වකුගඩුව නරක් වෙළා නම්

Goprou

Active member
  • Oct 17, 2014
    219
    48
    28
    වකුගඩුව නරක් වෙළා නම්

    20800024_1995826657303537_8220083925746849530_n.jpg

    ලෝකයේ ඕනෑම රටක් ගතහොත් වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන්නේ දියවැඩියාවයි. අංක දෙක අධික රුධිර පීඩනයයි. මෙම රෝග දෙක වැළඳී ඇති බව හඳුනා ගන්නා විට ඔබගේ වකුගඩුවලට හානි වී තිබිය හැකියි. නමුත් කාලයක් තිස්සේ මෙම රෝගය පාලනයකින් තොරව පැවතීමෙන් වකුගඩුවලට හානි පැමිණිය හැකියි. මෙිය කලික වකුගඩු රෝගය (CKD) ලෙස හැදින්වෙි.

    එවගේම රජරට පුරා පැතිරි යන වකුගඩු රෝගයට තවමත් නිශ්චිතව හේතුවක් සොයාගෙන නැතිමුත් විවිධ දැනට මත රාශියක් පවතියි. මෙිය හේතුව හදුනා නොගත් කලීක වකුගඩු රෝගය (CKDu) ලෙස හැදින්වෙි.

    වකුගඩු රෝගය සැදිමට හේතුන්
    වකුගඩු රෝග ලක්ෂණ
    වකුගඩු රෝගින් සදහා සුදුසු අහාර
    වකුගඩු රෝගයයෙන් වැලකිමට කල යුතු දෑ

    පිලිබදව දැනුවත් කිරිම සදහා FB පිටුවක් නිර්මණය කල අතර ඉට සමගාමිව මෙිම නුලද update කිරිමට නියමිතය.

    FB පිටුව https://web.facebook.com/protectkidneyproject/

    page එකට LIKE එකක් දලා, BUMP එකකුත් දාගෙනම යන්​
     
    • Like
    Reactions: Shadow.Walker

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මාරාන්තික වකුගඩු රෝගීන්ට ජීවය දෙන කණ්‌ඩලම වෙද මහතා

    අපේ රටේ පවතින මාරාන්තික වකුගඩු රෝගයට බිලිවෙන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙයි. ඒ නිසා එය කාලීන මාතෘකාවක්‌ බවට නිතැතින්ම පත් වී තිබේ. එම රෝගයට දේශීය මෙන්ම බටහිර වෛද්‍යවරු ද ප්‍රතිකාර කරති.

    මෙම රෝගය පිළිබඳව විශේෂඥ දැනුමැති දේශීය වෛද්‍යවරයකු වන්නේ දඹුල්ල කණ්‌ඩලමේ අතුපාරයාය පාරේ පදිංචි ඒ. එච්. එම්. කිරිබණ්‌ඩා මහතාය. අපි ඒ මහතා හමුවීමට පසුගියදා එම වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන යන කණ්‌ඩලම වෙද මැඳුරට ගියෙමු. අප එහි යන විටත් ඒ මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පාන්දර සිට පැමිණි රෝගීන් පනහකට අධික සංඛ්‍යාවක්‌ පෙළ ගැසී සිටියහ. සුළු වේලාවකින් අපටද එම වෙද මහතා හමුවීමට අවස්‌ථාව ලැබුණි.
    Kandalama.jpg

    මම, මාතලේ යටවත්තේ උරුලෑවත්ත ඩිංගිරි බණ්‌ඩා (මගේ පියා) වෙද පරම්පරාවෙන් පැවත එන අයෙක්‌. මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මාවනැල්ල ශ්‍රී මහා බෝධි පිරිවෙණේ ඉගැන්නුවා. එහිදී කෙරමිණියේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සංස්‌කෘත භාෂාවද ඉගැන්වුවා. ඊට අමතරව දේශීය වෛද්‍ය විද්‍යාව ගැන අධ්‍යයනය කිරීමට ඉඩ ලැබුණා. පියාගෙන් ආ වෙදකමේ දැනුමත් සමග මට යක්‌කල වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කිරීමටත් අවස්‌ථාව ලැබුණා. වසර තිහක ගුරු සේවයෙන් සමුගෙන මම දැන් පූර්ණ කාලීනව දේශීය වෛද්‍යවරයෙක්‌ ලෙස රෝගීන්ට ප්‍රතිකාර කරනවා යයි සාකච්ඡාව ආරම්භ කරමින් වෙද මහතා අප සමග පැවැසීය.

    බොහෝ රෝගීන් මාව හඳුන්වන්නේ වකුගඩුවලට වෙදකම් කරන වෙද මහතා ලෙසින්. අක්‍ෂි රෝග, සර්ප විෂ, හන්දිපත් රුදාව යන රෝග හැර අන් සියලුම සර්වාංග රෝගවලට මම ප්‍රතිකාර කරනවා.

    අද මේ රටේ වකුගඩු රෝගය පැතිර යමින් පවතිනවා. එය මාරාන්තිකයි. හෘදයාබාධ, දියවැඩියාව ආදී රෝගවලට බටහිර වෛද්‍ය ප්‍රතිකාර දීර්ඝ කාලයක්‌ කරන විට වකුගඩු නරක්‌ වීම අරුමයට කරුණක්‌ නොවේ. මේ රෝගය වැළඳුන කෙනකුට බටහිර වෙදකම අනුව කළ හැකි එකම පිළියම වන්නේ නිරෝගී අයකුගේ වකුගඩුවක්‌ බද්ධ කිරීම පමණයි. නමුත් එසේ බද්ධ කළත් එවැනි රෝගීන් ද වැඩි කාලයක්‌ ජීවත් වෙන්නේ නෑ. අවුරුද්දයි, දෙකයි. පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් වලින් ඒ බව පෙනෙනවා. එසේ වකුගඩුවක්‌ බද්ධ කළ මේ රටේ කලාකරුවකුත් වසර දෙකකින් මියගියා. වකුගඩුවක්‌ බද්ධ කළ යුතු බවට බටහිර වෛද්‍යවරු නිර්දේශ කළ රෝගීන් සිය ගණනක්‌ මම සුවපත් කර තිබෙනවා. ඒ දේශීය ඖෂධවල හාස්‌කමින්. ඔවුන් අතර විදේශීය රෝගීන් මෙන්ම බටහිර වෛද්‍යවරුන්ගේ ඥතීන් ද ඉන්නවා. ඒවා ඔප්පු කළ හැකි සියලු ලිපි ලේඛන මා සතුව තිබෙනවා. ඒවා ඕනෑම කෙනකුට ඕනෑම වේලාවක පරීක්‌ෂා කිරීමට ඉඩ ලබා දිය හැකියි. දේශීය වෙදකමින් වකුගඩු රෝගය නිට්‌ටාවට සුවකළ හැකි බව විද්‍යානුකූලව මට ඔප්පු කළ හැකියි. මරණය පෙනි පෙනී බටහිර වෙදකමින් සුවය නොලැබූ රෝගීන් මගෙන් ප්‍රතිකාර ගෙන සුවය ලබා අද සතුටින් කල් ගෙවනවා. එය මගේ දක්‌ෂතාවක්‌ නොවේ. මේ රටේ මහ පොළවේ වැවෙන දේශීය ඔසු පැළෑටිවල හාස්‌කමක්‌. ප්‍රතිකාර සඳහා මම මුදල් නියම කරන්නේ නෑ. මුදල් නැතත් ප්‍රතිකාර ලබාදෙනවා යෑයි පැවැසීය.
    raw3.jpg

    දේශීයව වැවෙන ඔසු පැළෑටි හඳුනාගෙන ඒවා ගැන පර්යේෂණ කර ගුණාගුණ හා රෝගයන් ගැන අත්දැකීම් ලබා තමන් විසින්ම නිෂ්පාදනය කරන ලද ඖෂධ වලින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම මෙම වෙද මහතාගේ විශේෂත්වයයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ බහු ජාතික සමාගම් විසිනි. එම ඔසු වර්ගවලින් රෝග සුවපත් කරනවාට වඩා සිදුවෙන්නේ දීර්ඝ කාලීනව ඒවා පාවිච්චි කිරීමට රෝගීන් යොමු කිරීමයි. එවිට එම සමාගම් වලට වෙළෙඳ පොළේ බලපෑමක්‌ සිදුවන්නේ නෑ. බටහිර ප්‍රතිකාරවලින් රෝග නිට්‌ටාවට සුව නොවන්නේ ඒ නිසයි.

    බටහිර ඔසු වලින් කෙරෙන්නේ දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම පමණයි. ඒත් දේශීය ඔසු වලින් කරන්නේ එම රෝගය නිට්‌ටාවට සුව කිරීමයි. රෝග පාලනයක්‌ නැතැයි ඔහු පැවැසීය.

    දියවැඩියාව, අධික රුධිර පීඩනය, මැලේරියාව, සර්පයන් දෂ්ට කිරීම, මී උණ, මුත්‍ර මාර්ගය අවහිරවීම, ප්‍රදාහය, ප්‍රවේණිගත රෝග, ඖෂධ විෂවීම ආදිය වකුගඩු රෝගයට හේතු ලෙස වෙද මහතා පෙන්වා දුන්නේය.

    කිරිබණ්‌ඩා වෙද මහතාගෙන් වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ රෝගීහු කීපදෙනෙක්‌ අපට එහිදී හමු විය. ඔවුහු අප සමග දොඩමළු වූයේ මෙසේය.

    ප්‍රියන්ත රත්නසිරි (37) අංක 115 3/4 යුනිට්‌ 16 කන්තලේ- මම 1999 වසරේ සිට වකුගඩු නරක්‌වීමේ රෝගයට බටහිර ප්‍රතිකාර ලබා ගත්තා. මුත්‍රා ප්‍රෝටීන් සමග පිටවුණා. අධික රුධිර පීඩනයත් තිබුණා. දිනෙන් දින ජීවත්වීමේ ආශාව ගිලිහී යමින් තිබුණා. එසේ සිටින විට එක්‌තරා රූපවාහිනි නාලිකාවකින් කණ්‌ඩලම වෙද මහතා ගැන දැනගන්න ලැබුණා. ඒ අනුව 2004 දී පටන් මම එම වෙද මහතාට මගේ වෛද්‍ය වාර්තා පෙන්වා ප්‍රතිකාර ලබාගන්නට පටන් ගත්තා. බටහිර ප්‍රතිකාර නතර කළා. ඒත් රෝහලට ගොස්‌ වෛද්‍ය සායනවලට සහභාගි වුවා. එහිදී මම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බව බටහිර වෛද්‍යවරුන්ට කීවේ නෑ. එම සායනවලදී ස්‌කෑන් කළ පසු මගේ වකුගඩු ක්‍රමයෙන් හොඳ අතට හැරෙමින් පවතින බව දැනගෙන යටිහිතින් සතුටු වුණා. දැන් පෙර පරිදි අධිරුධිර පීඩනය හා ප්‍රෝටීන් යන්නේ නෑ. ශරීරයට ලොකු පහසුවක්‌ දැනෙනවා. මරණය පෙනි පෙනී ජීවත් වූ මට යළි ජීවය ලබාදුන් කණ්‌ඩලම වෙද මහතාට අපි සදා ණය ගැතියි. එතුමා සියලු බේත් හේත් නිෂ්පාදනය කරන නිසා බේත් වර්ග සොය සොයා ඇවිදින්න ඕනේ නෑ. දුර බැහැර අයට නවාතැන්ද නොමිලේ දෙනවා යයි පැවසුවේ සතුටු කඳුළු අතරිනි.

    කේ. ඒ. ඩී. ජෝනස්‌ සමන්රාඡ් (47) අංක 191/1, මහබුත්ගමුව, අංගොඩ (වෙළෙඳ සහායක) – මම අවුරුදු 15 ක්‌ පමණ දියවැඩියාව හා රුධිර පීඩනයට බටහිර ප්‍රතිකාර ලබාගත්තා.

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කළ වකුගඩු පරීක්‌ෂණයකදී වකුගඩු දෙකම නරක්‌වෙන්ට යනවා කියා වෛද්‍යවරු කිවා. ඒ අතර දකුණු කකුලේ මාපට ඇඟිල්ලේ තුවාලයක්‌ ආවා. අයි. ඩී.එච්. රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ගත්තා. පසුව ජාතික රෝහලේ වකුගඩු සායනයට යොමු කළත් ඇඟිල්ල කපන්නට සිදුවුණා. මගේ ලේ මාරු කරන්න පවා යන්ත්‍ර සවිකළා. 2011 සිට කණ්‌ඩලම වෙද මහතාගෙන් ප්‍රතිකාර කරන්නට පටන් ගත්තා. ඒ ප්‍රතිකාරවලින් ප්‍රෝටීන් පිටවීම හාස්‌කමකින් වගේ නැවතුණා. වෙද මහතාගේ බෙහෙත්, උපදෙස්‌ පරිදි පාවිච්චි කිරීම නිසා තිබූ අසනීප හිතුවටත් වඩා ඉක්‌මනට අඩුවුණා. ශරීරයට හොඳ සනීපයක්‌ දැනෙනවා. යළිත් මගේ දරුවන්ගේ මුහුණ බලන්න හැකිවෙතැයි සිතුවේ නෑ. ඒ බලාපොරොත්තුව ඇති කළේ කණ්‌ඩලම වෙද මහතායි. මම වගේ බටහිර වෙදකම් කර අසරණව සිටින රෝගීන් විශාල පිරිසක්‌ ඒ වෙද මහතාගෙන් ප්‍රතිකාර ගන්නවා. මම අවංකවම වකුගඩු රෝගින්ගෙන් ඉල්ලා සිටින්නේ එක්‌ වරක්‌ එම වෙද මහතා හමු වී මා කියන දේ සත්‍ය අසත්‍ය බව දැනගන්නා ලෙසයි.

    ඩී.කේ. යූ. උපුල් රසන්ත කුමාර (40) අංක 15, ගංගොඩ, කෑගල්ල (රක්‌ෂණ නියෝජිත), මට අවුරුදු 35 දී පටන් අධික රුධිර පීඩනය තිබුණා. ඊට නොකඩවා බටහිර වෙදකම් කළා. වයස අවු. 39 දී මගේ පපුවේ හිරවීමක්‌ සිදුවුණා. නුවර පෞද්ගලික රෝහලක නේවාසිකව තවත් ප්‍රතිකාර ගත්තා. සුව නොවූ නිසා කණ්‌ඩලම වෙද මහතා ගැන ආරංචි වී ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පටන් ගත්තා. අවුරුද්දක්‌ විතර ප්‍රතිකාර ගන්නවා. විශ්වාස කරන්න මහත්තයෝ දැන් මගේ රුධිර පීඩනය අඩුවෙලා. මුත්‍රා පෙරීම ඉතා හොඳ තත්ත්වයෙන් තිබෙනවා. මම දිගටම මේ වෙද මහතාගෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට තීරණය කර තිබෙනවා යෑයි කීය.

    එච්. පී. ගුණදාස (62) කොහොඹදෙණිය දොරවක – මම බටහිර වෛද්‍යවරු 15 දෙනකුගෙන් පමණ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් වැඩිවීම ආදියට ප්‍රතිකාර ලබා ගත්තා. අවසානයේදී ඔවුන් පැවසුවේ මගේ වකුගඩුවලින් 89% ක්‌ පමණ නරක්‌වෙලා කියලයි. ප්‍රතිකාර කරන්නට බෑ කීවා. 2012 අවසානයේ කණ්‌ඩලමේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පටන් ගත්තා. ඉන් කොලොස්‌ටරෝල් ප්‍රමාණය 11.2 සිට 6.8 දක්‌වා අඩු වුණා. දියවැඩියා පෙති අවුරුදු 11 ක්‌ තිස්‌සේ පාවිච්චි කිරීම නිසා වකුගඩු නරක්‌ වී තිබූ බව වෙද මහතා පැවසුවා. මේ වෙද මහතාගේ ප්‍රතිකාර වලින් පසු තිබුණු සියලු අසනීප බොහෝ දුරට අඩුවෙලා මගේ හිතේ බය අඩුවුණා. ජීවත් වීමේ බලාපොරොත්තු ඇති වුණා. දිගටම මේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබාගන්නවා යයි පැවැසීය.

    දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් මාරාන්තික වකුගඩු රෝගය නිට්‌ටාවටම සුවකළ හැකි බව ඔප්පු කිරීමට තමන් සූදානම් බව කිරිබණ්‌ඩා වෙද මහතා අප සමග පැවසුවේ එවැනි රෝගීන්ගේ ලිපි ලේඛන හා ප්‍රශංසාත්මක ලිපි සිය ගණනක්‌ පෙන්වමිනි. තමන් අදාළ රෝග සුවකිරීම සඳහා පාවිච්චි කරනු ලබන්නේ තම ඔසු උයනේ වගාකර ඇති දේශීය ඔසු වර්ග බව වෙද මහතා පැවැසීය. ඒ නිසා දේශීය වෛද්‍යවරු සතු දැනුම හා අත්දැකීම් සම්භාරයෙන් වැඩ ගැනීමට කාලය පැමිණ තිබේ.

    දේශයට සම්පතක්‌ වූ මේ වෙද මහතා වකුගඩු රෝගය ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කරනු ලබයි. ඇතැම් දේශීය ඔසු වර්ග ප්‍රවාහනය කිරීමට ඇති තහනම නිසා තම වෙදකමට කිසියම් බලපෑමක්‌ එල්ල වී ඇති බව වෙද මහතා පැවැසීය. ඒ නිසා විශේෂ බලපත්‍රයක්‌ යටතේ හෝ එම ඔසු වර්ග ලබා ගැනීමට ඉඩ කඩ ලබාදෙන ලෙස අවසන් වශයෙන් ඒ මහතා රජයෙන් ඉල්ලීමක්‌ කළේය.

    ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය – කඳානෙගෙදර පාර, කඹුරුගොඩ. දුරකථන අංකය – 077 52 60 559

    ගලේවෙල විශේෂ – පී. ගුණතිලක. ඡායාරූප – ගලේවෙල මධ්‍යම සමූහ වාර්තාකරු.
    http://www.adadawasa.com/මාරාන්තික-වකුගඩු-රෝගීන්ට/
     
    • Like
    Reactions: saja

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබේ වකුගඩු නරක් වෙන්න පටන් අරගෙන

    අද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වකුගඩු රෝග ව්‍යප්තිය. මෙහි පවතින බරපතලම කරුණ වන්නේ මෙම රෝගය සිඝ්‍රයෙන් පැතිරීමට හේතුවන කරුණු පැහැදිලි ලෙස හඳුනාගැනීමට අපොහසත් වීමයි. කෙසේවුවත් රෝගය වළක්වා ගැනීම සඳහා යොමුවන අවධානය අඩු නිසා ඒ පිළිබඳ සැලකිල්ලක් යොමු කිරීම අවශ්‍යයි. ඒ යටතේ ක්‍රියාකාරී දිවි පෙවෙතක් කෙසේ වකුගඩු රෝගයෙන් වැළකීමට හේතු වන්නේ ද යන්න වගේම දියවැඩියා රෝගීන් තමන්ගේ වකුගඩු කෙසේද ආරක්ෂා කර ගන්නේ යන්න පිළිබඳවත් දැනුවත් වීම වැදගත්.

    නිවැරදි දිවි පෙවෙත යන්නෙන් අදහස් වන්නේ ක්‍රියාශීලි දිවි පෙවෙතක් යන්නයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට ගන්නා ආහාර ප්‍රමාණය වැය කරන ශක්ති ප්‍රමාණය අතර සමබරතාවක් පවත්වා ගත යුතුයි. එසේ නොවුණුහොත් ශරීරය මඟින් වැය නොකරන ශක්තිය නිසා අප රෝගීන් බවට පත්විය හැකි වේ.

    ඒ නිසා තරබාරු බව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආඝාතය වැනි රෝග ඇතිවිය හැකි අතර මේ හේතු නිසාම ඔබගේ වකුගඩුවලට ද අහිතකර බලපෑම් ඇති විය හැකියි. එබැවින් අපි ලබා ගන්නා ආහාර දහනය කිරීම හරහා බර නියමිතව පවත්වාගෙන ක්‍රියාශීලි දිවි පෙවෙතක් මඟින් වකුගඩුවලට ඇතිවන අවදානම අඩු කර ගත හැකියි. එහිදී ඇවිදීම, බයිසිකල් පැදීම, ඇඟ වෙහෙසා වැඩ කිරීම ආදී කරුණු අපගේ දිවියේ සාමාන්‍ය වැඩ කොටසක් බවට පත් කරගත යුතුයි. අප කාර්යාලවල සිදු කරන වැඩ මඟින් අප තෙහෙට්ටුවට පත් වීමක් පමණයි සිදුවන්නේ.

    ශරීර ශක්තිය වැය කරමින් කටයුතු කිරීම හරහා ඉහත රෝග කල්තබා වළක්වා ගත හැකියි. එදිනෙදා ජීවිතයේදී සිදු කරගත හැකි ශරීරය වෙහෙසවා කටයුතු කිරීම ඉතා වැදගත්.

    දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගවල බලපෑම

    ලෝකයේ ඕනෑම රටක් ගතහොත් වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන්නේ දියවැඩියාවයි. අංක දෙක අධික රුධිර පීඩනයයි. මෙම රෝග දෙක වැළඳී ඇති බව හඳුනා ගන්නා විට ඔබගේ වකුගඩුවලට හානි වී තිබිය හැකියි. නමුත් කාලයක් තිස්සේ මෙම රෝගය පාලනයකින් තොරව පැවතීමෙන් වකුගඩුවලට හානි පැමිණිය හැකියි. බොහෝවිට දියවැඩියාව වැළඳී ඇති තරුණ අය බේත් වේල මඟ හරිනු ලැබේ. එසේ බේත් වේල මඟහැරියත් ඔවුන්ට අපහසුතාවක් නොදැනෙන නිසා ඒවා මඟහරිනු ලැබේ.

    මේ දිනවල භාවිතා වන දියවැඩියාවට ඒ වගේම අධි රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ නිසා කිසිවිටෙක වකුගඩු නරක් වන්නේ නැහැ. එසේ සිදුවන්නේ එම රෝග තත්ත්ව නිසිලෙස පාලනය නොකිරීම නිසයි.

    මෙට්ෆොමින් නිසා වකුගඩු නරක් වෙනවාද?

    මෙට්ෆොමින් දියවැඩියාවට පමණක් නොවෙයි තවත් බොහෝ ලෙඩ රෝග අඩු කර ගැනීම සඳහා භාවිතා වන ඉතා හොඳ ඖෂධයක්. නමුත් වකුගඩු රෝගී වූ පසු මෙට්ෆොමීන් භාවිතය කළ නොහැකියි.

    ස්ථුල භාවය

    ස්ථුල භාවය ආකාර කිහිපයකින් වකුගඩුවලට හානි කළ හැකියි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් තැන්පත් වීම ආදී බොහෝ හේතු නිසා විවිධාකාර වශයෙන් වකුගඩුවල රෝගී තත්ත්ව ස්ථුලභාවය මුල් කරගෙන ඇතිවිය හැකියි.

    වතුර හා වකුගඩු අතර සබඳතාව

    වකුගඩු රෝග වළක්වා ගැනීමේ පහසුව හා ලාභදායී ක්‍රමවේදය වන්නේ නිසිලෙස ජලය පානයයි. මෙහිදී නිසිලෙස ජලය පානය යන්නෙන් අදහස් වන්නේ මෙම ජලය ලබා ගන්නා මූලාශ්‍රය පිළිබඳ සැලකිලිමත් වීමයි. මෙහිදී එම වතුර උතුරුවා නිවාගත් ඒවා වීම මෙන්ම පෙරා ගන්නා ලද ජලය වෙනවා නම් ඉතාමත් හොඳයි. ඒ වගේම අපි පානය කරන වතුර ප්‍රමාණයත් ඉතා වැදගත්. ඒ වගේම පෙරණයේ නිර්දේශිත වතුර ප්‍රමාණයක් පෙරා ඉවර වූ පසුව එය ඉවත් කර දැමීම හෝ අලුත්වැඩියා කළ යුතුයි. මෙය සදාකාලිකව භාවිතා කළ හැකි දෙයක් නොවේ. එහි කාලය හා පෙරීමේ හැකියාව නැතහොත් නියමිත කාලය ඉක්මවා ගිය පසු එහි කොටස් අලුත්වැඩියා කිරීමට බලා ගන්නවා නම් වඩාත් හොඳයි.

    ජලය කොපමණ ප්‍රමාණයක් පානය කළ යුතු ද යන ගැටලුවේදී සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව දිනකට පානය කළ යුතු වතුර ලීටර් 1 1/2ත් 2ත් අතර ප්‍රමාණයක් ලෙස දක්වා තිබේ. නමුත් අප ඝර්ම කලාපිය රටක් වශයෙන් අප ලීටර් 2 1/2ක් වුවත් පානය කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් ඔබ දහඩිය පිටකරමින් වැඩ කරන අයෙක් නම් ඊට සාපේක්ෂව වතුර ප්‍රමාණය වෙනස් විය යුතුයි. මෙම වතුර පානය කළ යුතු ආකාරය පිළිබඳ විමසා බැලීමත් ඉතා වැදගත්.

    අපි දිනය පුරා බෙදී යන ආකාරයෙන් ජලය පානය කළ යුතුයි. එක්වර ජලය විශාල ප්‍රමාණයක් පානය කරනවාට වඩා බෙදී යන ලෙස පානය ඉතා වැදගත්. ඒ වගේම මුත්‍රාවල සාන්ද්‍රණය අධික නොවන ලෙස ජලය පාලනය මඟින් එය පාලනයකට ලක් කර එහි පැහැය ළා පැහැයට හුරු ලෙස පවත්වා ගත යුතුයි. එක්වර වතුර විශාල ප්‍රමාණයක් පානය තේරුමක් නොමැති දෙයක්.

    ලුණු යනු ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් වුවත් ලංකාවේ ආහාර වේලේ ලුණු අධික ආහාර බහුල වශයෙන් තිබෙනවා. දිනකට ග්රෑම් 5ක් හෝ 6ක් ආහාරයට ගත යුතුයි. එය තේ හැන්දක ප්‍රමාණයකි. ඔබ ඔබගේ ප්‍රධාන ආහාරයට ලුණු එකතු නොකළ යුතුයි. ලුණු අඩුවෙන් ආහාරයට එකතු කර ගැනීම හරහා වකුගඩු ආරක්ෂා කරගත හැකියි. ඒ වගේම මෑතකාලීනව පැමිණි ක්ෂණික ආහාර බිස්කට්, පොටේටෝ චිප්ස්, සුප්කැට, විවිධ බැදපු මස් වර්ග ආදියේ ඉතා අධිකව ලුණු අඩංගු වේ. සොසේජස්, හැම්, බේකන් ආදී දේවල අධික ලෙස ලුණු අඩංගු නිසා මෙම ආහාර ඔබ ආහාරයට නොගත වගේම ඔබේ දුවා දරුවන්ට ලබා නොදිය යුතු ආහාර වේ.

    වකුගඩු නරක් වීමට බලපාන ඉතිරි කරුණු

    දුම්පානය මඟින් වකුගඩුවට හානි සිදුවන ආකාර දෙකකි. ඒ යටතේ කොලෙස්ටරෝල් තැන්පත් වීම සහ රුධිරය සැපයීමේ නාළ හීනි වීම නිසා වකුගඩුවලට රුධිරය සපයන නාළ හීනි විය හැකියි.

    ඊට අමතරව වකුගඩු සම්බන්ධ පිළිකා තත්ත්වයටත් දුම්පානය හේතුවිය හැකියි. ඔබ දුම්පානය නොකර සිටියොත් වකුගඩු රෝග වැළඳීමේ අවදානම අඩු කර ගත හැකියි.

    දියවැඩියා රෝගීන් නිසි පරිදි ඖෂධ පානය, රුධිරගත දියවැඩියා පරීක්ෂාව ඩ්ඕඒ1ඛ් පරීක්ෂණයේ අගය 7ට වඩා අඩු අගයක පවත්වා ගත යුතුයි. ඒ වගේම අධි රුධිර පීඩනය තිබෙනවා නම් එහි අගය 140 – 80 ට වඩා අඩු අගයකට පවත්වා ගත යුතුයි. දියවැඩියාව හා රුධිර පීඩනය තිබෙන අයෙක් නම් 130 -80 ට අඩු මට්ටමට රුධිර පීඩනය පවත්වා ගත යුතුයි. එසේ නොවුණහොත් ඔබේ වකුගඩු ඉක්මනින් නරක් විය හැකියි.

    තවද වකුගඩුවල ගල් තිබෙන අය මාස 6කට අවුරුද්දකට සැරයක් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී වකුගඩුවේ තත්ත්වය පරීක්ෂා කරගත යුතුයි. තවද ප්‍රවේණික වකුගඩු රෝග තිබෙන අය (පවුලේ කාටහරි වකුගඩු රෝග තිබෙන අය) තමාගේ වකුගඩුවල තත්ත්වය පරික්ෂා කරගත යුතුයි.

    වකුගඩු නරක් වී ඇති බවට පහළ වන රෝග ලක්ෂණ

    මෙම රෝගයේදී රෝග ලක්ෂණ පහළ වන තෙක් සිටියහොත් සැලකිය යුතු මට්ටමින් වකුගඩු නරක් වී තිබිය හැකියි. වකුගඩු රෝග ඉතා මුල් අවස්ථාවේ හඳුනා ගැනීම ඉතාම අපහසු වේ. නමුත් මුත්‍රා සමඟ පෙණ වැඩිපුර පිටවීම, වැනි ලක්ෂණ මඟින් මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවන බව දැකගත හැකියි. මුත්‍රා සමඟ රුධිරය පිටවීම, ඉදිමුණු කකුල් ද රෝග ලක්ෂණ වේ.

    උපදෙස් : ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව
    http://www.adadawasa.com/මේ-රෝග-ලක්ෂණ-තියෙනවා-නම්-ඔ/
     
    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    Godak wedagath TFS

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මචන්ලා ඔය කියන වෙද මහත්තය වකුගඩු රෝග වලට ඇත්තටම හොදයිද? මොකද අපෙ අම්මගෙත් වකුගඩු දෙකම දාන්න කියලයි තියෙන්නෙ. but අපි ඒකට කැමති නෑ. මොකද එයා ටිකක් වයසයි. වයස අයටත් ඔය වැඩේ කරන්න ගියාම නැති ප්‍රශ්න එනවලු නේ? ඒ නිසා මම බැලුවෙ ඔය වෙද මහත්තය ලගට අරන් යන්නයි. please දන්න කෙනෙක් ඉන්නවනම්, විශේෂයෙන් ඔය අහල පහල කෙනෙක් එළ කිරියෙ ඉන්නවනම්, comment කරපල්ල. එතකන් bump කරපල්ල.