Protect our Snakes | අපේ_සර්පයෝ

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    සර්පයෝ කියන්නෙ අපි කතා කරන්න අකැමති මාතෘකාවක්. උරගයන් ගැන වුනත් ඒ කතාවෙ කිසි වෙනසක් නෑ. ඒත් සර්පයන් ගැන උනන්දුවක් ආසාවක් ඇති වෙන්න ප්‍රධානම හේතුවක් වුනේ මුහුණු පොතේ තියෙන "අපේ සර්පයන් රැකගමු" කියන සමූහයට ගොඩවුනාට පස්සෙයි. ඇත්තෙන්ම දන්න කාලෙක ඉඳන් සර්පයන්ට බයක් පිළිකුලක් තිබුනත් මේ සමූහය නිසා ඒ හැඟීමත්, සර්පයන් ගැන තියෙන සියළු ආකාරයේ වැරදි වැටහීමුත් නැති කර ගන්න උපකාරයක් වුනා. මේක ඕනෙම කෙනෙක්ට පොදු කාරණයක්. කවුරුත් සර්පයනට උන්ගේ තරාතිරම මොකක් වුනත් බය වෙලා උන්ගෙන් අපිට කරදරයක් වෙයි කියන සැකය නිසා මරා දාන්නයි කල්පනා කරන්නේ. ඒ වුනාට මේ රටේ සර්පයින් කීප දෙනෙක් හරුණු කොට බොහෝමයක් සර්පයින් නිර්විශ ගණයටයි අයත් වෙන්නේ. උඝ්‍ර විෂ සර්පයින් 4 දෙනෙක් හැරුනම තවත් මඳ විෂ සහ සුළු විෂ සර්පයින් කිහිප දෙනෙක් හැරුනම ඉතිරි සියල්ලෝම නිර්විෂ සතුන්. උඝ්‍ර වුනත්, නිර්විෂ වුනත් මේ සියලුම සර්පයන් විනෝදයට හරි දිවි පැවැත්ම උදෙසා හරි ආහාරය වෙනුවෙන් හරි මිනිසුන්ට දෂ්ටණය කරන්නේ නම් නෑ. ඒ සියළුම දශ්ටන තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් සිදු කරන්නක්; තමන්ගේ ජීවන රටාවට බාධාවක් තර්ජනයක් වුනොත් පමණක් සිදු කරන්නක්. මේ නිසා සර්පයෙක් දුටු සැණින් ඔවුන්ව මරණයට පත් නොකර පරිස්සමෙන් අල්ලාගෙන කැලෑවකට නැත්තන් ගෙවත්තටම මුදා හරින්න කටයුතු කරන්න ඕනේ. මොකද සමහර සර්පයන් ගෙවතු වල සිටීම ගොඩක් වැදගත්, නිර්විෂ ඈයො එහෙම.

    ඉතින් මේ නූලෙන් මම බලාපොරොත්තු වෙන්නේ කවුරුත් වැඩි උනන්දුවක් නොදක්වන, ඒත් ඉතාමත් වැදගත් වෙන ලංකාවේ නිතර අපිට හමු වෙන සර්පයන් ගැන තොරතුරු ඉහත කියපු මුහුනු පොත් සමූහයෙන් අරගෙන කවුරු එක්කත් බෙදා හදා ගන්න එක. නිකරුනේ අහිංසක සත්තු මරණ එක වළක්වන්නයි මුහුණු පොතට ගිහින් සර්පයෝ ගැන ඉගෙන ගන්න තියෙන උනන්දුවක් නැති අය වෙනුවෙනුයි මේ උත්සාහය ගන්නේ.

    තෙල් කරවලා | උඝ්‍ර විෂ
    හඳුනා ගන්න පුළුවන් ක්‍රමය තමයි මේගොල්ලනේ පිටේ හරස් අතට තියෙන තියෙන ඉරි රටාවයි, කොරළ පිහිටුමයි හිසයි.

    කළු පැහැති ශරීරයේ හරස් අතට යුගල විදියට වැතිල තියෙන සුදු ඉරි තමයි ප්‍රධානම විදිය හඳුන ගන්න. මේ හරස් පටි ඝන කමින් අඩුයි.
    අනිත් කාරනාව තමයි හිස සිරුරේ ප්‍රමානයටම වගේ තමයි තියෙන්නේ කිසි විශාල වීමක් නැතිව.
    19554847_10213260632413061_8078788195232598286_n.jpg


    තවත් සුවිශේෂී කාරණාවක් තමයි මුන්ගේ පිට මැදින් දිවෙන කොරල පේලිය ශඩාස්‍රාකාරයි.
    2056.jpeg


    මුදු කරවලා | උඝ්‍ර විෂ
    මේ අය හඳුනා ගන්න කලින් කීවා වගේ හරස් ඉරි යුගල බැගින් නොතිබුනාට සම දුරින් වගේ හරස් සුදු ඉරි රටාවක් තමයි තියෙන්නේ. නමුත් සුපුරුදු පරිදි හිස සිරුරේ ප්‍රමාණයට ම තිබීමයි, පිට මැද කොරළ ශඩාස්‍රාකාරව පිහිටීමෙනුයි මෙයා මුදු කරවලෙක් කියලා හඳුනා ගන්න පුළුවන්. මුදු කරවැලාගේ හරස් පටි ඝන කමින් වැඩි.
    19732127_10213260636733169_7187115553987759946_n.jpg


    තිත් පොළඟා | උඝ්‍ර විෂ
    පිටේ තියෙන රටාවෙන් තමයි මෙයාව හඳුන ගන්න ලේසිම.
    19554161_847869822031248_8619254917609025060_n.jpg


    19702465_847869882031242_6669936517642162533_n.jpg


    පොලොංතෙලිස්සා / කුණකටුවා | මද විෂ
    හිසේ හැඩයත් පුල්ලි රටාවත් උපයෝගී කර ගන්න පුළුවන් මෙයාව හඳුනා ගන්න.
    18813857_1041441079320680_6294861139689855615_n.jpg


    18814077_1041441019320686_6112902646788289896_n.jpg


    පලා පොළඟා | මද විෂ
    19059405_1218566551598774_727750175287185761_n.jpg


    ඇහැටුල්ලා | සුළු විෂ
    19059909_1218566758265420_2722266736695538595_n.jpg


    නිහළුවා/මල් කරවලා | මද විෂ
    19225094_1218566761598753_2645226049008559949_n.jpg


    තුරු හාල්දණ්ඩා | නිර්විෂ
    19875268_10213414834953767_7440821954887863091_n.jpg


    කූල්ගේ හාල්දණ්ඩා | නිර්විෂ
    19059798_1218567144932048_4756740172388926161_n.jpg


    දෙපත් නයා | නිර්විෂ
    නිශාචර පාංශු වාසි සර්පයෙක්. ගොඩක් වෙලාවට දවල් කාලෙ කොලරොඩු ගල් ගොඩවල් අස්සෙ තමා ඉන්නේ. වැඩිය ක්‍රියාශීලී නැති සර්පයෙක්. හපාකන්න පනින්නෙ නැති තරම්. කලබල උනොත් හරි බය උනොත් හරි මෙයා ඇඟ පැතලි කරලා ඇඟ ද්අගර ගහගෙන ඔලුව හන්ගගන්නවා. ඊට පස්සෙ වලිගෙ පෙනේ වගේ උස්සනවා. ඒ නිසා තමයි ඒ නම වැටිලා තියෙන්නෙ. ගැඩවිල්ලු පොඩි පොඩි හිකනල්ලු හූනො ගෙම්බො වගේ අයවයි පොඩි පොඩි සර්පයන්වයි තමා කන්නෙ.
    18921903_459463811075007_5791285127922950678_n.jpg


    අරණි දත් කැටියා | නිර්විෂ
    හඳුනා ගන්න පහසුයි. බලන්න හිසේ තියෙන රටාව.
    16939418_972033336261455_7919077490015547284_n.jpg


    16831818_972034519594670_7384849097992264763_n.jpg


    19105998_10155282558240330_1790796452794704700_n.jpg


    පලාබරියා | නිර්විෂ
    19642550_10203391388661631_9098954088658691256_n.jpg


    පුල්ලි දත් කැටියා | නිර්විෂ
    19424113_10213491644264282_5867814841075095949_n.jpg


    පඳුරු හාල්දණ්ඩා | නිර්විෂ
    19145722_438767073169533_7012771964075515243_n.jpg


    19225002_438767023169538_4134695485372547999_n.jpg


    පිඹුරා | නිර්විෂ
    19105489_1218567208265375_4445274825625650377_n.jpg


    මල් රදනකයා | නිර්විෂ
    19030633_1316433251811621_2216793387582763475_n.jpg


    18922052_1316433281811618_6695793341943191060_n.jpg


    ගැට රදනකයා | නිර්විෂ
    19029563_1305480222834940_8395606678382431223_n.jpg


    ගැරඬියා | නිර්විෂ
    18556089_10212776116980478_7012699729188350807_n.jpg


    මේ ඉන්නේ ගැරඬි පැටියෙක්. කුඩා කල ගැරඬි පැටවුන්ගේ ශරීරයේ කැපී පෙනෙන ලෙස හරස් පටි පිහිටනවා. කුඩා කාලයේදී මේ වගේ දීප්තිමත් වර්ණ රටාවක් පෙනවනවා.
    18447141_821377391347158_4138000304337504052_n.jpg


    ලංකා දියබරියා | නිර්විෂ
    18118481_1527187617311791_1882019464146890765_n.jpg


    වයිරි දත්කැටියා | නිර්විෂ
    18423893_1931227397162548_3057387447386261792_n.jpg


    18485643_1931227413829213_5843586994035460924_n.jpg


    අලු රදනකයා | නිර්විෂ
    goDak denaa mei sarpayaawa mudu karawalek kiyalaa wAradiyaTa hanndhunaagena maraa daanawaa mei paTi/iri raTaawa nisaa. pAhAdiliwa wen wena hisat piTei nAti SaDaasraakaara koraLa raTaawat nisaa meyaalawa hanndhunaa ganna puLuwan.
    16603125_10211824339186628_5539131212728654503_n.jpg


    17991072_1015294831935305_6066683886299373825_n.jpg


    18056932_1015294858601969_1827134175057475738_n.jpg


    තවත් මේ වගේ සර්පයන්ගේ පැහැදිලි රූප මුහුනු පොතේ පල වෙන හැටියට විස්තර පල කරන්නම්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකෝ ඔය නිර්විෂ කියලා දාල තියෙන උන් හුගක් මම මරලා තියෙනවානේ
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    තවත් මේ වගේ සර්පයන්ගේ පැහැදිලි රූප මුහුනු පොතේ පල වෙන හැටියට විස්තර පල කරන්නම්.

    mn nam meyala gana igana gathe book kiyawala A/L project 1a.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එකෙක් දැක්කම උගේ ජාතිය ජන්මය බල බල ඉන්න බෑ බන් පන කඩාගෙන දුවනවා මිසක්.. බලහන්කො එකම වගේ උන් ගොඩක් ඉන්නවා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගොඩක් වැදගත් ලිපියක් මචං
    ඔන්න රෙප් දුන්න එහෙනං
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    අළු රදනකයා

    14947928_10210850663525345_2395298550203334698_n.jpg
    L_aulicus2.jpg


    දකුණු ආසියාවේ වැඩිම ව්‍යාප්තිය දක්වන රදනක විශේෂය ලෙස අළු රදනකයා සැලකිය හැක. ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තවී සිටින මෙම සර්ප විශේෂය නිර්විෂ කාණ්ඩයෙහිලා සලකයි. ප්‍රාථමික දන්ත වින්‍යාසයක් පමණක් ඇති රදනකයන්ට එම නම වලංගු වන්නේ මුඛයේ උඩු maxillary බාහුවේ හා යටි mandible බාහුවේ පෙර දෙසට වන්නට සාපේක්ෂව විශාලනය වූ දත් පිහිටීමයි. මොවුන් ප්‍රධාන වර්ණ රූපී ආකාර දෙකකින් හමුවේ. එනම් ශරීරයේ කිසිදු වෛරමක් නොමැති සත්වයන් හා වෛරම් ඇති සත්වයන් ලෙසයි. අළු රදනකයින් කලු /අළු මිශ්‍ර දුඹුරු පැහැයේ සිට දුඹුරු වර්ණයේ විවිද පරාසයන්ගෙන් ඇති වර්ණ වලින් හමුවේ. පැහැදිලිව කඳෙන් වෙන්වූ හිස පැතලි ස්වභාවයක් ගන්නා අතර පෙයාස් ගෙඩියක හැඩයක් ගනී. ගෙලෙහි බොහෝවිට සුදු හෝ කහ පැහැති කර වළල්ලක් පිහිටයි. ශරීරය පුරාවට සුදු හෝ ලා කහ පැහැති වෛරම් 25 ට වැඩි සංක්‍යාවක් දක්නට ලැබේ. මෙම වෛරම් උදරීය පාර්ශවික ප්‍රදේශයේ සිට ප්‍රෂ්ඨීය දෙසට වන්නට ත්‍රිකෝණාකාර ලෙස පිහිටන අතර නැට්ට දෙසට වන්නට ක්‍රමයෙන් නැතිවී යයි. ඇතැම් අවස්ථාවල සගොත්‍රී විශේෂයක් වන මල් රදනකයාගේ ඇති ප්‍රෂ්ඨීය වෛරම් මෙන්ද දක්නට ලැබේ. හිසෙහි උඩු තොල් කොරළ හා උදරීය කොරළ සුදු හෝ කහ මිශ්‍ර සුදු පැහැයක් ගනී. අළු රදනකයන්ගේ ශරීරය සිලින්ඩරාකාර වන අතර මෘදු කෝරල වලින් වැසී පවතී. වැඩුන සත්වයෙක් 40cm සිට 80cm දක්වා පරාසයකින් හමුවේ.

    නිසචාර සර්ප විශේෂයක් වන අළු රදනකයින් බොහෝ අවස්ථාවල මිනිස් වාසස්ථාන වෙත ගොදුරු සොයා ඇතුල් වේ. මොවුන්ට කපරාරු කල බිත්ති වැනි රළු ප්‍රෂ්ටවල සිරස්ව ගමන් කල හැක. ඇසෙහි සිරස් කනීනිකාවක් තිබීම මොව්න්ගේ නිසාචර චර්යා රටාව විදහා දක්වන සාධකයක් වේ. දහවල් කාලයේදී කුඩා බිත්ති කුහර, දිරා යන ලී කොටන් , ලී මඩු වැනි තැන්වල දවස ගත කරන නමුත් රාත්‍රී කාලයේදී වඩා ක්‍රියාකාරී වේ. ඉතා පරීක්ෂාකාරී සර්ප විශේෂයක් වන මොවුන් අනතුරක් දැනුන විගස දඟරයක් ගැසී ආරක්ෂක ඉරියව්වකට ශරීරය සකසා ගනී. ඇතැම් අවස්තාවල ශරීරය දඟරයක් කර හිස ඒ තුල සඟවා ගනී. නිදහස් අතින් අල්ලාගත්විට සපා කෑමට පෙළබේ.

    අළු රදනකයින් ප්‍රජනනයේදී අන්ඩජතාවය දක්වයි. වරකට බිත්තර 3ත් 11ත් අතර සංක්‍යාවක් දමන අතර අලුත උපන් කුඩා පැටවුන් දිගින් 15cmක් තරම් දිගකින් යුක්ත වේ. වර්ෂයකදී කිහිප වරක් බිජුලන අවස්තාද වාර්තාවී ඇත. ප්‍රදාන ආහාරය ලෙස හූනන් හා සිකනලුන් වැනි කුඩා උරගයින් ගොදුරු කරගනු දැකිය හැක. මොවුන්ට ඇති ප්‍රධානම තර්ජනය වන්නේ මිනිසායි. ශරීර වර්ණ හා වෛරම් නිසා උග්‍ර විෂ කරවලෙක් ලෙස වැරදි අවබෝදයකින් බොහෝ අවස්තාවලදී මොවුන්ට මිනිසා අතින් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. තර්ජනයක් දැනුන විගස දඟර ගැසී සපා කෑමට තැත් කරන බැවින් පොළගෙක් යැයිද සලකා මරා දමයි. මන්ද සමාජගත වී ඇති අසත්‍ය කරුණ වන්නේ පොළොංගු පමණක් දඟර ගැසී ඉදිරියට පැන සපා කෑමට තැත් කරන බවයි. මීට අමතරව සර්ප භක්ෂණය සිදු කරන සර්පයන්ගෙන් හා දැඩි ලෙස සිදුවන වන විනාශය මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

    සටහන - සංජය කණිෂ්ක
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ගැරඬියා | නිර්විෂ

    P.mucosa2.jpg


    නිර්විෂ සර්පයන් අතුරින් බොහෝ පිරිසක් හඳුනන සර්ප විශේෂය වන්නේ ගැරඬියායි. ශරීර ප්‍රමාණය හේතුවෙන් නාගයෙකු ලෙස වරදවා හඳුනාගත හැකි නමුත් හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පහසුවෙන් හඳුනාගත හැකි සර්පයෙක් වේ. ආසියාවේ බොහෝ රටවල ව්‍යාප්ත වී සිටින ගැරඬියා ශ්‍රී ලංකාවේද සෑම පරිසර පද්ධතියක් පාහේ ව්‍යාප්ත වී සිටින අතර ලක්වාසී සර්පයන්ගෙන් දෙවනුව දිගින් වැඩිම සර්ප විශේෂය වේ. ගැරඬියන් පිලිබඳ ජනවහරේ ඇති මිත්‍යාවන්ගෙන් ප්‍රධාන තැනක් ගන්නේ ගැරඬියා පහත් කුලයේ සර්පයෙකු බැවින් සපාකෑමක් සිදුවුවහොත් අනෙක් සර්පයන් සපා නොකන බවය. මෙහි කිසිම සත්‍යතාවක් නොමැත. පෘෂ්ටිමත් දිගු සිලින්ඩරාකාර සිරුරක් හා ගෙලින් පැහැදිලිව වෙන්වූ හිසක් හිමි මෙම සර්පයා වර්ණ පරාසයකින් හමුවේ. මින් බහුතරයක් කහ පැහැයට හුරු දුඹුරු පැහැයක් පෙන්වයි. "කහ ගැරඬි" ලෙස මොවුන් ඇතැම් ප්‍රදේශ වල හැඳින්වුවත් වෙනස් විශේෂයක් නොවේ. තවද තද දුඹුරු පැහැය හා ඔලිව් පැහැයෙන්ද හමුවේ. වැඩුණු සතුන්ගේ ශරීරයේ පෙර කොටසෙහි කිසිදු සලකුණක් හෝ වෛරම් රටාවක් නොපෙන්වයි. නමුත් අපර කොටසෙහි (නැට්ට) කොරල වටා තද කළු පැහැති මායිමක් පිහිටන හෙයින් ජාලයක (Net Pattern) පෙනුමක් දිස්වේ. කුඩා පැටවුන්ගේ ශරීරයේ ගෙලෙහි සිට නැට්ට ආරම්භ වන ස්ථානයට වන තෙක් සුදු පැහැ තිත් වලින් සෑදුනු හරස් පටි දක්නට ලැබෙන අතර වයසත් සමග ඒවාගේ දීප්තිමත් පැහැය නැති වී යයි. ඇතැම් පිරිස් මෙම හරස් පටි හේතුවෙන් උග්‍ර විෂ කරවැලෙක් ලෙසද නිරවද්‍ය නොවන ලෙස හඳුනාගැනීමට පෙළබේ. උදරීයව පැහැය සුදු හෝ ලා කහ පැහැයක් ගනී. හිසට සාපේක්ෂව විශාල අක්ෂි රව්ම් කණීනිකාවකින් සමන්විත වේ. හිසේ පාර්ශවිකව අධ්‍යධර කොරල හා යටි අධරීය කොරල (උඩු තොල් හා යටි තොල් කොරල) වල සිරස්ව පිහිටන කළු රේඛා මෙම සර්ප විශේෂය හඳුනාගැනීමට භාවිතා කල හැකි ප්‍රධාන සාධකයක් වේ.
    දිවාචරව ක්‍රියාකාරී වන ගැරඬියා ප්‍රධාන වශයෙන් භෞමික සර්පයෙක් වුවත් අර්ද රුක්වාසී සර්ප විශේෂයක් ලෙසද සලකයි. ගස් වල සංචරණය සඳහා පහසුවන ලෙස සැකසී ඇති පරිග්‍රාහක වලිගයක් ගැරඬියා සතුව ඇත. ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තියක් දක්වන ගැරඬියන් ස්වභාවික පරිසර පද්ධති මෙන්ම නාගරික පරිසර වලද දක්නට ලැබේ. බොහෝ විශාලව වැඩෙන සර්පයන් ශීත දේශගුණයක් සහිත ඉහල කඳුකරයේ ව්‍යාප්ත නොවී සිටියත් ගැරඬියන් මුහුදු මට්ටමේ සිට 2100m තරම් වූ ඉහළ කඳුකරයේද හමු වේ. මොවුන්ගේ ප්‍රධාන අහාරය වන්නේ මීයන් වැනි කුඩා ක්‍ෂීරපායි සතුන් හා ගෙම්බන්, මැඩියන් වැනි උභය ජීවීන්ය. මීට අමතරව කුරුල්ලන්, කටුස්සන් වැනි සතුන්ද කලාතුරකින් කුඩා සර්ප විශේෂ මත යැපෙන අවස්ථාද වාර්තාවී ඇත. ගැරඬියන් තමාට තර්ජනයක් දැනුන විගස පලා යෑමට උත්සාහ කරයි. යම් හෙයකින් එය අසාර්ථක වුවහොත්, දඟරයක් ලෙස ශරීරයේ ඉදිරි පෙදෙස සකසා ගෙල ප්‍රදේශය පුම්බා පිඹීමක් සමග අනතුරු හැඟවීමක් සිදු කරයි. ඉතා ඉක්මනින් කලබල වන මොවුන් නිදහස් අතින් හැසිරවීමේදී සපා කෑමට පෙළබේ. ප්‍රජනන සමය ආරම්භයත් සමගම පිරිමි සතුන් අනෙකුත් පිරිමි සතුන් හා වසම් රැකීමේ සටන් වල නිරතවන අයුරු දැකගත හැක. තම ප්‍රතිවාදියාගේ හිස කෙසේ හෝ බිම ස්පර්ශ කරවීමෙන් ජයග්‍රාහකයා තෝරා ගනී. ප්‍රජනනයේදී අන්ඩජතාව දක්වන ගැරඬියන් වරකට බිත්තර 6-14ත් අතර සංඛ්‍යාවක් මී ගුල්, පස් කන්ඩි වැනි අඳුරු ස්ථානයක බිජුලෑම සිදුකරයි. බිජුලෑමෙන් දින 60කින් පමණ පැටවුන් ඉපදීම සිදුවේ. උපතේදී පැටවෙක් දිගින් 30cm -50cm අතර දිගකින් යුක්ත වන අතර වැඩුන සතෙක් 200cm -250cm තරම් විශාලව වැඩේ. ශරීර ප්‍රමාණයෙන් ලිංගික ද්වීරූපී තාව පෙන්වන ගැරඬියන්ගේ පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා ප්‍රමාණයෙන් විශාලය.
    නිතර නිවාස ආශ්‍රිතව දක්නට ලැබෙන සර්පයෙක් නිසා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට මෙම සර්පයාට සිදුවී ඇත. භූමිතෙල් හෝ වෙනත් පෙට්‍රෝලියම් අඩංගු ද්‍රාවන මෙම සතුන් පලවාහැරීමට භාවිතා කිරීම ඉතා වේදනාකාරී මරණයක් ගෙන දෙන ක්‍රියාවකි. වන විනාශයත්, නාගයෙක් යැයි සිතා මරාදැමීම හා මාර්ග අනතුරු මෙම සර්පයාගේ පැවැත්මට ඇති ප්‍රධාන තර්ජන වලින් කිහිපයක්. දිවයින පුරා ව්‍යාප්තවී සිටින සර්පයෙක් හෙයින් ඉතා හොඳ සංරක්ෂණ තත්වයක් ගැරඬියා පෙන්නුම් කරයි. රතු දත්ත වාර්තාවේ Least Concern (LC) කාණ්ඩයට අයත් සර්පයෙක් සේ සලකයි.
    ගැරඬියා සම්බන්ද විශේෂ කරුණු
    1) 1955 වසරේදී උරග විද්‍යාඥ දැරණියගල මහතා විසින් මෙරට සිටින්නේ Ptyas mucosus maximus නම් උප විශේෂයක් ලෙස හැඳින්වුවත් වර්මාථනයේ එය භාවිතා නොකරයි.
    2) Ptyas ඝනයේ හඳුනාගෙන ඇති සර්පයන් අතුරින් වැඩිම භූගෝලීය ව්‍යාප්තියක් දක්වන විශේෂය වීම.
    3) ලංකාවේ දෙවනුවට දිගින් වැඩිම සර්ප විශේෂය වීම (දිගින් වැඩිම පිඹුරා)
    4) කසළ ශෝධනය සිදුකරන සර්පයෙක් ලෙස සැළකීම
    චායාරූප හා සටහන - සංජය කණිෂ්ක
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,974
    1,112
    113
    මමත් ටික දවසකට කලින් Thread එකක් දැම්මා ගෙදරට ආපු සර්පයෙක් අදුන ගන්න. Reply වල විදියට නම් මරලා තියෙන්නෙ නිර්විශ රදනකයා කියන එකෙක්. :(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1803529

    දැන් ප්‍රශ්නෙ මේකයි, සර්පයෙක් ආපුවාම අල්ලන් විදිය අපි දන්නෙ නෑ, කොච්චර නිර්විශ කිව්වත් පොහොර බග් එකකට වගේ දාගන්න පුදුම බයක් තියෙන්නෙ. මොකක්ද සර්පයෙක් අල්ලන්න තියන විදිය? ඒක ගැනත් කියලා දෙන්න පුලුවන්ද?
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මල් රදනකයා / කුණුමී කරවලා

    මල් රදනකයා / කුණුමී කරවලා

    13533080_591730797670017_7100245682734181521_n.jpg


    මෙයා ශ්‍රී ලංකාවට ආවේණික නිර්විෂ සර්පයෙක්.වැඩිවශයෙන් වියලිකලාපයේ වාර්තාවුවත් මෑතක සිට තෙත් කලාපයේ සමහර ප්‍රදේශවල බහුල ව්යාප්තියක් දකින්න පුලුවන්.නාගරීකරණය වූ කොළඹ අවට කොට්ටාව,මහරගම,පිළියදල,හෝමාගම,හොරණ,ගල්කිස්ස වැනි නගරබද ප්‍රදේශවලත් තරමක් බහුලව දැක තිබෙනවා.මෙයාගේ වර්ණ අලු,දුඹුරු,රතුදුඹුරු,කහ යන වර්ණ රටා කිහිපයක් දකින්න පුළුවන්.ඒඅතරින් පුල්ලි නොමැති තනිවර්ණයේ සර්පයින් දුර්ලභයි.සමහරවිට අඩි දෙකක් තුනක් අතර වැඩුනු සර්පයින්ද ඉඳහිට හමුවනවා.මෙයා හඳුනාගන්න තියෙන විශේෂතම ලක්ශණය තමයි මුඛය යටින් සමාන්තරව දිවෙන කළුපාට පුල්ලි පේලිය.නිශාචර සර්පයෙක්.දහවල කොලරොඩු,නිවෙස් ආශ්‍රිත මල්පෝච්චි,බිත්තිකුහර,වැහිපීලි,සිසිල් වියලි අඳුරු ස්ථාන වලත් ගතකරනවා.විශේෂයෙන් නිවෙස් අසල හා නිවෙස් තුළ නිතර දක්නට ලැබෙනවා.මෙයා බිත්තිවල යෑමටත් සූරයෙක්.බියවූවිට ශරීරය දරණගසා හිස සඟවා ගැනීමත් විශෙෂයි.එසේම බියවූවිට වලිගය සොලවා ශරීරය පැතලි කොට පහර දීම හෝ ඉක්මනින් සැඟවීමට තැත්කරන අතර ප්‍රථම වර අතින් අල්ලන සෑම අවස්ථාවකදීම සපාකනු ලබනවා.එය බොහෝ රදනකයිට පොදුයි.දහවල් කාලයේ දෙමලිච්චන්,පූසන් වැනි සතුන්ගේ දඩයම් වූ අවස්තාද දැකතිබෙනවා.මෙයා නිවෙස් ආශ්‍රිතව විසීමට ප්‍රිය නිසා බොහෝ විට මිනිසුන් අතින් මරුමුවට පත්වෙනවා.නොදන්නා බොහෝ දෙනා මෙම දුඹුරු පැහැති
    දිගින් වැඩුනු සර්පයින් මාපිලුන් ලෙස වරදවා මරාදමනවා.එමනිසා දිගින්වැඩුනු සර්පයින් දැකගනීම දුර්ලභයි.මෙවැනි සර්පයින් පිළිබඳ දැනුවත් වීම සහ ආරක්ෂාකරගැනීම මිනිසුන් වන අප සැමගේ යුතුකමක්...
     
    • Like
    Reactions: Ysa Karu

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මමත් ටික දවසකට කලින් Thread එකක් දැම්මා ගෙදරට ආපු සර්පයෙක් අදුන ගන්න. Reply වල විදියට නම් මරලා තියෙන්නෙ නිර්විශ රදනකයා කියන එකෙක්. :(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1803529

    දැන් ප්‍රශ්නෙ මේකයි, සර්පයෙක් ආපුවාම අල්ලන් විදිය අපි දන්නෙ නෑ, කොච්චර නිර්විශ කිව්වත් පොහොර බග් එකකට වගේ දාගන්න පුදුම බයක් තියෙන්නෙ. මොකක්ද සර්පයෙක් අල්ලන්න තියන විදිය? ඒක ගැනත් කියලා දෙන්න පුලුවන්ද?

    මේක බලන්න
    https://www.facebook.com/premasiri.peiris/videos/187173295029018/
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,328
    3,119
    113
    6°54′N 79°54′E
    මචන් තෙල් කරවලා සහ රදනකය එක වගේනේ ..ගැස්ටෝ දෙන්නම හදිසියේ අදුරගන්න අමරුය්