නැතිවන්නට_තිබෙන දෙයට වඩා ලබා ගැනීමට විශා&#3517

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    නැතිවන්නට_තිබෙන දෙයට වඩා ලබා ගැනීමට විශා&#3517

    ඇතැම් විට ඔබ රැප් සංගීතයට ප්‍රිය කරන කෙනෙකු නම්, ඔබ අනිවාර්‍යයෙන්ම මොහුගේ රසිකයෙකු විය යුතුය. රැප් සංගීතයේ රජු ලෙස හදුන්වන ඔහු ලොව බොහෝ දෙනෙකු හදුනන්නේ EMINEM යන අනුවර්ථ නාමයෙනි. ඇතැම් විට ඔහුගේ ජීවිතය දෙස බලන කල ඔහු රැප් සංගීතයේ පමණක් නොව, සාර්ථකත්වයේද රජෙකු ලෙස හැදින්වීමේ වරදක් නැත.
    ඔහුට කුඩා කල සිටම ජීවිතයේ විවිද බාදක වලට මුහුන දීමට සිදු විය. ඔහුගේ පියා ඔහුව හැර දමා යන්නේ ඔහු කුඩා කාලයේදීමය. ඔහුගේ මව දැඩි ලෙස මතට ඇබ්බැහි වූ කන්තාවක් විය. ඔහුට කුඩා කල සිට තම මවගේ ආදරය පවා අහිමි විය. එමෙන්ම ඔහුට නිසි පරිදි අද්‍යාපන කටයුතු පවා කර ගැනීමට නොහැකි විය. කුඩා කල ඉතා දුර්වල අසරන දරුවෙකු වූ EMINEM බොහෝ විට පාසලේදී අනෙක් සිසුන්ගේ තාඩන පීඩන වලට ලක් විය. එමෙන්ම ඔහු පසු කාලීනව මතට ඇබ්බැහි විය. ඔහුගේ පලමුවන ප්‍රසංගයේදී ඔහුව රැප් සංගීතයට නුසුදුස්සෙක් ලෙස පැමින සිටි සියලු දෙනාම කෑ ගසා ඔහුව වේදිකාවෙන් බිමට බැස්සුවේය. ඔහුගේ බිරිද ඔහුව හැර ගියේය.
    නමුත් මේ සියල්ල අවසානයේ ඔහු අද සිටින සාර්ථකත්වය ලබා ගත්තේය. නමුත් මේ සියල්ල අවසානයේ ඔහු අද සිටින සාර්ථකත්වය ලබා ගත්තේය. ඔහුට මෙතෙක් ලොව බිහිවූ සුපිරිතම ගායකයන්ගේ ලයිස්තුවට ඇතුලත් වීමට හැකි විය. එමෙන්ම මිලියන 42කට වඩා වැඩි ප්‍රමානයකින් ඔහුගේ ගීත ඇල්බම අලෙවි විය. ග්‍රැමි සම්මාන 15ක් හිමිකර ගන්නට හැකි විය.
    නමුත් ඔහුගේ අතිශ‍ය දුශ්කර ජීවිතය මෙම සාර්ථකත්වය දක්වා ඔහු ගෙන ආවේ කෙසේද?
    වරෙක තම සාර්ථකත්වය හා ඔහු ගත කල ජීවිතයත් ගැන විමසීමේදී EMINEM සදහන් කරන කරුනක් නම්, ජීවිතයේ බොහෝ අවස්ථා වල බාදක හමුවේ තම ගමන නවත්වන්නට ඔහුට සිතුන නමුත් ඔහු නැවත නැගිට තම ඉලක්කය වෙත යන්නට පටන් ගත් බවත්, ඔහු ගමන් කරන්නේ කුමක් වෙතද දැනට සිටින්නේ කොතනද යන්න පිලිබදව ඔහුට නිවරැදි අවබෝදයක් තිබූ බවත්ය. එමෙන්ම සෑම විටම ඔහු තමාට නැතිවන්නට තිබෙන දෙයට වඩා ලබා ගැනීමට විශාල දෙයක් ඇති බවට විශ්වාස කල බවත් , මෙම තත්වයන් සියල්ල ඔහුව මෙම සාර්ථකත්වයට ගෙන ආ බවත්ය.
    සටහන: මානව හැකියා පුහුනු උපදේශක චතුස්ක අමරසේකර
     
    • Like
    Reactions: lankanatha