වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්

වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්

වලස්මුල්ලේ අභය හිමිගේ ප්‍රධානත්වයෙන් කැනඩාවේ වැන්කූවර් නගරයේ පවත්වන්නට යෙදුණු ධර්ම සාකච්ඡා මාලාව දැක්වෙන වීඩියෝ පෙළින් එක් වීඩියෝවක් පහත දැක්වෙනවා. එක දිගට දින කිහිපයක් බොහෝ කතාකිරීම පුද්ගලයෙකුට අපහසු ක්‍රියාවක්. එබැවින් එම වීඩියෝවේ දැක්වෙන සාකච්ඡා කොටසේ යම් ප්‍රමාණයක් වලස්මුල්ලේ අභය හිමි ඉදිරිපත් නොකොට එහිමියන් පසෙක සිටියදී පඤ්ඤාලංකාර නම් හිමි නමක් විසින් ඉදිරිපත් කරන අයුරු දැකිය හැකියි. දහම් පද සෑදී ඇති ආකාරය අනුව එම පද වල අර්ථ මෙසේත් වේ, මෙසේත් වේ ආදී ලෙස වටහා ගත හැකි යැයි කෙරෙන විස්තරයක් එම වීඩියෝවේ දැක්වෙනවා.



ආදරය යන වචනයේ අර්ථය එම වචනය සෑදී ඇති ආකාරය අනුව මෙසේ යැයි පඤ්ඤාලංකාර හිමි විස්තර කරන අයුරු වීඩියෝවේ කාලය 01:36:39 න් පමණ ඉදිරියට ආසන්නයේ දැක්වෙනවා. එහිමියෝ මෙසේ පවසනවා:

<quote>
අර කියන්නෙ, ආ ආ දර... මං ඔයාට ගොඩාක්... ආ ආ දර කියලා මොකක්ද එන්නේ? දරනෙ දාන්නෙ. දර කොහෙටද දාන්නෙ?

[* පඤ්ඤාලංකාර හිමි තම දකුණු අතින් තම පපුවට තට්ටු කර ගනියි.]

එහෙනං ආ ආ දර කියලා ආදරය කරන කොට හිතේ ගින්න වැඩි වෙනවද, නිවෙනවද? දැං හිතේ ගින්නක් තියෙනවා රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි. මේ ගිනි තුන මේන්ටේන් කරන්ඩ නං මොනවද දාන්ඩ ඕනැ? දර දාන්න ඕනැ. එහෙනං ඒ දර දාන්නෙ ආ ආ දර... ආදර කියලා දර දැම්මද, නැද්ද?


දැං වැඩිම දර දාපු කෙනා නිසා නේද වැඩිය ගිනි ගන්නේ? පරණ කාලෙ අත හැරපු කෙනා හින්දා දැන් ගිනි ගන්නවද? නෑ නෙ. තේරුණා නේද?


ආ ආ දර, ආදර. දැක්කනෙ ඒක ඇතුළෙ තියෙනවා?


...


එහෙනං අන්න ඒක ඇතුළෙම තියෙනවා, හිතේ ගින්නට මේන්ටේන් කරන්ඩ දර දානවට කියනවා ආ ආ දර... ආදර.


ඉතින් කවුරු හරි [බලලා?] ඔය වචනෙ කොහෙන්ද ආවෙ, ඔය පිස්සුද මන් දන්නෑ ඔහොම වචන කියනව කියලා දැන් බණින්ඩ පුළුවන් නෙ කාට හරි. බැණ්නාවෙ! මේ ධර්මය තේරිච්ච අයට දන්නවා ආදරය කරන්ඩ කරන්ඩ දර දානවා වැඩියි. දාපු දර ටික දැන් නිවා ගන්ඩ තමයි හදන්ඩ වෙන්නෙ. ...
</quote>

පඤ්ඤාලංකාර හිමිගේ එම විස්තරයෙන් කියැවෙන්නේ හිතේ ගින්න පවත්වා ගැනීමට දර දැමීම ආදර යන්නෙන් දැක්වෙන බවයි. ආදර යන වචනයේ අර්ථය එසේ දැකිය යුත්තේ එම වචනය ආ ආ දර යන පද එක් වීමෙන් සැදී ඇති ආකාරය අනුව බවයි එහිමියන් ඒ විස්තර කරන්නේ.

පහත දැක්වෙන්නේ මවිසින් ලියන ලද කවියක්:

සසර සයුර තරණය දුෂ්කර වේය
ඒ සඳහා බණ පද ශ්‍රවණය වේය
සමහර කථා ඇසුවම සිනහා යාය
නළුවන් විකට මෙලොවට ඕනෑ නෑය


මෙම ලිපිය කියවන්නෝ පහත දැක්වෙන වීඩියෝවද නරඹත්වා!




Skylark
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්


මෙම ලිපිය කියවන්නෝ පහත දැක්වෙන වීඩියෝවද නරඹත්වා!




Skylark


:D:D