ද්වතාවය ගැන මීවනපලානේ හිමිගේ මුසාවාද

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ද්වතාවය ගැන මීවනපලානේ හිමිගේ මුසාවාද

මීවනපලානේ පචෝරිස් හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම

ද්වයතානුපස්සනාව කියන්නේ බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ද්විත්ව ආකාරයෙන් දැකීම. එය ධර්මය දෙපරිද්දකින් දැකීම හෝ ද්විප්‍රකාරව දැකීම ලෙසත් පැවසිය හැකියී. ඉංග්‍රීසියෙන් එය Dual View ලෙසින්ද පැවසිය හැකියී. කවර ද්විත්ව ආකාරයෙන්ද යත්,

දුකත් (දුක්ඛං), දුකට හේතුවත් (දුක්ඛසමුදය) පළමු ආකාරයයි.
දුක්ඛ නිරෝධයත්, දුක්ඛනිරෝධගාමිනීපටිපදාවත් දෙවන ආකාරයයි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ ද්වයතානුපස්සනා සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp19/244 ] බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ද්විත්ව ආකාරයෙන් දැකිය හැකි ඉහත දැක්වූ ආකාරය සහ තවත් ආකාරයන් මනාව විස්තර වී තිබෙනවා. ද්වයතානුපස්සනා සූත්‍රය බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය විමසන නුවනැත්තන්ගේ නුවනැස වඩ වඩාත් වඩවන්න උපකාර වන වටිනා සූත්‍රයක්.

පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ මනාව විස්තර කර ඇති ද්වයතානුපස්සනා සූත්‍රයට අදාල කරුණක් ගැන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි පවසන දෑ:



වීඩියෝවේ විනාඩි 30න් පමණ ඉදිරියට මෙසේ කියවෙනවා:

"මේ ද්වතා අනුස්සතිය කියන එක බුද්ධ දේශනාවේ දස අනුස්සතියෙන් බොහොම වැදගත්ම ඉතාමත්ම වැදගත් දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. නමුත් අද මේ ද්වතා අනුස්සතිය තේරුම් නොගත්ත මිනිස්සු තේරුම් ගන්නට බැරි වූ පෘතග්ජන මිනිස්සු පොත් වල බොහෝ දේවල් ලියලා මේ ද්වතා අනුස්සතියට කොම්බුවක් දාලා ද්වතාවය දේවතා අනුස්සතිය හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේක හොඳටම තේරුම් ගත යුතු දෙයක්. මේ ද්වතාවය තේරුම් ගන්න බැරි උනාම මධ්‍යකාලීනව, මධ්‍යකාලීනව විතරක් නෙවේ, මේ බොහොම උසස් යතිවරු කියපු කියලා රටේ අදටත් පිළිගන්න බොහෝ උගත් වියත් මහා මේ නාහිමි වරු වගේ කියන අය මේ ද්වතාවය කියන එකට කොම්බුවක් එකතු කරලා මේ දේවතා අනුස්සතියක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ත්‍රිපිටකය පරිවර්තනය කිරීමේදී මාගධි භාෂාවෙන් තියෙනවා තව ද්වතා අනුස්සතිය නමුත් සිංහල භාෂාවෙන් තියෙන්නේ දේවතා අනුස්සතියක් ඒ වෙනුවට."

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි වරදවා සඳහන් කරන්නේ මගධි භාෂාවෙන් ඇති ද්වතාවය යන්නට කොම්බුවක් එක් කර දේවතානුස්සතිය ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇති බවත්, මගධි භාෂාවෙන් ද්වයතා අනුස්සතිය ඇති නමුත් සිංහලෙන් එය ඇත්තේ දේවතානුස්සතිය ලෙසින් බවත්. ත්‍රිපිටකය එසේ දොස් සහිතව පරිවර්තනය කර ඇතැයි යන වැරදි දෘෂ්ටියෙන් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකය පරිවර්තනය කළ ස්වාමීන් වහන්සේලාව යම් ආකාරයක ගැරහීමටත් ලක් කරනවා.

ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කළ ස්වාමීන් වහන්සේලා ද්වයතානුපස්සනා සූත්‍රය සිංහලෙන් කියවා වටහා ගැනීමට හැකි අයුරින් පාලියෙන් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. දේවතානුස්සතිය ගැන ත්‍රිපිටකයේ වෙනමම සඳහන්ව තිබෙනවා. පරිවර්තක ස්වාමීන් වහන්සේලා ද්වයතානුපස්සනා සූත්‍රයේ සඳහන් ද්වයතානුපස්සනාව දේවතානුපස්සනාව ලෙස වරදවා පරිවර්තනය කර නැහැ. එබැවින් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක්. එහිමියන්ගේ චෝදනාව අභූත චෝදනාවක්.

මීවනපලානේ පචෝරිස් හිමිගේ එම අසත්‍ය ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවත්, එම අභූත චෝදනාව අභූත චෝදනාවක් බවත් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇත්තේ කුමක් දැයි බැලීමෙන් වටහා ගන්න පුළුවන්.

නුවනැත්තෝ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ ද්වයතානුපස්සනා සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp19/244 ] කියවා බලා ධර්මය ද්විත්ව ආකාරයෙන් විමසත්වා! ධර්මය ද්විත්ව ආකාරයෙන් දැක තම දහම් අවබෝධය වඩ වඩාත් වැඩි කර ගනිත්වා!

Skylark
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... බොහෝ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විධ දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

--



පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589

--

මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1805721

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796385

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1795673

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796564

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753132

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753493

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1750773

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1749575

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1748768
http://www.elakiri.com/forum/showthread.php?t=1727671

මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

Skylark
 
Jul 5, 2012
1,773
265
0
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි වරදවා සඳහන් කරන්නේ මගධි භාෂාවෙන් ඇති ද්වතාවය යන්නට කොම්බුවක් එක් කර දේවතානුස්සතිය ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇති බවත්, මගධි භාෂාවෙන් ද්වයතා අනුස්සතිය ඇති නමුත් සිංහලෙන් එය ඇත්තේ දේවතානුස්සතිය ලෙසින් බවත්. ත්‍රිපිටකය එසේ දොස් සහිතව පරිවර්තනය කර ඇතැයි යන වැරදි දෘෂ්ටියෙන් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකය පරිවර්තනය කළ ස්වාමීන් වහන්සේලාව යම් ආකාරයක ගැරහීමටත් ලක් කරනවා.

ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කළ ස්වාමීන් වහන්සේලා ද්වයතානුපස්සනා සූත්‍රය සිංහලෙන් කියවා වටහා ගැනීමට හැකි අයුරින් පාලියෙන් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. දේවතානුස්සතිය ගැන ත්‍රිපිටකයේ වෙනමම සඳහන්ව තිබෙනවා. පරිවර්තක ස්වාමීන් වහන්සේලා ද්වයතානුපස්සනා සූත්‍රයේ සඳහන් ද්වයතානුපස්සනාව දේවතානුපස්සනාව ලෙස වරදවා පරිවර්තනය කර නැහැ. එබැවින් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක්. එහිමියන්ගේ චෝදනාව අභූත චෝදනාවක්.

මීවනපලානේ පචෝරිස් හිමිගේ එම අසත්‍ය ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවත්, එම අභූත චෝදනාව අභූත චෝදනාවක් බවත් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇත්තේ කුමක් දැයි බැලීමෙන් වටහා ගන්න පුළුවන්.


සාදූ සාදූ! ස්කයිලාක් ඔබ මේ කරන පිනම ඇති නිවන් දකින්න.
 

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;22195318 said:
    සාදූ සාදූ! ස්කයිලාක් ඔබ මේ කරන පිනම ඇති නිවන් දකින්න.

    හතර අපායෙ ලොකු රවුමක් ගහල ඇවිල්ල කල්ප කාලාන්තරයටකට පස්සෙනම් කවදහරි නිවන් දකින්න පුලුවන් වෙයි.දේවදත්තටත් කරපු පව් ගෙවල ආවට පස්සෙ නිවන් දකින්න ලැබෙනව කියලනෙ තියෙන්නෙ.
     
    • Like
    Reactions: Superuser
    Jul 5, 2012
    1,773
    265
    0
    හතර අපායෙ ලොකු රවුමක් ගහල ඇවිල්ල කල්ප කාලාන්තරයටකට පස්සෙනම් කවදහරි නිවන් දකින්න පුලුවන් වෙයි.දේවදත්තටත් කරපු පව් ගෙවල ආවට පස්සෙ නිවන් දකින්න ලැබෙනව කියලනෙ තියෙන්නෙ.


    මොනවද මෝඩයෝ උඹ දොඩවන්නේ, උඹ "අරහත්" කියන නාකි චීවර දාරියා ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් නැහැ කියල, සූත්‍ර දෙකක් පටලවගෙන නියම "අරහත්වය" ලෝකෙටම පෙන්නලා තියෙන බව ස්කයිලාක් බොහොම පැහැදිලිව විස්තරකර තියෙද්දි උඹට ඉතිං කට උත්තර නැතුව මරු කියවනවා නේද? බය වෙන්න එපා උඹේ ඔය හොර ගණයාත් වහරක ගිය මාර්ගයේම ගිහින් ලෝකුඹු නිරයේ කල්ප ගානක් පැහෙන තැනට දැනටම වැඩ සිද්ද වෙල ඉවරයි!:lol::lol:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;22197281 said:
    මොනවද මෝඩයෝ උඹ දොඩවන්නේ, උඹ "අරහත්" කියන නාකි චීවර දාරියා ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් නැහැ කියල, සූත්‍ර දෙකක් පටලවගෙන නියම "අරහත්වය" ලෝකෙටම පෙන්නලා තියෙන බව ස්කයිලාක් බොහොම පැහැදිලිව විස්තරකර තියෙද්දි උඹට ඉතිං කට උත්තර නැතුව මරු කියවනවා නේද? බය වෙන්න එපා උඹේ ඔය හොර ගණයාත් වහරක ගිය මාර්ගයේම ගිහින් ලෝකුඹු නිරයේ කල්ප ගානක් පැහෙන තැනට දැනටම වැඩ සිද්ද වෙල ඉවරයි!:lol::lol:

    උඹ දැනටමත් අපායට ගිහින් ඉවරයි.බුදුහමුදුරුවො වැඩියත් උඹව අපායෙන් බේරගන්න බෑ.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මේ ද්වතා අනුස්සතිය කියන එක බුද්ධ දේශනාවේ දස අනුස්සතියෙන් බොහොම වැදගත්ම ඉතාමත්ම වැදගත් දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. නමුත් අද මේ ද්වතා අනුස්සතිය තේරුම් නොගත්ත මිනිස්සු තේරුම් ගන්නට බැරි වූ පෘථග්ජන මිනිස්සු, පොත් වල බොහෝ දේවල් ලියලා මේ ද්වතා අනුස්සතියට කොම්බුවක් දාලා ද්වතාවය දේවතා අනුස්සතිය හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේක හොඳටම තේරුම් ගත යුතු දෙයක්. මේ ද්වතාවය තේරුම් ගන්න බැරි උනාම මධ්‍යකාලීනව, මධ්‍යකාලීනව විතරක් නෙවේ, මේ බොහොම උසස් යතිවරු කියපු කියලා රටේ අදටත් පිළිගන්න බොහෝ උගත් වියත් මහා මේ නාහිමි වරු වගේ කියන අය මේ ද්වතාවය කියන එකට කොම්බුවක් එකතු කරලා මේ දේවතා අනුස්සතියක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ත්‍රිපිටකය පරිවර්තනය කිරීමේදී මාගධි භාෂාවෙන් තියෙනවා තව ද්වතා අනුස්සතිය නමුත් සිංහල භාෂාවෙන් තියෙන්නේ දේවතා අනුස්සතියක් ඒ වෙනුවට.

    https://www.youtube.com/watch?v=-f1BCNbTgYs
    ගිහි ජීවිතේදී නොයෙක් විදිහට කල් ගතකරපු මහානාම ශාක්‍ය රජු වගේ පුද්ගලයින් විසින් "නොයෙක් විදිහට වාසය කරන අප කුමන අයුරකින් වාසය කළ යුතුද?" යනුවෙන් බුදු රජාණන්වහන්සේගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුර විදිහට තමයි බුදු රජාණන්වහන්සේ දේවතා අනුස්සතිය ඇතුලු අනුස්සති හයක් දේශනා කළේ. එහිදී මහානාම ශාක්‍යයා අහන්නේ නිවන් අවබෝධ කරගන්නේ කෙසේද කියල නෙවෙයි. එමනිසා ගිහි ජීවිතයේ ඉන්න කුල පුත්‍රයෙක් හටත් වැඩීමට සුදුසුවන අනුස්සති හයක් බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා.

    වහන්ස, නානා විහරණයෙන් වසන එ අප විසින් කවර විහරණයෙකින් විසිය යුතු වේ දැයි.

    මහානාමයෙනි, මැනැව, මැනැව, යම් හෙයෙකින් තෙපි තථාගතයන් කරා එළඹ ‘වහන්ස, නානාවිහරණයෙන් වසන අප විසින් කවර නම් විහරණයෙකින් විසිය යුතු වේ දැ’යි පුළුවුස්නවු නම්, මහනාමයෙකි, තෙල කරුණ කුලපුත් වන තොපට නිසි වේ මැ ය.

    ...

    තවද මහානාමයෙනි, තෙපි “චාතුර්‍මහාරාජික දෙවියෝ ඇත, තාවතිංස දෙවියෝ ඇත, යාමදෙවියෝ දෙවියෝ ඇත, නිර්‍මාණරති දෙවියෝ ඇත, පරනිර්මිත වශවර්ති දෙවියෝ ඇත, බ්‍ර‍හ්මකායික දෙවියෝ ඇත, ඉන් මතුයෙහිදු දෙවියෝ ඇත. යම්බඳු ශ්‍ර‍ද්ධායෙකින් සමන්වාගත එ දේවතාවෝ මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍ර‍ද්ධායෙක් විද්‍යාමාන ය. යම් බඳු ශීලයෙකින් සමන්වාගත ඒ දේවතාවෝ මින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු සිල් විද්‍යාමාන ය. යම් බඳු ශ්‍රැතයෙකින් සමන්වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රැතයෙක් විද්‍යාමාන ය. යම් බඳු ත්‍යාගයෙකින් සමන්වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ත්‍යාගයෙක් විද්‍යාමාන ය. යම්බඳු ප්‍ර‍ඥායෙකින් සමන්වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ප්‍රඥායෙක් විද්‍යාමාන ය”යි දේවතාවන් අනුස්මරණය කරන්නාව යි.

    මහානාමයෙනි, යම්කලෙක අරීසවු තමන්ගේ ඒ දේවතාවන්ගේ ද ශ්‍ර‍ද්ධා හා ශීල හා ශ්‍රැත හා ත්‍යාග හා ප්‍ර‍ඥා හා සිහි කෙරේ නම් එකල්හි ඔහට රාගයෙන් මැඩුණු සිත් නො මැ වේ, ද්වේෂයෙන් මැඩුණු සිත් නො මැ වේ, මෝහයෙන් මැඩුණු සිත් නො මැ වේ. එ සමයෙහි ඔහුගේ සිත දෙවියන් ඇරබ ඍජුගත වෙයි. මහානාමයෙනි, ඍජු සිත් ඇති අරීසවු අර්ථවේදය ලබනේ ය. ධර්‍මවේදය ලබනේ ය. ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබනේ ය. ප්‍ර‍මුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිමනස් ඇතියහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුඛ ඇතියහුගේ සිත සමාධිගත වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍ර‍ජායෙහි සමප්‍රාප්තව වෙසේ යයි ද දුක් සහිත ප්‍ර‍ජායෙහි නිදුක් ව වෙසේ යයි ද ධර්‍මස්‍රොතයට පැමිණියේ දේවතානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබෙ යි.

    මහානාම සූත්‍රය
    http://www.thripitakaya.org/tipitakaya/Index/581?s=10301
    නැවත නන්දිය සූත්‍රයේද වෙනස් අයුරකින් දේවතානුස්සතිය ගැන සඳහන් වෙනවා.

    තවද නන්දියෙනි, තෙපි යම් ඒ දේවතා කෙනෙක් කබලිඞ්කාරාහාරභක්ෂක දෙවියන්ගේ සහවාසය ඉක්ම අන්‍යතර මනොමය කයකට එළඹියාහු නම් ඔවුහු තමන් කරණී නො ම දක්නා හ. කෘතයාගේ හෝ නැවත කිරීමක් නො දක්නාහයි දේවතාවන් සිහි කරව.

    නන්දියෙනි,යම් පරිදි අසමයවිමුක්ත (=ඛීණාසව) මහණෙක් තමන් කරණී වේවයි කෘතයාගේ නැවත කිරීමක් වේවයි නො දක්නේ ද, නන්‍දියෙනි, එපරිද්දෙන් ම යම් ඒ දෙවතා කෙනෙක් කබලිඞ්කාරාහාරභක්ෂක දෙවියන්ගේ සහවාසය ඉක්ම පියා අන්‍යතර මනොමය කායකට එළඹියාහු නම් එ දේවතාවෝ තමන් කරණී හෝ කෘතයාගේ නැවත කිරීමත් හෝ නො දක්නා හ. නන්‍දියෙනි, මෙසේ ම තොප විසින් දේවතාවන් ඇරබ අධ්‍යාත්මයෙහි සිහි එළැවිය යුතු. නන්දියෙනි, මෙ එකොළොස් දහමින් සමන්වාගත අරීසවු ලමු අකුසල් දහම් හරණේ ම ය. උපාදාන විසින් නො ගන්නේ ම ය.

    නන්දිය සූත්‍රය
    http://www.thripitakaya.org/tipitakaya/Index/581?s=10303
    නමුත් බුදු රජාණන්වහන්සේ ද්‌වයතානුපස්‌සනා සූත්‍රය දේශනා කරන්නේ භික්ෂූ සංඝයාට නිවන උදෙසාමයි. ඒ අයුරින්ම දේශනාව අවසානයේදී ස්වාමීන්වහන්සේලා සැට නමක් පමණ අරහත්වයට පත් වෙනවා.

    මහණෙනි, අනවද්‍ය වූ ආර්‍ය්‍යවූ නිර්යාණයට හිතවැ වැටෙන (අර්හත්‍ව සඞ්ඛ්‍යාත) සම්බොධිය එළවනසුලු යම් (සප්තත්‍රිංශද්බෝධිපාක්ෂික නොහොත් පර්‍ය්‍යාප්ති සඞ්ඛ්‍යාත) ධර්ම කෙනෙක් වෙත් ද, අනවද්‍ය වූ ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ සම්බෝධියට පමුණුවනසුලු එ ධර්මය අසනු තොපට කවර ප්‍රයෝජනයෙක් ඇද්දැ’යි (කුමට තෙපි ඒ දහම් අසවු දැ යි) මහණෙනි, මෙසේ පුළුවුස්නාහු වෙත් නම්, ඔහු මෙසේ (ප්‍ර‍ත්ත්‍යුත්තරමුඛයෙන්) කියැයුතු වන්නාහ: (ලෞකික-ලෝකෝත්තර විසින්) ද්විවිධ කොට දක්වනලද ධර්මයන්ගේ ම යථාභූත (අවිපරීත) ඥානය සඳහා”යි.

    ...

    භාග්‍යවතුන් වහන්සේ මෙ ද්වයතානුපස්සනා සූත්‍ර‍ය වදාළ සේක. සතුටු සිත් ඇති එ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ: වැලි මෙ වෙය්‍යාකරණය දෙසනු ලබත් ම සැටක් පමණ මහණුන්ගේ සිත් උපාදාන විසින් නො ගෙණ ආස්‍ර‍වයන්ගෙන් මිදුනාහ යි.

    ද්‌වයතානුපස්‌සනා සූත්‍රය
    http://www.thripitakaya.org/tipitakaya/Index/610?s=21157
    බුදු රජාණන්වහන්සේගේ දස අනුස්සති පිළිබඳ දේශනාව ඇත්තේ අංගුත්තර නිකායේ එකක නිපාතයේ එක ධම්ම පාළියේ. එම දස අනුස්සතියත් සංඝයා වහන්සේට නිවන පිණිසම දේශනා කර වදාරණ ලද්දක්.

    මහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්තයෙන් (සසර) කළකිරීම පිණිස, (සසර) නොඇලීම පිණිස (රාගාදීන්ගේ) නිරොධය පිණිස (කෙලෙස්) සන්හිඳීම පිණිස (අනිත්‍යාදිවශයෙන්) වෙසෙසා දැනුම පිණිස සිවුසස් පිළිවිඳීම පිණිස නිවන් පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: බුද්ධානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්තනිර්වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බොධිය පිණිස නිර්වාණය පිණිස පවත්නේ ය.

    ...

    මහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ එකාන්ත නිර්වෙදය පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බොධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: ධර්‍මානුස්මෘතිය යි. ... සඬ්ඝානුස්මෘතිය යි. ... ශීලානුස්මෘතිය යි. ... ත්‍යාගානුස්මෘතිය යි. ... දෙවතානුස්මෘතිය යි. ... ආනාපානස්මෘතිය යි. ... මරණානුස්මෘතිය යි. ... කායගතස්මෘතිය යි. ... උපශාමානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්ත නිර්වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බොධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය.

    අංගුත්තර නිකාය > එකක නිපාත > එක ධම්ම පාළි
    http://www.thripitakaya.org/tipitakaya/Index/175?s=21817
    මෙහි දේවතානුස්සති කියන වචනය පමණක් මිසක් මහානාම සූත්‍රයේ හෝ නන්දිය සූත්‍රයේ වගේ චාතුම්මහාරාජික, තව්තිසා... මනෝමය කායික දෙවියන් ගැන විස්තරයක් දේශනා කොට ඒ අනුව සිහිය පිහිටුවන්න කියා බුදු රජාණන්වහන්සේ දේශනා කර නැහැ.

    මහානාම සහ නන්දිය සූත්‍රයන් නිවන් අවබෝධය පමණක්ම නොසොයන කුල පුත්‍රයන් උදෙසා දේශනා කර ඇති බවත්,
    ද්වයතානුපස්සනා සූත්‍ර‍ය සහ එක ධම්ම පාළියේ දේශනාවන් අතිශයින්ම නිවන් අවබෝධය පිණිස සංඝයා වහන්සේ උදෙසා දේශනා කර ඇති බවත් පැහැදිලියි.

    මහානාම සහ නන්දිය සූත්‍රවල වගේ චාතුම්මහාරාජික, තව්තිසා... මනෝමය කායික දෙවියන් අනුව සිහිය පිහිටුවන්න කියා බුදු රජාණන්වහන්සේ දස අනුස්සති දේශනාවේ පැහැදිලි කර නැති වුනත්,
    1950 ගණන් වල සකස් කළ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේත්,
    එම ත්‍රිපිටකය සැකසීමට ඇතැම් අවස්ථාවල ගුරු කරගන්නට ඇති විශුද්ධිමාර්ගය කියන මධ්‍යකාලීනව විසූ බුද්ධඝෝෂ හිමි ලියපු පොතේත් කිසිම පදනමක් නැතිව දස අනුස්සතියට දේවතා අනුස්සතියක් ඇතුලත් කර තිබෙනවා.

    පළමු ධර්ම සංගායනාවේ එක අරමුණක් වුනේ එකම අරමුණක් කරා යන ධර්ම කොටස් එකම මාතෘකාවක් යටතට ගැනීම.


    බුදුරදුන් විසින් දෙසුවා වූ ධර්මය නොයෙක් ජාතියෙ මල් එක මලසුනක සැලුවා සේ ඒ ඒ සත්ත්වයින් උදෙසා දෙසාලූ හෙයින්, දැන් මම ධර්ම සංගායනාවක් කරවනු කැමැති වෙමි. යනුවෙන්, ධර්මය විසිර පැවැති බැවින් ඒකරාශි කිරීමේ අරමුණින් මහා කාශ්‍යප මාහිමියන් විසින් ධර්ම සංගායනාවක් පැවැත්වීමට සූදානම් වූ බව කියැවෙයි.

    බුද්ධාගමේ ඉතිහාසය - විකිපීඩියා
    https://si.wikipedia.org/wiki/බුද්ධාගමේ_ඉතිහාසය
    නිවන් අවබෝධය පමණක්ම නොසොයන කුල පුත්‍රයන් උදෙසා දේශනා කර ඇති ධර්මයත්, අතිශයින්ම නිවන් අවබෝධය පිණිස සංඝයා වහන්සේ උදෙසා දේශනා කර ඇති ධර්මයත් එකම මාතෘකාවක් යටතට ගෙන ඇති 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටකයත්, විශුද්ධිමාර්ගයත් පළමු ධර්ම සංගායනාවේ අරමුණු ඉෂ්ට කරන්නේ නැති බව පැහැදිලියි. හැබැයි දස අනුස්සති දේශනාවේ සැබවින්ම තිබිය යුතු ද්වතා අනුස්සතිය මුලට කොම්බුවක් යොදා එය දේවතා අනුස්සතියක් කර නොගත්තානම් මේ අවුල ඇතිවන්නේ නැහැ.

    මේ අනුව මීවනපලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේ විසින් ඉතා පැහැදිලිව පෙන්වා දෙන ද්වතා අනුස්සතිය ඇතුලත් දස අනුස්සති දේශනාව පරම සත්‍යයක්ම වෙනවා. උන්වහන්සේගේ සියලුම පරම සත්‍ය දේශනාවන් නිවන් පිණිසම පවතින බව නුවණෑත්තෝ විමසා බලා වටහාගනීවා.

    2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට හෝ ඒ සකස් කළ ස්වාමීන්වහන්සේලා ගැනද නුවණෑත්තෝ විමසා බලා වටහාගනීවා, නිකරුණේ ගර්හා නොකරත්වා.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ගිහි ජීවිතේදී නොයෙක් විදිහට ..Blah Blah ..yada.. yada...

    මේ අනුව මීවනපලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේ විසින් ඉතා පැහැදිලිව පෙන්වා දෙන


    :P:P:P

    Nicholas-Cage-Tries-Not-To-Laugh.gif