Drone වැඩ කරන්නේ කොහොමද - Part 01

Dakshina Hettiarachchi

Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    Drone වැඩ කරන්නේ කොහොමද - Part 01

    අද වෙනකොට Drone එකක් කියන්නේ මොකක්ද කියලා නොදන්නා කෙනෙක් නැතිතරම් ඒ තරමටම ලොකු කුඩා හැමෝම Drone එකක් කියන්නේ මොකක්ද කියල දන්නවා :P. ඒ වගේම තමයි අද වෙලදපොලේ විවිධ වර්ගයේ හා විවීධ ප්‍රමාණයේ drone දකින්නත් පුළුවන්. ඒවගේම විනෝදාස්වාදය සදහා රු.6,000 සිට රු.20,000 ද, වෘත්තීය මට්ටමේ වැඩවලට ඒ කියන්නේ aerial photography, ඉදිකිරීම් ආශ්‍රිත ලගා විය නොහැකි තැන්වලට තොරතුරු ගැනීමට හා කෘෂිකාර්මික වැඩ සදහා රු.150,000 සිට රු.25,00,000 දක්වා අධික මිලගණන් යටතේ drone මිලට ගන්න පුළුවන්


    මෙම මිල ගණන් කොහොම උනත් ඔය කියපු හැම drone එකක්ම වැඩ කරන basic theory එකක් තියෙනව වගේම ඔය හැම drone එකක්ම වැඩ කරන්න තියෙන්නේ එකම hardware architecture එකක්. එක හරියට CPU, RAM, HDD, MOTHERBOARD, POWER SUPPLY එකතු වෙලා පරිගණකයක් හැදෙනවා වගේ ඔය හැම drone එකකම අතවශ්‍ය මුලිකාංග ටික එකතු වෙලා තමයි අංගසම්පුර්ණ drone එකක් හැදෙන්නේ..:rolleyes: ඒ මුලිකාංග වල specification අනුව තමයි ඉතින් drone එකේ performance හා quality එකත්, ඒවායේ මිලත් තීරණය වන්නේ.. අපි බලමු ඉදිරියෙදී ඒ හැම කොටසක් ගැනම වෙන වෙනම හා ඒවා සම්බන්ධ කරන්නේ කොහොම කියල එකිනෙක ..:yes: හරියටම වැඩේ අල්ලගත්තොත් ඔයාලටත් පුළුවන් ඔයාලගේම කියල උසස් මට්ටමේ drone එකක් කොටස් එකතු කරලා රු.15,000- 25,000 ක් අතර මුදලට හදාගන්න.. :P


    හරි දැන් අපි මේවා පියාසර කරන තියරිය ඔලුවට දාගමු...:cool:


    ඉස්සෙල්ලම බලමු මොනවද drone වලට තියෙන Topologies කියලා.

    A2-motor-mixer.png


    drone topologies ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් වන්නේ ඒවායේ ඇති මෝටර් ගණන අනුවයි.


    1). මෝටර් 04ක් නම් Quard-copter
    2). මෝටර් 06ක් නම් Hexa-copter
    3). මෝටර් 08ක් නම් Octa-copter


    මීට අමතරව තව drone එක ඉදිරියට ගමන් කරන දිශාවට Frame wheel එකේ පිහිටුම අනුව ද Topology එක වෙනස් වෙනවා. (විස්තර කරන්න දෙයක් නැ..:no:උඩ පින්තුරය ටිකක් අවධානයෙන් යුතුව බැලුවම තේරුම් ගන්න පුළුවන්:P )

    මම මේ හැම drone topology එකක් ගැනම කතා කරන්න යන්නේ නැ. මම මේවාගෙන්
    Quard-rotor X කියන වඩාත් ප්‍රසිද්ධ topology එක ඇසුරෙන් තමයි විස්තර කරන්නේ මෙතන ඉදන් (DJI Phantom/Spark series එකත් ඔය topology එක තමා) ...:rofl:


    මුලිකවම Drone එකක් පියසර කරන විදිහ ගැන කතා කරන්න අපිට මෙතන ඉදන් පුංචි Technical වචන ටිකක් තියෙනව තේරුම් ගන්න. මේවාගෙන් අංක 1) හා 2) වචන දෙක අපිට ඕන වෙන්නේ drone designing වලදීය. අනිත් ඉතුරු ඔක්කොම ටික ඕනේ වෙන්නේ drone controlling වලය.


    1). Thrust
    2). Thrust to Weight Ratio
    3). Throttle
    4). Pitch
    5). Roll
    6). Yaw



    1).Thrust - මේ වචනය ඇත්තම අපිට වැදගත් වෙන්නේ copter desiging කරනකොට..මේකෙන් කියවෙන්නේ copter එකේ මෝටර්වලින් කොච්චර වායු තෙරපුම ඇති කරනවද කියල.. ඒ කියන්නේ එකෙන් එන වායු තෙරපුම නිසා තමයි copter එක ඉහලට ඉස්සෙන්නේ.. මේ තෙරපුම් බලය අපිට ඉතා සරලව ගණනය කරන්න පුළුවන්..

    සාමානයෙන් copter එකට ඕන කරන අවම thrust එක theoretically ඒ copter එකේ මුළු බර වගේ දෙගුණයක් වෙන්නේ ඕනේ. හැබැයි ප්‍රයෝගික තලයේදී වඩාත් සමබර copter එකකට අපි කියන්නේ thrust එක මුළු බර වගේ දෙගුනයකටත් වඩා වැඩි වෙන්න ඕනේ කියලා.. එකට් හේතුවක් තමයි සාමාන්යෙන් copter පියාසර කරන මොහෙතේ සුළගේ වේගය, පිහිටන උස වගේ දේවල් හේතුවෙන් thrust එක නිරන්තරයෙන් වෙනස් වෙනකොට thrust එකේ අගය අවම thrust අගයට ආසන්න උනොත් එකේ සම්පුර්ණයෙන්ම සමබරතවය ගිලිහි වැටෙන්න පුළුවන් නිසා..

    EX:-

    හිතන්න අපේ copter එකේ මුළු බර 1.2kg කියලා, එහෙනම් copter එකට ඕන කරන මුළු thrust එක 3 x 1.2kg = 3.6 kg වෙනවා
    එතොට copter එක,

    Quardcopter එකක් නම් එක මොටරයකින් දෙන ඕන thrust එක 3.6kg/4 = 900g
    Hexacopter එකක් නම් එක මොටරයකින් දෙන ඕන thrust එක 3.6kg/6 = 600g
    Octacopter එකක් නම් එක මොටරයකින් දෙන ඕන thrust එක 3.6kg/8 = 450g

    ඔයාලට මේක දැක්කම පේනවා මෝටර ගාන වැඩි වෙනකොට එක මෝටරයකින් ඕන කරන තෙරපුම් බලය අඩු වෙනව කියල... එහෙනම් දැන් ඔයාලට තේරෙනව වැඩි බරක් ගෙනියන්න copter එකක් හදාගන්න ඕනේ නම් වැඩි thrust එකක් තියෙනව මෝටර යොදාගන්න පුළුවන් නැත්නම් වැඩි මොටර් ගානක් තියෙන topology එකකට යන්න පුළුවන්.

    copter එකක thrust එක බරට වඩා වැඩි වෙන තරමට copter එකේ පියසර වේගය වැඩි කරගන්න පුළුවන්.. හැබැයි වේගය වැඩි වෙනව වගේම අපිට copter එක අවනත වෙන එක අඩු වෙනව...(ඒ කියන්නේ පොඩ්ඩක් දුන්න ගමන් විදිනවා, ඇයි එහෙම වෙන්නේ කියල ඔයාලට තව කියවන් යනකොට තේරෙයි). අන්න එකේ ගැන අදහස් ගන්න තමයි Thrust to Weight Ratio කියල එකක් තියෙන්නේ...

    එහෙනම ඔයාලට තේරෙනවා ඔයාලට ඕනේ නම් රේස් පදින්න රේසින් copter එකක් හදාගන්න, ඔයාලට වැඩි Thrust to Weight Ratio තියෙන විදිහට copter එක හදාගන්න වෙනවා.. නැත්නම් ඔයාලට photograpy වගේ දේවල් වලට නම් copter එක ඕනේ, Thrust to Weight Ratio පොඩ්ඩක් අඩුවෙන් තියාගන්න වෙනව...




    අපි දැන් බලමු මොනවද basic drone control කරන විදි හා control වෙන විදිහ,


    261DD3495558A00F1D1E00



    3).Thottle


    Throttle-Thin-181x300.jpg


    ඔයාලගේ දුරස්ථ පාලකයෙන් thottle up කරනකොට, ඔයාගේ copter එකේ සියලුම මෝටර්වල වේගය (RPM) ක්‍රමයෙන් වැඩි වෙනවා. එතොට ඔයාල දැන් දන්නවා වායු තෙරපුම වැඩි වෙලා copter එක සිරස්ව ඉහලට ගමන් කරනවා කියලා.

    thottle down කරනකොට, ඔයාගේ copter එකේ සියලුම මෝටර්වල වේගය (RPM) ක්‍රමයෙන් අඩු වෙනවා. එතොට වායු තෙරපුම අඩු වෙලා copter එක සිරස්ව පහලට එනවා.

    ඒ විදිහට පුළුවන් ඔයාලට Thottle පාවිච්චි කරලා copter එකේ ගමන් කරන උස පාලනය කරන්න..




    4).Pitch


    Pitch-Thin-187x300.jpg



    ඔයාලගේ දුරස්ථ පාලකයෙන් Pitch down කරනකොට, ඔයාගේ copter එකේ ඉදිරිපස මෝටර් දෙකෙහි වේගය (RPM) අඩු වෙනවා පිට පස්සේ මෝටර වලට වැඩය . එතොට ඔයාල තේරෙනව ඉදිරි පස වායු තෙරපුම අඩු වෙලා පිටු පස වායු තෙරපුම වැඩි වෙන කොට copter එක ඉදිරියට තල්ලු වෙනවා.

    Pitch up කරනකොට, ඔයාගේ copter එකේ පිටුපස මෝටර් දෙකෙහි වේගය (RPM) අඩු වෙනවා ඉදිරිපස පස්සේ මෝටර වලට වැඩය . එතොට ඔයාල තේරෙනව පිටු පස වායු තෙරපුම අඩු වෙලා ඉදිරිපස පස වායු තෙරපුම වැඩි වෙන කොට copter එක පස්සට තල්ලු වෙනවා.

    ඒ විදිහට පුළුවන් ඔයාලට Pitch එක පාවිච්චි කරලා copter එක ඉදිරියට හා පසුපසට ගමන් කරවන්න වගේම pitch up/down කරන ප්‍රමාණය අනුව ඉදිරියට හා පසුපසට ගමන් කරන වේගය පාලනය කරන්න..




    5).Roll


    Roll-Thin-300x91.jpg


    ඔයාලගේ දුරස්ථ පාලකයෙන් Roll left කරනකොට, ඔයාගේ copter එකේ වම්පස මෝටර් දෙකෙහි වේගය (RPM) අඩු වෙනවා දකුණුපස මෝටර වලට වැඩය . එතොට ඔයාල තේරෙනව වම්පස වායු තෙරපුම අඩු වෙලා දකුණුපස වායු තෙරපුම වැඩි වෙන කොට copter එක වමට තල්ලු වෙනවා.

    Roll right කරනකොට, ඔයාගේ copter එකේ දකුණු පස මෝටර් දෙකෙහි වේගය (RPM) අඩු වෙනවා වම්පස මෝටර වලට වැඩය . එතොට ඔයාල තේරෙනව දකුණු පස වායු තෙරපුම අඩු වෙලා වම්පස වායු තෙරපුම වැඩි වෙන කොට copter එක දකුනට තල්ලු වෙනවා.

    ඒ විදිහට පුළුවන් ඔයාලට Roll එක පාවිච්චි කරලා copter එක දකුණට හා වමට ගමන් කරවන්න වගේම roll up/down කරන ප්‍රමාණය අනුව දකුණට හා වමට ගමන් කරන වේගය පාලනය කරන්න..




    6).Yaw


    Yaw-Thin-300x120.jpg


    මේකෙන් වෙන්නේ ඇත්තටම copter එක එකම සිරස් මාධ්‍ය ලක්ෂයක් ඔස්සේ දෙපසට කරකවන එක.. Yaw Right නම් සිරස් මාධ්‍ය ලක්ෂය දිගේ copter එක දකුණට කරවනවා, Yaw left නම් සිරස් මාධ්‍ය ලක්ෂය දිගේ වමට කරකවිම වෙනවා.. එක වෙන්නේ නම් copter එකේ සවි කරල තියෙන CW හා CCW මෝටර වලින්..

    CW මෝටර කියන්නේ දක්ෂිනාවර්තව කැරකෙන මෝටර වලට.. ඒ වගේම CCW කියන්නේ වාමාවර්තව කැරකෙන මෝටර වලට. ඔයාල drone topology පින්තුරය බලුවොත් පෙනේවි copter වල කොහොම CW හා CCW මෝටර සවි කරලා තියෙන්නේ කියල..

    ඒ විදිහට පුළුවන් ඔයාලට Yaw එක පාවිච්චි කරලා copter එක එකම තැන ඉදල දකුණට හා වමට කරකවන්න



    basic-movement-quadcopter.jpg

    ඔන්න Drone වල මුලික් ක්‍රියාකාරිත්වය මම පොරොන්දු උන වගේම එක දවසකින් දැම්මා.... මේකේ ඊලග කොටස්වලින් බලමු copter එකක මුලික කොටස් හා ඒවා වැඩ කරන්නේ කොහොමද කියල...
    :yes:
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    aduwata ganna puluwan ,but hoda control ekak thiyenawa drones oyala danan ewa thiyenawa num share akra ganimu.Rs 5000 wada aduwen ganna puluwan ewa