සැනට් දික්කුඹුරගේ සැබෑ ජීවිතය​

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සැනට් දික්කුඹුරගේ සැබෑ ජීවිතය​

    සැනට් දික්කුඹුර කියන්නේ කලක් පුංචි තිරයට රිදී තිරයට මෙන්ම වෙළෙද දැන්වීමට නැතුවම බැරි රංගන ශිල්පියෙක්. නමුත් දැන් නම් ඔහුව දකින්න ලැබෙන්නේ ඉදහිට. ඒ වගේම ඔහු බොහෝ සෙයින් ආර්ථික අපහසුතා එක්ක ජිවත් වෙන නළුවෙක් බවට පත් වෙලා. ඔහු ඔහු ගැන මේ විදිහට පුවත්පතකට කතා කරලා තිබුණා. ඔහුට ආදරේ කරන කවුරුන් හෝ උපකාරයක් කළොත් එය ඔහුට සහනයක් වෙන නිසා මේ ලිපිය මෙසේ Hari Gossip වලින් පල කරන්න හිතුවා.
    දශක ගණනාවක් තිස්සේ කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින ඔබට වෘත්තීය නළුවකු ගෙවන ජීවිතය මොන විදිහටද දැනෙන්නේ ?
    වෘත්තීය නළුවෙක් විදිහට මම බොහොම දුෂ්කර ජීවිතයක් තමයි මේ වෙනකොට ගත කරන්නේ. සමහර වෙලාවට එදාවේල හරිහම්බ කරගැනීම පවා මට අද විශාල ගැටලුවක් වෙලා.
    රඟපෑමට අවස්ථා යහමින් ලැබෙනවා නම් අතමිට සරු නොවී තියෙන්නේ නැහැනේ. රංගනයට ලැබෙන ආරාධනා අඩු නිසාද ජීවිතය එතරම් දුෂ්කර වෙලා තියෙන්නේ.
    මම කවදාවත් රඟපාන්න අවස්ථා ඉල්ලාගෙන යන කෙනෙක් නමෛයි. මා ගැන දන්නා අය අදටත් මාව නිර්මාණවලට සම්බන්ධ කර ගන්නවා. හැබැයි වැඩිපුර රඟපෑවා කියලා මට ගොඩක් සල්ලි හම්බ කරන්න බැහැ.
    ඇයි ඒ ?
    සමහර නිෂ්පාදකවරු මුදල් නොගෙවා ‍පොලු තියනවා. ඒ විදිහේ අත්දැකීම්වලට තමයි මට හුඟක්ම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
    ඒ විදිහේ දුෂ්කරතා මැද කොහොමද ජීවිතේ ගැට ගහගන්නේ ?
    මට ණයට කෑම බිම දෙන කඩවල් තියෙනවා. ඒවායේ පිහිටෙන් යන්තම් පණ ගැටගහගෙන ජීවත් වෙනවා. ඉඳහිට රඟපෑමෙන් කීයක් හරි ලැබුණාම ණය ගෙවලා දානවා. ඒ විදිහට තමයි මගේ ජීවිතය ගවෛන්නේ.
    සැනට් දික්කුඹුර කියන්නේ ගේ දොර ලස්සනට හදාගෙන සුවපහසු ජීවිතයක් ගත කරන්න ඕනෑ කියලා සිහින මවපු කෙනෙක් නමෛයිද?
    ඒ වගේ හීන නැත්තේ කාටද? ඒත්, වෘත්තීය නළුවෙක් විදිහට මට ඒ හීන සැබෑ කරගන්න බැරි වුණා. අද මම ජීවත් වෙන ගෙදර කොයිවෙ‍ලේ කඩාගෙන වැටේවිද කියන්න බැහැ. ඒ ගෙදරත් මට විතරක් අයිති එකක් ‍නෙවෙයි.
    තනි නොතනියට කවුද ළඟින්ම ඉන්නේ ?
    මගේ අක්කත් එක්කයි මම ඒ ගෙදර ජීවත් වෙන්නේ. මම විවාහ වෙලා නැහැ. අක්කත් තනිකඩයි, මාත් තනිකඩයි.
    විවාහ වෙලා දරු මල්ලෝ හිටියා නම් මේ විදිහේ දුෂ්කර ජීවිතයක් ගෙවන්න වෙන එකක් නැහැ කියලා කවදාවත් හිතුනේ නැද්ද?
    අ‍පොයි නැහැ, තනිකඩව ඉන්න ගත් තීරණය ගැන මට හරිම සතුටුයි. මොකද, විවාහ වුණා නම් මගේ බිරිඳටත් මම අද විඳින දුක විඳින්න වෙනවා. විවාහ නොවන්න ගත්තු තීරණය හොඳට දුරදිග බලලා ගත් එකක්.
    රජයෙන්වත් මේ වෙද්දී කිසිම ආධාර උපකාරයක් ලැබිලා නැද්ද?
    අවුරුදු 55 පැන්නාට පස්සේ ඉල්ලුම් කළා කියලා, සංස්කෘතික අමාත්‍යාංශයෙන් කලාකරුවන්ට දෙන රුපියල් 3000 දීමනාව ගෙවීමත් ප්‍රතික්‍ෂේප කළා. සමහර ජනප්‍රිය නළු නිළියෝ ඉන්නවා, දේශපාලකයන් පස්සේ ගිහින් විවිධ වරප්‍රසාද ලබා ගන්නා. එහෙම නොකරන අපි වගේ අයට වෙන්නේ හිඟා කන්න තමයි.
    අද වෙද්දී මේ වගේ දුෂ්කර ජීවිතයක් ගත කළාට ඔබ කලාව වෙනුවෙන් ජීවිතයේ වැඩි හරියක් කැප කරපු කලාකරුවෙක් කීවොත් නිවැරදියි නේද?
    ඔව්, 1967 දී පාසල් වේදිකාවෙන් තමයි මම නාට්‍ය කලාවට පිවිසුණේ. නාට්‍යකරුවෙක් විදිහට කලා ජීවිතය ආරම්භ කරලා පසුකාලීනව මම චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලත් රඟපෑවා. ධර්මසේන පතිරාජ මහතාගේ ‘අහස්ගව්ව’ තමයි මම රඟපෑ චිත්‍රපට අතරින් මුලින්ම ප්‍රදර්ශනය කෙරුනේ.
    වැඩිපුර ප්‍රසිද්ධ වුණේ නළුවෙක් විදිහට වුණත් ඔබ වේෂ නිරූපණ ශිල්පියෙක් විදිහටත් විශාල වැඩකොටසක් කරලා තියෙනවා.
    ඔව්, මම වේෂ නිරූපණයෙන් දායක වුණු මුල්ම වේදිකා නාට්‍ය වුණේ ජයන්ත චන්ද්‍රසිරි වෙනුවෙන් මෝරා . මෝරා වේදිකා නාට්‍යයේ වේෂ නිරූපණය වෙනුවෙන් මට ඒ වසරේ හොඳම වේෂ නිරූපණ ශිල්පියාට හිමි රාජ්‍ය නාට්‍ය සම්මානය පවා ලැබුණා.
    වේෂ නිරූපන ශිල්පියෙක් විදිහටත් මම ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. මාලිනී ෆොන්සේකා, ලතා වල්‍පොල, මිල්ටන් මල්ලවආරච්චි, ශ්‍රියානි අමරසේන වගේ ජනප්‍රිය චරිතත් මම වෙස් ගන්වලා තියෙනවා.
    රජයෙන් යමක් නොලැබුණාට, ඔබ ගැන දන්නා ඔබේ රසික රසිකාවියන්ගෙන් නම් ඔබට ආධාර උපකාර ලැබෙනවා ඇති නේද?
    මම සිටින තත්ත්වය දැකලා උදව් උපකාර කරන අයත් ඉන්නවා. මේ ළඟදී තරු දිරි සරණ සංවිධානයේ නායක හාමුදුරුවෝ ඇතුළු පිරිසක් ආධාර වගයක් ගෙනැවිත් දුන්නා. මම කිව්වා ‘මටත් වඩා අසරණ වෙච්ච කලාකරුවන් ඉන්නවානේ මේවා ඒ අයට දෙන්න කියලා. එතකොට ඔබතුමා ජීවත් වෙන හැටි දැක්කාම ඕනෑම කෙනෙකුට උදව් කරන්න හිතෙනවා කියලා මට ඒ දේවල් දීලා ගියා. කොයි තරම් අසරණ වුණත් ඔය සමහර කලාකරුවෝ වගේ දේශපාලකයන්ට ළං වෙලා මහජනතාවගේ මුදල් අයථා විදිහට ලබා ගන්න නම් මම කැමති නැහැ.

    LINK- http://harigossip.com/2017/08/31/%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%A9-%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B8%E0%B6%A7-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B8-%E0%B7%83/

    13423989_1738636373050988_6642396496422370280_n.jpg

    POLO%2B%2B-%2BGOSSIP99.jpg
     
    • Like
    Reactions: NRTG and chatura_CN

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City
    මෙ අර පොලො ඇඩ් එකෙ ඉන්න කෙනා නෙ ?
    තව ඉරාජ්ගෙ ආලොකෙ මියුසික් වීඩියො එකෙ හිප් හොප් විදියට ඇඳන් ඇවිත් ෆන් එකක් දෙන්නෙ
    පව් බන් මෙ වගෙ මිනිස්සු.
    ඔය කලාකරුවො වෙනුවෙන් දෙශපාලනෙට පිවිසෙන උන් මෙ අය ගැන් බලන්නෙ නැද්ද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙ අර පොලො ඇඩ් එකෙ ඉන්න කෙනා නෙ ?
    තව ඉරාජ්ගෙ ආලොකෙ මියුසික් වීඩියො එකෙ හිප් හොප් විදියට ඇඳන් ඇවිත් ෆන් එකක් දෙන්නෙ
    පව් බන් මෙ වගෙ මිනිස්සු.
    ඔය කලාකරුවො වෙනුවෙන් දෙශපාලනෙට පිවිසෙන උන් මෙ අය ගැන් බලන්නෙ නැද්ද

    :sorry:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,913
    5,492
    113
    මගෙ නම් මේ කලාකරුවො අසරණ වෙනවා කියන කතන්දරේට තියන තියරිය මේකයි. ඒ මිනිස්සු කරන්නෙත් රස්සාවක්. ඒ අය දැනගන්න ඕනි අතට යහමින් සල්ලි ලැබෙද්දි ඒවා ඉතිරිකරන්න. අතට සල්ලි ලැබෙද්දි ඒවා ඔහේ වියදම් කරලා කාලයක් ගියාම රඟපෑම් වලින් සල්ලි නොලැබෙන්න ගත්තාම කෙලවෙනවා තමා.

    දැං අපි උඹලා මොන මැරිල්ලක් මැරෙනවද සල්ලි හම්බකරන්න. අපිට අසනීපයක් හරි වයසට හරි ගිහිං සල්ලි හොයන්න බැරි උනාම මොකෙක් හරි එනවද “අනේ මෙයා අහවල් ආයතනයේ අහවලා මිනිස්සුන්ට සේවය කරා අපි එයාට සල්ලි දීල ගොඩ ගමු“ කියලා ? (පඩියක් ගන්නවා තමා සේවය කරන්න. නමුත් කලාකාරයොත් ඒ වගේම තමා. සල්ලි අරන් තමයි මිනිස්සුන්ට රසවින්දනේ දෙන්නේ. අපිට Direct නොදැනුනට සල්ලි යනවා කියලා අපෙන්)්
     
    • Love
    Reactions: dilan silva

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගෙ නම් මේ කලාකරුවො අසරණ වෙනවා කියන කතන්දරේට තියන තියරිය මේකයි. ඒ මිනිස්සු කරන්නෙත් රස්සාවක්. ඒ අය දැනගන්න ඕනි අතට යහමින් සල්ලි ලැබෙද්දි ඒවා ඉතිරිකරන්න. අතට සල්ලි ලැබෙද්දි ඒවා ඔහේ වියදම් කරලා කාලයක් ගියාම රඟපෑම් වලින් සල්ලි නොලැබෙන්න ගත්තාම කෙලවෙනවා තමා.

    දැං අපි උඹලා මොන මැරිල්ලක් මැරෙනවද සල්ලි හම්බකරන්න. අපිට අසනීපයක් හරි වයසට හරි ගිහිං සල්ලි හොයන්න බැරි උනාම මොකෙක් හරි එනවද “අනේ මෙයා අහවල් ආයතනයේ අහවලා මිනිස්සුන්ට සේවය කරා අපි එයාට සල්ලි දීල ගොඩ ගමු“ කියලා ? (පඩියක් ගන්නවා තමා සේවය කරන්න. නමුත් කලාකාරයොත් ඒ වගේම තමා. සල්ලි අරන් තමයි මිනිස්සුන්ට රසවින්දනේ දෙන්නේ. අපිට Direct නොදැනුනට සල්ලි යනවා කියලා අපෙන්)්

    :yes: :yes:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,872
    2,890
    113
    රජරට

    ඒක ඇත්ත මචං, දැං බලපං අසරණ වෙන තරමක් අසරණ වෙන්නේ පරණ කලා කාරයොනේ. ඒ කාලේ හිටපු අය කලේ හම්බකරපු සල්ලිවලින් කාලා බීලා පවුල් දෙක තුන තියාගෙන ඉඳලා වයසට ගියාම අසරණයි කියලා මැරෙන්න හදන එක. එක්කො උන්ට සල්ලි නෑ, නැත්නම් ළමයි සලකන්නෙ නෑ. එ් කියන්නෙ පුලුවන් කාලේ ගෑනිට සලකන්නෙ නෑ, ළමයි ගැන බලන්නෙ නෑ වෙන වෙන ගෑණු පස්සෙ යනවා. වයසට යනකොට තමයි ගෙදර මතක් වෙන්නෙ. ඊට පස්සේ උන් රගපාපුව බලපු අපි තමයි වග කියන්න ඔ්නි. ඒත් දැං ඉන්න එවුන් බලපංකො. මාලිගාවල් හදානෙ කෝටි ගණන් පොත්වල දාගෙන, යාන වාහන තියාගෙන සැප විඳිනව. උන්ගෙනුත් සමහර උන්ට පවුල් දෙක තුනක් තියනව තමයි හැබැයි ගානට මැනේජ් කරගෙන යනව.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    851
    1,724
    93
    වර්තමානයේ කලාකාරයෝ කියන ජාතිය කරන්නේ පුළුවන් හැම දහජරා වැඩේම කරලා සල්ලි හම්බ කරන එක. ගෑනු නම් අනිවාර්යයෙන්ම ගණිකා වෘත්තීය කරනවම තමයි. පිරිමි නම් පිම්පි වැඩක් හරි කරනවමයි. නැත්තම් දේශපාලකයින්ට කඩේ ගිහිල්ල නැත්තම් හොරකම් කරලා නැත්තම් කුඩු මුදලාලිලාගේ කළු සල්ලි සුදුකරලා හරි උන් හම්බ කරගන්නවා. එකයි උන් යානවාහන ලොකු ලොකු ගෙවල් තියාගෙන ඉන්නේ.

    පරණ කලාකාරයෝ එහෙම නෑ. උන්ට කලාවට ඇත්තටම ආදරයක් තිබුන. කලාවෙන් තොර වෙන ජීවිතයක් තිබ්බේ නෑ. ගෙවල් හැදුවේ නෑ. බිස්නස් කලේ නෑ. එකයි ඉස්සර ආපු කළා නිර්මාණ වලයි දැන් එන දහජරා නිර්මාණ වලයි වෙනස. අසල්වැසියෝ, බෝඩිම නාට්‍යය බැලුවට පස්සේ දැන් එන කොමඩි වලට කාට හරි කියල කිති කවාගෙන තමයි හිනාවෙන්න තියෙන්නේ. ජෝතිපාල ගේ සින්දු වලට ගහන්න තාම කවුරු හරි සින්දු කියල තියෙනවද. හිතට අප්සෙට් වුන වෙලාවක අපි අහන්නේ දිය කිඳුරිය සේ සාගරේ ද නැත්තම් ඉරාජ් ගේ ලබ්*ක් ද?

    උඹල දන්නවද ජෝතිපාල ඔච්චර ජනප්‍රිය වුනත් ප්‍රේමදාස මහත්තයා මාලිගාවත්තේ ෆ්ලැට් එකෙන් ගෙයක් දෙනකම් ජෝතිපාලට ගෙයක් තිබුනේ නෑ කියල? දන්නවද J A මිල්ටන් පෙරේරා, බර්ටි ගුණතිලක, සුජාතා අත්තනායක වගේ කලාකරයොත් ජීවත් වුනේ ප්‍රේමදාස මහත්තයා දුන්න ගෙවල් වල කියල. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කල රොඩ්නි වර්ණකුල ජීවත් වුනේ රඟපෑමෙන් ලැබුන සල්ලි වලින් නෙමෙයි රස්සාවෙන්. ඒ මිනිස්සු ජීවිතයම ගෙව්වේ උඹලයි අපිවයි සතුටු කරන්න. මේ තත්වය ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවලත් සමහර කලාකාරයින්ට වෙලා තියෙනවා. උදාහරණයක් තමයි Mind Your Language එකේ Jeremy Brown ගේ චරිතය රඟපාපු Barry Evans අන්තිමට ටැක්සි එකක් එලවල තමයි මැරෙනකම් තම ජීවිතය ගටගහගත්තේ. කොච්චර දක්ෂ නළුවෙක්ද ඒ?

    පරණ කලාකාරයෝ, දැන් ඉන්න ගණිකාවෝ එක්කයි පිම්පියෝ එක්කයි සංසන්දනය කරන එක සම්පුර්ණයෙන්ම වැරදි. සල්ලි පස්සෙන් දුවන සමාජයක්තුල කලාව කියන දේ නැසී යන දෙයක්. ඒ නිසා කලාවට තම 100% දෙන කලාකාරයින් රැකබලාගැනීම සමාජයේ වගකීමක්.
     
    • Like
    Reactions: DGN

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,326
    3,117
    113
    6°54′N 79°54′E
    කලාකාරයෝ යැය් කියාගන්නා උන් වත් තමාගේ රැහේ උන්ට උදව් කරගන්නේ නැ ..සැනට් එකම උදාහරණය නෙමෙය් ..තවත් අය නිහඩවම මියගියා ..:(:(
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    851
    1,724
    93
    මම තව ටිකක් කියන්නම් කලාකාරයෝ එකෙක් දෙන්නෙක් අඳුනන නිසා. ඉස්සර (ඒ කිව්වේ 90-ගණන් වල වගේ) නාට්‍යයක දවසක රූගත කිරීමකට නළුවෙක්ට ගෙව්වේ රුපියල් 500යි. ප්‍රසංග වේදිකාවකට ගායකයෙක් ගියෝත් රුපියල් 1000ක් වගේ ලැබුනා. ගොඩක් නළුවෝ, ගායකයෝ බස් එකේ ආවේ ගියේ.

    එකට දැන්... මේ දවස්වල නාට්‍ය හැටහුටාමාරක එන මූණ කුරුවල් වෙච්ච පාටින් විතරක් සුදු එකියක් දවසක ඉවෙන්ට් එකකට ඇවිල්ල කොටගවුමක් ඇඳගෙන ගල් දෙක පෙන්නපෙන්න ඉන්න ලක්ෂ 10ක් ඉල්ලනවා.

    සල්ලි තියෙන කලාකාරයෝ සල්ලි නැති කලාකාරයින්ට උදවු කරනවා හරි අඩුයි. සල්ලි නැති එකාම තමයි තව එකෙක්ට පිහිට වෙන්නේ. මට තියෙන දුක ප්‍රේමදාස ජනාධිපති තුමාට පස්සේ කලාකාරයින්ට අවන්කවම සලකපු ජනාධිපතිවරයෙක් මේ රටේ හිටියේ නෑ. චන්ද්‍රිකා කරපු මගුලක් නෑ. මහින්දයි රනිලුයි මයිත්රිපාලයි තුන්දෙනාම කලේ කලාකාරයෝ උපකුලකයක් තම දේශපාලන ගණිකාවන් බවට පත්කරගැනීම. අඩු තරමේ ප්‍රේමදාස මහත්තයාගේ පුතණ්ඩියා වත් කලාකාරයින්ට කරපු ප*ක් නෑ.
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මගෙ නම් මේ කලාකරුවො අසරණ වෙනවා කියන කතන්දරේට තියන තියරිය මේකයි. ඒ මිනිස්සු කරන්නෙත් රස්සාවක්. ඒ අය දැනගන්න ඕනි අතට යහමින් සල්ලි ලැබෙද්දි ඒවා ඉතිරිකරන්න. අතට සල්ලි ලැබෙද්දි ඒවා ඔහේ වියදම් කරලා කාලයක් ගියාම රඟපෑම් වලින් සල්ලි නොලැබෙන්න ගත්තාම කෙලවෙනවා තමා.

    දැං අපි උඹලා මොන මැරිල්ලක් මැරෙනවද සල්ලි හම්බකරන්න. අපිට අසනීපයක් හරි වයසට හරි ගිහිං සල්ලි හොයන්න බැරි උනාම මොකෙක් හරි එනවද “අනේ මෙයා අහවල් ආයතනයේ අහවලා මිනිස්සුන්ට සේවය කරා අපි එයාට සල්ලි දීල ගොඩ ගමු“ කියලා ? (පඩියක් ගන්නවා තමා සේවය කරන්න. නමුත් කලාකාරයොත් ඒ වගේම තමා. සල්ලි අරන් තමයි මිනිස්සුන්ට රසවින්දනේ දෙන්නේ. අපිට Direct නොදැනුනට සල්ලි යනවා කියලා අපෙන්)්

    hikz.. ubala danna hati tama.. balapan band gahana kollekta dawasakta keeyada hambenne kiyala unta hamadama wedath naaa... Polawe paya gahala jeewath wela balapan oyita wada hoyapan... oya minissunta sochchami hambenne