<-- ද ජැල්ටා -->
අපේ ගෙදර තිබුන suzuki Kei (turbo AWD manual) කාර් එක විකුණලා ගේනවා ජපන් ඇල්ටෝ එකක්. unregistered ගත්තේ. කඩවත් සේල් එකක තිබිල. ගන්නකොට මිටේ නම් තිබ්බේ 4000 ගානක්. ලක්ෂ 26.5 ක් උනා
අද දාන්නම් පොඩි රිවිව් එකක්. (වීඩියෝ රිවිව් එකක් කරන්න හිතේ තිබ්බේ. බට් කැමරාව අල්ලන්න කෙනෙක් නෑ. අනිත් එක ගෙදර මිනිස්සුයි, වටේ මිනිස්සුයි බලයි මුට පිස්සුද කියල කාමර එකක් අල්ලාගෙන කෑ ගහ ගහ වටේ දුවන කොට)
වෙලාව ලැබිච්ච වෙලාවේ තමයි ෆොටෝ ගැහුවේ. වාහනේ හෝදලා සුද්ද කරලා නම් නෑ. නියම සිංහල කමට තියෙන්නේ
Specification
----------------
මේවා නම් අන්තර් ජාලයෙන් ගත්තේ.
පිටත පෙනුම
------------
ඔන්න තියනවා වටේම පෙනුම.
මේකේ දොර 5 (ඩිකියත් එක්ක) ක් තියනවා. පෙට්ටියක් වගේ පෙනුම. පළල නෑ.නමුත් උසයි (ground clearance නෙවේ) සමහරවිට පටු නිසා වෙන්න පුළුවන් එහෙම පෙන්නේ.
දොරවල් අංශක 90 ට ආසන්නවම අරින්න පුළුවන්. එක නිසා නගින්න බහින්න ලේසියි.
පිටිපස්ස දොර අරින්න තියන්නේ හැන්ඩ්ල් එකක්. (වැන් වල වගේ)
ලයිට් එහෙම ලොකුවට තියනවා. සිග්නල් ලයිට් බ්‍රේක් ලයිට් ලොකුවට තියනවා, පැහැදිලිව පේනවා දැම්මම.
පිටිපස්සේ උඩ 3rd brake light එකක් තියනවා
රෝද තියෙන්නේ අඟල් 13 රෝද. ඉන්දියන් ඇල්ටෝ, ඉයෝන් වලට එන එකම තමයි. ඇලෝ විල් නෑ. විල් කප් ආවේ
side mirrors බෝල ගෙඩි දෙක වගේ තියෙන්නේ. electric නෙවේ. නිකන් පුම්බල තියෙන්නේ
ඇතුලත පෙනුම
---------------
බේජ් කලර් interior එකක් තියෙන්නේ. කුණු ගෑවෙන සුළුයි. තනිකරම ප්ලාස්ටික්. චීප් ප්ලාස්ටික් එක තියෙන්නේ. (budget වාහන නේ)
සිට් තියෙන්නෙත් බේජ් කලර්. සිට් වල කුෂන් ගොඩක් නෑ. සසිට් තුනී. ලොකු සැප පහසුවක් නෑ. කුෂන් එක ටිකක් තදයි. (වාහනේ බලන්න ගිහින් ඇතුලට නැග්ග ගමන් මුලින්ම මීටර් උනේ එක). දුර ගමන් යන්න නම් අමාරුයි. නමුත් සාමාන්‍ය පාවිච්චියට අවුලක් නෑ
පිටිපස්සේ තියෙන්නේ බංකු සිට් එකක්. හෙඩ් රෙස්ට් නෑ. වැඩිහිටි දෙන්නෙක්ට පහසුවෙන් පිටිපස්සේ යන්න පුළුවන්. 3න් දෙනෙක් නම් හිර වෙලා තමා යන්න වෙන්නේ.
පිටි පස්සේ ලෙග් රුම් සැහෙන්න හොඳයි (මගේ ඩේම ට වඩා තියනවා). ඔන්න ෆොටෝ එකක්. මේක ගහද්දි ඉස්සරහ සිට එක මගේ ගානට ගැලපෙන්න පස්සට කරලා තිබ්බේ.(featuring my sexy legs
)
පිටි පස්සේ සිට් එක නවන්න පුළුවන්. වෙන වාහන වල වගේ 60:40 සිට් නෙවේ තියෙන්නේ. මුළු සිට එකම තමා නැවෙන්නේ.
ඉස්සරහ දොරවල් දෙකේ ඩොකියුමන්ට් වගේ දෙයක් දාගෙන යන්න පුළුවන් පොකට් තියනවා.
පිටි පස්සේ දොරවල් වල පොකට් නෑ. ඉස්සරහ පසෙන්ජර් සිට් එක පිටි පස්සේ පොකට් එකක් තියනවා
ඉස්සරහ පස්ස දෙකටම කප් හෝල්ඩර්ස් තියනවා ඇති වෙන්න.
ඩ්‍රයිවර් සයිඩ් එකේ retractable කප් හෝල්ඩර් එකක් තියනවා
glow box එකට උඩින් පොඩි කොටසක් තියනවා තව බඩු දාගෙන යන්න. තාත්ත නම් එයාගේ පොත් තම තියාගෙන යන්නේ
glow box එක වෙනම තියනවා. එකෙත් සාධාරණ මට්ටමේ ඉඩක් තියනවා.
පර්ස් එක ෆෝන් එක තිය ගන්න ඉස්සරහ කප් හෝල්ඩර් එක ගාව පොඩි ඉඩක් තියනවා
හෑන්ඩ් බෑග් එක හරි, කඩෙන් ගත්තු පොඩි බඩු මල්ල හරි එල්ල ගෙන යන්න පුළුවන් පොඩි ගැජට් එකක් තියනවා ඉස්සරහ පසෙන්ජර් සයිඩ් එකේ
steering wheel එක යටත් පොඩි ඉඩක් තියනවා. මොනවා හරි දාගෙන යන්න.
fuel lid එක ඇතුලේ ඉඳන් අරින්න පුළුවන්. ලිවර් එකක් තියනවා
ඩිකියේ ලොකු ඉඩක් නෑ. හැබැයි කඩේට ගිහින් බඩු ගෙන්න. හාල් ගෝනියක් ගෙන එන්න වගේ නම් ඇති.
තව ඉඩ ඕන නම් පස්සේ සිට් එක නවන්න පුළුවන්
spare wheel එක තියෙන්නේ දිකියේ තට්ටුවට යටින්. තට්ටුව ලෝක කරලා තියෙන්නේ. මේවගේ ප්ලාස්ටික් රිවට් දෙකකින්.
පොඩි රෝදයක් එන්නේ. ජැක් එකයි ටුල් කිට් එකයි එනවා. ඒවා ඊන්නේ රිජිෆෝම් කම්පට්මන්ට් වල. එක නිසා පරිස්සමෙන්. කැඩෙන්න බලනවා
එන්ජිම
--------
660cc එන්ජිමක් තියෙන්නේ. සිලින්ඩර් 3යි . හෝස් පවර් 54ක් ද කොහෙද
වාහනේ අදින්නේ නම් නෑ. අක්සලරේට් කරන්න ගියාම එපා වෙනවා. හැබැයි speed එකට අවම එක මේන්ටේන් කර ගන්න පුළුවන්.
කලින් තිබ්බ Kei එකෙත් 660 එන්ජිමක් තිබ්බේ. බට් turbo එක නිසා අදිනවා ඇදිල්ලක්. I miss that car

වැඩ කෑලි
---------
බජට් වාහන වල මොන වැඩ කෑලි ද බන්? මෙන්න මේවා තම තියෙන්නේ. (මේවා වැඩ කෑලි ඝණයට අයිති වෙනවා නම්)
මුලින්ම මීටර් පැනල එක මෙහෙම තියෙන්නේ. මොන්ටිසොරිය වගේ. ලොකු ඉලක්කම් වලින්. so you clearly know da "SPEED"
තෙල් ප්‍රමනේ කට්ටෙන් පෙන්නන්නේ. මම හිතන්නේ ලීටර් 30 ක් විතර වදිනවා ටැංකියට
හිට් එක පෙන්නන්න කට්ටක් නෑ'. බලබ් එක තියෙන්නේ. මුලින්ම ස්ටාර්ට් කලාම කොළ පාට බල්බ් එක පත්තු වෙන්නේ, එන්ජින් එක නියම ප්‍රමනෙට රත් වෙනකන්. ඊට පස්සේ ඔෆ් වෙනවා.
රතු බල්බ් එක පත්තු උනොත් ඒ කියන්නේ එන්ජිම බොයිල්

ඔටෝ ජියර් ලිවර් එක දාල තියෙන්නේ මොකටද කියල පෙන්නන්න කැල්ලක් තියනවා. (හැම එකේම තියනවා නේ) ඊට අමතරව ප්‍රධාන නොටිෆිකේෂන් ලයිට් ටික තියනවා
සිට් බෙල්ට ලයිට් එක සහ door open warning ලයිට් එක තියනවා. මේ දෙකටම warning sounds තියනවා අපි සිට් බෙල්ට් නොදා වාහනේ යන්න හැදු වොත් හරි , දොරක් ඇරිලා තියෙද්දී යන්න හැදු වොත් හරි සද්ද වෙන්න.
සිට් බෙල්ට් ලයිට් එක තියෙන්නේ driver side එකට විතරයි.
පොඩි ඩිජිටල් පැනල එකක් තියනව දුර අරව මේවා පෙන්නන්න.
මේකේ පෙන්නන්නේ මේවා
--> odo meter එකක
--> trip distance meter 2k තියනවා A & B
--> Instantaneous fuel efficiency meter
--> Average fuel efficiency meter. මේක රීසෙට් කරන්න පුළුවන්
--> Distance can be travelled with existing fuel level.
මීටර් පැනල වල , ස්විට්ච් වල ලයිට් එක තියෙන්නේ තැඹිලි පාට. (දවල් නිසා හරියට පෙන එකක් නෑ)
අහ ඔටෝ ජියර් තියෙන්නේ 4 speed. ජියර් පොල්ල හොඳට ලොකුවට උසට තියනවා. OD on/off button එකක් තියනවා. තව shifter unlock button එකක් තියනවා
ඉස්සරහට සහ පස්සට පවර් වින්ඩෝ එනවා. ඉස්සරහට පවර් වින්ඩො කොන්ට්‍රෝල් පැනල් එකකුත් එනවා.
පවර් මිරර්ස් නෑ. අතින් තමා හදා ගන්න ඕන
සෙන්ට්‍රල් ලෝකින්ග් තියනවා. ලොක් අන්ලොක් වෙනකොට මාර සද්දෙයි. නිකන් අහස කඩන වැටෙනවා වගේ.
රිමෝට් කී එකක් තියෙන්නේ. දොරවල් ලොක් අන්ලොක් කරන්න
හෙඩ් ලයිට් වල උස ඇජස්ට් කරන්න පුළුවන්.
සිඩි ප්ලේයර් එකක් සහිත AM/FM රේඩියෝ එකක් තියනවා. ඔරිජිනල් එක. ජපන් නිසා FM range එක තියෙන්නේ 76 - 90 වෙනකන්. එක නිසා ලංකාවේ චැනල් බොහොම ටිකයි අහුවෙන්නේ.
සවුන්ඩ් හොඳයි, ක්ලියර් ඇන්ඩ් ලවුඩ්. Bluetooth connectivity එකකත් තියනවද මන්ද, ෆෝන් සිම්බල් එකක් තියනවා. එබුවට මුකුත් වෙන්නේ නම් නෑ.
ඉස්සරහ දොරවල් දෙකේ ස්පිකර් 2ක් තියනවා. පස්සේ දොරවල් දෙකේත් ස්පිකර් වලට provisions තියනවා. අපිට ඕන නම් හයි කරගන්න
AC තියනවා. කුල් එක වරදක් නෑ. AC vent රවුම් ඒවා තියෙන්නේ. එක නිසා අජසට් කරන්න ලේසි වගේම vent වහන්නත් ලේසියි.
12V DC outlet එකක් තියනවා. ෆෝන් චජරේ එහෙම ගහ ගන්නවා නම්.
ඉස්සරහට කැබින් ලයිට් එකක් එනවා.
ඉලෙක්ට්‍රික් පවර් ස්ටියරින් ද කොහෙද තියෙන්නේ. ත්රෝටල් එකත් fly by wire මම හිතන්නේ තියෙන්නේ. බලන්න අමතක උනා
Safety
---------
Safety නේද? හරි
NCAP රේටින්ග් 3/5 තියනවා
එයාර් බෑග් දෙකක් එනවා. driver ට සහ passenger ට.
සිට් බෙල්ට් එනවා. පිටි පස්සේ සිට් බෙල්ට් 2 යි එන්නේ.
දන්නා තරමට ABS තියනවා. (ගිය සතියේ හයි වේ එක තලගොයෙක් බේරන්න ABS ටෙස්ට් කළා). හැබැයි ඌ මලා. තව පොඩ්ඩෙන් මාත් මළාම තමා
බ්‍රේක් වරදක් නෑ. ඇති වෙන්න තියනවා. වාහනේ බර අඩු නිසා ලොකු කෙස් එකක් නෑ.
යන්න පුළුවන් උපරිම වේගේ 140. හැබැයි 100 පනින කොට අන්ස්ටේබල්.
පෝලියෝ රෝද නිසා traction එක අඩුයි.
වාහනේ පටුයි උසයි නිසා center of gravity ටිකක් උඩින් තියෙන්නේ. බරත් අඩුයි නේ.
මේක රේස් පදින්න හදපු එකක් නෙවේ. මහත රෝද දාල spoiler දාල SRD බැජ් ගැහුවට racing කාර් වෙන්නේ වත් සපෝර්ට් කාර් වෙන්නේ වත් නෑ. එක නිසා රේස් පදින්න එපා. කොන්ට්‍රොලින්ග් කුජීතයි. විශේෂයෙන් වැඩි වේග වලදී. (තලගොයා බේරන්න ගිහින් තම ඉගෙන ගත්තේ. ලොවෙත් ගේමක් දීල පෙරලෙන්නේ නැතුව බෙර ගත්තේ)
හයි වේ එකේ බස් එකක් ඉස්සර කරන ගියත් වාහනේ ඇදිල යනවා. වැස්ස වෙලාවේ නම් ලොවෙත් 100 ට යන්න එපා. water pocket එකක් අහු උනොත් sorry ම තමා. (මේක හදල තියෙන්නේ ටවුන් පාවිච්චියට. තොපිට රේස් පදින්න නෙමේ)
A piller blind spot එක තියනවා. එක නිසා වංගු වල කල්පනාවෙන් යන්න ඕන. විශේෂයෙන් දකුණට හැරවෙන තැන වල.
පිටි පස්සේ විසිබිලිටි යේ වරදක් නෑ. මැද කණ්ණාඩියේනුත් හොඳට පේනවා
හදිස්සියකට පත්තු කරන්න ගැජට් එකකුත් තියනවා
Handling
------------
කලින් කිව්වා වගේ වැඩි වේග වලදී හැන්ඩ්ලින් පජතයි.නමුත් අඩු වේග වලදී අවුලක් නෑ. ටවුමට ගිහින් එන්න, ට්‍රැෆික් එකේ යන්න කිසිම කෙස් එකක් නෑ.
ටර්නින්ග් රේඩියස් එක ඉතාම හොඳයි. යු ටර්න් ගහන්න ලේසියි.
තෙල් කෙරුවාව
--------------
ඉතාම හොඳයි.
වාහනේ බර අඩුයි
පෝලියෝ රෝද තියෙන්නේ. රෙසිස්ටන්ස් එක අඩුයි
පොඩි එන්ජිමක් තියෙන්නේ.
මේ නිසා හොඳට තෙල් කරනවා. ECO ලයිට් එකක් තියනවා. efficient විදියට යද්දී පත්තු වෙනවා
මෙන්න මට ආපු ගණන්
Colombo stop and go heavy uකන traffic= 10km/l
normal traffic =15km/l
light traffic = 20km/l
highway @100 = 23km/l
highway@100 with 2 people = 22.5 km/l
all above are with AC on
මෙන්න හයි වේ එකේ තනියම යද්දී average meter එකේ ෆොටෝ එකක්
කොට්ටාව entrance එකෙන් ඇතුල් වෙද්දී meter එක රීසෙට් කළා. වැලිපැන්න කිට්ටුවදී තමා ෆොටෝ එක ගත්තේ. avg speed එක 95-100 අතර අවේ
වෙනත්
-------
මේ තියෙන්නේ උඩින් බැලුවම පෙන හැටි
මේක තමයි ඇන්ටනාව. මේකෙන් තමයි රේඩියෝ එකේ අක්කල අය්යල කියන ගොන් ජෝක් අල්ල අපිට අස්සවන්නේ. තොපි මේවා දන්නේ නෑනේ. එකයි කිව්වේ
conclusion
--------------
මේක පොඩි පවුලකට පොඩි ගමන් වලට ගැලපෙන වහනයක්.
not a drivers car nor passengers car. දුර ගමනක් ගිහින් අවොත් පිටිපස්සේ යන අයට අතරයිටිස් හැදෙන්න පුළුවන්
ඉතාම බජට් විදියට හදල තියෙන්නේ. cost cutting උපරිම කරලා. (no head rests in back seat? how much can you save from that? and if that's a considerable amount then guess how much this car actually worth. and still we pay 26 laks for this)
රේසින් කාර් , සපෝර්ට් කාර් නෙවෙයි. තමන්ගේ පලවෙනි වාහනේ විදියට, එහෙම නැත්තම් ගෙදර දෙවෙනි වාහනේ විදියට, ගෑනු කෙනෙක් ට පදින්න වගේ හොඳට ගැලපෙනවා. පොඩි පවුලකට ඉතාම සුදුසුයි.
වාහනේ පොඩි නිසා ටවුමේ යන්න., ට්‍රැෆික් එකේ යන්න, පාර්ක් කරන්න හරි පහසුයි.
ගෙවන මුදලට වටිනවද?
ලංකාවේ වාහන ගෙවන මුදලට වටින්නේ නෑ. නමුත් EON, celirio, ඉන්දියන් alto සහ kwid වලට වඩා වටිනවා
Last edited:

+5


