ඔබත් කොළඹින් ඉඩමක් ගන්නද ඉන්නේ?

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔබත් කොළඹින් ඉඩමක් ගන්නද ඉන්නේ?

    ඔබත් කොළඹින් ඉඩමක් ගන්නද ඉන්නේ?

    විවිධ අවශ්‍යතා වලට ඈත අතීතයේ සිටම බොහෝ දෙනා කොළඹ නගරයට හා තදාසන්න ප්‍රදේශ වලට ඈත ගම් නියම් ගම් වලින් සංක්‍රමණය වුණා. වර්තමානය වෙන කොට අනෙකුත් ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ කොයි තරම දියුණු වුණත් තවමත් සියලු දෙයින්ම පරිපූර්ණ වෙන්නේ කොළඹ නගරය විතරයි කියන තිත්ත ඇත්ත අපිට පිළිගන්න වෙනවා. විශේෂයෙන්ම රජයේ ප්‍රධාන කාර්යයාල, පෞද්ගලික සමාගම් වල මූලස්ථාන බොහොමයක් පිහිටලා තියෙන්නේ කොළඹ නගරයේ. ඒ වගේම මාධ්‍ය ආයතන, හොඳම උපකාරක පන්ති වැනි දෑ බොහොමයක්ම තියෙන්නේත් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලයි. එම නිසා තමන්ගෙ වෘත්තීය ජීවිතේ සාර්ථක කර ගැනීම උදෙසා බොහො උදවිය තමන්ගේ ජීවිතේ විවිධ කාළ වලදී කොළඹ තාදාසන්න ප්‍රදේශ වලට තාවකාලිකව පැමිණ පසුව තමන්ගේ පවුල සමඟ මේ ප්‍රදේශ වල ස්ථිර පදිංචිය ලබා ගැනීමට සිහින මවනවා. ඒ සමහර අවශ්‍යතා වලට දින ගනන් මිඩංගු කර නොගෙන කොළඹ නගරයට ලඟා වීමේ ඇති පහසුව තකා.
    2.-house.jpg
    කොළඹින් නිවසක්. බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක්. (sathuta.net)

    කොළඹ ස්ථිර පදිංචි වීමටනම් එක්කෝ ගෙයක් මිලදී ගත යුතුයි. නැතිනම් ඉඩමක් මිලදීගෙන තමන්ම ගෙයක් තැනිය යුතුයි. සාමාන්‍ය ලාංකිකයෙක්ට ගෙයක් සාදනවා කියන්නේ ජීවිත කාලයම හරි හම්බ කළ මුදල් කැප වෙන බරපතල වැඩක්. අනික් අතට අපේ රටේ බොහොමයක්ම දෙනා වාස්තු විද්‍යාව වැනි දේ විශ්වාස කරන නිසා බොහෝ විට සිදු වෙන්නේ බැරි මරගාතේ හෝ ඉඩමක් මිලදීගෙන ගෙයක් තනන්නට හිතන එක.
    බොහොමයක් දෙනා යම් කාළයක් කොළඹට පැමිණ ජීවත් වුණත් තමන්ගේ අවශ්‍යතා වලට හා මුදලට සරිලන ආකාරයට උපරිම ලෙස ප්‍රයෝජනවත් වන කොළඹට තදාසන්න ඉඩමක් තෝරා ගැනීමට දක්වන්නේ නොහැකියාවක්. විශේෂයෙන්ම සමස්ථයක් ලෙස ගත් විට කොළඹ ඉඩම් ඉතාම මිලෙන් අධික නිසා එක්කෝ ඔවුන් ඕනෑවට වඩා දුරින් ඉඩම් මිලදී ගන්නවා. එක්කෝ ඉතා කුඩා ඉඩමක් හෝ හොඳ පොළොවක් හා ප්‍රවාහන පහසුකම් නැති තැනකින් ඉඩමක් මිළදී ගන්නවා. කෙසේ හෝ අවසානයේ සිදු වෙන්නේ තමන් බලාපොරොත්තු වූ අවශ්‍යතාවයන් හරි හැටි සිදු නොවී ජීවිතයේ ඉතිරි කාලය සුසුම් ලමින් ගත කිරීමට සිදුවීමයි.
    අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ කොළඹට ආසන්නයෙන් ඉඩමක් ගන්නට සිතන ඔබට අමාරුවේ නොවැටී එය සිදු කර ගැනීමට උදවු වෙන කරුණු කීපයක් ගෙන එන්නටයි. විශේෂයෙන් යමෙක් ඉඩමක් විකුණන විට ඒ ගැන අතිශ්‍යෝක්තියෙන් කියනවා. විශේෂයෙන් ඉඩම් විකුණන ප්‍රභවයේ වෘත්තීය මට්ටම වැඩි වෙන්නට වෙන්නට මේ අතිශ්‍යෝක්තිය ඉතාම බුහුටි ආකරයෙන් ඔබ වෙත එනවා. ඒ කරුණු කාරණා සියල්ලම බුද්ධිමත්ව ග්‍රහණය කරගෙන නැණවත්ව ඉඩම තෝරාගැනීමට මෙම කරුණු ඔබට ඉවහල් වේවි.
    කොළඹ නගරයේ මර්මස්ථාන

    යම් පුද්ගලයෙක් කොළඹ ස්ථිර පදිංචියට එන්නේ ඇයි? ඒ ලංකාවේ වෙනත් කිසිම තැනක පදිංචිව හිඳ ගන්නට බැරි යම් පහසුකම් ලබා ගැනීම සඳහා. විශේෂයෙන්ම කාර්යයාල, පාසල්, මූලස්ථාන වැනි දේට පහසුවෙන් ලඟා වීමට.
    3.colombo-map-701x541.jpg
    කොළඹ තදාසන්න ප්‍රදේශ දැක්වෙන සිතියමක්. නගර වල පිහිටීම අධ්‍යනය කරන්න. (routemaster.lk)


    සාමාන්‍ය පුද්ගලයෙක් සැළකුවොත් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ වල විශේෂයෙන්ම අදාල වන මර්මස්ථාන කිහිපයක් තිබෙනවා. විශේෂයෙන් වෙළඳ නගරය වන කොටුව හා පිටකොටුව. පැරණි කාර්යාල බොහොමයක් තිබූ කොම්පඤ්ඤ වීදිය වැනි පෙදෙස්, නව කාර්යයාල ඇති කළ බත්තරමුල්ල, උපකාරක පන්ති කේන්ද්‍රස්ථානය වන නුගේගොඩ, කොට්ටාව, පෝරේ, කඩවත හා කඩුවෙල අධිවේගී පිවිසුම් හා ඒවායේ යන බස් සේවා පටන්ගන්නා ස්ථාන වන මහරගම, කඩවත හා කඩුවෙල නගර, හා ලංකාවේ ප්‍රධානම බාලක පාසල් වන රාජකීය හා ආනන්ද විද්‍යාල, බාලිකා පාසල් වන විශාකා, දේවි බාලිකා හා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ඒවා අතරින් ප්‍රධානතම තැන්.

    4.traffic.jpg
    කොළඹ රථවාහන තදබදය. (timeslanka.com)


    කොළඹ නගරයේ වාහන තදබදය ඉතා වැඩියි. එයිනුත් පිටකොටුව හා බොරැල්ල වැනි තැන් වල තදබදය කාර්යයාල හා පාසල ඇරඹෙන හා අවසන් වෙන කාලයට පරිබාහිරවද යම් පමණකින් දැකගත හැකියි.
    කොළඹ දිස්ත්‍රික්කය තුල මේ වන විට සාමාන්‍ය වාහන ධාවන වේගය පැයට කි.මී 22ක් වන අතර 2031 වන විට එය පැ.කි.මී 15 කට අඩු වන බව අනුමාන කර තිබෙනවා. අනික් අතින් කොළඹට පදිංචියට එන බහුතරය මධ්‍යම පාන්තිකයන්. එම නිසා ඔවුන්ට තමන් ගමන් කරන හැම ගමනක්ම පෞද්ගලික වාහන වල යා නොහැකියි වගේම පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්නටද සිදු වෙනවා. බොහො දෙනා කොළඹට ඇති දුර මනින්නේ පිටකොටුවට එක් එක් මාර්ග වලින් ඇති ආසන්නම දුර අනුව.
    නමුත් මේ සඳහන් කළ තදබද වලට අසු වුණාම ඒ දුර මැනීම පුස්සක් බව ඔබට තේරේවි. ඒ අතරතුර ඔබට අර මර්මස්ථාන වලට ළඟා වෙන්නට බස් තුන හතරක මාරු වී යාමට සිදු වුණොත්? එම නිසා ඉඩමක් තෝරා ගැනීමේදී තමාට හෝ පවුලේ අයට වර්තමානයේ හෝ අනාගතයේදී වැදගත් විය හැකි මෙම මර්මස්ථාන වලට පොදු ප්‍රවාහන සේවයකින් පහසුවෙන්ම ලඟා විය හැකි ස්ථානයක් තෝරාගන්නට වගබලාගැනීම වටිනා කරුණක්.
    ඉඩමේ ප්‍රමාණය හා මිල

    ඇත්තෙන්ම කොළඹ තාදාසන්න ප්‍රදේශ වල ලාබයට ඉඩම් හොයන්නට නම් ටිකක් අමාරු‍යි. සාමාන්‍යයෙන් කොළඹ තදාසන්න ප්‍රදේශ වල නේවාසික ඉඩම් පර්චසය ලක්ෂ 30-40 සිට (නුගේගොඩ, කිරුලපන,බොරැල්ල) සිට ලක්ෂය (කිරිවත්තුඩුව, මීගොඩ) දක්වා වන ඉඩම් තිබෙනවා. විශේෂයෙන් කිව යුතු වන්නේ මේවායේ වටිනාකම උච්ඡාවචනය වන්නේ පෙර කියූ මර්මස්ථාන වලට ලඟා වීමේ ඇති පහසුතාවයට වඩා සුඛෝපභෝගී පහසුකම් වලට ඇති දුර හා වෙළඳ වටිනාකම සළකා බලායි.
    යමෙක් නිවැරදි දැක්මකින් ප්‍රදේශ පිරික්සුවහොත් ඉතා කෙටි කාලයකින් එම පහසුකම් වලට ළඟා විය හැකි ඒ තරම් මිල නොවැඩි ඉඩම් ඇති ප්‍රදේශ හඳුනාගන්නට පුළුවන්. විශේෂයෙන් සුපිරි වෙළඳ සැළකට, බස් නැවතුම් පොළට මීටර 500ක් 800ක් හෝ කිලෝමීටරයක් පමණ වුණත් පයින් ඇවිද්දාට අවැඩක් නම් සිද්ධවන්නේ නෑ. කොට්ටාව, හෝමාගම, කැස්බෑව, කඩවත, පිළියන්දල , පානදුර වගේ ප්‍රදේශ වල මේ වගේ ප්‍රදේශ තවමත් ඉතිරි වෙලා තිබෙනවා.

    5.meegoda-701x360.jpg
    (ganganilandsales.com)


    තවත් බොහෝ දෙනා වරද්දා ගන්නා දෙයක් තමයි ඉඩමේ ප්‍රමාණය. නීත්‍යානුකූලව කොළඹ හෝ තදාසන්න සීමාවේ ගෙයක් සෑදීමටනම් විශේෂ අවස්ථා හැරුණු විට පර්චස් 6 කවත් ඉඩමක් තිබිය යුතුයි. බොහෝ දෙනා උත්සාහ කරන්නේ මිළ වැඩිම තැනින් කෙසේ හෝ පර්චස් 6ක් මිලදී ගැනීමටයි.
    නමුත් ඔබ එවැන්නක නිවසක් සාදා පදිංචි වූ විට නිදහස සීමා වී ඇති බව දැනේවි. විශේෂයෙන් නිවෙස් වල තට්ටු ගණන වැඩි වන තරමට සෑදීමේ වියදම වැඩි වන බවත් කාළයාගේ ඇවෑමෙන් වටිනාකම වැඩි වන්නේ ඉඩම් වල විනා නිවෙස් වල නොවන බවත් මතක තබා ගන්න. අනෙක් අතට පර්චස් 10ක් වත් වෙනුවෙන් මහ පාරට යම් දුරක් ඇවිදීමත් බසයේ වැඩිපුර විනාඩි විස්සක් පමණ ගත කරන්නට සිදු වීමත් පාඩුවක් නොවන දේවල් බවත් සිහියේ තබාගන්න.
    ඉඩම් විකුණන්නාගේ ගැට වලින් ආරක්ෂා වෙන්න

    කොළඹ තදාසන්න ඉඩම් විකීණීම් බොහෝ විට සිදු වෙන්නේ විවිධ ඉඩම් විකුණන ආයතන මගින්, සංවර්ධනය කර කට්ටි කරන ඉඩම් ලෙසින්. ඉතින් අමතක කරන්නට එපා ඔවුන් සතුව ඉතාම දක්ෂ ප්‍රවර්ධක ක ණ්ඩායම් සිටින බව.
    ඉතා ආකර්ෂණීය ලෙස යම් ඉඩමක් මිළදී ගැනීමෙන් ඔබට සිදු වන අවාසි වසා වාසි පමණක් උළුප්පා පෙන්වන්නට දක්ෂයි. විශේෂයෙන්ම යම් ඉඩමකට යන පාර සළකුණු කරන විට බොහෝ අවස්ථා වලදී සිතියම පරිමාණයට නොඇඳීමට ඔවුන් වග බලාගනන්නවා. ඉන් අනතුරුව යම් යම් ස්ථාන වලට යාම සඳහා දුර ප්‍රමාණ ලබා දෙන්නේ ධාවන කාලයෙන්. ඉතින් සැබෑවට විමසීමේදී සමහරවිට ඔබට තේරේවි ඒවාට ඒ ආකරයෙන් ලඟා වීමටනම් ඔබ සතුව ජෙට් යානාවක් වැනි යමක්වත් තිබුය යුතු බව.
    දුර ප්‍රමාණ සටහන් කළ යුතුම තැන්වලදී ඔවුන් සඳහන් කරන්නේ සැබෑ දුරින් 2/3 ක් පමණ වන අඩු දුරක්. එම නිසා කිසි විටක ඉඩම බැලීමට යාමේදී GPS වැනි තාක්ෂණයක් භාවිතා කරන්නට අමතක කරන්න එපා. ඒ වගේම ඔවුන් යොදන ආකර්ෂණීය නම් වලටත් රැවටෙන්නට එපා (උදා – කොහුවල සුසාන භූමිය ‘නිසල අරණ’ යනුවෙන් නම් කර ආකර්ෂණීය ගේට්ටුවක් සවි කර තිබුණාට එයත් අනික් සුසාන භූමි හා සමාන සාමාන්‍ය සුසාන භූමියක්).

    6.flood-2-701x526.jpg
    (facebook.com)


    ඔබ මිළ දී ගන්නට යන ඉඩමේ පසෙහි තත්වය ගැනත් සැළකිලිමත් වෙන්නට අමතක කරන්නට එපා. කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් වලට ඉතා සුදුසු කබොක් පස් ද ඒවගේම ඉදිකිරීම අපහසු වැලි පස් ද තිබෙන තැන් තිබෙනවා. ඉඩම් විකුණන්නන් මේ සියල්ල සමානව ඔබ වෙත ගෙන හැර පානවා. කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ දෙනා අසු වෙන ඉඩම් වර්ගයක් තමයි ගොඩ කරන ලද ඉඩම්.
    ප්‍රමිතියට අනුව ගොඩ කර ඇත්නම් ඒවායේ වරදක් නැති නමුත් සමහර ඉඩම් වෙන්දේසි කරුවන් ඉතා බාල තත්වයෙන් මේවා ගොඩ කර ඇස් වසා විකුණනවා. සමහර විට ඉඩමේ වසන ලද ලිඳක් ඇති බව ඔබට වැටහෙන්නේ ඉදි කිරීම් කරන විටයි. උදාහරණයක් හැටියට කොහුවල පෙදෙසේ සමහර තැන් වල එකළ අඩි සිය ගණන් ගැඹුරු ගල් වලවල් තිබුණු බව අද දන්නේ කීයෙන් කී දෙනාද? ඒ නිසා ඉඩමක් මිළදී ගැනීම සඳහා පරීක්ෂා කිරීමට යාමේදී ඔබට ඉංජිනේරු මිතුරෙක් හෝ නෑදෑයෙක් සිටීනම් ඔවුන්ද ඔබ සමග ගෙනයන්න.
    ස්වභාවික ආපදා අවදානම

    කොළඹ නගරයට තදාසන්න පෙදෙස් වල ස්වභාවික පිහිටීම අනුව නාය යෑමේ ආපදාවක් සිදු වීමට ඇති ඉඩකඩ අවමයි. නමුත් විශේෂයෙන් කැළණි නිම්නයේ ඉඩම් තෝරා ගැනීමේදී ගංවතුර අවදානම ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් එහි ගෙවල් සෑදීමට අවසර ලබා දී තිබුණේ උස් බිම් වල පමණයි. අනික් කොටස් ගංවතුර කළාප ලෙස හඳුනාගෙන තිබෙනවා.
    නමුත් දැන් ඒ බොහෝ තැන් වල මොන යම් හෝ ආකරයකින් අවසර ලබා ගෙන ඉදි කිරීම් කර තිබෙනවා. මේ නිසා කැළණි නිම්නයේ ඉඩමක් ගැනීමේදී එහි පිහිටීම ගැන සැළකිලිමත් විය යුතුයි. කැළණි නිම්නයේත් ඉතාම සශ්‍රීක හා හොඳ පාංශු ව්‍යුහ සහිත වටිනා ඉඩම් තිබෙනවා.
    7.kelani-river.jpg
    කැළණි මිටියාවතේ ගංවතුර අවදානම දැක්වෙන සිතියමක්. (survey.gov.lk )

    නිවැරදිව පවරාගන්න

    කොළඹට තදාසන්න ප්‍රදේශ වල සිදුවන ඉඩම් කට්ටි සංවර්ධනය කර විකුණන අවස්ථාවන්හී දී බොහෝ විට කට්ටි කරන්නේ යමෙකුට අයිතිව තිබෙන පාරම්පරික ඉඩම් ය. එම නිසා ඒවාට විවිධ විවිධ පාර්ශව වල සුළු හෝ අයිතිවාසිකම් තිබිය හැකියි.
    සමහර ඉඩම් වෙන්දේසිකරුවෝ දැනට ඉඩම අයිති ප්‍රධාන හිමිකරු සමඟ පමණක් ඉඩම පවරා දීම සිදුකර අත පිසදා ගැනීමට උත්සාහ කරනවා. මෙමඟින් අනාගතයේදී යම් ප්‍රශ්ණ ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඔබ මිලදී ගන්නා ඉඩමේ අවුරුදු 30 කවත් පත් ඉරු පරීක්ෂා කර බලා සුළු හෝ අයිතීන් ඇති පාර්ශව හඳුනාගන්න. ඔවුන්ගේ අයිතිය අහෝසි වන පරිද්දෙන් ඔප්පුව පවරාගාන්න ආකාරය පිළිබඳව ඔබේ නීතීඥයා සමඟ කතා කරන්න.
    නව ප්‍රවණතා හඳුනාගන්න

    කොළඹ තදාසන්න ප්‍රදේශ වල ඉඩම් මිළ ශීඝ්‍ර ලෙස ඉහල යනවා. ඉතා ඉහළ ඉදිරි දැක්මක් ඇත්තෙකුට ඉතාම වාසි සහගත වන ආකාරයට ඉඩමක් මිළදී ගත හැකියි. ඉදිරියේදී දියුණු වන එහෙත් වර්තමානයේ ඒ තරම් දියුණුවක් නැති ප්‍රදේශයකින් ඉඩම මිළදී ගතහොත් ඉතා කෙටි කාළයකදී අඩු මිලට මිලදී ගත ඉඩමේ වටිනාකම හා අවට පහසුකම් වල තත්වය ඉතා ඉක්මනින්ම වැඩි වෙනු ඔබට දැකගත හැකි වේවි. උදාහරණ හැටියට කාර්යයාල සංකීර්ණ පිහිටුවීමට පෙර හා පසු බත්තරමුල්ල, බෙල්ලන්විල අත්තිඩිය, අධිවේගී පිවිසුම හා කොට්ටාව, මහරගම, කහතුඩුව, කඩවත, කඩුවෙල යන නගර සැලකිය හැකියි.

    8.kottawa-701x418.jpg
    කොට්ටාව අධිවේගී පිවිසුම නිසා එහි ඉඩම් වල වටිනාකම වැඩි වුණා. (nation.lk)


    සමහර විට ඔබ අත ඇති මුදල් හා ඉඩම් වල සුලභතාවය අනුව මේ උපදෙස් සියල්ලම ක්‍රියාත්මක කිරීමට යෑම ප්‍රයෝගික නොවෙන්නට පුළුවන්. එම නිසා හැකි සෑම විටම පෙර සඳහන් කළ කරුණු කාරණා හිසේ තබාගෙන වඩාත් ප්‍රායෝගික තීරණය ගන්නට වගබලාගන්න.
    :yes:
    මූලාශ්‍ර
    sundaytimes.lk
    Flood hazard mapping in lower reach of Kelani River, Sri Lanka – By J.S.M Fowze, I.P.A Gunasekara, P.P Liyanage and L.Samarakoon
    පොදු ජනතාවගේ තොරතුරු අත්පොත – නීතීඥ නිලන්ත හෙට්ටිගේ

    Copied from-roar Sinhala written by Dinindu Ekanayake
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ok thanks, ill read when free.

    i too was interested in buying land in & around colombo, at time i found what i build on that would cost more than the land.

    any idea on buying colombo apartments/ units as a investment property?
    i read there's a financial bubble & soon the prices of the luxury apartments could come down?
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මගේ හොද ඉඩමක් තියෙනවා විකුණන්න, අතුරුගිරිය හයිවේ එන්ට්‍රන්ස් එක කිට්ටුව.
    සියලු ආර්ථික මර්මස්ථාන වලට විනාඩි 20 දුර, මේ හරියේ පර්චස් එකක් යන්නේ ලක්ෂ 7-8 අතර.
    මගේ එක දෙනවා 5.50 ගානේ. පර්චස් 10ක් තියෙනවා, කවුරු හරි බ්‍රෝකර් වැඩේ කලොත් 3%ක කමිෂන් එකක් දෙනවා. :)


    කව්රු හරි ඉන්නවනම් සෙට් කරන්න කතා කරන්න
    072-3564714