Uma Oya ගැන_හෙළිදරව්වක් අද මාධ්‍ය වෙත

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Uma Oya ගැන_හෙළිදරව්වක් අද මාධ්‍ය වෙත

    උමා ඔය සම්බන්ධ විශේෂ හෙළිදරව්වක් අද පස්වරුවේ මාධ්‍ය වෙත සිදු කරන බව කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසනවා.

    nethnews.lk සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව මාස 6 ක් තුල ඩොලර් මිලියන 248 කින් වැඩි කළ දේශපාලනඥයින් හා නිලධාරීන් උමා ඔය විනාශයට වග කිව යුතු බවයි.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් ද ඔහු විසින් නිකුත් කර තිබෙනවා.එම නිවේදනය සම්පුර්ණයෙන් පහතින් දැක්වෙනවා.

    'උමා ඔය ඇස්තමේන්තුවෙන් ඩොලර් මිලියන 248 ක් ගිල්ලේ මෙහෙමයි.

    බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව මාස 6 ක් තුල ඩොලර් මිලියන 248 කින් වැඩි කළ දේශපාලනඥයින් හා නිලධාරීන් උමා ඔය විනාශයට වග කිව යුතු යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා පවසයි.

    උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සදහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – 2006 දී සකස් කරනු ලැබුවේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගම විසිනි. එම ඇස්තමේන්තුවට අනුව උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍ර‍මය සදහා වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 155 කි.

    රාජපක්ෂ රජය උමා ඔය ව්‍යාපෘතියට ආකර්ශනය වන්නේ වැලිමඩ ජලය මොණරාගලට ගෙන යන්නට එමගින් අවස්ථාව ලැබෙන නිසාම නොවේ. සැබවින්ම වැලිමඩ ජලය හම්බන්තොට ගෙන යන කතාව මැතිවරණ වේදිකා කථාවක් පමණකි.

    කැනඩා ඇස්තමේන්තුවෙන් වසර 3 කට පසුව ඉරානය මෙම ව්‍යාපාරයට මැදිහත් වේ. 2008 අප්‍රේල් මස ඉරාන ජනාධිපතිවරයා ලංකා සංචාරය අතර මෙම ව්‍යාපෘතිය ඇරඹීමට මේ අනුව සුදානම් වන අතර එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා ට එම ගිවිසුම අත්සන් කිරීමට බලය පැවුරුණි. ඔහු ගේ දැඩි විරෝධනය නිසාම ශක්‍යතා අධ්‍යයනයකින් පසුව ඇස්තමේන්තු කිරීමේ කොන්දේසිය සමග ‘හිස් ගිවිසුමක්‘ ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතර අත්සන් තබනු ලබයි. එවකට වාරිමාර්ග අමාත්‍යවරයා වූයේ චමල් රාජපක්ෂ මහතා ය.

    මේ අතර ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු ඉහළ නංවන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවේ දී ලංකා රජයේ නිලධාරීන්, ඉංජිනේරුවන් මෙයට වඩා වැඩි මුදලක් මේ ව්‍යාපෘතියට වැය කිරීමට එරෙහි විය. කෙසේ නමුත්, 2008 දෙසැම්බර් මස ලංකාවේ අන්ත දුෂිත නිලධාරීන් පිරිසක් ද ඉරාන විශේෂඥයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ද සකස් කරන ලද ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 548 කි. එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එයට පක්ෂ නොවන වාර්තාවක් ද එයට සමගාමීව ඉදිරිපත් කරනු ලැබීය. (ගුණවර්ධන මහතා යනු පරාක්‍ර‍ම සමුද්‍ර‍ය කැඩී ගිය අවස්ථාවේ ඉතා කෙටි කලකින් එය ප්‍ර‍තිසංස්කරණය වාරි ඉංජිනේරුවරයා ය.)

    එයින් 85% ක් ඉරාන රජය මගින් ද, 15% ක් ලංකා රජය මගින් ද දැරීමට ගිවිසුම අනුව දෙරට එකගත්වය පළ කරනු ලැබීය. වත්මන් උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව රුපියල් කෝටි 7632 කි.

    ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට මෙම ගිවිසුමට අත්සන් තැබීම සදහා දේශපාලන බලපෑම් එල්ල වන්නේ මේ අවස්ථාවේ දී ය. එය ප්‍ර‍තිඑලය වූයේ 2009 ජනවාරි 9 දින අමාත්‍යාංශ ලේකම් ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ය. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපියේ ලියන්නේ ‘ලංකා රජයට අතිරේක ඩොලර් මිලියන 248 ක පිරිවැයක් දැරීමට සිදුවන ගිවිසුමකට මාගේ අත්සන යෙදිය නොහැකි බැවින් ඉල්ලා අස්වන බවයි.

    වාරි මාර්ග අමාත්‍යාංශයේ පුරප්පාඩුව සදහා පත්වන්නේ අයිවන් සිල්වා මහතා ය. ඔහු දේශීය විශේෂඥයින්ගේ ද, ඌව ජනතාවට ද, පරිසර වේදීන් ද එක හඩින් එපා කියන උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේය. ඒ කැනේඩියානු ඇස්තමේන්තුවට වඩා සිව් ගුණයටක මදක් අඩු ඇස්තමේන්තුවකට ය. ලංකාවේ වාරි ඉංජිනේරුවන් එකග වූ මුදලට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 248 කට වැඩි මුදලකටය.
    උමා ඔය ව්‍යාපෘතියට පරිසර ඇගයීම් වාර්තා අනුමැතිය ලබා දී ඇත්තේ 2011 අප්‍රේල් 12 දා ය.

    අලුත් අවුරුද්ද ලබන්නට පැය ගණනකට පෙර මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය ලංකාවේ මධ්‍ය කදුකරයේ නැගෙනහිර බෑවුමේ හදවත සිදුරු කරන්නට අවසර ලබාදීම පිටුපස ඇත්තේ ද දැවැන්ත අබිරහසකි. ජනතාව වීදි බැස හර්තාල් කරන සුන්දර බණ්ඩාරවෙල කාන්තාරයක් බවට පත් කොට ඇති උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එදා මෙදා තුර පාලකයින් වගකිය යුත්තේ මේ දැවැන්ත විනාශය නිසාමය.

    රජිත් කීර්ති තෙන්නකෝන්
    කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ
    හිටපු උපදේශක - දුෂණ විරෝධී පෙරමුණ
    2017 ජූනි 30'

    රාජපක්සට ලේසි වෙන එකක් නැහැ.මේකා ඒකෙනුත් හොරා කාලා.:lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,711
    113
    හස්තිශෛලපුර
    තමන්ගේ රටට ආදරයක් නැති කාලකන්ණි දේශපාලුවන්ට හෙන ගහන්න ඕන... මේවගේ දේවල් ඉස්සරහට වත් වෙන ඒක නවත්ත ගන්න ඕන..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    තමන්ගේ රටට ආදරයක් නැති කාලකන්ණි දේශපාලුවන්ට හෙන ගහන්න ඕන... මේවගේ දේවල් ඉස්සරහට වත් වෙන ඒක නවත්ත ගන්න ඕන..

    :yes:තවත් ඔය බලේ ගන්න බලන් ඉන්නේ හොරා කන්න තමා.ඕකාට හෙණ ගහනවා මේ වගේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කෑවට:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොටි මැරුවේ මහින්ද නෙවෙයි..
    උමා ඔය හැදුවේ මහින්ද...:baffled:

    මහින්ද මේක හොරා කෑවද නැද්ද කියලා නම් මම දන්නේ නෑ..
    මේක හොරා කාල නම් හරි,මිනිස්සුන්ට මේකෙන් හොදක් වෙන්නේ නැත්තම් මේ ආන්ඩුව ආවට පස්සේ ඒක නතර කරන්න ඕනේ..:)

    මට මතකයි ඔය හයිවේ වල ගනන් වැඩී කියලා ඒ දවස් වල සෑහෙන්න කෑගැහුවා..:rolleyes:බට් මුන් ආවම ඊට වඩා ඒවා ගනන් ගියා.:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොටි මැරුවේ මහින්ද නෙවෙයි..
    උමා ඔය හැදුවේ මහින්ද...:baffled:

    මහින්ද මේක හොරා කෑවද නැද්ද කියලා නම් මම දන්නේ නෑ..
    මේක හොරා කාල නම් හරි,මිනිස්සුන්ට මේකෙන් හොදක් වෙන්නේ නැත්තම් මේ ආන්ඩුව ආවට පස්සේ ඒක නතර කරන්න ඕනේ..:)

    මට මතකයි ඔය හයිවේ වල ගනන් වැඩී කියලා ඒ දවස් වල සෑහෙන්න කෑගැහුවා..:rolleyes:බට් මුන් ආවම ඊට වඩා ඒවා ගනන් ගියා.:lol:

    ආපෝ බයියෙක්නේ..:lol:බයියෝ මේක බලලා හිටියනම්.නවත්තන්න බැරි හේතුව මොළයක් තියෙනවනම් මේක බැලුවට පස්සේ තේරෙයි.ඉරානේ වගේ රටකට මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් බාර දුන්නේ මිනිස්සුන්ට ආදරේට නෙමෙයි.කොමිස් කුට්ටියට ආදරේට..:rofl:

    සදුන් 2015 ට කලින් උබේ නූල් වලයි ඉරෝශන් ගේ නූල් වලයි බලපන් මම උබ එක්ක බැනලා තියෙන්නේ මොකාටද කියලා....:lol:
    ඊට පස්සේ මට කියපන් මම බයියෙක්ද කියලා...:rofl:
    වැරැද්දට වැරැද්ද කියන්න ඕනේ බන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සදුන් 2015 ට කලින් උබේ නූල් වලයි ඉරෝශන් ගේ නූල් වලයි බලපන් මම උබ එක්ක බැනලා තියෙන්නේ මොකාටද කියලා....:lol:
    ඊට පස්සේ මට කියපන් මම බයියෙක්ද කියලා...:rofl:
    වැරැද්දට වැරැද්ද කියන්න ඕනේ බන්

    අවුරුදු 20 කට ඉරානේ එක්ක බැංකු ණයක් ගහලා උන් එක්ක ඇග්රිමන්ට් සයින් කරලා වැඩේ පටන් අරන් බාගයක් ඒ වැඩේ කරාට පස්සේ උබ හිතනවද ඒක මේ ආණ්ඩුවට නවත්තන්න පුළුවන් කියලා?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හිටපු උපදේශක - දුෂණ විරෝධී පෙරමුණ

    9305664.gif
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අවුරුදු 20 කට ඉරානේ එක්ක බැංකු ණයක් ගහලා උන් එක්ක ඇග්රිමන්ට් සයින් කරලා වැඩේ පටන් අරන් බාගයක් ඒ වැඩේ කරාට පස්සේ උබ හිතනවද ඒක මේ ආණ්ඩුවට නවත්තන්න පුළුවන් කියලා?

    ඔව් කොන්දක් තියනවනම් නවත්තන්න පුලුවන්, පොර්ට්සිටි නැවැත්තෙවෙ අන්න ඒ වගේ, ඔය හැම ලබ්බම රටේ නීතියට යටත් වෙන්න ඕන. අතින් කඩන්න තියෙද්දි ඇයි පොරවෙනුත් කපන්න බැරිවෙනකන් බලන් හිටියෙ. ඕව සැලසුම් කල එවුන් ඔක්කොම ඉන්නෙත් යහපාලන ඔඩොක්කුවෙනේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් කොන්දක් තියනවනම් නවත්තන්න පුලුවන්, පොර්ට්සිටි නැවැත්තෙවෙ අන්න ඒ වගේ, ඔය හැම ලබ්බම රටේ නීතියට යටත් වෙන්න ඕන. අතින් කඩන්න තියෙද්දි ඇයි පොරවෙනුත් කපන්න බැරිවෙනකන් බලන් හිටියෙ. ඕව සැලසුම් කල එවුන් ඔක්කොම ඉන්නෙත් යහපාලන ඔඩොක්කුවෙනේ.

    එතකොට ගොන්සන් ඒ සල්ලි දෙන්නේ මහින්දද?ඇග්රිමන්ට් කියන එකේ තේරුමවත් දන්නේ නැද්ද කොහෙද මේ මරාගේ බයියෝ.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    එතකොට ගොන්සන් ඒ සල්ලි දෙන්නේ මහින්දද?ඇග්රිමන්ට් කියන එකේ තේරුමවත් දන්නේ නැද්ද කොහෙද මේ මරාගේ බයියෝ.

    බැන්කුවට කෙලියම, වී ටික බියර් කොම්පැණිවලට විකුන්නම, ඉඩම් ටිකක් චීන්නුන්ට ඉන්දියන් එවුන්ට දුන්නම ඕක හොයාගන්න එක මොකද්ද ආයිබෝං
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බැන්කුවට කෙලියම, වී ටික බියර් කොම්පැණිවලට විකුන්නම, ඉඩම් ටිකක් චීන්නුන්ට ඉන්දියන් එවුන්ට දුන්නම ඕක හොයාගන්න එක මොකද්ද ආයිබෝං

    :lol:බම්බුවටද එහෙම කරන්නේ.මහින්ද හොරකම් කරපුවා අපි ගෙවන්නේ මොකටද?අනික බිලියන ගාණක්..:angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොටි මැරුවේ මහින්ද නෙවෙයි..
    උමා ඔය හැදුවේ මහින්ද...:baffled:

    මහින්ද මේක හොරා කෑවද නැද්ද කියලා නම් මම දන්නේ නෑ..
    මේක හොරා කාල නම් හරි,මිනිස්සුන්ට මේකෙන් හොදක් වෙන්නේ නැත්තම් මේ ආන්ඩුව ආවට පස්සේ ඒක නතර කරන්න ඕනේ..:)

    මට මතකයි ඔය හයිවේ වල ගනන් වැඩී කියලා ඒ දවස් වල සෑහෙන්න කෑගැහුවා..:rolleyes:බට් මුන් ආවම ඊට වඩා ඒවා ගනන් ගියා.:lol:

    2015 වෙද්දි මේකේ 10%ක් විතර කරල තිබුනේ..... අවශ්‍ය නම් රිවයිස් කරන්න තිබුණ. ඒ තියා ලොක්කගෙන් මේ ගැන කතා කරන්න පරිසර සංවිධාන ඉල්ලල තිබුණ සාකච්චාවවත් දුන්නේ නැති උන් ගැන අහවල් කතාද? දැන් මේක ෆේල් උන නිසා මහින්දව පතුරු ගහනවා....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    2015 වෙද්දි මේකේ 10%ක් විතර කරල තිබුනේ..... අවශ්‍ය නම් රිවයිස් කරන්න තිබුණ. ඒ තියා ලොක්කගෙන් මේ ගැන කතා කරන්න පරිසර සංවිධාන ඉල්ලල තිබුණ සාකච්චාවවත් දුන්නේ නැති උන් ගැන අහවල් කතාද? දැන් මේක ෆේල් උන නිසා මහින්දව පතුරු ගහනවා....

    පතුරු නෙමෙයි ඕකව මැරෙනකන් හිරේ දාන්න ඕන මේ කරපු අපරාදෙට.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පතුරු නෙමෙයි ඕකව මැරෙනකන් හිරේ දාන්න ඕන මේ කරපු අපරාදෙට.

    උඔට නම් පුදුම මහින්ද භීතිකාවක් තියෙන්නේ බන්.... ඔය තරමටම රසද රනිල්ගේ කුට්ටම.....
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    :lol:බම්බුවටද එහෙම කරන්නේ.මහින්ද හොරකම් කරපුවා අපි ගෙවන්නේ මොකටද?අනික බිලියන ගාණක්..:angry:

    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ආර්ථික ඔස්තාර්ට මොකුත් කොරගන්න තෙරෙන්නෙ නැතෙයි.
    ජාත්‍යන්තරේ සහයෝගෙ නැතෙයි, කතාකරල ශේප් එකක් දාගන්න පුලුවන්නේ.
    මහ බැංකුවෙන් ගසා කාපු ඒව කෝ.... ඒවයින් ඕක නෙවෙයි අවුරුදු සිය ගානක් ජීවත් වෙන්න පුලුවන්.

    අනිත් එක මහින්ද හොරකම් කරපුව අල්ලගන්න බැරිද උඹලගෙ පොලෝසියට නීතිය නමල පුකේ ගහනව කියලත් කිව්වෙ.... මහින්ද හොරකම් කරල නිදැල්ලෙ ඉන්නව කියන්නෙත් උඹලගෙ නොහැකියාවම තමයි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ආර්ථික ඔස්තාර්ට මොකුත් කොරගන්න තෙරෙන්නෙ නැතෙයි.
    ජාත්‍යන්තරේ සහයෝගෙ නැතෙයි, කතාකරල ශේප් එකක් දාගන්න පුලුවන්නේ.
    මහ බැංකුවෙන් ගසා කාපු ඒව කෝ.... ඒවයින් ඕක නෙවෙයි අවුරුදු සිය ගානක් ජීවත් වෙන්න පුලුවන්.

    අනිත් එක මහින්ද හොරකම් කරපුව අල්ලගන්න බැරිද උඹලගෙ පොලෝසියට නීතිය නමල පුකේ ගහනව කියලත් කිව්වෙ.... මහින්ද හොරකම් කරල නිදැල්ලෙ ඉන්නව කියන්නෙත් උඹලගෙ නොහැකියාවම තමයි.

    බංකොලොත් ඉරානේ එක්ක මොන ආර්ථිකයක් ද..උබ කියන්නේ මහින්දගේ හොර ඩීල් හින්දා රනිල්ට මේ කොහෙවත් ඉන්න බංකලොත් හම්බ රටක් පස්සේ වැදගෙන යන්න කියලද?:lol:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    බංකොලොත් ඉරානේ එක්ක මොන ආර්ථිකයක් ද..උබ කියන්නේ මහින්දගේ හොර ඩීල් හින්දා රනිල්ට මේ කොහෙවත් ඉන්න බංකලොත් හම්බ රටක් පස්සේ වැදගෙන යන්න කියලද?:lol:

    අර ටින් එකත් අරං ලෝකෙවටේ රවුම් ගහල ගහල ආවෙ පිච්චියක්වත් නැතුව, හරි හරි... එයාට ඉරානෙ ඕන නැහැ කියමු.. අර්ජුන් ලොක්කට කිව්වනම් පරම්පරා ගානකට කුට්ටියක් කපල දෙයි...

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව මේකට උත්තර දීපන් බලන්න

    1. ආර්ථික ඔස්තාර්ට මොකුත් කොරගන්න තෙරෙන්නෙ නැතෙයි.
    2. ජාත්‍යන්තරේ සහයෝගෙ නැතෙයි
    3. මහ බැංකුවෙන් ගසා කාපු ඒව කෝ
    4. මහින්ද හොරකම් කරපුව අල්ලගන්න බැරිද උඹලගෙ පොලෝසියට
     
    Last edited: