පොදු ප්‍රවාහන සේවයන් මීමුරයට

Skr97

Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    පොදු ප්‍රවාහන සේවයන් මීමුරයට

    මුලින්ම කියන්න ඕන මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක වැරදි අඩුපාඩු වලට සමාවෙන්න ඕන.
    මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ පොදු ප්‍රවාහන සේවයෙන් සින්හලෙන් කියනවනම් පාරෙ බස් එකෙන් මීමුරේ යන්නෙ කොහොමද කියල.

    ගොඩක් අය හිතන්නෙ මීමුරේ කියන්නෙ ලොකු වියදමක් යන ගමනක් කියල.මොකද පැකේජ් එකක් රුපියල් පන්දාහක් විතර වෙනව.තව වාහනයක් අරන් ගියොත් ඒකටත් ලොකු ගානක් යනවා.මම අද කියන්නෙ මේ මොනවත් නැතුව අඩු මුදලකින් මීමුරේ ගිහින් එන්නෙ කොහොමද කියල.අපිටනම් දවස් හතරකට රුපියල් දෙදාහකටත් වඩා අඩු ගානක් ගියේ :shocked:(පැකේජ් වල තියෙන ඔක්කොම ඇක්ටිවිටි අපිත් කරා හොදේ.)

    මීමුරේ ගමට ආසන්නම නගරය හුන්නස්ගිරිය.හුන්නස්ගිරියෙ ඉදන් මීමුරේට වෑන් දෙකක් යනවා.මේ දෙක මීමුරෙන් උදේ 5ට හුන්නස්ගිරියටත්, හුන්නස්ගිරියෙන් හවස 1ට මීමුරේට යනව.බස් එකේ යන කෙනෙක් මීමුරේට යනවනම් මේ වෑන් දෙක තමය් අල්ල ගන්න ඕන.මේ වෑන් එකක මීමුරේට යන්න තමය් අපි බලාපොරොත්තු උනේ.

    අපි ගියේ කොලබින් උදේ 5.55ට තියෙන පොඩිමැනිකේ දුම්රියේ.අපේ කට්ටිය වෙලාවට වැඩ කරන නිසා අපිට නම් සීට් අල්ල ගන්න බැරි උනා.කෝච්චිය අද්දදි තමය් යන්තම් නැග ගත්තෙ. :no: උදේ 9ට විතර වෙනකොට කෝච්චිය නුවරට එනව.නුවරින් මහියන්ගනය බස් එකක් ගන්න ඕන නැත්තම් හුන්නස්ගිරියට යන්න තව බස් තියෙනව කාගෙන් හරි අහල බැලුවනම් හරි.නුවර ඉදල හුන්නස්ගිරියට රුපියල් 70ක් 80ක් වගේ යන්නෙ.(හරියටම මතක නෑ) අපි ගියේ මහියන්ගනය බස් එකේ.පැය එකහමාරකින් විතර හුන්නස්ගිරියට එන්න පුලුවන්.මහියන්ගනය බස් ගොඩක් වෙලාවට හුන්නස්ගිරියෙ තේ බොන්න නවත්තනවා.නැත්තම් කොන්දා අය්යට කියල තිබ්බම හරි.හුන්නස්ගිරියට පුලුවන් තරම් කලින් යන එක හොදය්. වෑන් දෙකේ ඉඩ මදි උනොත් ත්‍රීවීල් එකක යන්න රුපියල් 3000ක් විතර ගන්නවා.

    බස් එකෙන් බැස්සට පස්සෙ වෑන් එකේ අයියත් එක්ක ටිකක් කතා කරල විස්තර අහල බලල අපි මීමුරේ ගිහින් උයන්න ඕන කෑම ජාති ගත්තා.කියන්න අමතක උනා.පැකේජ් වලට යන් නැත්තම් ටෙන්ට් එකක් එහෙම අරන් යන්න ඕන නැත්තම් ටිකක් අමාරු වෙය් නවතින්න තැන් හොයා ගන්න.බස් එකේ යන නිසා ගෙදර ඉදන් කෑම එහෙම උස්සන් යන්න බෑනෙ. හුන්නස්ගිරියෙන් කෑම බීම ගන්න පුලුවන්.සැර බීම කඩේකුත් හුන්නස්ගිරියෙ තියෙනවා ;)
    වෑන් එකේ යන ගමන සුන්දර අත්දැකීමක් වෙය් අනිවාරෙන්ම.කිලෝමීටර් 42ක ඉතාම අබලන් මාරගයක හිමින් හිමින් යන්න පැය තුනකටත් වඩා යනව.අපි ගියපු දවසෙ නම් වෑන් එකේ 30 දෙනෙක් හිටිය.දැන් අහන්න එපා කොහොමද එච්චර පටව ගත්තෙ කියල.


    ටෙන්ට් අරන් ගියා කියල අපිට හිතන හිතන තැන් වල ඕක අටවන්න බෑ.කෑම්ප් සය්ට් එකක් හරි කාගෙ හරි ඉඩමක හරි තමය් කූඩාරම් ගහ ගන්න වෙන්නෙ.(හැම තැනම කෑම්ප් ගහන්න දැන් තහනම්.)අපි නම් නැවතුනේ උපාලි අය්යගෙ කෑම්ප් සය්ට් එකේ.එහෙට ගිහින් උනත් කූඩාරම් ගහ ගන්න තැනක් හොයා ගන්න පුලුවන්.අනිත් එක තමය් හොදට මතක තියා ගන්න ආපහු එන දවසෙ එන්නෙ කොහොමද කියල වෑන් එකේ අයියා එක්ක කලින්ම කතා කර ගෙන තියා ගන්න නැත්තම් ලොකු අමාරුවක තමය් වැටෙන්නෙ.
    අපි නැවතුන තැන නම්බර් එක 0813801373

    මීමුරේ විස්තර දාන්න ඕන නෑනෙ මට ලියන කියන වැඩ බැරි නිසා අත්‍යවශ්‍ය විස්තර විතරය් දැම්මෙ ඈ.විස්තර මොනව හරි ඕන නම් මැසේජ් එකක් දාල අහන්න :lol: :lol:
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Photo ටිකකුත් දැම්ම නම් හොදයි බන් අකුරු ටිකක් ලොකු කරපන් අලුත් කොල්ලෙක්නේ ඔන්න රෙප් දුන්න.++
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    Thnks. phone eken demme akuru wala size eka mokak wageda danna ona.tawa photo danna tama danne ne
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    page ඒකම save කර ගත්තා මචං කවදා හරි ඔින ෙවයි කියලා හිතාගන...ස්තූත් ෙබදා ගත්තට...