වවන්නෝ දිනන්නෝ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    වවන්නෝ දිනන්නෝ

    වවන්නෝ දිනන්නෝ කියන්නෙ නිකන් නෙමෙයි… මේ වගාවන් හරියට කලොත් ඔයත් ගොඩ තමයි..!


    ලංකාව කියන්නේ සාම්ප්‍රදායික භෝග වලින් ආදායම් ලබන්නට හුරුවුණු ජාතියක්. නමුත් රටක් විදියට ඉදිරියට යන විට අපිට අනිවා අලුත් අලුත් භෝග හෝ වගාවන් වලින් ආදායම් හොයන්නට වෙනවා. මෙන්න මේ හේතුව නිසා අපි කල්පනා කළා ගොඩක් අය ආදායම් ගන්නට හැකි බව නොදන්න නමුත් හරියට කලොත් ඉහල ආදායමක් ගන්නට හැකි භෝග සහ වගාවන් කිහිපයක් ගැන විස්තර කියන්නට.



    1. ගම්මිරිස්

    Other-Than-Tea-Rubber-Coconut-aniwa-01.jpg


    වර්තමානයේ ගම්මිරිස් කියන්නේ ඉතා ඉහල මිලක් ලබා ගන්නට හැකි භෝගයක්. තිබෙන අධික ඉල්ලුමට සැපයුම කරගන්නට නොහැකි නිසා මේ ඉහල මිල වෙළඳපොලේ තිබෙන බව පැවසෙනවා. ඒ වගේම අපනයන භෝගයක් විදියටත් දැන් දැන් ගම්මිරිස් ඉදිරියට එනවා. අක්කරයකට පැළ 680ක් පමණ පැළ කල හැකි මේ භෝගය ඉක්මනින් වැවෙන නිසා වගා කර වසර තුනකට පසු මාස 6කට වරක් බැගින් ආදායම් ලබන්නට හැකියාව තිබෙනවා. වර්තමානයේ ගම්මිරිස් කිලෝවක් රුපියල් 1800 – 3500 අතර මිලකටයි අලෙවි වන්නේ, ඒ වගේම මාස 6කට වරක් අක්කරයකින් කිලෝ 400 පමණ ඵලදාවක් බලාපොරොත්තු වන්නට පුළුවන්.



    2. කරාබු නැටි

    Other-Than-Tea-Rubber-Coconut-aniwa-02.jpg


    කරාබු වගාව ලංකාවට හඳුන්වා දෙන්නේ 16 වන සියවසේදී විතර. නමුත් කරාබු සඳහා ඉහල මිල පවතින්නට පටන් අරගෙන දැනට ගත වෙලා තිබෙන්නේ දශක කිහිපයක් විතරයි. බෙහෙත්, සුවඳ විලවුන් සහ විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන සකසන්නට භාවිතා කරන කරාබු අපනයන භෝගයක් විදියට සැලකෙන අතර, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වගේ රටවල් වලින් ඉහල ඉල්ලුමක් මේ සඳහා තිබෙන බව පැවසෙනවා.



    3. එනසාල්

    Other-Than-Tea-Rubber-Coconut-aniwa-03.jpg


    සෙවනේ වැවෙන්නට ප්‍රිය කරන භෝගයක් වෙන එනසාල් දෙවැනි වන්නේ කුරුඳු වලට පමණයි. පොළවෙන් ඉහල බිම් වල හැදුනත් වර්තමානයේ පහත් බිම් වලත් වැවෙන එනසාල් ලංකාවට අමතරව ගෝතමාලාව, දකුණු ඇමෙරිකාව වගේ රටවල් වලත් වැවෙනවා. ලංකාවේ මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර වගේ ප්‍රදේශ වල බහුලව වැවෙන එනසාල් ගෙවතු වගාවක් ලෙස ප්‍රචලිත කිරීමෙන් හොඳ ආදායමක් නිවසේ සිටම උපයා ගන්නට හැකි බව පැවසෙනවා.



    4. බුලත්

    Other-Than-Tea-Rubber-Coconut-aniwa-04.jpg


    අතීත කතාවක් තිබෙන වගාවක් විදියට සැලකෙන බුලත් ගැන අපේ ඉතිහාස පොත් වල පවා කියවෙන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම වර්තමානයේ හොඳ ආදායමක් ලබන්නට හැකි වගාවක් බවට පත්ව තිබෙන බුලත් පත් වැඩිපුරම භාවිතා කරන්නේ බුලත්විට සහ විවිධ වර්ණ නිෂ්පාදනය කිරීම සඳහායි. කුරුණෑගල, ගම්පොල, කළුතර, කෑගල්ල ප්‍රදේශ වල බහුල වගාවක් වෙන බුලත්, වගාවක් ලෙස වර්ධනය කරගන්නට හැකි නම් කිසිම අපහසුවක් නැතිව හොඳ ආදායමක් උපයාගන්නට හැකි නිෂ්පාදනයක් වෙනවා සත්තයි.





    5. ඉඟුරු

    Other-Than-Tea-Rubber-Coconut-aniwa-05.jpg


    ඉඟුරු කියන්නේ පැළ සිටුවා මාස 8 – 10 අතර කාලයකින් ආදායම් ලබන්නට හැකි භෝගයක්. අතීතයේ සිටම ලංකාවේ අපනයන භෝගයක් විදියට සැලකෙන මේ භෝගය ගෙවතු වල වගා කර ගන්නටද හැකියාව තිබෙනවා. ආහාර නිපදවීම් සහ ආයුර්වේද ඖෂධ අවශ්‍යතා වලට උවමනා නිසා වර්තමානයේ වැඩි ඉල්ලුමක් පවතින භෝගයක් වෙනවා.



    6. කුරුඳු

    Other-Than-Tea-Rubber-Coconut-aniwa-06.jpg


    ලෝක වෙළඳපොලෙන් 95%ක විතර කුරුඳු සැපයුමක් කරන ලංකාව, යටත් විජිත යුගයේ තිබූ ඒකාධිකාරය එලෙසින්ම තවමත් පවත්වාගෙන යනවා. බොහොම සාරවත් වගාවකින් ඉහල ආදායමක් ලබන්නට හැකි භෝගයක් විදියට සැලකෙන කුරුඳු බොහෝවිට ආහාර රසකාරකයක් වගේම ඖෂධීය වටිනාකමක් සහිත භෝගයක් ලෙසටත් හඳුන්වනු ලබනවා.



    7. දූරියන්

    Other-Than-Tea-Rubber-Coconut-aniwa-07.jpg


    වගාවක් ලෙස කිසිවෙක් අනුමත කරන්නේ නැති වුනත් දූරියන් වාරේ එන කාලෙට ඔබේ ගෙවත්තේ දුරියන් ගස් කිහිපයක් තියෙනවා නම් හොඳ ආදායමක් ගන්නට හැකියාව තිබෙනවා. එක ගසකින් දුරියන් ගෙඩි 250-300 අතර ප්‍රමාණයක් ලබාගන්නට හැකි අතර ගෙඩියක් විකිණෙන්නේ රු. 350 සිට ඉහලටයි.

    දුරියන් වගාවට සොර සතුරු උවදුරු බොහොමයක් තිබෙන්නට හේතුව වන්නේත් දුරියන් වල ඇති අධික රස සහ මුල්‍යමය වටිනාකම බව අපි කියන්නට උවමනායි.




    8. රඹුටන්

    Other-Than-Tea-Rubber-Coconut-aniwa-08.jpg


    රඹුටන් ගැන කිව්වම මතකෙට එන්නේ එහි රස පමණක් වුනාට, හොඳ ආදායමක් ලබාගන්නට පුළුවන් වගාවක් කියලා දන්නේ එහි නියැලෙන කිහිප දෙනා පමණයි. සමහර කාලවල එක ගෙඩියක් රුපියල් 8 – 10 අතර මිලකටත් අලෙවි වෙන අතර එක ගසකින් වසරකට ගෙඩි 6000ක් පමණ ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අක්කරයකට රඹුටන් ගස් 70 – 80 අතර වගා කිරීමේ හැකියාවක් තියෙනවා.



    9. තුඹ කරවිල

    Other-Than-Tea-Rubber-Coconut-aniwa-09.jpg


    ගොඩ දෙනෙක් දන්නේ නැති වුනාට තුඹ කරවිල කියන්නේ බොහොම අඩුවෙන් හැදෙන නමුත් වැඩි ආදායමක් උපයාගන්නට හැකි භෝගයක්. තුඹ කරවිල කිලෝවක් වර්තමානයේ රුපියල් 500ක පමණ මිලකට අලෙවි වෙන අතර හොඳින් වැඩුණු තුඹ කරවිල වගාවකින් දවස් හතරෙන් හතරට ආදායම් ලබාගන්නට හැකිවෙනවා. බොහොම ඉහල ඖෂධීය ගුණයෙන් යුතු තුඹ කරවිල වගා කිරීමෙන් ලබාගන්න පුළුවන් ඉහල ආදායම නිසා අපි ඔබේ ගෙවත්තේ සිටුවන්නට මේ භෝගයත් අනිවා නිර්දේශ කරනවා.



    10. අන්නාසි

    Other-Than-Tea-Rubber-Coconut-aniwa-10.jpg


    අක්කරයකට පැළ 6000ක් පමණ හිඳුවන අන්නාසි වගාව බොහොම ඉහල ආදායමක් ගන්නට හැකි වගාවක් විදියට අවිවාදයෙන් හඳුන්වා දෙන්නට හැකියි. ඒ වගේම පොල් වගාකර ඇති ඉඩම් වල අතුරු භෝගයක් විදියට හඳුන්වා දෙන්නට හැකි වගාවක් නිසා විශේෂයෙන් බිම් සකස් කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නැති තරම්. ඒ වගේම අන්නාසි වගාව ප්‍රචලිත කිරීමට වර්තමානයේ රජයෙන් ආධාර පවා ඊට ලබාදෙන බව සඳහන් වෙනවා.

    Source


    සලකන අයට සහ බුම්ප් කරන අයට +12 ගානේ දෙනවා.....:yes::yes::yes::yes::yes:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    අක්කරේට ගම්මිරිස් පැල නම් එච්චර දාන්න බෑ...


    නියම විස්සර ටිකක් යාලුවා..
     
    • Like
    Reactions: yosh371

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලෝක වෙළඳපොලෙන් 95%ක විතර කුරුඳු සැපයුමක් කරන ලංකාව, යටත් විජිත යුගයේ තිබූ ඒකාධිකාරය එලෙසින්ම තවමත් පවත්වාගෙන යනවා. බොහොම සාරවත් වගාවකින් ඉහල ආදායමක් ලබන්නට හැකි භෝගයක් විදියට සැලකෙන කුරුඳු බොහෝවිට ආහාර රසකාරකයක් වගේම ඖෂධීය වටිනාකමක් සහිත භෝගයක් ලෙසටත් හඳුන්වනු ලබනවා.

    Cinnamon Exports by Country

    Below are the 15 countries that exported the highest dollar value worth of cinnamon during 2016:

    1. Sri Lanka: US$159.1 million (32.9% of total cinnamon exports)
    2. Indonesia: $94.2 million (19.5%)
    3. China: $91.5 million (18.9%)
    4. Vietnam: $71.9 million (14.8%)
    5. Netherlands: $10.3 million (2.1%)
    6. United States: $8.3 million (1.7%)
    7. Germany: $7.2 million (1.5%)
    8. France: $6.2 million (1.3%)
    9. India: $4.8 million (1%)
    10. Madagascar: $3.7 million (0.8%)
    11. Austria: $3.1 million (0.6%)
    12. United Kingdom: $1.9 million (0.4%)
    13. Singapore: $1.7 million (0.4%)
    14. Mexico: $1.7 million (0.3%)
    15. Sweden: $1.6 million (0.3%)
    http://www.worldstopexports.com/cinnamon-exporters/
    https://top5ofanything.com/list/bd227ac0/Cinnamon-Producing-Countries