එකම කතාවක්..චිත්‍රපට හයක්
එකම කතාවක්..චිත්‍රපට හයක්..!! "The Devotion of Suspect X" යන ජපාන නවකතාවෙහි එන කතා සංකල්පය පාදක කරගෙන මලයාලම් සිනමවේ රජු ලෙස විරුදාවලිය ලත් මොහන් ලාල් රංගනයෙන් දායක වෙන "Drishyam" නිර්මාණය වන්නේ 2013 දියි. කේබල් රුපවාහිනි සේවා සපයන්නෙකු ලෙස ජීවිකාව ගෙන යන ජෝර්ජ් කුට්ටි නම් අහිංසක ගැමියෙකුගේ පවුලට මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත අකරතැබ්බයකින් ගොඩ ඒමට තමන් බැලූ චිත්‍රපට වලින් උදාහරණය ගනිමින් පියවරෙන් පියවර ගොඩනගන සුක්ෂම සැලැස්මක් ගැනයි කතාවෙන් කියවෙන්නේ. ඉමහත් කුතුහලයක්, සංවේදි බවක් සහ ත්‍රාසයක් මැනවින් මුසු කර නිර්මාණය වූ දුර්ලභ කතා පිටපත සහ මෝහන් ලාල් ඇතුළු බොහෝ ශිල්පීන්ගේ මනා රංගන ප්‍රතිභාව නිසා, එකඳු අතාර්කික නර්තනයක් හෝ සටන් ජවනිකාවකින් තොරව කිසිදා අමතක නොවන සහ අනන්‍ය සිනමාත්මක අත්දැකීමක් ගෙන ඒමට "Drishyam" සමත් වන්නේ සියලු විචාරක සහ ප්‍රේක්ෂකචාර ආචාර සමාචාර නොඅඩුව ලබමිනුයි.
එහි සාර්ථකත්වය දකින ඉන්දියාවේ අනෙකුත් ප්‍රාදේශීය සිනමා ධාරාවනුත්, ප්‍රධාන ධාරාවේ බොලිවුඩ් නිෂ්පාදකයනුත් තම තමන්ගේ භාෂාවල් වලින් "Drishyam" ප්‍රතිනිර්මාණය කරන්නට උත්සුක වනවා. ඒ අනුව 2014 දී කන්නඩ බසින් "Drishya" සහ තෙලිඟු බසින් "Drushyam" ලෙසද, 2015 දී දමිල බසින්, "Papanasam" සහ හින්දියෙන් "Drishyam ලෙසද එය ප්‍රතිනිර්මාණය වනවා.
ඒ ඒ ප්‍රති නිර්මාණයේදී සම්භාවනීය ඉන්දීය ජාතික සිනමා සම්මාන පහක හිමිකරුවෙකු වන මෝහන් ලාල් අභියෝගාත්මක චරිතය ලැබෙන්නේ ඒ ඒ සිනමා ක්ෂේත්‍ර වල සිටින ප්‍රතිභාපුර්ණ චරිතාංග රංගන ශිල්පින් වන රවිචන්ද්‍රන්, වෙන්කටෙෂ්, කමල් හසන් සහ අජේ දේව්ගන් යන අයටයි.
මේ ශිල්පින් පස් දෙනාගෙන් ඉතා සාර්ථක කවුරුන්දැයි කියන පැනයට පිළිතුර ලෙස මෝහන් ලාල් සහ කමල් හසන් යන නම් දෙකට පැහැදිලිව ලඝු විය හැකියි. ඒත් මගේ පෞද්ගලික හැඟීම අනුව ඉතාම සියුම් හැඟීම් නිරුපනයේ දක්වන අසමසම නිපුණත්වය හමුවේ පද්මශ්‍රී මෝහන් ලාල් අභිබවා පද්මභුෂණ කමල් හසන් ඉදිරියට එනවා.
"Drishyam" පලමු වරට නරබන විටත්, ඉන්පසුව පාපනාසම් හි කමල් හසන්ගේ රංගනය දකින විටත් මා සිත් තුල හටගත් හැඟීමක් වුයේ, "යම් දෙනෙක මේ කතාව සිංහලට නැගුවහොත් එහි ප්‍රධාන චරිතයට කවරෙකු නම් සුදුසු වෙයිද" යන්නයි. සිතට ආවේ නම් දෙකයි; ශ්‍රියන්ත සහ ජැක්සන්. එයිනුත් මගේ ප්‍රියතම රංගන ශිල්පියා නිසා ජැක්සන්ට මගේ වැඩි කැමැත්ත හිමි උනා. අද ඒ කල්පනාව සැබෑවක් වෙලා. පෙර නිර්මාණ විසින් ඔසවා තැබූ ප්‍රමිතියේ උසස් බව නිසාම, කැපිටල් මහාරාජා ආයතනය විසින් සිංහලයට ප්‍රති නිර්මාණයවී හෙට දින එලි දකින "ධර්ම යුද්ධය" හමුවේ ඇති අභියෝගය සුළුපටු නැහැ. "ධර්ම යුද්ධය" අධ්‍යක්ෂණය කරන්නේ චෙය්යර් රවී නමැති දකුණු ඉන්දීය අධ්‍යක්ෂක වරයෙක්. පසුගිය දාක වියෝ වූ ඔහුගේ අවසන් නිර්මාණයද මෙය වෙනවා. ජැක්සන්, දිල්හානි සහ කුසුම් රේණු ප්‍රධාන චරිත වලට පණ පොවනවා. ඔවුන් මේ අභියෝගයට කෙසේ මුහුණ දෙයි දැයි අද සිට අපට දැන ගත හැකි වනු ඇති...
උපුටා ගැනීමකි