යාපනයේ දිවා රෑ දෙකේම මෙහෙයුම් - හමුදාවේ සහ&#35

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    යාපනයේ දිවා රෑ දෙකේම මෙහෙයුම් - හමුදාවේ සහ&#35

    Source : http://nethnews.lk/article/44425

    ආරක්ෂක නිලධාරීන් විසින් යාපනය පුරා මේ දිනවල දිවා රාත්‍රි දෙකෙහිම සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

    නමුත් යාපනයේ දෙමළ දේශපාලනඥයින් ඊට විරෝධය පළ කරන බවයි වාර්තා වෙන්නේ.

    යුද හමුදාව මෙම සෝදිසි මෙහෙයුම් සඳහා යොදා ගැනීම ගැටලුවක් වී ඇති බැවින් මෙම සෝදිසි මෙහෙයුම් සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පමණක් යොදා ගැනෙන බවයි වාර්තා වෙන්නේ.

    ඒ අනුව පොලිස් නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් 100 ක පමණ පිරිසක් මෙහෙයුම වෙනුවෙන් සහභාගි වී සිටිනවා.

    යාපනය වඩමරාච්චිය තුන්නාලයි ප්‍රදේශයේදී පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පසුගිය මස 9 වැනිදා නීතිවිරෝධි වැලි ජාවාරමක නිරතවූ පුද්ගලයන් වෙත පොලිසිය කළ වෙඩි තැබීමකින් තුන්නාලයි ප්‍රදේශයේ පදිංචි යෝගරාස් දිනේෂ් නැමැති තරුණයෙකු ජීවිතක්ෂ යට පත්වුණා.
    ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට එරෙහිව සිඳුකළ විරෝධතාවකදී විරෝධතාකරුවන් කිහිප දෙනෙකු විසින් ප්‍රදේශයේ පිහිටි පොලිස් මුරපොළ විනාශ කර තිබුණා.

    තවද මාර්ගයේ ටයර් දමා ගිනි තබා ගමනා ගමන කටයුතුවලට බාධා කළ අතර, ආරක්ෂ කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ටද පහරදී තිබුණා.

    එම ප්‍රචණ්ඩ ක්‍රියාවන් ගැන කළ විමර්ශනවලට අනුව ඊයේ (05) පෙරවරුවේ සිදු කෙරුණු විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    තවද නිසි බලපත්‍රයකින් තොරව නිවස්වල ගාල්කර තිබූ වැලි ප්‍රවාහනය කරන වාහන හයක් සහ යතුරු පැදි දහයක්ද පොලිස් භාරයට ගැණුනා.

    මේ තත්ත්වය නිසා යාපනයේ සේවය කරණ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමටද කටයුතු කර ඇති අතර අදාළ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත්තේ අත්‍යාවශ්‍යම සාධාරණ හේතුන් මත පමණක් නිවාඩු අනුමත කරන ලෙසයි.


    police%2B01.jpg


    police%2B02.jpg


    police%2B04.jpg


    Jaffna%2B01.jpg


    Jaffna%2B04.jpg


    Jaffna%2B07.jpg


    Jaffna%2B10.jpg
     
    • Like
    Reactions: KDI12

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    නමුත් යාපනයේ දෙමළ දේශපාලනඥයින් ඊට විරෝධය පළ කරන බවයි වාර්තා වෙන්නේ. :frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන්ඩුවෙ නොහැකියාව නිසා යාපනෙන් වෙනස උදාවෙලා..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    නීතිය ක්‍රියාත්මක වෙනව නම් එච්චරයි. මෙච්චර දවසක් දකුණට විතරයිනේ නීතිය තිබ්බේ. උතුරට නෑගෙනහිරට නවලනේ තිබ්බේ. බලමු මොකද වෙන්නේ කියල. මේ සතිය සෑහෙන්න දේවල් වෙන්න තියෙන සතියක් වගේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    http://nethgossip.lk/article/27173

    යාපනය අර්ධද්වීපය ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය මගින් විශේෂ පරීක්ෂණ මෙහෙයුම් සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරියාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ සෙබළුන් 1000කට අධික පිරිසක් මෙම මෙහෙයුම සඳහා යොදවා ඇති බවද වාර්තා වේ.

    පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායමේ ජංගම රථ, මාර්ග බාධක යොදමින් යාපනය අර්ධද්වීපය ආවරණය වන පරිදි මෙම මෙහෙයුම සිදුකරන බවද සදහන්

    විශේෂයෙන් යුධ සමයේ ත්‍රස්තවාදී ක්‍රියා බහුලව සිදුවූ යාපනය, වඩමාරච්චි ප්‍රදේශය ආවරණය වන පරිදි පසුගිය 5ස් වනදා පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුමක් සිදුකර තිබිණි.

    යාපනය පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ මෙහෙයවීම් මත පෙරේදා (06දා) දින නෙල්ලිඅඩි ප්‍රදේශයේද විශේෂ මෙහෙයුමක් සිදුව ඇති අතර මෙම විශේෂ මෙහෙයුමට පොලිස් නිලධාරීන් 1500ක පමණ පිරිසක් යොදවා ඇත.

    යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක මෙම අඛණ්ඩව මෙහෙයුම් නිසා යාපනය සහ කන්කසන්තුරෙයි යන පොලිස් කොට්ඨාසවල රාජකාරියේ නිරත වන පොලිස් නිලධාරීන්ගේ නිවාඩුද අවලංගු කර ඇති බවද වා‍ර්තා වේ.
     

    Similar threads