සර්පයෝ කියන්නෙ අපි කතා කරන්න අකැමති මාතෘකාවක්. උරගයන් ගැන වුනත් ඒ කතාවෙ කිසි වෙනසක් නෑ. ඒත් සර්පයන් ගැන උනන්දුවක් ආසාවක් ඇති වෙන්න ප්‍රධානම හේතුවක් වුනේ මුහුණු පොතේ තියෙන "අපේ සර්පයන් රැකගමු" කියන සමූහයට ගොඩවුනාට පස්සෙයි. ඇත්තෙන්ම දන්න කාලෙක ඉඳන් සර්පයන්ට බයක් පිළිකුලක් තිබුනත් මේ සමූහය නිසා ඒ හැඟීමත්, සර්පයන් ගැන තියෙන සියළු ආකාරයේ වැරදි වැටහීමුත් නැති කර ගන්න උපකාරයක් වුනා. මේක ඕනෙම කෙනෙක්ට පොදු කාරණයක්. කවුරුත් සර්පයනට උන්ගේ තරාතිරම මොකක් වුනත් බය වෙලා උන්ගෙන් අපිට කරදරයක් වෙයි කියන සැකය නිසා මරා දාන්නයි කල්පනා කරන්නේ. ඒ වුනාට මේ රටේ සර්පයින් කීප දෙනෙක් හරුණු කොට බොහෝමයක් සර්පයින් නිර්විශ ගණයටයි අයත් වෙන්නේ. උඝ්‍ර විෂ සර්පයින් 4 දෙනෙක් හැරුනම තවත් මඳ විෂ සහ සුළු විෂ සර්පයින් කිහිප දෙනෙක් හැරුනම ඉතිරි සියල්ලෝම නිර්විෂ සතුන්. උඝ්‍ර වුනත්, නිර්විෂ වුනත් මේ සියලුම සර්පයන් විනෝදයට හරි දිවි පැවැත්ම උදෙසා හරි ආහාරය වෙනුවෙන් හරි මිනිසුන්ට දෂ්ටණය කරන්නේ නම් නෑ. ඒ සියළුම දශ්ටන තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් සිදු කරන්නක්; තමන්ගේ ජීවන රටාවට බාධාවක් තර්ජනයක් වුනොත් පමණක් සිදු කරන්නක්. මේ නිසා සර්පයෙක් දුටු සැණින් ඔවුන්ව මරණයට පත් නොකර පරිස්සමෙන් අල්ලාගෙන කැලෑවකට නැත්තන් ගෙවත්තටම මුදා හරින්න කටයුතු කරන්න ඕනේ. මොකද සමහර සර්පයන් ගෙවතු වල සිටීම ගොඩක් වැදගත්, නිර්විෂ ඈයො එහෙම.
ඉතින් මේ නූලෙන් මම බලාපොරොත්තු වෙන්නේ කවුරුත් වැඩි උනන්දුවක් නොදක්වන, ඒත් ඉතාමත් වැදගත් වෙන ලංකාවේ නිතර අපිට හමු වෙන සර්පයන් ගැන තොරතුරු ඉහත කියපු මුහුනු පොත් සමූහයෙන් අරගෙන කවුරු එක්කත් බෙදා හදා ගන්න එක. නිකරුනේ අහිංසක සත්තු මරණ එක වළක්වන්නයි මුහුණු පොතට ගිහින් සර්පයෝ ගැන ඉගෙන ගන්න තියෙන උනන්දුවක් නැති අය වෙනුවෙනුයි මේ උත්සාහය ගන්නේ.
තෙල් කරවලා | උඝ්‍ර විෂ
හඳුනා ගන්න පුළුවන් ක්‍රමය තමයි මේගොල්ලනේ පිටේ හරස් අතට තියෙන තියෙන ඉරි රටාවයි, කොරළ පිහිටුමයි හිසයි.
කළු පැහැති ශරීරයේ හරස් අතට යුගල විදියට වැතිල තියෙන සුදු ඉරි තමයි ප්‍රධානම විදිය හඳුන ගන්න. මේ හරස් පටි ඝන කමින් අඩුයි.
අනිත් කාරනාව තමයි හිස සිරුරේ ප්‍රමානයටම වගේ තමයි තියෙන්නේ කිසි විශාල වීමක් නැතිව.
තවත් සුවිශේෂී කාරණාවක් තමයි මුන්ගේ පිට මැදින් දිවෙන කොරල පේලිය ශඩාස්‍රාකාරයි.
මුදු කරවලා | උඝ්‍ර විෂ
මේ අය හඳුනා ගන්න කලින් කීවා වගේ හරස් ඉරි යුගල බැගින් නොතිබුනාට සම දුරින් වගේ හරස් සුදු ඉරි රටාවක් තමයි තියෙන්නේ. නමුත් සුපුරුදු පරිදි හිස සිරුරේ ප්‍රමාණයට ම තිබීමයි, පිට මැද කොරළ ශඩාස්‍රාකාරව පිහිටීමෙනුයි මෙයා මුදු කරවලෙක් කියලා හඳුනා ගන්න පුළුවන්. මුදු කරවැලාගේ හරස් පටි ඝන කමින් වැඩි.
තිත් පොළඟා | උඝ්‍ර විෂ
පිටේ තියෙන රටාවෙන් තමයි මෙයාව හඳුන ගන්න ලේසිම.
පොලොංතෙලිස්සා / කුණකටුවා | මද විෂ
හිසේ හැඩයත් පුල්ලි රටාවත් උපයෝගී කර ගන්න පුළුවන් මෙයාව හඳුනා ගන්න.
පලා පොළඟා | මද විෂ
ඇහැටුල්ලා | සුළු විෂ
නිහළුවා/මල් කරවලා | මද විෂ
තුරු හාල්දණ්ඩා | නිර්විෂ
කූල්ගේ හාල්දණ්ඩා | නිර්විෂ
දෙපත් නයා | නිර්විෂ
නිශාචර පාංශු වාසි සර්පයෙක්. ගොඩක් වෙලාවට දවල් කාලෙ කොලරොඩු ගල් ගොඩවල් අස්සෙ තමා ඉන්නේ. වැඩිය ක්‍රියාශීලී නැති සර්පයෙක්. හපාකන්න පනින්නෙ නැති තරම්. කලබල උනොත් හරි බය උනොත් හරි මෙයා ඇඟ පැතලි කරලා ඇඟ ද්අගර ගහගෙන ඔලුව හන්ගගන්නවා. ඊට පස්සෙ වලිගෙ පෙනේ වගේ උස්සනවා. ඒ නිසා තමයි ඒ නම වැටිලා තියෙන්නෙ. ගැඩවිල්ලු පොඩි පොඩි හිකනල්ලු හූනො ගෙම්බො වගේ අයවයි පොඩි පොඩි සර්පයන්වයි තමා කන්නෙ.
අරණි දත් කැටියා | නිර්විෂ
හඳුනා ගන්න පහසුයි. බලන්න හිසේ තියෙන රටාව.
පලාබරියා | නිර්විෂ
පුල්ලි දත් කැටියා | නිර්විෂ
පඳුරු හාල්දණ්ඩා | නිර්විෂ
පිඹුරා | නිර්විෂ
මල් රදනකයා | නිර්විෂ
ගැට රදනකයා | නිර්විෂ
ගැරඬියා | නිර්විෂ
මේ ඉන්නේ ගැරඬි පැටියෙක්. කුඩා කල ගැරඬි පැටවුන්ගේ ශරීරයේ කැපී පෙනෙන ලෙස හරස් පටි පිහිටනවා. කුඩා කාලයේදී මේ වගේ දීප්තිමත් වර්ණ රටාවක් පෙනවනවා.
ලංකා දියබරියා | නිර්විෂ
වයිරි දත්කැටියා | නිර්විෂ
අලු රදනකයා | නිර්විෂ
goDak denaa mei sarpayaawa mudu karawalek kiyalaa wAradiyaTa hanndhunaagena maraa daanawaa mei paTi/iri raTaawa nisaa. pAhAdiliwa wen wena hisat piTei nAti SaDaasraakaara koraLa raTaawat nisaa meyaalawa hanndhunaa ganna puLuwan.
තවත් මේ වගේ සර්පයන්ගේ පැහැදිලි රූප මුහුනු පොතේ පල වෙන හැටියට විස්තර පල කරන්නම්.