ලංකාවේ ලස්සනම හොටෙල් 9ක්

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,124
    1,513
    113
    WANNITHAMMANNAWA
    ලංකාවේ ලස්සනම හොටෙල් 9ක්

    01.The Rainforest Ecolodge - Sinharaja

    g5KoIXm.jpg

    bUm2RbU.jpg


    සිංහරාජ වනාන්තරයට සමීපයේ සොබාව සෞන්දර්ය අසිරිය විඳින්න, භාහිර ලෝකයෙන් මිදී වෙනස්ම අත්දැකීමක් විඳගන්න කැමති කෙනෙකුට හොඳම ස්ථානයක්.කුරුල්ලන් බලන්න සිංහරාජ අඩවියේ සංචාරයක් යන්න කදිම ස්ථානයක්.බොහෝ පහසුකම් නොමැති උනත් අවශ්‍ය මුලික පහසුකම් කදිමට සපයනවා.සොබාදහමට මිතුරු ආකාරයෙන් සියලුම දේ සැලසුම් කර තිබීම අගය කරන්න ඕන කරුණක්.

    Address: Enselwatte Viharahena Sinharaja Rainforest, Deniyaya 70000

    Phone: 076 691 9233


    Booking.com
    Chalet - 1 guest - Total per night - LKR23,577
    Chalet - 2 guests - Total per night - LKR 24,113



    02. Ella Jungle Resort

    hljijyg.jpg

    vmjUOBb.jpg

    zM7vbSh.jpg


    එදිනෙදා නාගරික පරිසරයෙන් මිදිලා සොබාදහමට ලංවෙලා ඉන්න පුළුවන් තාක් කියල මේක කියන්න පුළුවන්.ඇල්ල සිට වැල්ලවාය දෙසට 13km පමණ යන විටයි මේක පිහිටලා තියෙන්නේ.හෝටලය දක්වා තමන්ගේ වාහනයකින් යන්න බැහැ.හෝටලය විසින් සපයන ජීප් රථ තමා භාවිත කරන්න වෙන්නේ.දියඇල්ල සමීපයේ ඉඳන් අහර වේලක් රස විඳින්න,කුරුල්ලන් බලන්න නිස්කලංකව නිවාඩුව ගත කරන්න හොඳම තැනක්.

    Phone: 077 735 2352

    Expedia.com
    Family Cabin, 2 Bedrooms, River View - 2 guests- Total per night-LKR40,181
    Family Chalet, 2 Bedrooms, River View- 2 guests- Total per night-LKR46,039



    03.Taylors Hill Kandy

    QwMZO4k.jpg

    utjbpu0.jpg

    1RbRuzS.jpg


    නුවර ඉඳන් ගලහ පාරේ යනකොට දෙල්තොට තමයි මේ හෝටලය පිහිට තියෙන්නේ.බ්‍රිතාන්‍ය තේ වැවිලිකරුවෙකුට කලින් අයත්ව තිබු මෙය ඉතාම සුහදශීලි කාර්යමණ්ඩලයක් ඉන්න නිස්කලංක හෝටලයක්.බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණයට අනුව නිර්මාණය කර ඇති මෙය අවුරුදු 100ක් පමණ පරණයි.නිස්කලංකව තමන්ගේ නිවාඩුව ගත කරන්න කැමති කෙනෙකුට ඉතාමත් උචිතයි.

    Address: Pattiyagama Estate, Deltota 20430

    Phone: 081 7 201115


    Contact this property for rates and availability


    04.Kalundewa Retreat


    1XARlhe.jpg

    n4a3Nb6.jpg

    2cmI1xT.jpg


    දඹුල්ලේ සිට නුවර දෙසට 25km පමණ ගමන් කරන විට පිහිට ඇති මෙම හෝටලය ලංකාවේ ඇති බොහොම සුවිශේෂ හෝටල් අතරින් එකක්.බොහෝ පරිසර හිතකාමී තෙමවකර නිර්මාණය කර ඇති වගේම කාමර පවා පරිසරයට විවර වන ආකාරයෙන් සකස් කර තියෙනවා.අමුත්තන්ගේ අහර සදහා අවශ්‍ය එළවලු බොහොමයක් එම හොටලයෙහිම වගා කරනු ලබනවා.

    Address: Kalundewa Road, Dambulu Oya Dambulla. Sri Lanka., Dambulla 21100

    Phone: 077 520 5475


    Expedia.com
    Standard Double Room, Non Smoking - Total per night - LKR55,271
    2 guests · breakfast

    Chalet, 1 Bedroom, Non Smoking, Lake View - Total per night - LKR83,003
    2 guests · breakfast



    05.Kumbukgaha Villa

    RjULmJ5.jpg

    V1L09Sp.jpg

    Iz9AeIr.jpg


    සිගිරිය, අවුඩන්ගාවේ පිහිටි මෙම හෝටලය සිංහල සංස්කෘතියට මුල් තැනක් දෙමින් නිර්මාණය කල හොටෙල් එකක්.සුන්දර ගමක අසිරිය විඳිමින් වනසතුන් බලන්න වගේම මින්නේරිය සිගිරිය බලන්න යන අයට නවතින්න කදිම ස්ථානයක්.සිංහල කම බිම බොහොම රසට නියම සිංහල රසය අඩුවක් නැතිව විඳින්න පුළුවන් තැනක් හැටියට ප්‍රසිද්දයි.

    Address: Kumbukgaha Villa Audangawa, Kimbissa, Sigiriya 21120

    Phone: 077 622 1811


    Booking.com
    Bungalow with Garden View - Total per night - LKR14,544
    2 guests · breakfast · refundable

    Villa - Total per night - LKR16,841
    breakfast · refundable


    06.Jungle Beach Resort

    VQvxcLe.jpg

    VzcQQHh.jpg

    uZrale3.jpg


    සුන්දර ත්‍රිකුණාමලය වෙරල ආසන්නයේ නිවාඩුවක් ගත කිරීමට කැමති කෙනෙක්ට සුදුසුම ස්ථානයක් කිව හැක.බොහොම සුවිශේෂ ආගන්තුක සත්කාරයක් පවතින මෙහි සුවිශේෂ කාමර පද්දතියක් මෙන්ම නවීන හෝටලයක පවතින සෑම අංගයක්ම වගේ තියෙනවා.සන්දවරුවේ වෙරළෙහි ඇවිදින්න නිස්කලංකව එය විඳින්න හොඳම ස්ථානයක්.

    Address: 27th Kilometer Post Pulmoddai Road, Kuchchaveli 31000

    Phone: 026 5 671000


    Booking.com
    Lagoon Chalet - Total per night - LKR20,898
    1 guest · breakfast

    Lagoon Chalet - Total per night - LKR20,898
    breakfast


    07. The Tree House

    2mlj6MB.jpg

    uTk82lN.jpg

    j4y8M9Q.jpg


    ලංකාවට ටිකක් නුහුරු රටාවේ බොහොම සාර්ථක හොටෙල් සංකල්පයක් ලෙස ගස් මත නවාතැන් හඳුන්වන්න පුළුවන්.ගිනිගත්හේන ආඩි 30ක් පමණ උසින් ගස් මත පිහිටි මෙම හෝටලය වෙනස් අත්දැකීම් ප්‍රිය කරන අය අතර මෙය ඉතාමත් ප්‍රසිද්ද තැනක්.කලේ ඇවිදින්න, රාෆ්ටින් කරන්න වගේ අතිරේක ක්‍රියාකාරකම් බොහොමයක් මෙහි බද්ද වී තියෙනවා.

    Address: Section C, Westmoreland Estate, Avissawella-Hatton-Nuwara Eliya Hwy,, Ginigathena, Ginigathhena 25000

    Phone: 077 767 8858


    Booking.com
    Chalet - Total per night - LKR9278
    1 guest · breakfast

    Chalet - Total per night - LKR12,370
    2 guests · breakfast

    Chalet - Total per night - LKR17,009
    3 guests · breakfast


    08.Madulkelle Tea and Eco Lodge

    QJL4SPw.jpg

    kaTmQWq.jpg

    LJDMCB2.jpg


    නුවර සිට 30km පමණ දුරින් පිහිටි මෙය අක්කර 25ක තෙවත්තක් මැද්දේ පිහිටි ඉතාමත් රමණිය හොටෙල් එකක්.හෝටලයට ලඟාවීමට සම්ප්‍රදායික ක්‍රම වලට අමතරව සැහැල්ලු ගුවන් යානාවක්ද මෙම හොටෙල් එක විසින් සපයනවා.නිස්කලංකව නිවාඩුව ගත කරන්නත් නකල්ස් කඳු තරනයටත් උචිත ස්ථානයක් ලෙස කියන්න පුළුවන්.

    Address: Madolkele - Habaragala Rd

    Phone: 081 3 801052


    Expedia.com
    Deluxe Room, 1 Double Bed - Total per night - LKR41,562
    2 guests · breakfast


    09.Closenberg Hotel Galle

    ct2Ad0s.jpg

    eDFlCrX.jpg

    4maI9d6.jpg


    දීර්ග ඉතිහාසයක් ඇති මෙම හෝටලය තියෙන්නේ ගාල්ලේ. 1719 ලන්දේසින් විසින් කාලතුවක්කු දෙකක් සමග පොඩි බලකොටුවක් පිහිටවල තිබිල තියෙනවා.පසුව අතහැරලා දාපු මේ ස්ථානය අද පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හදපු නිවාඩු නිකේතනයක්.මෙය ඉතාම සුන්දර මුහුදු තීරයකට උරුමකම් කියනවා.

    Address: 11 Closenberg Road, Galle 80000

    Phone: 091 2 232241


    Booking.com
    Standard Room with Sea View - Total per night - LKR19,084
    1 guest · breakfast

    Standard Room with Sea View - Total per night - LKR22,942
    2 guests · breakfast
     
    Last edited: