විදුලි කණුවක්,රැහැන් ඉවත් කරගන්න අවශ්‍යද

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    විදුලි කණුවක්,රැහැන් ඉවත් කරගන්න අවශ්‍යද

    19420390_660917350769220_5622431729834481519_n.png






    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හඳුනවා දුන් නව මාර්ගෝපදේශයේ ඇතුලත් කරුනු මෙන්න.

    1. ඉවත්කිරීමට අවශ්‍ය විදුලි කණුව සිටිවීමට හෝ රැහැන ඇදීමට ඔබ පෙර අවසරය දී තිබේනම් ඉවත්කිරීමට අවශ්‍ය විදුලි කණුව සිටවීමට හෝ රැහැන ඇදීමට ඔබ පෙර අවසරය දී තිබේනම්

    • අදාල වෙනස සිදුකර ගැනීමට අවශ්‍ය මුළු පිරිවය ඔබට දැරීමට සිදුවේ.

    • විදුලි කණුව හෝ රැහැන ඉවත්කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට අදාලව ඉල්ලීම ලිඛිතව අදාල සේවා සපයන ආයතනයට දෙන්න.

    • ඔබගේ ඉල්ලීම ඉටුකිරීමට ඔබ ගෙවිය යුතු මුදල, වැඩකරන දින 7ක් ඇතුලත ඔබට දැනුම් දෙනු ඇත.

    • ප්‍රතිස්ථාපනය හෝ ඉවත්කිරීම සිදුකිරීමට තවත් පාර්ශවයකින් විරොධයක් නැතිනම්,

    • ඔබ අදාල ගෙවීම සිදුකර, වැඩකරන දින දින 10ක් තුල අදාල විදුලි කනුව හෝ රැහැන ප්‍රතිස්ථාපනය හෝ ඉවත්කිරීම සිදු වනු ඇත.

    ප්‍රතිස්ථාපනය හෝ ඉවත්කිරීම සිදුකිරීමට තවත් පාර්ශවයකින් විරොධයක් වේනම්

    • සේවා සපයන ආයතනය විරෝධය සමතයකට පත්කිරීමට සියළු උත්සහයන් දැරනු ලැබේ.

    • එම උත්සහය අසාර්ථක වුවහොත් විරෝධය පිලිබඳව සේවා සපයන ආයතනය ප්‍රාදේශීය ලේකම් වරයාට ලිඛිතව දැනුම් දිය යුතු අතර ප්‍රාදේශීය ලේකම් වරයා පරීක්ෂනයක් පවත්වා දෙනු ලබන නිර්දේශ සේවා සපයන ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ඇත.
    ----------------------------------------------------------------------------------

    2. අවසරය ලබාදී නැති හෝ අවසරය කල් ඉකුත් වී හෝ අදාල ඉඩමේ අයිතිකරු මාරුවී ඇතිවිට (අවසරය ලබාදී ඇත්තේ පෙර හිමිකරුවෙක් නම්)
    ඔබගේ ඉල්ලීම ලිඛිතව සේවා සපයන ආයතනයට බාර දෙන්න.

    • ඉන් පසු විදුලි කනුව හෝ රැහැන ඉවත් කිරීමට, වෙනස් කිරීම පිළිබඳ ඔබ සමග සේවා ආයතනය සාකච්ඡාකරනු ඇත.

    • ඔබට තවදුරටත් ඉවත් කිරීම ප්‍රතිස්ථාපනය සිදුකල යුතුනම්

    අදාල ඉල්ලීම ඉශ්ඨ කිරීමට වැයවන පිරිවැය සේවා ආයතනය ගනනය කරනු ඇත. එම පිරිවැය රු.ලක්ෂ 5 ට අඩුනම්,

    අදාල ඉල්ලීම සේවා සපයන ආයතනය මගින් ප්‍රාදේශී ලේකම්වරයාට ඉදිරිපත් කරනු ඇත.

    ප්‍රාදේශීය ලේකම් වරයාට ලබාදී ඇති බල තල අනුව කෙරෙන පරීක්ෂනයකින් අනතුරුව, විදුලි කනුව ඉවත් කිරීම්ට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට අවසරය දීමට (කොන්දේසි සහිතව හෝ රහිතව )හෝ නොදීමට ප්‍රාදේශීය ලේකම් වරයා නිර්දේශය කෙරෙනු ඇත.

    ප්‍රාදේශීය ලේකම් වරයාගේ නිර්දේශය විදුලි කණුව, රැහැන මාර්ගය ඉවත්කිරීම ට හෝ ප්‍රතිස්ථාපනය කිරීමටනම් නිර්දේශය ලබාදී දින 10ක් ඇතුලත නිර්දෙශ ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    කෙසේ නමුත් සමස්ථ ක්‍රියාවලිය සති 6ක් ඇතුලත නිමකිරීම සේවා සපයන ආයතනයේ වගකීමයි.​
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැනට කම්බි ඉවත්කර ඇති පරණ කණුවක් තියෙනව අපෙ ගේ ලග. ඒක අයින් කරගන්නේ කොහොමද?
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැනට කම්බි ඉවත්කර ඇති පරණ කණුවක් තියෙනව අපෙ ගේ ලග. ඒක අයින් කරගන්නේ කොහොමද?


    කණුව වටේ වලක් කපන්න වැටෙන දිශාවට ප්‍රතිවිරැද්ධ දිශාවට දුවන්න.. ඔබට ජය.