නිවාඩුවට ඉන්න අගමැති බංගලාවක් මෙන්න
දුම්බර කියන්නේ නිවාඩුව ගතකරන්න කියාපු තැනක්. හිතාගන්න බැරි දේශගුණය එක්ක අතිශය සුන්දර නිවාඩුවක් ගත කරන්න දුම්බර නියම තැනක්. එහෙම ගිහිල්ලත් නතරවෙන්න නියම තැනක් හොයාගන්න වෙනවා. එහෙම නොවුනොත් අර නිවාඩුවේ වැඩක් නැතිවෙලා යනවා.
ඒ නිසා මේ කියන්න හදන්නේ ගතකරන නිවාඩුව නිදහසේ ගතකරන්න නියම විශේෂ තැනක් ගැන. තව විදිහකට කිව්වොත් අපි හැම කෙනෙකුටම රටේ අගමැති හරි ජනාධිපති හරි වෙන්න බෑ. ඒත් අපි කියන මේ සුන්දර නවැතන්පලේදි පුළුවන් ලංකාවේ තුන්වැනි අගමැතිවරයා නිවාඩුව ගත කරපු විදිහටම ඔබේ නිවාඩුව ගතකරන්න. කෙලින්ම කිව්වොත් මේ රටේ තුන්වන අගමැතිවරයා වුන සර් ජෝන් කොතාලාවල මහත්තයා ඒ කාලේ නිවාඩුව ගතකරපු බංගලාවේ දැන් ඔබටත් පුළුවන් නිවාඩුව ගතකරන්න.
Sir Johns Bungalow කියන මේ බංගලාව පස්සේ කාලෙක ජොන් කොතලාවල මහත්තයා පාවිච්චි කලාට මේක සුද්දගේ කාලේ වගාකරුවෙක් හදපු බංගලාවක්.මේ බංගලාවට යාබද ලග්ගල වත්ත අක්කර 1300 ක් පුරා තියෙනවා. සමාන්‍යයෙන් වතු හිමිකරුවෝ තමන්ගේ ඉඩමේ ලස්සනම තැන තමයි බංගලාව හදන්නේ. එතන කොච්චර ලස්සනද කියන එක තවත් පැහැදිලිවෙනවා අගමැතිවරයෙක්ගෙත් හිත ගියා කියන එකෙන්. සුද්දන්ගේ කාලේ වැවැලිකරුවෙක් මේ වත්ත අරං තියෙන්නේ තේ වවන්න. ඒත් පස්සේ ඒක අසාර්ථක වෙලා. මීට අවුරුදු 30 කට විතර කළින් තේ වැවිල්ල සම්පුර්ණයෙන්ම අත්හැරලා දාපු නිසා පස්සේ මේ වත්ත පුරාම ගැස්වැල් වැවිලා මේ වෙනකොට ඒ ගස්වැල් වලින් සුන්දර වනාන්තරයක් නිර්මාණය වෙලා ඉවරයි.
සම්පුර්ණයෙන්ම සුර්ය බලශක්තිය යොදාගන්න මේ බංගලාවේ ඉවතලන සියලු දේවල් ප්‍රතිචක්‍රියකරණය කෙරෙනවා. මේ නිසා පුර්ණ වශයෙන්ම පරිසර හිතකාමී විදිහට තමයි මේ බංගලාව පවත්වාගෙන යන්නේ.
රාජ්‍ය නායකයෙක් විඳපු සුව පහසුව එහෙම පිටින්ම මේ බංගලාවේ තියෙනවා.එළිමහනේ ආහාර ගන්න, පරිසරයව විඳින්න වගේම ශිතලට ඔරොත්තු දෙන සුවපහසු කාමර වගේ බොහෝ පහසුකම් මෙතන තියෙනවා. තේක්ක ලි වලින් සෑදු පොළව. සුව පහසු ගෘහභාණ්ඩ මේ හැම එකක්ම නියම විවේකය විඳින්න ඉඩකඩ සලසලා දෙනවා. උණු වතුර නාන්න පහසුකම් , බාත් ටබ්, මේ ආදී විදිහට සියලුම පහසුකම් මේ බංගලාවේ තියෙනවා.
ලංකාවේ අතිශය මනස්කාන්ත ගෙමිදුල මේ බංගලාවේ තියෙනවා කිව්වොත් හරි.ස්වාභාවික ගල් වලින් හදපු තටාකය, හාත්පස පෙනෙන ලස්සන මේ සියල්ලක්ම එක්ක මනරම් චිත්‍රයක් නිර්මාණය වෙනවා. ඒ මනස්කාන්ත චිත්‍ර තමන් කැමති විදිහට අඳින්න කැමති නම් ඒවට ඕන කරන කැන්වස්,සහ තෙල් සායම් මේ හැම එකක්ම බංගලාවෙන් ඉල්ල ගන්න පුළුවන්. රිවස්ර්ස්ටන් වල මොනවද බලන්න නැත්තේ? ඒ සුන්දර පරිසරය විඳින්න වටපිටාවේ ඇවිදින්න , කඳු නගින්න, ස්වාභාවික දිය දහරාවකින් නාන්න මේ හැම දෙයක්ම මෙතනින්ම ලෑස්ති කරගන්න පුළුවන්.
14දෙනෙකුට එකවර ඉඳගන්න පුළුවන් කෑම මේසයේ ඉඳලා කන්න කැමති කැමති තාලෙට කෑම හදවා ගන්න පුළුවන්.එහෙම නැත්තං කුඩා ප්‍රමාණයේ වෙනම මේසයක පුද්ගලිකත්වය රැකෙන විදිහට ආහාර ගන්නත් වෙනම තැනක් තියෙනවා.
මේ බංගලාව මාතලේ ඉඳලා කිලොමීටර් 29 ක වගේ දුරකින් පිහිටලා තියෙන්නේ. මාතලේ ලග්ගල හරහා රිවස්ටන් වලට එන්න ඕන. මේ මනරම් Sir Johns Bungalow එකේ ගණන් හිලව් ගත්තොත්, ඒවා Season, peak සහ off season විදිහට වෙනස් වෙනවා. මේ යන්නේ off season එක . මේ කාලේ සතියේ දවසකට එක් අයෙකුට රුපියල් 5000 ක් වගේ ගාණක් යන්නේ මෙතන නතර වෙන්න.
සාමාන්‍යෙයන් 15 දෙනෙකුට විතර එකපාර නතර වෙන්න පුළුවන් මෙතන. ඒ නිසා office එකේ කට්ටියට සෙට් වෙලා යන්නත් මරු. family විදිහට සෙට් වෙලා යන්නත් හොඳයි. අනිත් පැත්තෙන් මේක හොඳ honymoon location එකක්. ඒ නිසා ඇත්තටම මේක නිවාඩුව ගත කරන්න හොඳම තැනක්.
0773596161 ට කථා කළොත් මේ Sir Johns Bungalow එක Book කරගන්න පුළුවන්.
Sir Johns Bungalow එකේ වීඩියෝ එකක් සහ තවත් ඡායාරූප පහතින් බලන්න

Last edited: