අපොයි තව එකෙක්- කට්ටියව අන්දන්න නේද හදන්න#

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අපොයි තව එකෙක්- කට්ටියව අන්දන්න නේද හදන්න#


    අර ව්‍යාපාරිකයෙකු විසින් ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය බර ( ඔහු අදහස් කළේ එය යැයි මා සිතනවා ) එක දවසින් නිදහස් කරනවා කියලා කරපු ප්‍රකාශය ඔස්සේ කල්පනා කරන විට, මේ "ණය" ගැන පැහැදිලි කිරීමක් කළ යුතුයි කියල හිතුණා.....
    රටවල් ණය වෙනවා කියන්නෙ ඒ රටවල පරිපාලනය හෙවත් රජයන් රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මුදල් සපයා ගන්නා ආකාර වලින් එකක්......ණය හැර තව ක්‍රමවේදයන් තිබෙනවා.....රාජ්‍ය නිෂ්පාදනය සහ මුදළට සපයනු ලබන සේවාවන් දේශීය සහ විදේශීය වශයෙන් වැඩි දියුණු කර, එහි වපසරිය පුළුල් කර, එමගින් ලබාගන්නා ආදායම, එතකොට සෘජු සහ වක්‍ර බදු මගින් පුරවැසියන්ගෙන් සහ සංචාරකයන්ගෙන් අය කරගන්නා මුදල් යනාදී වෙනත් ක්‍රමවේදයන් තියෙනවා......ණය ලබා ගැනීම ඒ ක්‍රමවේදයන් අතුරින් ප්‍රධානම එකක්.....
    රජයන් / රටවල් ණය ගන්නේ ඇයි?...... සුභසාධන රාජ්‍ය වලදි මේ ප්‍රශ්ණයට ඉතාම සරල සෘජු පිළිතුරු තියෙනවා......සුභසාධන රාජ්‍ය කියලා කියන්නේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සහ ජීවන මට්ටමට අදාළ භාණ්ඩ හෝ සේවාවන් ( බොහොමයක් අත්‍යාවශ්‍ය සේවාවන් හෝ සැපයුම් ) -
    1. නොමිළේ හෝ ( අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව )
    2. රජය විසින් යම් පිරිවැයක් දරා, අදාළ සැපයුමේ හෝ සේවාවේ මිළ අඩු කර ජනතාවට සහන මිළට ( උදා: පොහොර සහනාධාරය, විදුලි බලය, බොර තෙල් )
    සපයනු ලබන රජයන් හෝ ක්‍රමවේදයන් තියෙන රටවල්......
    එතකොට රජයන් ණය ලබාගන්නේ අයවැයේදි මෙන්න මේ ඉහත සඳහන් කරපු "වැය" පාර්ශවය රජයකට ලැබෙන ආදායම් හෙවත් "අය" පාර්ශවයට වඩා වැඩිවෙලා අයවැය හිඟයක්, හෙවත් අයවැ‍ය පරතරයක් ආවාම, අන්න ඒක පියව ගන්න.....​
    සුභසාධනය සඳහා පිරිවැය නොදරන රාජ්‍යත්, දරන රාජ්‍යයත් යන දෙකම කරන පොදු වියදම් අතරට එකතු වෙන්නේ -
    - යටිතල පහසුකම් සංවර්ධනය - සෘජුව හෝ වක්‍රව ( සෘජුව රජයන් මැදිහත් වීමෙන් යටිතල පහසුකම් සංවර්ධනය හෝ දේශීය විදේශීය පෞද්ගලික සමාගම් වලට මුදල් ගෙවා යටිතල පහසුකම් සංවර්ධනය )
    - ආරක්ෂක වියදම්
    - වෙනත් නඩත්තු කටයුතු ආදිය​
    රජයන් විසින් ගනු ලබන ණය, ඒ ණය දෙනු ලබන පාර්ශවයන්ගේ ස්වභාවය අනුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි.....
    - අභ්‍යන්තර ණය - දේශීය පාර්ශව විසින් රජයට දෙනු ලබන ණය හෙවත් අදාළ රාජ්‍යයේ මූල්‍ය සංසරණය ඇතුළෙන්ම ලැබෙන මුදල්
    ( Internal Debt )- බාහිර ණය - විදේශීය පාර්ශව විසින් රජයට දෙනු ලබන ණය ( External Debt )
    මේ ප්‍රස්තුතයම තවත් ආකාරයකින් කොටස් දෙකකට බෙදන්න පුලුවන්......ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල් මේ විශේෂණයට කදිම උදාහරණ -
    - රජයේ අභ්‍යන්තර ණය - ( Intra Government Debt )
    රජයක මහ බැංකුවක් හෝ වෙනත් එබඳු මුදල් පරිපාලන ආයතනයක් විසින් හෝ භාණ්ඩාගාරයක් විසින් රජයේම වෙනත් දෙපාර්තමේන්තුවක්, අමාත්‍යංශයක්, බැංකුවක් හෝ මුදල් සංචිතයක් වෙතින් ගනු ලබන ණය .....
    උදා: ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ථ ජාතික ණය ( රට ණය වෙලා තියෙන ප්‍රමාණය ) - 2016 වසරේ දෙසැම්බර් වනවිට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 19.8
    එයින් 30% ක් හෙවත් ඩොලර් ට්‍රිලියන 5.54 ක ණය වල අයිතිය තියෙන්නෙ ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍යයේම රාජ්‍ය සමාජ ආරක්ෂණ අරමුදල, විශ්‍රාම වැටුප් සහ අර්ථ සාධක අරමුදල්, යුද හමුදා විශ්‍රාම දීමනා අරමුදල් ආදී ෆෙඩරල් මූල්‍ය පදනම් වලටමයි......මෙම අරමුදල් එහි සාමාජිකත්වයෙන් එකතු කරගන්නා සාමාජික ගාස්තු සහ මාසික අය කිරීම් අතිරික්තයක් ලෙස එකතු උනාම කරන්නෙ, අන්න ඒ මුදල් රජයේ භාණ්ඩාගාර බිල්පත් වල ආදී මූල්‍ය සම්පාදක ක්‍රමවේදයන් වල ආයෝජනය කරන එක.......
    අනිත් වර්ගය තමයි " රාජ්‍ය ණය " හෙවත් කියන කොටස -
    රජයකට ණය දෙන තනි පුද්ගල පාර්ශව, සමාගම්, විදේශ රටවල්, රාජ්‍ය නොවන බැංකු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහ හෝ බැංකු අයිති වෙන්නෙ මෙන්න මේ කියන කොටසට.....
    වර්ථමානයේ ලොව පුරා තියෙන්නෙ වෙළඳපොළ ආර්ථික රටාවක්... ඒ කියන්නේ ප්‍රාග්ධනයේ පෞද්ගලික හිමිකාරිත්වය, පෞද්ගලික ව්‍යවසායකත්වය, ඉල්ලුම සහ සැපයුම යනාදී මූලික අංග ලක්ෂණ මත පදනම් වෙච්ච ආර්ථික රටාවක්.....
    එවැනි ජාත්‍යන්තර ක්‍රමවේදයකදි නිෂ්පාදන සහ සේවා අංශ වඩා තරඟකාරී ලෙස සහ ගුණාත්මක ලෙස පෞද්ගලික අංශය විසින් පවත්වා ගෙන යද්දි, රාජ්‍යය අංශයන්ට එතරම් ඉහළ අදායමක් ලැබෙන්න තියෙන ඉඩකඩ අඩුයි......මේක පොදුවේ බොහෝ රටවල දකින්න තියෙන ලක්ෂණයක්.......
    එම නිසා, රජය විසින් කරනු ලබන වියදම් සඳහා මුදල් ලබාගන්නා ප්‍රකටම සහ පහසුම ක්‍රමවේදය තමයි මෙසේ ණය ලබා ගැනීම......
    එම ණය, එහි හිමිකරුවන්ට ගෙවිය යුතු විට, බොහෝ රටවල රජයන් කරන්නේ වෙනත් පාර්ශවයකින් ගන්නා ණය හෝ නැතිනම් රාජ්‍ය ආදායමෙන් කොටසකින් එම මුදල් ගෙවා දැමීම.....( පොදු ව්‍යවහාරයේ එන " රෝල ගහනවා" කියන්නෙත් මීට සමාන දේකට ) ...
    රජයක් විසින් ආර්ථිකයක ජනතා සුභ සාධනය උදෙසා කරන මෙබඳු වියදම් වලට අදාළ රාජ්‍ය වියදම් ප්‍රතිපත්තිය ඇසුරෙන් බිහිවුණු ප්‍රධාන ආර්ථික ගුරු කුළයන් දෙකක් අද යුගයේ ආර්ථික විද්‍යාඥයන් අතර භාවිතා වෙනවා.......
    1. ජෝන් මේනර්ඩ් කේන්ස් කියන ආර්ථික විශේෂඥයා විසින් යෝජනා කරන ලද රාජ්‍ය වියදම් වැඩි දියුණු කිරීමෙන් දළ දේශීය නිෂ්පාදිතය වැඩි කර, එමගින් ආර්ථිකය ප්‍රසාරණය කිරීම හෙවත් " කේනීසියානු ආර්ථික ප්‍රතිපත්ති " පිළිගන්න ගුරු කුළය
    2. මිල්ටන් ෆ්‍රයිඩ්මන් කියන විද්වතා විසින් එකී කේනීසියානු ගුරු කුළයට අභියෝග කරමින් " රාජ්‍ය වියදම් සහ මුදල් සැපයුම වැඩි කිරීමෙන් උද්ධමනය ඉහළ යා හැකි බවත්, එනයින් රජය ආදායම් සංචිත ගත කර ගනු විනා, සහ අත්‍යාවශ්‍ය වියදම් කරනු විනා, අනෙක් මැදිහත් වීම් අවම කළ යුතු බව, වියදම අවම කළ යුතු බව" කීම ගුරු වදන කර ගත්තු ගුරු කුළය......
    මේ ආකාර දෙකේදිම " රාජ්‍ය විසින් ණය නොගත යුතු බවක් හෝ ගෙවා අවසන් කළ යුතු බවක් " පැහැදිලි කරන්නේ නෑ...... ඒ වෙනුවට මේ ගුරු කුළයන් වල වඩා ගැඹුරට යනවිට පැහැදිලි කරන්නේ ණය තවත් ගන්නට සිදුවන සංකීර්ණතාවයන් තමයි......
    මේ විවෘත ආර්ථිකයේ භාවිතා කෙරෙන චින්තන ක්‍රමවේදයන් දෙක හැර, වෙනත් ක්‍රමවේද හෙවත් සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති සහ ජාතික සමාජවාදී ( ෆැසිස්ට් වාදී ) ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන අය තමයි බොහෝ දුරට මේ රටවල්, එහෙමත් නැත්නම් රජයන් විසින් ගන්නා ණය " ගෙවා අවසන් කළ යුතු ණය බර" ලෙස දකින්නේ..... විවෘත ආර්ථික ක්‍රමවේදයන් අනුදකින විද්වතුන් බොහෝ විට රාජ්‍ය ණය, මා ඉහත සඳහන් කරන ලද හේතු නිස, මේ වෙළඳපොළ ක්‍රමවේදයේම නොවැළැක්විය හැකි කොටසක් ලෙස දකින්නෙ......ඔවුන් බොහෝ විට කියන්නෙ -
    - පොළී අනුපාතිකය ඉහළ අවාසි සහගත ණයක් ගෙන ඇත්නම් ඒ ණය ගෙවා අවසන් කරන
    - අර්බුදකාරී ණය ගණු දෙණු ඇත්නම් ඒ ණය ගෙවා අවසන් කරන ( උදා : 1991 - 2003 කාළය තුළ ඉරාකය විසින් ලබා දෙන ලද රාජ්‍ය ණය ලබාගෙන සිටි අප්‍රිකානු රාජ්‍ය වලට සහ අග්නිදිග ආසියාවේ රටවල් කිහිපයකට වහාම එම ණය මුදල් ගෙවා දමන ලෙස හෝ නොගෙවිය හැකි ණය ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඇමරිකානු බලපෑම එල්ල වුනා........එයට හේතුව ඉරාකයට එරෙහිව පණවා තිබුණු ආර්ථික සම්බාධක සාර්ථක කර ගැනීමට නම් එරට සමග වෙනත් කිසිදු රාජ්‍යයක් මුල්‍යමය බැඳීමක නොපවතින බවට වග බලා ගන්න ඇමරිකාවට උවමනා වුනු නිසා )
    එකේ වැදගත් කම පමණයි......
    රටක් ණය වී ඇති බවත්, ඒ ණය ගෙවා අවසන් කළ යුතු බවත් කීම බොහෝ දුරට " ආගමික හෝ මාක්ස්වාදී චින්තන රටාවට" හුරු දෙයක් විනා වෙළඳපොළ හමුවේ යථාවාදී පැවැත්මක් නෙමෙයි.......
    සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති සහිත රටවල් ණය ලබා ගන්නේ නැද්ද?......
    ලබාගන්නවා......නමුත් ඒ ලබාගන්නා ණය සහ ධනවාදී රටවල් ලබාගන්නා ණය අතර මූල ධර්මික වෙනස් කම් තියෙනවා.....
    ධනවාදී රටවල් ණය ලබාගන්නේ රටේ මුදල් චක්‍රය හෙවත් චක්‍රීය ලෙස සංසරණය වන මූල්‍යමය වටිනාකම් වැඩි දියුණු කරන්න, වෙළඳපොළ ප්‍රසාරණය කරන්න ( උදා: යටිතල පහසුකම්, නිදහස් වෙළඳ කළාප, නිදහස් ආයෝජන කළාප ) සහ ඒ රට සුභසාධක රාජ්‍යයක් නම් ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන්.....
    සමාජවාදී රටවල් ණය ලබාගන්නේ ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහා පමණයි.... ( බොහෝ දුරට ... උදා: කියුබාව සෝවියට් සංගමයේ ඒකක වලට ඩොලර් බිලියන 58.9 ක් ණය උනා වසර 23 ක් ඇතුළත .... ) ... මේ නිසා ණය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ජනනයක් සිදු කරන්න රාජ්‍ය වියදම් සහ පෞද්ගලික ව්‍යවසායකත්වය නොමැති වීම නිසා අවකාශ නෑ.....
    චීනය මේ තත්වය කල් තබා හඳුනාගෙන, චීනය විසින් සෝවියට් සංගමයෙන් සහ 1973 වසරෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබාගත් ණය මුදල් පෞද්ගලික ව්‍යවසායකත්වය සහ පෞද්ගලික අංශයට අනුරූප කරන ලද රාජ්‍ය සතුව කොටස් බහුතරය පවතින සමාගම් වල ව්‍යවසායකත්වය මෙන්ම නිෂ්පාදනය සහ සේවා සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට වියදම් කරා.......එහි ප්‍රතිඵලය අද ලෝකය දකිනවා....... ඉන්දියාවත් 1994 වසරෙන් පසුව අතාල් බිහාරි වජ්පායි, මන්මෝහන් සිං සහ වත්මනේදි නරේන්ද්‍ර මෝඩි යටතෙ කරමින් සිටින්නෙ එය......
    මේ අනුව ලෝකයේ දියුණුම සහ බලවත්ම රටවල් පවා අති විශාල ජාතික ණය සමග පවතින රාජ්‍යයන් -
    ඇමරිකාව ඩොලර් ට්‍රිලියන 18 ක රාජ්‍ය ණය සහිතයි
    ජපානය ඩොලර් ට්‍රිලියන 9.9 ක රාජ්‍ය ණය සහිතයි
    මහජන චීන සමූහාණ්ඩුව ඩොලර් ට්‍රිලියන 5.7 ක් ණය සහිතයි
    ජර්මනිය ඩොලර් ට්‍රිලියන 5.1 ක් ණයයි
    ඉතාලිය ඩොලර් ට්‍රිලියන 3.9 ක් ණයයි
    ප්‍රංශය ඩොලර් ට්‍රිලියන 3.9 ක් ණයයි
    මේ යනාදි වශයෙන් මේ සුපිරි ආර්ථිකයන් වල රජයනුත් මම මේ ලිපියේ ඉහත විස්තර කරන ලද ව්‍යුහයේ ණය ලබාගෙන තිබෙනවා.......ඒ අයත් ණයයි.....
    රාජ්‍ය ණය වල තීව්‍රතාවය තීරණය කරන තවත් සාධකයක් තමයි මෙසේ ලබාගන්නා ණය එරට දළ දේශීය නිෂ්පාදිතයට හෙවත් රට තුළ කරනු ලබන සමස්ථ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනයන්ගේ වටිනාකමේ එකතුවට දක්වන අනුපාතය හෙවත් ප්‍රතිශතය.....
    එහෙම බැලුවොත් -
    බ්‍රිතාන්‍යය ණය වෙච්ච ප්‍රමාණය එරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වන අනුපාතය - 92.2.%
    ප්‍රංශය - 95.5%
    කැනඩාව - 98.8%
    ස්පාඤ්ඤය - 98.6%
    බෙල්ජියම - 108%
    සිංග්ගප්පූරුව - 110.6%
    ජපානය - 238% ( රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතය මෙන් දෙගුණයකටත් වැඩියි )
    මේ රටවල් ස්වකීය ආර්ථික ප්‍රතිපත්ති මගින් කරන්නෙ මෙකී ණය යම් ප්‍රමාණයකට යාමනය කිරීම සහ ණය ගෙවිය යුතු පාර්ශව වලට ණය ගෙවා දමන්නේ කෙසේද යන කරුණ කළමණාකරණය කිරීම පමණයි.......
    නමුත් විවෘත, ජාත්‍යන්තරවාදී ප්‍රවණතාවයන් සහිත ආර්ථිකයක් පවතින ලෝකයේ රාජ්‍ය ණය " ගෙවා අවසන් කිරීම" කළ නොහැක්කක්......එමෙන්ම මූල්‍ය විශ්ලේෂණයට අනුව කළ යුතු දෙයක් ද නොවේ..... ඒ වෙනුවට බොහෝ රටවල රජයන් සිදුකරන්නේ වාසිදායක ගණු දෙණු සහ විදේශ විනිමය හුවමාරු ආදියෙන් වාසි සහගත තත්වයන් උදා කර ගැනීම.....
    නූතනයේදී රටක් ණය වී තිබීම ලැජ්ජාවට කරුණක් නෙමෙයි......කළ යුතු දේ වන්නේ ණය අය පාර්ශවය සහ ණයට ලබා ගන්නා මුදලේ වැය පාර්ශවය කළමණාකරණය කිරීම සහ එමගින් මුදල් සංසරණයට අලුතින් වටිනාකම් එකතු වන බවට වග බලා ගැනීම.......

    Damith Kethaka
    -facebook


     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම ලිපියේ අන්තර්ගතය ගැන නෙවෙයි ටොපික් එක ගැන කියන්නේ. අපි කොහොමහ් අවුරුදු 70ක් තිස්සේ රැවටුනු දෙපිරිසකට රැවෙටනවා කියලා දැන් දැනම ආපහු රැවැනවාට වඩා අලුත් එක්කෙනෙක්ව ට්යි‍ කරන රිස්ක් වර්සස් බෙනිෆිට්ස් අනුව බැලුවාම වඩා හොදයි කියලා මට හිතෙන්නේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Atthatama mata vitharadha mehema hithenne Lankave ?? Saralava balamu. Oba kata hari naya venava. Kawru hari obage naya piyava damanava. Ethakota obage economy problems solve venavadha?? Obata income[Adayama ena margayak] ekak nathnam, oba navatha naya venava. Lankavta 1948 year eke idalama sidu venne eyai. Development ekak natthe ekai. EKA NISA VADA VADAGATH VENNE LOAN GANIMA SAHA PIYAVEEMA NOVA, LANKAVE MINISSUNTA INCOME EKAK ENA JOBS LABA DENA INDUSTRIES ATHI KIRIMAI.