දිගාසිරි ගෙනෙන මහළු වීම වළකන දේශීය බීම වරš

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    දිගාසිරි ගෙනෙන මහළු වීම වළකන දේශීය බීම වරš

    පුරාණයේ පටන්ම අපේ රටේ ජනතාව පෝෂණීය වගේම රසවත් පාන වර්ග පානය කිරීමට පුරුදුව සිටියා. ඒවා තනා ගත්තේ අප අවට වටපිටාවෙන් සොයාගත හැකි පැළෑටි වර්ගවලින්. මේවායේ ඖෂධීය ගුණයත් ඉතා ඉහළයි. මේ නිසා එදා ජනතාවට අද බහුලව ඇති දියවැඩියාව, හදවත් රෝග වැනි ලෙඩරෝග වැළඳුණෙත් අඩුවෙන්. ඒත් යටත්විජිත යුගයේදී ඉංග්‍රීසින් තේ හා කෝපි හඳුන්වා දීම නිසා ක්‍රමයෙන් මේ පාන වර්ග භාවිතය අඩු වුණා. පසුව ඒවා භාවිතය දැකගත හැකි වුණේ ඉතා කලාතුරකින් ගැමි ප්‍රදේශවල පමණයි.

    කොහොම නමුත් අද සමාජයේ ගුණදායක හා ස්වභාවික දේවල් පිළිබඳව ඇතිවී තිබෙන උනන්දුවත් සමග එවැනි දේ සොයාගෙන පාවිච්චියට ගන්නා පිරිස වැඩිවෙලා තිබෙනවා. ඉතින් මෙන්න එදා සමාජයේ පැතිර තිබූ පාන වර්ග කිහිපයක්. ඒ අතරින් සමහරක් ඔබත් පානය කර ඇතිවා වන්නට පුළුවන්.

    බෙලි

    ඉතා ජනප්‍රිය හා බහුලවම භාවිත කළ පානයක්. බෙලි ගසෙහි පස් පංගුවම (කොළ, මුල්, මල්, ගෙඩි, කටුව) පානය සඳහා භාවිත කරනවා. බෙලි ගෙඩිය ඉදුණු පසු එහි මදය ගෙන මැලියම් ගතිය ඉවත් කර, පොඩි කර (අද නම් එයට බ්ලෙන්ඩරයක් භාවිත කළ හැකිය) අවශ්‍ය පමණ සීනි, ලුණු සහ දෙහි ස්වල්පයක් ද යොදා ගැනීමෙන් රසවත් ගුණදායක පානයක් සකස් කරගත හැකියි. එය හිස්බඩ පානය කිරීමෙන් සිරුර සිසිල් වී දිර්ඝායුෂ ලැබෙන බව එකල විශ්වාස කළා.


    1-%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD%E0%B7%99%E0%B7%83.jpg


    බෙලි මල්

    හොඳින් වියළාගත් බෙලිමල් තම්බා ගැනීමෙන් පසු කිතුල් හකුරු සමග පානය කළා. පිපාසය සංසිඳුවන මෙම පානය ආහාර රුචිය ද වඩවනවා.

    බෙලිකොළ

    මේරූ බෙලිකොළ කඩාගෙන පිරිසිදු භාජනයක දින තුනක් වියළා ගන්න. ඊට පසු වංගොඩියේ කොටා පොට්ටනි බැඳ දිනක් කහට පිපෙන්නට තැබිය යුතුයි.පසුව පැතලි බඳුනක තුනීකර වියළාගෙන තේ වැනි පානයක් සකසාගත හැකියි. බෙලිකොළ පානය සිරුරේ දැවිල්ල, බඩදැවිල්ල තුරන් කරන අතර අක්මාව උත්තේජනය කරන බවද පොතපතේ සඳහන්. එය ආහාර දිරවීමටද උපකාරී වෙනවා.

    බෙලිගැට මද පානය

    බෙලිගැට කුඩා කැබලිවලට කපා හොඳින් වියළා ගත යුතුයි. ඊට පසු අවශ්‍ය විට තම්බා ගැනීමෙන් පසු පානය කළ හැකියි. ආහාර රුචිය ඇති කරන මෙම පානය පාචනය, අතීසාරය වැනි රෝග ඇති අයට හිතකරයි. විජලනය වළක්වන්නටත් සමත් මෙය මානසික ආතතිය ඇති අයට ද ගුණදායක බව ආයුර්වේදයේ සඳහන්.

    සියඹලා පානය

    217.jpg


    සියඹලා ගස වියළි කලාපයේ ඉතා සුලබයි. මේ නිසා සියඹලා කරල් පහසුවෙන් එකතුකර ගත හැකියි. ඉදුණු සියඹලාවල ඇට ඉවත්කර මදය කොටස හොඳින් පොඩිකර ගත යුතුයි. ඊට පසු එම බොරයට ජලය දමා සීනි, ලුණු, කුරුඳු පොතු, එනසාල් කුඩු ස්වල්පයක් එක්කර පානය කළ හැකියි. මෙම රසවත් පානය ආහාර රුචිය වඩවන අතර කුසගින්න ඇති කරයි. විටමින් සී ඌනතාවෙන් පෙළෙන අයට සියඹලා බොර පානය දෙහි යුෂ ස්වල්පයක්ද එක්කර බීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. අධික රුධීර පීඩනය ඇති අයට ඉතා ගුණදායකයි. මළබද්ධයට සමනය කරන්නටත් හොඳ විසඳුමක්.
    315.jpg


    පොල්පලා


    4-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F.jpg


    මේ ඖෂධීය පැළෑටිය කලකට පෙර ගෙවතුවල සුලබව වැවුණත් අද වනවිට බොහෝ පැතිවලින් වඳවී ගිහින්. සේදූ පොල්පලා පැළෑටි කුඩා කොටස්වලට කපා පිරිසුදුවට වේලා ගැනීමෙන් පසු තම්බාගත යුතුයි. අදටත් ගෙමිදුලේ හෝ මල් පෝච්චියක වුව ද මේ පැළෑටිය වගාකළ හැකියි.

    මුත්‍රා පිරිසිදු කිරීමේ හැකියාව සහ මුත්‍රාගල් දියකිරීමේ හැකියාවද පොල් පලාවලට ඇති බව කියවෙනවා. විෂ නැසීමේ ගුණයෙන්ද සමන්විතයි. මුත්‍රා අඩස්සිය තිබෙන විට පොල්පලා පැළෑටිය සම්පූර්ණයෙන්ම තම්බා පානය කිරීමෙන් එම රෝග තත්ත්වය සමනය වෙනවා.

    ඉරමුසු


    5-%E0%B6%89%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%94.jpg


    ගෙවතුවල වැවෙන වැල් වර්ගයක් වන ඉරමුසු පානයක් ලෙස සකසා ගැනීම ඉතා පහසුයි. සම්පූර්ණ පැළෑටිය ගලවාගෙන සෝදා කැබලිවලට කපා වියළා ගත යුතුයි. ඊට පසු වියළි බඳුනක තබා අව්‍යශ විට තම්බා පානයට ගන්න පුළුවන්. කිතුල් හකුරු සමග තේ මෙන් පානය කළ හැකි අතර කස ඇට සහ සීනි ස්වල්පයක් දමා සිසිල් කර සරුවත් ලෙස බීමටද කදිමයි.

    ආයුර්වේදයට අනුව ඉරමුසුවල වා, පිත්, සෙම් යන තුන්දොස් සමනය කිරීමේ හැකියාව පවතිනවා. ලේ පිරිසිදු කිරීමේ හැකියාවද ද සහිත නිසා කිරිදෙන මව්වරුන්ට සහ දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි. මුත්‍රා දැවිල්ල නැති කරන්නට මෙය සමත්. ඉරමුසු හිසකෙස් වර්ධනයටත් උදව් වෙනවා. මී විෂ ශරීරගත වූ විට ඉරමුසු මුල් කසාය ගිතෙල් සමග පානය කිරීමෙන් එම විෂ නැසෙන බව කියවෙනවා. ආහාර අසාත්මිකතාවලදීද ඉරමුසු තම්බා බීම ගුණදායකයි.

    වදමල් පානය


    6-%E0%B7%80%E0%B6%AF%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%8A.jpg


    අපේ පැරැන්නෝ ඖෂධීය පානයක් වශයෙන් වදමල් භාවිත කළා. මෙම පානය සකස් කර ගත්තේ ඉතා සරල ආකාරයටයි. උතුරවා ගත් වතුර වීදුරුවකට සෝදාගත් වදමල් දමා වසා තබන්න. ටික වේලාවක් යන විට ජලය වදමලේ රතු පැහැයට හැරෙනවා. ඊට පසු මඳ වේලාවකින් වීදුරුවෙන් මල ඉවත් කර සීනි දමා පානය කරන්න. ලුණු, දෙහි, කසඇට ආදියද එයට මිශ්‍රකර සරුවත් ලෙස එහි රසය ඉහළ නංවාගත හැකියි. සිසිල් කර හෝ අයිස්කැට යොදා සිසිල්බීමක් ලෙස ද පානය කළ හැකියි.

    සිරුරට නව ජීවයක් ලබාදෙන වදමල් පානය ලේ පිරිසිදු කරයි.

    නෙල්ලි පානය

    7-%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92.jpg


    තිත්ත රස, ඇඹුල් රස, කහට රස සහ පැණි රස යන රස වර්ග හතරෙන් යුත් නෙල්ලි ඉතා ගුණදායක ඔසුවක්. වෙළෙඳපොළින් නෙල්ලි ගෙඩි පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ද පවතිනවා.

    උදරාබාධ, ආමාශයේ අම්ල පිත්ත දෝෂ, ශරීරයේ විෂ, සෙම්රෝග ආදියට නෙල්ලි ප්‍රත්‍යක්ෂ ඔසුවක්. නිතරම නෙල්ලි ආහාරයට ගැනීම සම පැහැපත් කරන අතරම අකලට වයසට යාම වළක්වන අතර ඇස්වලට ද ඉතා හිතකරයි.

    නෙල්ලි කෝඩියල් වශයෙන් වෙළෙඳපොළින් ලබාගත හැකි වුවත්, ස්වභාවික නෙල්ලිවලින් සකසන පානය වඩාත් ගුණදායකයි. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත්කර ගෙන ජලය ස්වල්පයක් දමා අඹරා ඉස්ම මිරිකාගත යුතුයි. ඒ සඳහා බ්ලෙන්ඩරයක් භාවිත කළ හැකියි. පසුව එම ඉස්ම වතුර සහ සීනි සමග මිශ්‍ර කර පානයක් වශයෙන් භාවිත කළ හැකියි. සිසිල් කළ විට වඩාත් රසවත්.

    රසකිඳ


    8-%E0%B6%BB%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%AF.jpg


    මෙය මාංශල කඳකින් යුත් වැල් වර්ගයක්. ඉතා පහසුවෙන් බෝකර ගත හැකියි. කලකට පෙර බොහෝ ගෙවතුවල රසකිඳ වැල් තිබුණද අද එය කලාතුරකින් දැකිය හැකි ශාකයක් බවට පත්ව තිබෙනවා. රසකිඳ වැල් කොටස්වලට කපා වියළා ගැනීමෙන් පසු කල්තබාගෙන තම්බා පානය කළ හැකියි. මෙම පානය රක්තවාතය, හන්දිපත් ආබාධ සහ වෙනත් රුධිර දෝෂවලින් වැළැක්වීමට උපකාරී වෙනවා.

    රසකිඳ සමේ රෝග නසන අතරම රුධිරය පිරිසිදු කරන, ලේ වඩවන, ආමාශයේ සහ රුධිරයේ ආම්ලිකතාවය සමනයට ද උපකාරී වන අපූරු ඖෂධයක්. අර්ශස්, හෘද දුර්වලතා, ශරීරයේ දැවිල්ල, දැවීම් හා පිළිස්සීම් ආදියට රසකිඳ යුෂ, නෙල්ලි සමග රසකිඳ යුෂ භාවිතය ඉතා ගුණදායකයි.

    කඩෙන් පහසු මිලට ගන්න තිබෙන බොහෝ පානයන්ට වඩා අපහසුවෙන් උනත් මේ වගේ දේවල් හදාගෙන නිතරම පානය කරන්න පුළුවන් නම් ඔබට වඩාත් නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේවි.
    https://roar.media/sinhala/features/nutritious-herbal-drinks-from-past/
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    Owa koheda ban ada inna un bonne.coke ekak nam raha kara kara boi dan inna un.anika owa posh nahane.:D+9
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    TFS :)
    මම එකපාරට දැක්කේ "දයාසිරි ගෙනෙන මහළු වීම වළකන" කියලා :P
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    හොද ලීීපියක් නිරෝගිකමට ඔෘෂධ බිම, කෘතිම පාටකළ ඛීම බොන්න එපා.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    TFS :)
    මම එකපාරට දැක්කේ "දයාසිරි ගෙනෙන මහළු වීම වළකන" කියලා :P

    මම post එකත් කියවලා උබේ comment එක දැක්කම තමයි ආයේ ගිහින් බැලුවේ උඩට. දිගාසිරි නේද? උබේ comment එක දකිනකන්ම මම හිතන් හිටියේ දයාසිරි කියලා. ලොල්