මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම

    මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.

    පියවර 1: ලියාපදිංචි හිමිකරු විසින් හි ඵඕ 8 ආකෘති ඉල්ලූම්පත්‍ර ලබාගත යුතුය. මේවා පහත දැක්වෙන කාර්යාල වෙතින් ලබාගත හැක.

    • කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)
    • අදාල දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා)

    පියවර 2: ලියාපදිංචි හිමිකරු විසින් නිසි පරිදි සම්පූර්ණ කර ඇති ඵඕ 6 ( M.T.A. 6 ) හි හා 1 ආකෘති ලඟ රඳවාගත යුතුය.

    පියවර 3: ලියාපදිංචි හිමිකරු විසින් නව හිමිකරු වෙත ඵඕ 6 ( M.T.A. 6) හි ඊ හා ඊ1 ආකෘතීන්ද ඵඕ 8 ( M.T.A. 8 ) හි ක් හා ක්1 ආකෘතීන්ද භාරදිය යුතුය.

    පියවර 4: ලියාපදිංචි හිමිකරු විසින් ඵඕ 6 හි ආකෘති පත්‍රය මෝටර් රථ වාහන කොමසාරිස් වෙත ලියාපදිංචි කළ තැපෑලෙන් එවීම හෝ අතින් භාර දීම කළ තු අතර ඵඕ 6 හි1 ආකෘති පත්‍රය තමා ලඟ රඳවා ගත යුතුය.

    • කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)
    • අදාල දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා)

    පියවර 5: නව හිමිකරු විසින් බැංකුව වෙත ලියාපදිංචි ගාස්තු ගෙවා වවුචරය ලබාගත යුතුය.

    පියවර 6: නව හිමිකරු විසින් ගෙවීම් වවුචරය ඵඕ 6 ( M.T.A. 6) හි ඊ ආකෘතිය ඵඕ 8 හි සම්පූර්ණ කරන ලද ක් ආකෘතිය හා සියළු සම්බන්ධිත ලියවිලි මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව වෙත භාර දිය යුතුය.

    • කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)
    • අදාල දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා)
    පියවර 7: නව හිමිකරු විසින් ක්ඵඔ 52 කුවිතාන්සි ආකෘතිය ලබාගත යුතුය.

    කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)

    පියවර 8: නව හිමිකරු විසින් ඵඕ 6 ( M.T.A. 6) හි ඊ1 ආකෘතිය හා ඵඕ 8 ( M.T.A. 8 ) හි ක්1 ආකෘතිය තමා ලඟ රඳවාගත යුතුය.

    පියවර 9: අදාල ලියවිලි නිවැරදි බවට තහවුරු වූ විට දෙපාර්තමේන්තුව විසින් පැවරීම කරනු ලැබූ ලියාපදිංචි සහතිකය නිකුත් කරනු ලැබේ.

    සටහන: නව හිමිකරු විසින් ඉදිරිපත් කරනු ලැබූ අදාල ලියවිලි සදොස් ඒවා යයි දැනගත් විට දී පැවරුම සඳහා ඉල්ලීම ප්‍රතිකේෂ්ප කරයි. නව හිමිකරු විසින් සියළු ලියවිලි නැවත ඉදිරිපත් කළ යුතුය.


    සුදුසුකම්

    සියළුම අදාල සනාථ කරන ලියවිලි සතුව පවත්නා කවරකු වුවද මෙම සේවාව ලබා ගැනීම සඳහා සුදුසු වේ. බොහෝවිටදී අත්සන් හා පෙර ලියාපදිංචියට අදාල ලියවිලි නිරවද්‍ය විය යුතුය.

    සටහන: පහත දැක්වෙන කොන්දේසි සපුරාලීමට අපොහොසත් වන අයැදුම්කරුවන් මෙම සේවාව ලබාගැනීම සඳහා නුසුදුසු වේ.


    ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
    සියළුම ඉල්ලූම් පත්‍ර පැවරුම් අංශයෙහි අතිරේක කොමසාරිස් වෙත යොමු කළ යුතුය.

    අතිරේක කොමසාරිස්,
    මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, (වාහන පැවරුම්)
    තැ:පෙ: 533, 581-341,
    ඇල්විටිගල මාවත,
    කොළඹ 05.

    සටහන 1: බලපත්‍ර ලබා ගැනීම පහසුකරණය සඳහා අයැදුම්කරුවන්හට පහත දැක්වෙන කාර්යාලවලින් ද මෙම සේවය ලබාගත හැකිය.

    • සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍ය සේවා)
    • කොළඹ ප්‍රධාන කාර්යාලය ප්‍රමුබතා සේවා)

    ඉල්ලූම්පත්‍ර ආකෘති
    1. පැවරුම මත මෝටර් රථවාහන ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලූම් පත්‍රය ඵඕ 8 - M.T.A. 8
    2. මෝටර් රථ වාහනයක හිමිකම වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය. ඵඕ 6 - M.T.A. 6
    3. මෝටර් රථ වාහනයක් පිළිබඳ කුලී සින්න ගිවිසුම පිළිබඳ ප්‍රකාශය. ඵඕ 3 (වාහනයක හිමිකරු එය අන් අයකු වෙත කුලියට දී ඇති විට)
    4. ලියාපදිංචි හිමිකරුගේ ඇවෑමෙන් පසු එම වාහනයෙහි ලියාපදිංචිය සඳහා ඉල්ලූම් පත්‍රය. ඵඕ 7.- M.T.A.7 (ලියාපදිංචි හිමිකරු මිය ගිය පසු වාහනයෙහි ලියාපදිංචි පැවරීම)

    සටහන: ලියාපදිංචි කළ වාහනයක හිමිකරු මිය ගිය විට, මිය ගිය හිමිකරු පිළිබඳ දැන්වීම - ඵඕ 5 ( M.T.A.5 ආකෘති පත්‍රය) මෝටර් රථ වාහන කොමසාරිස් වෙත එවිය යුතුය.


    කාල නියමයන්

    ක්‍රියාදාම කාල නියමයන්

    එක් දින:
    අයැදුම්කරු විසින් මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙහි එක් දින කවුන්ටරය වෙත ඉල්ලූම් පත්‍රය හා ඉල්ලීම සනාථ කරන සියළු ලියවිලි ඉදිරිපත් කරන්නේ නම් එදිනම වාහන හැඳුණුම් කාඩ්පත සහ ලියාපදිංචි සහතිකය ලබා ගැනීමට ඔහුට හැකිවනු ඇත.

    සාමාන්‍ය:
    අයැදුම්කරු විසින් මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙහි සාමාන්‍ය කවුන්ටරය වෙත ඉල්ලූම් පත්‍රය හා ඉල්ලීම සනාථ කරන සියළු ලියවිලි ඉදිරිපත් කරන්නේ නම්
    එදිනම වාහන හැඳුණුම් කාඩ්පතලබා ගැනීමට ඔහුට හැකිවනු ඇත. පවරනු ලැබූ ලියාපදිංචි සහතිකය මාස 2ක් ඇතුලතදී ඔහු වෙත තැපෑලෙන් යවනු ලැබේ

    සටහන: සාමාන්‍ය ක්‍රියාදාමය සඳහා ඉල්ලූම් පත්‍රය ලියාපදිංචි කළ තැපෑලෙන්ද එවිය හැක.


    ඉදිරිපත් කිරීමේ කාල නියමයන්
    ඉල්ලූම්පත්‍ර ලබාගැනීම හා ඉදිරිපත් කිරීම සඳහා
    RMV_1.jpg

    සටහන: එක් දින ක්‍රියාදාමයෙහි අයැදුම්කරුවන්ට ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කළ දිනයෙහිම ප:ව:3.30ට පසුව සිය පවරනු ලැබූ ලියාපදිංචි සහතික ලබා ගැනීමට හැකිය.


    වලංගු කාල නියමයන්
    පවරනු ලැබූ ලියාපදිංචි සහතිකය සදාකල්ම වලංගු වේ. එහෙත් බර වාහන පිළිබඳව නම් එය වලංගුව පවත්නේ අවුරුදු 3ක් පමණකි.


    සේවයට අදාල මිළ ගණන්

    ඉල්ලූම් පත්‍රය ලබා ගැනීම:
    ඉල්ලූම් පත්‍රය නොමිලයේ ලබාගත හැක.

    ගාස්තුව
    RMV_2.jpg

    RMV_3.jpg


    සටහන: ඉහත සඳහන් සේවා ගාස්තු බැංකුවක් වෙත ගෙවා, එහිදී ලබාගත් බැංතු ගෙවීම් වවුචරය ඉල්ලූම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුය.


    වන්දිය:
    මෙම සේවාව සඳහා කිසිදු වන්දියක් අය නොකෙරේ.


    අධිභාරය
    1. ලියාපදිංචි සහතිකයෙහි යම් වෙනස්වීමක් ඇතුලත් කිරීමට තිබේ නම් ඒ සඳහා රු.150.00ක් ගෙවා, වවුචරය නව ලියාපදිංචි කිරීමේ කවුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතුය.
    2. හිමිකරුහට අංක තහඩුව සඳහා කිසියම් නිශ්චිත අංකයක් (තමා කැමති) අවශ්‍ය නම්, රු.7500.00ක අමතර ගෙවීමක් නව ලියාපදිංචි කිරීම් කවුන්ටරය වෙත ගෙවා එම අංක තහඩුව ලබාගැනීම සඳහා එකී ගෙවීම් වවුචරයද ඉදිරිපත් කළ යුතුය.
    3. මෝටර් රථයක් ලියාපදිංචි කළ දින සිට අවුරුදු 7ක කාල පරිච්ඡේදයක් තුලදී එකී රථය පළමුවරට පවරන විටදී රු.3000.00ක විශේෂ පැවරුම් (විකුණුම්) බද්දක් ගෙවිය යුතුය.


    අවශ්‍ය සනාථ කරන ලියවිලි
    1. හිමිකම් වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය. ඵඕ 6 (M.T.A. 6 ආකෘතිය) සහ ඵඕ 8 (M.T.A. 8 ආකෘතිය) දරණ ඉල්ලූම් පත්‍රය.

    2. පැවරුම් ලාභියාගේ සෙ.මි.3.52.5 ප්‍රමාණයෙහි ඡායා රූප දෙකක්, ඉන් එක පිටපතක් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි/සාමදාන විනිශ්චයකාර/විධායක නිලධාරි යන අයකු විසින් සහතික කළ යුතුය.

    3. පැවරුම් වර්‍ෂය සඳහා ආදායම් බලපත්‍රය හා එහි ඡායා පිටපතක්, භාවිතා නොකරන බවට දැන්වීමක් කර ඇත්නම් බලපත්‍ර නිකුත් කරන අධිකාරිය විසින් නිකුත් කරන ලද සහතිකයක්.

    4. ශ්‍රී බද්ද ගෙවා ඇති බවට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සහතිකය. (1ශ්‍රී සිට 15ශ්‍රී කාර් සහ 31ශ්‍රී, 32ශ්‍රී වාහන සඳහා පමණකි)

    5. වාහන ලියාපදිංචි සහතිකය.

    6. උකසක් / නිත්‍ය හිමිකමක් / බද්දක් ලියාපදිංචි කර ඇත්නම් එය අවලංගු කිරීම සඳහා අදාල ආයතනයෙන් ලිපියක්.

    • ලියාපදිංචි හිමිතරු හෝ නව හිමිකරු සීමිත වගකීම් සහිත සමාගමක් නම් ආකෘතියෙහි අත්සන් තැබිය යුත්තේ නිළ මුද්‍රාවද තබයි. නිළ මුද්‍රාව නොමැති නම් එය සනාථ කිරීම සඳහා සමාගමෙහි ලිපි ශීර්ෂ සහිත ලිපියක්.
    • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය. :ජායා පිටපතක් සමග
    7. වාහනය හවූල් ව්‍යාපාරයකට අයිති නමී අනෙකුත් හවූල්කරුවන්ගේ අනූමතය සහිත ලිපියක් සහ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය. :ජායා පිටපතක් සමග

    8. ලියාපදිංචි සහතිකයෙහි අවශ්‍ය සාදක අඩංගුවේ නම් අදාල ආයතනය විසින් නිකුත් කරන ලද අනුමත කිරීමේ ලිපියක් පෙර ලියාපදිංචිය අවලංගු කිරීමට අවශ්‍ය වේ.

    9. ආනයන කරුවන් රේගු ගාස්තු වලින් නිදහස්ව ආනයනය කර ඇත්නම් රේගු ගාස්තු ගෙවූ බවට ලදු පතක් වාහනය සඳහා කිසිදූ විරුද්දත්වයක් නොමැති බවට අදාල ආයතනය විසින් සහතික කරන ලද ලිපියක

    10. ඩීසල් මෝටර් වාහන සඳහා (මෝටර් කාර් හා ද්වි කාර්යය වාහන) ඩීසල් බද්ද / සුබෝපභෝගී බද්දට අදාල කුවිතාන්සි හා එහි ඡායා පිටපත්.


    සේවා වගකීම් නියමයන්
    RMV_4.jpg



    විශේෂ අවස්ථා
    මෙම සේවාව විශේෂිත කරුණු කිසිවක් නොමැත.


    Source :GIC
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.



    Source :GIC

    :yes:උත්සාහය අගය කරනවා. but දැන් මේ ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. ඔකේ තියෙන්නේ ගොඩක් පරණ system එක. ගාස්තු වැඩිවෙලා තියෙන්නේ සමහර ඒවගේ
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Machan Finance eka iwara wunama ara absolute owner ain karanne kohomada? Finance eken dunna liyuma thiyenava. Dan Tikak kal ban Dadayak gewanna weida?
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo

    :yes:උත්සාහය අගය කරනවා. but දැන් මේ ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. ඔකේ තියෙන්නේ ගොඩක් පරණ system එක. ගාස්තු වැඩිවෙලා තියෙන්නේ සමහර ඒවගේ

    ඒකත් එහෙමද? කව්ද බන් ඉතිං ඕවා දන්නේ.. රජයේ වෙබ් අඩවියේ තියෙන්නේ වැරදි විස්තරද එතකොට..?:confused:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඒකත් එහෙමද? කව්ද බන් ඉතිං ඕවා දන්නේ.. රජයේ වෙබ් අඩවියේ තියෙන්නේ වැරදි විස්තරද එතකොට..?:confused:
    ඔකේ ඒවා update වෙලා නෑ. පහල තියෙන ඒවා ගොඩක් හරි. හැබැයි සමහර ඒවත් රු 50-100 වැඩිවෙලා තියෙන්නේ

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=111&Itemid=122&lang=si

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=113&Itemid=125&lang=si