කියන්නේ ය.
වර්ෂ 1980 වසරේ ඇරඹුණු කැණීම, 1984 වසරේ හදිසියේ නතර කරන්නට සිදු විය. ඒ කොටි යුද්ධය මාන්තායි ප‍්‍රදේශයට ද පැතිරීම නිසා ය. ඉන් පසුව ‘මහාතිත්ථය’ යළින් වනගත වන්නට වූයේ ය. අප දැන් ඇවිද යමින් සිටින්නේ ඒ ඉසව්වේ මැදිනි!
මහාතිත්ථ වරාය එහි මුළු යටගියාව පුරාම පාලනය කෙරී ඇත්තේ, අනුරාධපුරයේ රජ කළ රජවරුන් අතිනි. ඔවුන් විසින් පත්කළ වරාය පාලකයන් එකල හඳුන්වා ඇත්තේ ‘මහපුටුලද්දන්’ යනුවෙනි. වරායේ නාවික කටයුතුවලින් අයබදු එකතු කිරීම ඔවුන්ගේ රාජකාරිය වී තිබේ. මහාතිත්ථ තොටුපොළෙන් හමු වුණු ටැම් ලිපියක් (ගල් කණුවක්), දැනුදු මන්නාරම කච්චේරියේ දී දකින්නට පුළුවන. සිරිසඟබෝ නමින් පෙනී සිටි, දෙවැනි සේන රජුගේ (ක‍්‍රි. ව. 844-879) සමයෙහි කෙරුණු ටැම් ලිපියෙහි, පට පිළි (සේද රෙදි) සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩවලට බදු අය කළ බව සඳහන්වේ. එකල මේ නැව් තොට ‘මාවටු පටුන’ නමින් ද හඳුන්වා ඇත. බදු අය කළ නිලධාරීන් ‘මහපුටුලද්දන්’ බව, ටැම් ලිපිය කියයි.
1984 වසරේ ඇරඹුණු මහාතිත්ථ පුරාවිද්‍යා කැණීම, කොටි යුද්ධයට මැදි වීම නිසා එම වසරේම අගෝස්තුවේ දී හදිසියේ නවතා දමන්නට සිදු විය. ඉන් පසුව ඒ ඉසව්ව අවධානයෙන් අත්හැරී ගියේය. දැන් එය ජනාවාස සහිත පෙදෙසකි! එහි අනවසර ඉදි කිරීම් ද බහුල ය.
මහාතිත්ථ වරාය සහ මහා නගරය එහි පැවැති බව දැන දැනම, පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරකයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙන්නේ, තිරුකේදීශ්වරන් කෝවිල, දිය අගල සහ පැරණි තොටුපොළ පමණි. 1973 වසරේ සැප්තැම්බර් මස 07 වැනිදා රජය නිකුත් කළ, අංක 09/157 දරන ගැසට් පත‍්‍රය මගින් එය සිදුකර තිබේ. ඉතිරි සුවිශාල භූමිය හෙවත් අතීත ‘මහාතිත්ථ නගරය’ සහ ‘මහා නැව්තොට’ අදත් මිනිස් අතවරයන්ට මුහුණ දෙමින් ඉතාමත් අසරණව පොළොව යට වැතිර සිටින්නේ ය! ලංකාවේ පැවැති සිවිල් යුද්ධය නිසා 1980 වසරේ පටන් ගත් මහාතිත්ථ පුරාවිද්‍යා කැණීම සම්පූර්ණකර ගන්නට නොහැකි විය. එය 1984 වර්ෂයේ දී හදිසියේ නතර කරන්නට සිදු විණි. එසේ වුව ද, එතෙක් සොයා ගත් තොරතුරු ඇසුරින් ග‍්‍රන්ථයක් පළ කරන්නට පර්යේෂකවරු අමතක නොකළහ. එය පළ කෙරුණේ කැණීම් නතර කරන්නට සිදු වීමෙන් වසර 29කට පසුවය!
"MANTAI city by the seaZ" ග‍්‍රන්ථයෙහි නමයි. කැණීීම් පර්යේෂණය ස`දහා එක්වූ මහාචාර්ය ජෝන් කාස්වෙල්, ආචාර්ය සිරාන් දැරණියගල සහ ඇලන් ග‍්‍රැහැම් යන විද්වතුන් තිදෙන එහි කතුවරුන් වූහ. 2013 වසරේ අගෝස්තුවේ එය මුල් වරට නිකුත් කෙරුණේ, ඩුබායි රටේ පැවැති ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයක දීය. ග‍්‍රන්ථ කවරයේ පින්තූරය දැනුදු අන්තර්ජාලයේ ඉතිහාස ලෝලීන් අතර සැරිසරමින් තිබෙණු පෙනෙයි. එය ලංකාවේ අලෙවි කෙරෙන නම් බවක් නම් දැන ගන්්නට නැත. එසේම සිංහල පරිවර්තනයක් ගැන අදහසක් ද ඇති බවක් පෙනෙන්නට නැත!ග‍්‍රන්ථයෙහි එන හැඳින්වීමක මෙසේ සඳහන් වේ.
‘මාන්තායි වරාය චීනය සහ බටහිර ලෝකය අතර සංස්කෘතික සම්බන්ධතාවක් ගොඩ නගන්නට හේතුවූ සමුද්‍රික සන්ධිස්ථානයකි. එසේම එය ඉන්දියාව සහ ලංකාව අතර සම්බන්ධතා ඇතිකර ගන්නට ද හේතුවී තිබුණේ ය. ඒ සම්බන්ධයෙන් වර්ෂ 1500කට අධික කාලයක් පැරණි සාධක හමුවේ. මාන්තායි වරාය ක‍්‍රි. ව. 11 වැනි සියවස තෙක්ම පැවැතිණි.’බටහිර ඉන්දියාවේ ගුජරාටයේ පිහිටි ඉපැරණි ‘ලෝතාල් වරාය’, මෙහෙන්දොජාරෝ-හරප්පා ශිෂ්ඨාචාරය පැවති සමයේ ප‍්‍රධාන වරායයි. පුරාවිද්‍යා කැණීම් මගින් මතුකර ගෙන ඇති එහි නටබුන් අද සංචාරක තිප්පොළකි. ලංකාවේ අතීත මහාතිත්ථය ද වර්තමානයට මතුකර ගත හැකි නම් එය අපේ රටට ධන උල්පතක්ම වන්නේ ය. එබ`දු පෞරාණික ස්ථානවලට විදෙස් සංචාරකයන් බොහෝ ප‍්‍රිය කිරීම ඊට හේතුවයි.
මහාතිත්ථයෙහි කළ පැරණි චාරිකාවක මතකය අලූත්කර ගනිමින් රටේ පාලකකාරකාදීන්ට යෝජනාවක් කරනු රිසියෙමි. දැන් කොටි යුද්ධය ද අහවර ය. මහාතිත්ථ පැරණි වරාය සහ වෙළෙඳ නගර පරිශ‍්‍රයේ හැඩතල සොයා යළි පුරාවිද්‍යා කැණීම් කිරීමට කාලය එළඹ තිබේ!
උපුටාගැනීමකි
කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න