රුධිර_දන්_දෙමු!!!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    රුධිරය_දන්_දෙමු!!!

    රුධිර දන් දීම පිළිබඳව ඔබ දත යුතු දෑ සහ මිත්‍යාවන්

    දිනපතාම වාගේ හදිසි අනතුරු නිසා තුවාල ලබන සංඛාව බොහොමයි. එමෙන්ම රුධිරය ආශ්‍රිත රෝග තත්ත්වයන්, පිළිකා ආදියෙන් පෙලෙන විශාල සංඛ්‍යාවක් වැසියන් ලංකාවේ ජීවත් වෙනවා. මොවුන්ගේ ජීවිතාරක්ෂාව උදෙසා රුධිරය පාරවිලයනය අත්‍යාවශ්‍ය කාර්යයක්. එනිසා මේ ලිපියෙන් සාකච්ඡා වන “රුධිරය දන් දීම” ඉතාමත් කාරුණික, වටිනා පරිත්‍යාගයක් මෙන්ම, ඔබ අපගේ සමාජයීය වගකීමක් ද වනවා.

    රුධිරය දන් දීම පිළිබඳව ඔබට ගැටළු බොහොමයක් තිබෙනවා වන්නට පුළුවන්. එමෙන්ම මේ සම්බන්ධව ඇති මිත්‍යා විශ්වාස ද බොහොමයි.

    10014585_619431644819895_950462864006358731_n-701x467.jpg

    PATH මගින් පැවැත්වුණු ලේ දන්දීමේ කඳවුරක දී (Criminal Arts Studios Incorporation – Kavindya Thomas)

    රුධිර ගණය

    ඔබ කවුරුත් දන්නා පරිදි ප්‍රධාන රුධිර ගණයන් 4ක් තිබෙනවා. රුධිරය ලබාදීමේදී හෝ ලබාගැනීමේ දී මේ රුධිර ගණයන් ඉතාමත්ම වැදගත් සාධකයක් වෙනවා. ඒ නිසා තම තමන්ගේ රුධිර ගණය පිළිබඳව දැන් සිටීම ඉතා ප්‍රයෝජනවත්.

    රුධිර ගණයන් ප්‍රධාන ලෙසම බෙදා වෙන්කෙරෙන්නේ රුධිර සෛල බිත්ති මත ඇති ප්‍රතිදේහජනක වර්ගය මතයි. ඒ අනුව A ප්‍රතිදේහජනකය තිබෙන රුධිර වර්ගය “A වර්ගය” ලෙසත්, B ප්‍රතිදේහජනකය ඇති රුධිර වර්ගය “B වර්ගය” ලෙසත්, A සහ B ප්‍රතිදේහජනක දෙවර්ගයම ඇත්නම් එය “AB වර්ගය” ලෙසත්, A හෝ B යන දෙකෙන් එකක්වත් නොමැති නම් එය “O වර්ගය” ලෙසත් බෙදා තිබෙනවා. එසේම රුධිර සෛල වල රීසස් සාධකය තිබීම හෝ නොමැතිවීම මතත් මේ ABO රුධිර ගණයන් තවත් අනුබෙදීමකට ලක්වෙනවා. රීසස් සාධකය තිබේ නම් “පොසිටිව් (+)” ලෙසත්, නොතිබේ නම් “නෙගටිව් (-)” ලෙසත් හැඳින්වෙනවා.

    යමෙකුගේ රුධිර ගණය අනුව ඔහුට ලබාගත හැකි රුධිර ගණයන් තීරණය වෙනවා. එය පහත පරිදියි.

    blood-701x174.png

    රුධිර ගණ- දායක- ප්‍රතිග්‍රාහක අනුකූලතාව (NBTS)

    රුධිර දායකයෙකු වීමට තිබිය යුතු සුදුසුකම්?

    ඔබ රුධිරය දන්දීමට කැමැත්තෙන් පසු වනවා නම් ඒ සඳහා ඔබ විසින් සුදුසුකම් කීපයක් සැපිරිය යුතු වෙනවා. ප්‍රධාන ලෙසම ඔබට වයස 18 සම්පූර්ණ වී තිබීම සහ යහපත් සරීර සෞඛ්‍යයෙන් යුතු වීම අනිවාර්ය වෙනවා. ඊට අමතරව,

    *ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 50ට වැඩිවීම,

    *දියවැඩියාව, අධි රුධිර පීඩනය, හදවත් රෝග, ස්නායු රෝග, වකුගඩු හා අක්මාව ආශ්‍රිත රෝග, ඇදුම, සහ පිළිකා ආදී නිදන්ගත හෝ දීර්ග කාලීන රෝග නොමැති වීම

    *වයස අවුරුදු 60ට අඩු වීම

    *හීමොග්ලොබින් අගය 12.5g/dl ට වැඩිවීම ද අනිවාර්යයි.

    Batticaloa_Blood_Donor_03-701x417.jpg

    මඩකලපුවේ පැවත්වුණු රතු කුරුස ලේ දන්දීමේ කඳවුරක් (Sri Lanka Red Cross)

    රුධිර දායකයෙකු වීම නුසුදුසු අවස්ථා

    රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසුකම් තිබෙනවා මෙන්ම, රුධිරය දන්දීමට ඔබ නුසුදුසු වන අවස්ථාවන්ද තිබෙනවා. ඒවා මූලිකවම මෙසේයි.

    *කෙදිනක හෝ හෙපටයිටිස් B හෝ C, මැලේරියාව, සි‍ෆිලිස්, හෝ HIV/AIDS වැළඳී තිබේ නම්

    *අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන්හි යෙදේ නම්

    *රුධිරය පරිත්‍යාගයකට මාස තුනකට වඩා අඩු කාලයක් තුළ විදේශගතව තිබේ නම්

    *මාස 12ක කාලයක් තුළ පච්ච කෙටීමක් හෝ කන්, තොල්, නාසය විදීමක් සිදුකර ඇත්නම්

    *පසුගිය මාස 12 තුළ පිටතින් රුධිරය ලබාගත්තේ නම්

    *එන්නත් ක‍ටු භාවිතයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නම්,

    රුධිරය දන්දීම සඳහා ඔබ නුසුදුස්සෙකු බවට පත්වෙනවා. රුධිරය දන්දීම සඳහා ඉදිරිපත් වන්නෙක් මේ කරුණු පිළිබඳව ප්‍රශ්න කෙරෙන පෝරමයක් පුරවාදීම අනිවාර්යයි. මේ අවස්ථාවන් වලදී රුධිරය දන්දීමට ඇති ආශාව නිසා අසත්‍ය තොරතුරු ලබාදීම නම් කිසිසේත්ම නොකළ යුත්තක්. ඔබ ලබාදෙන අසත්‍ය තොරතුරු නිසා යමෙකුගේ ජීවිතය අවධානකට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා.

    රුධිරය දන්දීම පිළිබඳ මිත්‍යා විශ්වාස

    රුධිර දන්දීම හා සම්බන්ධව බහුලව පැතිර ඇති විශ්වාසයන් කීපයක් තිබෙනවා. ඒවායේ සත්‍යාසත්‍යතාවය මෙහිදී විමසා බැලීමට අප අදහස් කරනවා.

    *රුධිරය පරිත්‍යාගයෙන් සෞඛ්‍යය පිරිහේ.

    මෙය අසත්‍ය විශ්වාසයක්. සමබල ආහාර වේලක් ලබාගන්නා නීරෝගී පුද්ගලයෙකුගේ සෞඛ්‍යය රුධිර පරිත්‍යාගයක් නිසා පරිහානියට පත්වන්නේ නැහැ. එවැන්නෙකුට සෑම මාස 4කටම වරක් රුධිරය දන් දිය හැකියි.

    *රුධිරය පරිත්‍යාග කිරීමෙන් රුධිරය හරහා බෝවෙන රෝග වැළඳිය හැකියි.

    සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. රුධිරය දන් දීමේ දී සෑම දායකයෙකු සඳහාම ජීවාණුහරණය කරනු ලැබූ, එක් වරක් පමණක් භාවිත කරන උපකරණ පමණයි යොදාගැනෙන්නේ. එසේම මෙය සිදුකරන්නේ පලපුරුදු වෛද්‍ය හෝ හෙද කාර්යමණ්ඩලයක් මගිනුයි. එනිසා රුධිරය පරිත්‍යාගයේදී රුධිරය හරහා බෝවෙන රෝග වැළඳීමේ කිසිදු අවදානමක් නැහැ.

    c94153a1e963334a45367dcb5ebb5c82.jpg


    පච්ච කෙටීමකින් මාස 12කට පසු ලේ දන්දීම සුදුසුයි. (Pinterest)

    *පච්ච කෙටූ විට කිසිදා රුධිරය පරිත්‍යාග කළ නොහැකියි.

    මෙය අසත්‍යයක්. පච්ච කෙටීමකින් (tattooing) හෝ සිරුර විදීමකින් (piercing) පසු මාස 12ක් ගතවනතුරු පමණයි රුධිරය පරිත්‍යාග කිරීම නුසුදුසු වන්නේ. ඉන් පසු රුධිරය පරිත්‍යාග කිරීම අනාරක්ෂිත වන්නේ නැහැ. කෙසේ නමුත් පච්ච කෙටීමේ දී භාවිතා කළ ක‍ටු ජීවාණුහරණය නොකළ හෝ එක් වරකට වඩා භාවිතා කළා වීමට සම්භාවිතාවක් තිබේ නම් හෝ ඒ බව වෛද්‍යවරයෙකුට දැනුම් දී උපදෙස් ලබාගැනීම අනිවාර්යයි.

    *රුධිරය පරිත්‍යාග කිරීමෙන් සිරුර තරබාරු වේ.

    අසත්‍යයක්. රුධිරය පරිත්‍යාග කිරීමේ සහ සිරුර තරබාරු වීමේ හෝ කෘශ වීමේ සම්බන්ධතාවක් නැහැ.

    *ලේ දන් දීම වේදනාකාරී ක්‍රියාවකි.

    අසත්‍යයක්. රුධිරය දන් දීම වේදනාකාරී වන්නේ නැහැ. ක‍ටුවෙන් සම සිදුරු කරන මොහොතේ ඉතා සුළු වේදනාවක් ඇති වුණත්, ලේ ලබාගැනීමේ ක්‍රියාවලිය වේදනා රහිතයි. ඇතැම්විට පමණක් අතෙහි සුළු හිරිවැටීමක් මද වේලාවක් යනතුරු පැවතිය හැකියි.

    *නිර්මාංශ පුද්ගලයින්ට රුධිරය පරිත්‍යාග කළ නොහැකියි.

    මෙය අසත්‍යයක්. නිර්මාංශී වුව ද යමෙකු සමබල ආහාර වේලක් ලබාගන්නේ නම් සහ වුවමනා කරුණු සම්පූර්ණ කර තිබේ නම් ඔවුනට ද මාස 4කට වතාවක් රුධිරය පරිත්‍යාග කළ හැකියි.

    රුධිරය දන් දීමට පෙර හා පසු

    ඔබ රුධිරය දන් දීමට සූදානමෙන් සිටිනවා නම්, දන් දීමට අවම වශයෙන් පැය 4 ක් හෝ ඊට අඩු කාලයක් හෝ ඇතුලත​ පොහොසත් ආහාර වේලක් ලබාගත යුතුයි. එමෙන්ම දියර වර්ග බොහොම ගැනීමත් අනිවාර්යයි. ඔබේ සිරුරෙන් රුධිරය මිලි ලීටර 350 – 450ක් අතර ප්‍රමාණයක් ඉවත්කර ගැනෙන නිසා, අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය නොකළහොත් ක්ලාන්ත තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් තිබෙනවා.

    10003109_619677444795315_5347972236765657527_n-701x478.jpg

    PATH මගින් පැවැත්වුණු ලේ දන්දීමේ කඳවුරක දී (Criminal Arts Studios Incorporation – Amanda Abeysooriya)

    එමෙන්ම ඔබ දුම් පානය කරන්නෙක් නම් රුධිරය පරිත්‍යාගයට පැය 2කට පෙර සිට දුම් බීමෙන් වැළකී සිටිය යුතුයි. එසේම රුධිරය පරිත්‍යාගයට දිනකට පෙර සිට මත්පැන් පානයෙන් ද වැළකී සිටීම අනිවාර්යයි. ඔබ යම් ඖෂධයක් භාවිත කරන්නේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරුන් දැනුවත් කිරීම අනිවාර්යයයි. ඇස්පිරින්, අධි රුධිර පීඩනය සඳහා වන ඖෂධ, ස්ටෙරොයිඩ, හෝමෝන, රුධිර කැටි ගැසීම වළක්වන ඖෂධ ආදී ඇතැම් ඖෂධ වර්ග භාවිතා කරන්නේ නම් රුධිර පරිත්‍යාගය නුසුදුසු නිසායි ඒ.

    අවසාන වශයෙන්, රුධිර පරිත්‍යාගයෙන් පසු රිය පැදවීම, සිරුර වෙහෙසා කටයුතු කිරීම, බර වැඩවල නියැලීම නොකළ යුතුයි.

    රුධිරය දන් දීම පිළිබඳව තවත් තොරතුරු සඳහා පහත සඳහන් සන්නිවේදන මාර්ගයන් ඔස්සේ ජාතික රුධිර පාර්විලයන සේවාව සම්බන්ධ කර ගත හැකියි.

    දුරකතන: 0112369931 – 4

    විද්‍යුත් ලිපිනය: [email protected]

    වෛද්‍ය අචිනි සමරනායකට විශේෂ ස්තුතිය හිමිවේ.​

    https://roar.media/sinhala/science-tech/blood-donation-facts-and-myths/
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    *පච්ච කෙටූ විට කිසිදා රුධිරය පරිත්‍යාග කළ නොහැකියි.

    මෙය අසත්‍යයක්. පච්ච කෙටීමකින් (tattooing) හෝ සිරුර විදීමකින් (piercing) පසු මාස 12ක් ගතවනතුරු පමණයි රුධිරය පරිත්‍යාග කිරීම නුසුදුසු වන්නේ. ඉන් පසු රුධිරය පරිත්‍යාග කිරීම අනාරක්ෂිත වන්නේ නැහැ. කෙසේ නමුත් පච්ච කෙටීමේ දී භාවිතා කළ ක‍ටු ජීවාණුහරණය නොකළ හෝ එක් වරකට වඩා භාවිතා කළා වීමට සම්භාවිතාවක් තිබේ නම් හෝ ඒ බව වෛද්‍යවරයෙකුට දැනුම් දී උපදෙස් ලබාගැනීම අනිවාර්යයි.

    menna meka tamai lankawe ewunge oluwe tiyana lokuma wikaraya. tatto ekak gahanna yanawa kiwwa gaman kiyanne, kawadawath blood donate karanna wenne na kiyala :D:D