විෂාදය,ආතතිය ජය ගැනීමේ නව මඟ.

poomal

Member
Sep 29, 2016
170
45
0
විෂාදය,ආතතිය ජය ගැනීමේ නව මඟ.

මොළය යනු අප ශරීරයේ ඉතාමත්ම වැදගත් අවයවය වේ. අප මොළය සෑදී තිබෙන්නේ නියුරෝන නමැති විශේෂ සෛල වලිනි. මෙම නියුරෝන බිලියන 86ක් පමණ මොළයේ පිහිට තිබේ. නියුරෝන අතර පැහැදිලි හා ක්‍රමවත් සන්නිවේදනයන් සිදු වීම සඳහා මොළයට ක්‍රමවත් ඔක්සිජන් සැපයීමක් තිබීම අත්‍යවශ්‍ය සාධකයකි .අක්‍රමවත් ඔක්සිජන් සැපයීමක් මඟින් Neurotransmitters (නියුරෝන අතර සන්නිවේදනය සිදු කරන රසායනිකයන් ) අඩාල වේ. අපව ප්‍රීතියෙන් තබන හෝර්මෝන අතර steronin නම් රසායනිකය ඉදිරියෙන්ම සිටී . නිසි ඔක්සිජන් සැපයීමක් නොමැති කමින් මෙම රසායනිකයන්ගේ ශ්‍රාවය අඩාල වීමෙන් අපගේ සිතුවිලි ආතතිකමය තත්වයකට පත් වේ.මෙය පසු කාලීනව විෂාදය,ආතතිය වැනි මානසික තත්වයන් ඇති වීම කෙරෙහි තදින් බලපානු ලැබේ. නිසි ඔක්සිජන් සැපයීමක් නොමැති කමින් නියුරෝන අඩපණ වීමෙන් මෙම තත්වය උදාවේ. oxigen therapy මඟින් මෙය යථා තත්වයට පත් කර ගත හැකිය.

YSk7iRGKS2fR50T1ocjl_Imbalances_in_Neurotransmitters_Treatment_Charlotte_NC_Area.jpg


නමුත් නව නියුරෝන නිපදවා ගත හැකිනම් එයද ඉතා සාර්ථක ප්‍රතිකර්මයක් වනවා නොඅනුමානය . නමුත් ප්‍රශ්නය වන්නේ වැඩිහිටි වයසේ පාසුවන ඔබට මොළයේ නව සෛල නිපදවා ගත හැකිද ? යන්නයි.මේ වන තෙක් ඉහත ප්‍රශ්නයට පිළිතුර වුයේ නැත යන්නයි
නමුත් නියුරෝන විද්‍යාව පිළිබඳ විද්‍යාඥය Sandrine Thuret පවසන ආකාරයට මෙයට පිළිතුර තවදුරටත් "නැත යන්න නොවෙයි" . ඔබට සහතිකවම නව නියුරෝන නිපදවා ගත හැකිය යන්නයි.
මෙය ප්‍රයෝගිකව Neurogenisis නමැති ක්‍රමය හරහා සිදු කර ගත හැකි බව සනාථ කොට ඇත. මෙහි වැදගත්ම සාධකය වන්නේ Neurogenisis ක්‍රියාවලිය මඟින් සිත ප්‍රබෝධමත් භාවයකට පත්කරගැනීමට හැකි වීමත් , මහළු වීමත් සමඟ ස්වභාවිකව ඇතිවන අමතකවීම අවම කර මතකය වර්ධනය කරගැනීමටත් හැකි වීමයි.

HippocampusImage_opt.jpg


ආතතිය , නිසි නින්දක් නොලැබීම හා මහළු වීම ස්වභාවයෙන්ම මොළයේ නියුරෝන මට්ටම අඩු වීමට ප්‍රධාන හේතු සාධක වේ. පිළිකා සඳහා දෙන සමහර ඖෂධ නිසා ද මොළයේ නියුරෝන මට්ටම පහත වැටෙයි. පිළිකා සඳහා ප්‍රතිකාර ලබාගන්න රෝගීන්ට , රෝගය සුව වීමෙන් පසුවද විෂාදය වැනි තත්යවයන්ට ගොදුරු වීමේ නැඹුරුතාවය ඇති වීම සිදු වන්නේ මේ නිසාවේනි. එම ඔවුෂද පිළිකා සෛල මුලිනුපුටා දමනවා පමණක් නොව මොළයේ ඇති නීරෝගී නියුරෝනද විනාශ කර දමයි. කෘතීම මත පෙති (taba)සහ මත් ද්‍රව්‍ය (LSD,Meth,Cocaine,Heroin)මගින් සිදු වන්නේද මෙයමය.

Neurogenisis ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සඳහා අපට එදිනෙදා ජීවිතයේ ඉතා ලෙහෙසියෙන් අනුගත විය හැකි ක්‍රියාකාරකම් කිහිපයකි .

නව විෂයක් ඉගෙනීම , ලිංගිකත්වය සහ aerobic ව්‍යායාම ඉන් කිහිපයකි.

Rusty Gage of the Salk Institute for biological Studies ආයතනය මඟින් මීයන් යොදා සිදු කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත්තේ රෝද සහිත කුඩුවක සිටින , නිතර ක්‍රියාකාරී මීයන්ගේ මොළයේ නව නියුරෝන ඇතිවීම , රෝද රහිත කුඩුවක සිටින වැඩි ක්‍රියාකාරිත්වයක් නොමැති මීයන්ගේ මොළයේ නව නියුරෝන ඇතිවීම අතර ඉතා විශාල වෙනසක් ඇති බවයි. ක්‍රියාකාරිත්වයක් නොමැති මීයන්ගේ මොළයේ නව නියුරෝන ඇතිවීම නොමැති තරම්ය.

mouse-wheel.jpg

562547671400002a00c7a435.png


මෙයට අමතරව අපගේ අහාර රටාවද Neurogenisis ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සඳහා තීරණාත්මක ලෙස බල පෑමක් ඇති කරයි කරයි.

1-දිනකට අවම වශයෙන් විනාඩි 20ක් පමණ භාවනාවක නිරත වීම.
2-ප්‍රාණයාම යෝග වල නිරත වීම.
3-අප දිනකට ගන්න කැලරි ප්‍රමාණය 20%-30% අතර ප්‍රමාණයකින් අඩු කිරීම.
4-වරින් වර කරනු ලබන අහාර වර්ජන.
5-Flavonoids ලබා ගැනීම (මේවා බහුල වශයෙන් dark chocolate වල සහ bluberry වල අඩංගු වේ).
6-ඔමේග-3 මේද අම්ල පරිභෝජනය
7-අධික සංතෘප්ත මේද පරිභෝජනය සහ අධික මත්පැන් පානයෙන් තොර වීම


Neurogenisis ක්‍රියාවලිය වර්ධනය කර ගැනීමට උපකාරී වේ.
 
Last edited:

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අනිවාරෙන්ම එකඟ වෙනවා මචන්.

    Chester සහ Chris Cornell දෙන්නා සිය දිවි හානි කරගත්ත සීන් එක හින්දා මම ඔය ගැන සෑහෙන්න හිතුවා පහිගිය ටිකේ.

    හොලිවුඩ් වල බොහෝ නළු නිලියන් දැන් මානසික ආතතිය නැති කරගන්න භාවනා වල නිරත වෙනවා.



    ඒත් musicians ලට ඊට වඩා stress වැඩී. එක දිගට shows. පන යනවා එක ෂෝ එකක් කරහම. production companies වලින් මරවනවා. අනික නිතර එහෙ මෙහෙ යවෙනකොට මත්ද්‍රව්‍ය හොයාගන්නත් ලේසි. මේක නිසා එයාලා නිකම්ම ඒකෙන් සහනයක් ගන්න ඇබ්බැහි වෙනවා. හැබැයි දන්නෙම නැතුව අන්තිමට කිසිම drug එකකින් ගොඩගන්න බැරි තැනට දුර්වල වෙනවා.