ගන්න_කලින්_හිතා_බලන්න…
අපි මේ කියන්න යන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුම වාහන 6ක් ගැනයි.කෙසේ නමුත් මේ වාහන ගැන ඔබේ කැමැත්ත අපට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දන්නා මේ වගේ අඩු ලන්සු සහිත වාහන තියෙනවා නම් ඒවා කොමෙන්ට් එකක් විදියට දාන්න කියලා ඉල්ලමින් අපි මේ ලිපිය පටන් ගන්නවා.
1. Nissan Serena
සදහටම ඔබ මගේ කියලා අපේ කාර් පිස්සෝ අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙන නිසාන් සෙරීනා වාහනය ගැන තමා අපේ ලිස්ට් එකේ මුලින්ම කියන්න හිතුවේ. වාහනය බොහොම සැප පහසු වුනත් නිතර ලෙඩ දෙන හීට් වෙන එන්ජිම සහ අඩු අමතර කොටස් නිසා වාහන වලට ආදරේ කරන අයගේ ලැයිස්තු වල බොහොම පහල තැනක තමයි නිසාන් සෙරීනා රථය තිබෙන්නේ.
2. Hyundai Tuscani
දොර 2 Coupe වර්ගයට අයත් මෝටර් රථයක් වන මෙය ටිප්ටොනික් ගියර පද්ධතියකින් යුතුයි. ඉතාම මන බඳනා පෙනුමින් යුතු වුනත් මේ වාහනයටත් තිබෙන ඉල්ලුම බොහොම අඩු බවක් තමයි පෙනෙන්නේ. හ්යුන්ඩායි ඇසෙන්ට් වගේ මෝටර් රථ මිල අඩු වුනත් හොඳින් අලෙවි වෙත්දී ටස්කනි වගේ මෝටර් රථ වලට ලංකාවේ තිබෙන ඉල්ලුම එන්න එන්නම අඩුවීමත් එක අතකට පුදුම සහගත වෙනවා.
3. Kia Rio
Hatchback මෝටර් රථයක් වෙන මෙය හරි ලස්සන සිත් ඇදගන්නාසුළු පෙනුමින් යුතු වුනත් ඊට හිමි වන්නේ බොහොම අඩු වෙළඳපොල වටිනාකමක්. සමහර විට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට කොරියානු වාහනයක් විදියට තිබෙන නොගැලපීම නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම ජපාන වාහනයකට වඩා මඳක් අඩු පහසුකම් වලින් සමන්විත වීමත් මෙසේ වීමට එක හේතුවක් ලෙසට පෙන්වා දෙන්නට පුළුවන්. නමුත් වර්තමාන Kia සමාගමේ අලුතින් එන Rio මෝටර් රථයේ මිල මිලියන 4-5 අතර වුනත් ඒවාත් 2nd Hand Market එකෙන් මිල අඩුවීම නම් වළක්වාලන්නට බැහැ.
4. Micro MX7
Geely එහෙමත් නැතිනම් මයික්‍රෝ MX7 මෝටර් රථය මිලියන 3කට ආසන්නයේ විකුණන්නට තිබුනත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ හැටියට අලුත්ම මෝටර් රථයක වුනත් මිල මිලියන 1.5 තත්ත්වයේ පසුවන අවස්ථා තිබෙනවා. දුර්වල Raw පෙනුමැති ඉන්ටීරියර් එකත්, පණ ගැන්වීමෙන් පසු මෝටර් රථයකට තරම් නොවන අධික ශබ්දයත් මේ මිල අඩුවට එක හේතුවක් වන්නට ඇති.
5. Zotye Nomad
තවත් චීන නිෂ්පාදනයක් වන Zotye ජීප් රථයේ සෙකන්ඩ් හෑන්ඩ් මිල ආරම්භ වෙන්නේ මිලියන 2 මට්ටමටත් වඩා අඩුවෙන්. සිවු දෙනෙකුට පමණක් යන්නට හැකිවීම සහ අමතර කොටස් වල අඩුකමත්, අපව පුදුම කිරීමට තරම් අනගිභවනීය නොවන ඉන්ටීරියර් සැකසුමත් මෙසේ මිල අඩුවීමට හේතු ලෙස පෙන්වා දෙන්නට හැකියි. කෙනෙකුට තමන්ගේ මුල්ම මෝටර් රථය ලෙසට මිලදී ගන්නට නම් Zotye Nomad අපි අනුමත කරන්නේ නැහැ. මොකද මේ මිලට වඩා අඩුවෙන් ඊට වඩා සුවපහසු සුසුකි Jimny වර්ගයේ ජීප් රථයක් ලෙහෙසියෙන්ම මිලියන 1.5 මට්ටමේ සිට සොයා ගන්නට හැකියාව තිබෙන නිසා.
6. Chery QQ Qq3
නිකමට චෙරි නමින් ගූගල් කර ලංකාවේ මිල ගණන් බලන්න. ඔබට වෙනස වැටහේවි. තවත් චීන නිර්මාණයක් වෙන චෙරි මෝටර් රථ බොහොම මෑතකදී වෙළඳපොළට ආ මෝටර් රථයක් වුනත් එහි මිල පවතින්නේ බොහොම අඩු මට්ටමකයි. විශේෂයෙන් 2007 මෝටර් රථයක පවා මිල නියම වෙන්නේ ලක්ෂ 9 වැනි මිලක සිටයි. ඒ නිසා අපි කියන්නේ චෙරි මෝටර් රථයක් මිලදී ගන්න කලින් දෙවරක් හිතන එක නුවණක්කාරයි කියලයි.
තව කාට හරි බලන්න bump එකක් දාගෙනම යන්න
http://www.aniwa.lk/2017/08/28/1708282-second-hand-low-market-vehicles/
ගන්න කලින් හිතා බලන්න… සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩු වාහන 6ක් ගැන විස්තර මෙන්න

Last edited: