ජපන් බයික් වලට මොකද වුනේ? (Part-II)

randext86

Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-II)

    අපි කවුරුත් දන්නා පරිදි ලංකාවේ ජපන් බයික් වලට කෙලවිලා තියෙන්නේ. Registration නැවතිලා, second hand මාකට් එක ෆුල් අංජබජල්, unregistered බයික් ගෙදරට ඇවිල්ල උස්සන් යනවා පොලොසියෙන්, කේස් ගොඩයි. මේවට හේතු මොනවද කවුද වගකියන්න ඕන වගේ දේවල් හිතලා බැලුවම සමහර දේවල් ගැන මට හිතුන කරුණු ටිකක් දාන්න ඕන කියල හිතුවා. මතකයේ තියෙන දේවල් තමයි ලියල තියෙන්නේ, වැරදි මොනවහරි තියෙනවනම් කියන්න. දිග වැඩි හින්ද ත්‍රෙඩ් 3 කට වෙන් කරලා දාන්නම්. මේ දෙවෙනි එක. පලවෙනි කොටසට පහල link එකෙන් යන්න.

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)

    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

    ජපන් බයික් වලට කෙලවීමට පටන් ගැනීම

    දැන් කතාව පොඩ්ඩක් වෙන පැත්තකට ගෙනියමු. 1990 ගණන් වල කොටි කොළඹ බෝම්බ තියන කාලේ ආණ්ඩුවෙන් නීතියක් ගෙනාවා full-face හෙල්මට් තහනම් කියලා. (ආහ ඔව් ඒ කාලේ ලංකාවේ යුද්ධයක් තිබිලා තියෙනවා, කොටි කියලා එවුන් වගයක් සාමාන්‍ය මිනිස්සු මර මර බෝම්බ පුපුරවමින් ලොකු යුද්ධයක් කරලා තියෙනවා. ඒ යුද්ධෙ 2009 ද කොහෙද ඉවර වුනාලු. මටත් කිව්වේ එළකිරියේ ඉන්න Cardiologist කෙනෙක්.:P:P:P) ඒ කාලේ රටේ තිබ්බ තත්ත්වෙත් එක්ක ඒ නීතිය බොහොම සාධාරණයි. හැබැයි යුද්ධෙ ඉවර වුනාට පස්සෙත් ඒ නීතිය ඉවත් කෙරුනේ නෑ, නමුත් full-face හෙල්මට් දැම්ම කියලා කාවවත් හිරේ දැම්මෙවත් දඩ ගැහුවෙවත් නෑ.

    ඔහොම කාලේ ගතවෙගෙන යද්දී රටේ රැල්ලක් විදිහට full-face හෙල්මට් දාගෙන බැංකු මංකොල්ලකන්න පටන් ගන්නවා. අපේ ඇති දක්ෂ පොලොසියට මේක මහා හිසරදයක් වෙනවා. මහදැනමුත්තා කළා වගේ මුට්ටිය බේරගන්න එළුවගෙ බෙල්ල කපන්න තීරණය කරනවා. ඒ කියන්නේ full-face හෙල්මට් තහනම් කරන්න යනවා. ඔය කාලසීමාවේදී ඒ කියන්නේ 2013දි ලංකාවේ තියෙනවා CHOGM සමුළුව හෙවත් Commonwealth Heads of Government Meeting එක. අපේ පොලොසිය ඒක පිටින් දාල නැවතත් අනු ගණන්වල ගෙනාපු full-face තහනම් නීතිය නැවත බලාත්මක කරනවා. Full-face දාගෙන යන බයික් කාරයින්ට තර්ජනය කරනවා, බය කරනවා, දඩ ගහනවා. මේකට විරුද්ධව ගොඩක් අය කතාකරනවා. ජනතා විරෝධයත් එක්ක පොලොසිය මේ ගොන් නීතිය අකුලගන්නවා. එයාල කියන්නේ මේක CHOGM සමුළුවේ ආරක්ෂාවට ගත්ත තාවකාලික පියවරක් විතරයි කියාලා. කොහොමහරි CHOGM එක ඉවරවුනාට පස්සේ full-face නීතියත් ඉවර වුනා.

    ඔහොම ගිහිල්ලා 2015දි ආණ්ඩුව මාරු වෙනවා. රටට අපමණ අගයක් ලැබෙනවා. ඔන්න ඊට පස්සේ අර අකුලගත්තු නීතිය ආයෙත් කරලියට එනවා. Full-face තහනම් කරනවා. හේතුව: බැංකු මංකොල්ලකන එක. නැවතත් බයික් කාරයින්ව පීඩනයට ලක් කරනවා. රටේ ලොකු කතාබහක් ඇති වෙනවා. Facebook ඔස්සේ සංවිධානය වෙච්ච කට්ටිය මේ ගොන් නීතියට විරුද්ධව පාරට බහිනවා. 2015 දී ගෝල්ෆේස් එකේ ලොකු උද්ගෝෂණයක් කරනවා. රට පුරා තව උද්ගෝෂණ මාලාවක් තියෙනවා. උසාවි යනවා. වාරණ නියෝගයක් ගන්නවා.

    2qjlxr5.jpg

    මේ වැඩවලට ගොඩක් පෙරමුණ ගන්නේ ජපන් බයික් පදින එවුන් (අනිත් එවුනුත් නොහිටියා නොවෙයි. හැබැයි ගොඩක් දැඟලුවේ ජපන් බයික් පදින එවුන්. Galle face උද්ගොෂණයට ගියපු එවුන් දකින්නැති High capacity බයික් සැලකියයුතු ප්‍රමාණයකුත් තිබ්බා) ඒ උද්ගොෂනයත් එක්කම බයික් කාරයෝ සංගමයකුත් හදාගෙන එක්කහු වෙනවා.

    ඔහොම කාලය ගතවෙගෙන යද්දී 2016 මුල් කාලේදී රාජගිරියේදී පාටලී චම්පිකගේ වාහනෙකුයි bike එකකුයි හැප්පෙනවා. හැප්පෙන්නේ KTM 990cc එකක්. වාහනේ එලෙව්වේ පාටලී කියලා තව කොල්ලෙක් සාක්කි දෙනවා. කට්ටිය පාටලිගෙන් ගේම ඉල්ලනවා. පාටලී, පොලොසිය සහ ආණ්ඩුව මතු කරන්න හදන්නේ බයික් එක high capacity කියන කාරණය.

    2lwrn8m.jpg

    ඉහත කාරණා දෙක අනුව හිතන්න පුළුවන් දේවල් තමයි.

    1. ෆුල්ෆෙස් කේස් එකට වැඩිපුර බැස්සේ ජපන් බයික් පදින එවුන්. ඒ හින්ද උන්ට පාඩමක් උගන්වන්න ජපන් බයික් registration නැවැත්තුවා හෝ නවත්තන්න බලපෑම් කළා.
    2. පාටලිගේ කේස් එකට සම්බන්ධ වුනේ high capacity යුරෝපියන් බයික් එකක් සහ බයික් පදින එවුන් ගොඩක් ඒ අවස්ථාවේදී පාටලිට විරුද්ධව කතා කළා. මේ කේස් එක හින්ද බයික් කාරයොන්ට කෙලවන්න හැදුවා කියලා හිතන්නත් පුළුවන්.​

    ඉන්දියානු බලපෑම

    කවුරු කොහොම කිව්වත් මහින්දව ගෙදර යවල යහපාලන ආණ්ඩුව ගේන්න ඉන්දියාව ලොකු වැඩ කොටසක් කළා කියන එක ප්‍රසිද්ද රහසක්. ඒ කරපු උදව්වට ප්‍රති උපකාරයක් විදිහට තමයි ඉන්දියාව මැදහත් වුන ගොඩාක් දේවල් සිද්ධ වුනේ. මහාපරිමාණ උදාහරණ විදිහට ETCA ගිවිසුම, ත්‍රීකුණාමලය තෙල් ටැංකි, ඉන්දියන් ඇම්බියුලන්ස්, ඉන්දීය ධීවරයින්ට අපේ මුහුදු තීරයට පැමිණීමට ඉඩ දීම වගේ දේවල් පෙන්වන්න පුළුවන්. (සමහර ඒවා ජනතා විරෝධය හමුවේ තාවකාලිකව අකුලගත්ත)

    රථවාහන සම්බන්ධ බදු කීපපාරක් සංශෝධනය වුනා මතක ඇති. ඒ හැමවෙලාවකම සිද්ධවෙච්ච දේ හිතල බලන්න. ඉන්දියන් වාහන වලට වැඩි අවස්තාවක් හිමිවෙන විදිහට සහ ජපන් වාහන වලට වැඩිපුර ටැක්ස් වැටෙන විදිහට නෙමෙයිද ඒවා සිද්ධවුණේ කියලා. පහුදිය කාලේ ඉන්දියන් වාහන අලෙවිය සීග්‍ර ලෙස වැඩිවුනා. මොකද අලුත් ජපන් වාහන ගොඩක් ගණන් ගියා. ඒ එක්කම පාවිච්චි කරපු ජපන් වාහනත් ගණන් ගියා.

    මම කලින් කිව්ව බයික් ගෙන්නන සමාගම් සමහර ඒවා ඉන්දියක් මෝටර් රථත් ගෙන්නනවා. වාහන ටැක්ස් වෙනස්වීම් ගැන හොඳට බැලුවොත් පේනවා මෙයින් එක සමාගමක් ආනයනය කරන මෝටර් රථ වලට වක්‍ර වශයෙන් promotion එකක් ලැබිලා තියෙනවා කියලා. එතකොට සාධාරණ සැකයක් එනවා ඒ කොම්පැනියේ අයිතිකාරයෝ කවුද? මොන මොන දේශපාලන සම්බන්දකම් තිබුනද? චන්දෙදි කාටද උදව් කලේ? වගේ කරුණු ගැන. මේ ගැන කාටහරි හොයල බලන්න පුලුවන්නම් හොඳයි. හරියට කරුණු දන්නේ නැති හින්ද කොම්පැනියේ නම නොකියා ඉමු. මොකද සැකයක් විතරයිනේ තියෙන්නේ.

    මේ විදිහට බලනකොට කාර් වලට වගේම ඉන්දියන් බයික් වලට තියෙන ප්‍රධානම අභියෝගය වන ජපන් බයික් වලට කෙලවන්න ආණ්ඩුවට ඕනෑකමක් තිබ්බ කියන එක පැහැදිලියි.

    මතු සම්බන්ධයි......
     
    • Like
    Reactions: Kasippu Sira

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    මාත් පලවෙනි බයික් එක විදිහට ජපන් බයික් එකක් ගන්න හිටිය.එතොකොටම reg නැවැත්තුවා.දැන් used pulsar එකක් පදින්නේ.
    anyway tfs 👌👌
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි යකෝ ලක්ෂ දහයටත් තියෙන්නේ ඉන්දියන් බයික්.japan බයික් වලට කෙලෙව්වේ ආණ්ඩුව නෙමෙයි මරි මෝඩ පෙරේත සිංහලු.උන් හිතන්නේ ලාභෙ ගැන විතරයි.ඇයි ඉතින් නැගලා පුක තියාගත්තම යන එක විතරයිනේ බලන්නේ.ලංකාවේ ගොබ්බයොන්ට අනිත් ඒවා වැඩක් නැහැ.ඉන්දියන් බයික් වලට වඩා තෙල් ඉතුරු කරන බයික් සෝමාලියාවේ ඉදන් ආවත් උන් ගන්නවා.:lol:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    මාත් පලවෙනි බයික් එක විදිහට ජපන් බයික් එකක් ගන්න හිටිය.එතොකොටම reg නැවැත්තුවා.දැන් used pulsar එකක් පදින්නේ.
    anyway tfs 👌👌

    දැන් ඉතින් ජපන් බයික් යුගය ඉවරයි:(:(. ඉන්දියන් හෝ මැලේසියන් තමයි. ඉන්දියන් වුනත් හොඳට නඩත්තු කරනවානම් අවුලක් නෑ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් ඉතින් ජපන් බයික් යුගය ඉවරයි:(:(. ඉන්දියන් හෝ මැලේසියන් තමයි. ඉන්දියන් වුනත් හොඳට නඩත්තු කරනවානම් අවුලක් නෑ.

    හිතපන් උබ japan බයික් ගෙන්නනවා කියලා.ලංකාවේ උන් ඉල්ලන්නේ ඉන්දියන් බයික්.එතකොට උබේ බිස්නස් එක දියුණු වෙයිද?ලංකාවේ උන් බලන්නෙම ලාභෙ ගැන විතරයි.ඒකට ආණ්ඩුව පළි නැහැ.එහෙනම් ඉස්සර ආණ්ඩුත් ඉන්දියන් කබල් ගෙන්නුවේ.මහින්දගේ කාලේ කොච්චර කෝච්චි එන්ජින් ගෙනාවද.ඒ ඒවා හොද හින්දද?.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    හිතපන් උබ japan බයික් ගෙන්නනවා කියලා.ලංකාවේ උන් ඉල්ලන්නේ ඉන්දියන් බයික්.එතකොට උබේ බිස්නස් එක දියුණු වෙයිද?ලංකාවේ උන් බලන්නෙම ලාභෙ ගැන විතරයි.ඒකට ආණ්ඩුව පළි නැහැ.එහෙනම් ඉස්සර ආණ්ඩුත් ඉන්දියන් කබල් ගෙන්නුවේ.මහින්දගේ කාලේ කොච්චර කෝච්චි එන්ජින් ගෙනාවද.ඒ ඒවා හොද හින්දද?.

    අම්මෝ.... උඹත් එක්ක නම් තර්ක කරන්නේ නෑ පුතෝ.... :lol::lol::lol: උඹ හැම මගුලකදිම ආණ්ඩුව සුද්ද කරන එකනේ කරන්නේ. :lol::lol::lol:

    උඹ කොච්චි ගැන කිව්වා හින්ද එක දෙයක් කියන්නම්.

    මහින්දගේ කාලේ ගෙන්නුවේ Chinese S9,S10,S11 power set (S9 මහින්දගේ කාලේද කියල හරියටම මතක නෑ) ඉන්දියන් කියලා ගෙන්නුවේ M10 සහ S12 එන්ජින් විතරයි. මහින්ද චීනෙට නැවුනා. මේ ආණ්ඩුව ඉන්දියාවට නැවෙනවා. එච්චරයි.:P:P:P
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    හිතපන් උබ japan බයික් ගෙන්නනවා කියලා.ලංකාවේ උන් ඉල්ලන්නේ ඉන්දියන් බයික්.එතකොට උබේ බිස්නස් එක දියුණු වෙයිද?ලංකාවේ උන් බලන්නෙම ලාභෙ ගැන විතරයි.ඒකට ආණ්ඩුව පළි නැහැ.එහෙනම් ඉස්සර ආණ්ඩුත් ඉන්දියන් කබල් ගෙන්නුවේ.මහින්දගේ කාලේ කොච්චර කෝච්චි එන්ජින් ගෙනාවද.ඒ ඒවා හොද හින්දද?.

    lzA5I0G.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,908
    4,501
    113
    M10 එන්ජිම විතරයි. මහින්ද චීනෙට නැවුනා. මේ ආණ්ඩුව ඉන්දියාවට නැවෙනවා. එච්චරයි.:P:P:P

    rathu pata kochchi okkoma indian ne bun? :eek:
     
    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    ඇයි යකෝ ලක්ෂ දහයටත් තියෙන්නේ ඉන්දියන් බයික්.japan බයික් වලට කෙලෙව්වේ ආණ්ඩුව නෙමෙයි මරි මෝඩ පෙරේත සිංහලු.උන් හිතන්නේ ලාභෙ ගැන විතරයි.ඇයි ඉතින් නැගලා පුක තියාගත්තම යන එක විතරයිනේ බලන්නේ.ලංකාවේ ගොබ්බයොන්ට අනිත් ඒවා වැඩක් නැහැ.ඉන්දියන් බයික් වලට වඩා තෙල් ඉතුරු කරන බයික් සෝමාලියාවේ ඉදන් ආවත් උන් ගන්නවා.:lol:
    e kaageda bn mu?paw ithin hondatama ridila
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    minissu hatiyata ekathuwelaa warajanya karaa nam indian (adumagaane) bike wahana owunta tax adu karalaa belekka wikunana eka kranna baa

    japan wahana thiyena wunuth tax wadi karanna karanna wikunanne maralaa gini ganan walatane

    me rate ena one prashanyak minissu widiyata ekathu wunoth wisadaganna bari ewa nemeyi

    minissu ehata mehata bedilaa inne ekayi bari:sorry::sorry:
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    minissu hatiyata ekathuwelaa warajanya karaa nam indian (adumagaane) bike wahana owunta tax adu karalaa belekka wikunana eka kranna baa

    japan wahana thiyena wunuth tax wadi karanna karanna wikunanne maralaa gini ganan walatane

    me rate ena one prashanyak minissu widiyata ekathu wunoth wisadaganna bari ewa nemeyi

    minissu ehata mehata bedilaa inne ekayi bari:sorry::sorry:
    Exactly
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇයි යකෝ ලක්ෂ දහයටත් තියෙන්නේ ඉන්දියන් බයික්.japan බයික් වලට කෙලෙව්වේ ආණ්ඩුව නෙමෙයි මරි මෝඩ පෙරේත සිංහලු.උන් හිතන්නේ ලාභෙ ගැන විතරයි.ඇයි ඉතින් නැගලා පුක තියාගත්තම යන එක විතරයිනේ බලන්නේ.ලංකාවේ ගොබ්බයොන්ට අනිත් ඒවා වැඩක් නැහැ.ඉන්දියන් බයික් වලට වඩා තෙල් ඉතුරු කරන බයික් සෝමාලියාවේ ඉදන් ආවත් උන් ගන්නවා.:lol:
    uba bageta kawalam ponnayekda?sinhala nm dagena sinhalunta baninne.rate ganna thiyena bike eka ganne nathuwa wena mokak gannada?ube jathiye un okkoma padinne japanese ewada?