‌HIV_සුව_වූ_පලමු_මිනිසා

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ‌HIV_සුව_වූ_පලමු_මිනිසා

    HIV සුව වූ පලමු මිනිසා

    HIV/AIDS, නම ඇහෙනකොටත් ගොඩක් දෙනෙකුගේ සිතේ බයක් ඇතිවන රෝගයක්. බෙහෙත් නැති රෝගයක් කියලයි ප්‍රසිද්ධ.
    නමුත් HIV/AIDS රෝගයෙන් සුව වූ පුද්ගලයෙක් ඉන්නවා.
    කවුද ඒ???



    CURED-Timothy-Ray-Brown-SIDA-640x360-27281_640x332.jpg



    Timothy Ray Brown

    article-2178481-1432B525000005DC-163_634x411.jpg


    තිමති රේ බ්‍රවුන් නැතහොත් ‘‘බර්ලින් රෝගියා‘‘ , HIV/AIDS රෝගයෙන් සුවපත් වූ පලමු පුද්ගලයා ලෙස සැලකේ.

    ඇමරිකාවේ සියැටල් හි ජන්මලද තිමති, අධ්‍යාපන කටයුතු සදහා ජර්මනියේ බර්ලින් යනවා. ඔහු ඒඩ්ස් ආසාධිතයකු බව 1995 වසරේදි අනාවරණය කර ගන්නවා.

    ඒඩ්ස් රෝගයට ප්‍රතිකාර කරන අතරතුරදි ඔහුට ලියුකේමියා රෝගයද වැළදෙනවා. ප්‍රතිශක්තිකරණ උණතා රෝගයෙන් පෙලෙන තිමති වැනි රෝගියකුට ලියුකේමියා රෝගය වැළදිම ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ. තිමතිගේ ජිවිතය දැන් අවිනිශ්චිත, භයානක තත්ත්වයකයි තියෙන්නේ.

    තිමතිගේ ලියුකේමියා රෝගයට ප්‍රතිකාර කිරිම සදහා ඇටමිදුලු බද්ධයක් සිදුකල යුතු වෙනවා. මෙය සංකිර්ණ ප්‍රතිකාරයක්. රෝගියාට ගැලපෙන ඇටමිදුලු සොයාගැනිම අසීරු කටයුත්තක්. එමෙන්ම මෙම සැත්කම අවධානම්. මහත් පරිශ්‍රමයකින් පසුව තිමතිට ගැලපෙන දායකයකු සොයාගැනීමට හැකිවෙනවා.

    ඒ අනුව 2007 වසරේදී තිමතිට ඇටමිදුලු බද්ධ කිරිම සිදුකරනවා. ඉන්පසුව දෙවැනි වරටත් 2008 වසරේදිත් ඇටමිදුලු බද්ධයක් සිදුකරනවා.

    ඇටමිදුලු බද්ධ කිරිම හා ඊට ආනුශාංගිකව සිදුකෙරුනු ප්‍රතිකාර වලදි පෙර නොවූ විරු ප්‍රතිපලයක් දකින්නට ලැබෙනවා.



    තිමතිගේ ඒඩ්ස් රෝගය සුව වෙලා!!!!


    කොහොමද එහෙම වුනේ????

    තිමතිට ඇටමිදුලු ලබාදුන් දායකයා සතුව තිබූ ඉතා වැදගත් ලක්ෂණයක් නිසා තිමතිට ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබුනා.


    fsccr5a.gif


    සෛල මතුපිට විවිධ සංඥා හා සංයෝග ග්‍රහණය කරගන්නට සමත් ප්‍රතිග්‍රාහක (receptor) තියනවා. මේ ප්‍රතිග්‍රාහක අතරින් CCR5 කියන ප්‍රතිග්‍රාහකය මගින් තමයි ඒඩ්ස් වෛරසය සෛල තුලට ඇතුල් කරගන්නට දායක වෙන්නේ. {CCR5 ටත් වෙන වැඩ නැද්ද මන්දා නේද...}

    නමුත් සමහර පුද්ගලයන්ගේ ජාන වල CCR5 ප්‍රතිග්‍රාහක ඇතිකරන ජානය පිහිටන්නේ නැ. ඒ නිසා ඒ අයගේ සෛල මතුපිට CCR5 ප්‍රතිග්‍රාහක පිහිටන්නේ නැ. CCR5 නැ... ඒඩ්ස් සම්බන්ද වෙන්න බෑ... හැදෙන්නේ නැ...

    ලොව සුලු පිරිසකට ඒඩ්ස් විරෝධි ප්‍රතිශක්තිකරණයක් පවතිනවා. දැනට සොයාගෙන ඇති පරිදි කොකේසියානුවන්ගෙන් 1%කට ස්වභාවිකවම ඒඩ්ස් ප්‍රතිශක්තිකරණයක් පවතිනවා.

    තිමතිට ඇටමිදුලු දුන්න දායකයාත් ඒ වගේ විශේෂිත කෙනෙක්....

    ඇට මිදුලු බද්ධය නිසා තිමති ගේ සිරුර තුල නිපදවන නව ප්‍රතිශක්තිකරණයක් සහිත සෛල, සටන් කරලා තිමතිව සුව කරන්නට සමත් වුනා.


    Brown-Cover.jpg


    තිමතිට දැන් ලියුකේමියාවත් නැ... එඩ්ස් ඇත්තෙත් නෑ..

    තිමතිට ප්‍රතිකාර කල ලෙසම අනෙත් ඒඩ්ස් රෝගීන්ටත් ඇටමිදුලු බද්ධ කරන්න බැරිද? ඔයාලාට මේ ගැටලුව පැන නගින්න ඇති.

    ඇටමිදුලු බද්ධය.. සංකීර්ණයි. ගැලපෙන දායකයෙක් සොයාගත යුතුයි. තිමතිට ගැලපුනාට හැමෝටම එම දායක සෛල ගැලපෙන්නේ නැ. ඒ නිසා ගැලපෙනම කෙනා සොයාගැනිමයි අසිරු. එමෙන්ම අවධානම් සහිතයි. ප්‍රතිකාරය කරත් සිරුර මගින් අලුතින් බද්ධ කල සෛල ප්‍රතික්ෂේප කරන්න සම්භාවිතාවක් තියනවා.

    වැඩේ අමාරුයි කියලා කවදාවත් විද්‍යාඥයෝ වැඩ අතාරින්නේ නැ. ජාන ඉන්ජිනේරු තාක්ෂණය මගින් CCR5 සහසබැදි ජානය වර්ණදේහ වලින් ඉවත්කිරිම සදහා පරික්ෂණ සිදුකරනු ලබනවා. මීයන් සම්බන්දව ඇටමිදුලු බද්ධ සිදුකරලා තියනවා. අහන්න ලැබෙන විදියට එම පරික්ෂණ සාර්ථකයි.

    නුදුරු අනාගතයේදිම අපිට ඒඩ්ස් සුව වූ තවත් පුද්ගලයන් ගැන අහන්න ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු!!!


    from...
    https://janeelaya.blogspot.com/2017/06/hiv.html
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,614
    1,886
    113
    Suwa karana ekath hondai hadaa ganne nathuwa inna eka eetavadaa hondai