ක්‍රිකට්_ලෝලියෙක්ද?

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ක්‍රිකට්_ලෝලියෙක්ද?

    ක්‍රිකට් ලෝලියෙක් විසින් අනිවා නැරඹිය යුතු ක්‍රිකට් චිත්‍රපට සහ ටෙලි සීරීස් 8ක්

    ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගෙ ක්‍රීඩාව කිවුවට දැන් දැන් එච්චරටම මහත්මා ගතියක් ඒ තුළ නැහැනෙ. පහුගිය ටිකේ ලංකාවෙ ක්‍රිකට් ඇතුළෙ වෙච්ච දේවල් නිසා ඒගැනත් වැඩි පැහැදීමක් අපේ හිත් ඇතුළෙ නැහැනෙ. අන්න එහෙම අවුල් පිට ඉන්නකොට මේ කියන්න හදන්නෙ ක්‍රිකට් ගැන ආසාවත් හිතේ තියාගෙන ලංකාව ගැන හිතලා හිත අවුල් කරගන්නෙ නැතුව බලන්න හොඳ නිර්මාණ කිහිපයක්.



    1. Bodyline

    Cricket-TV-and-Cinema-aniwa-01.jpg


    1932–1933 වසරේ එංගලන්තයේ ඔස්ට්‍රේලියානු අළු බඳුන කුසලාන සංචාරය ඇසුරෙන් තමයි මේ කෙටි ටෙලි සීරීස් එක හැදෙන්නෙ. බොඩි ලයින් කියන නම හැදෙන්නෙ නං ක්‍රිකට් ටැක්ටික් එකක් ඇසුරෙන්. ඒ තමයි වටේටම ෆීල්ඩර්ස්ලා දාලා වේග පන්දු යවන්නෙක් පිටියේ මැද කෙටී ඉහළ නගින පන්දුවක් දාන එක. මේ පන්දුව දාන්නෙ පිතිකරුවාගෙ ශරීරය ඉලක්ක කරගෙනයි. පිතිකරුවා ඒ විදිහට එන පන්දුවට පිත්ත යොමද්දි උඩපන්දුවක් ගන්න තමයි මේ උපක්‍රමය යෙදෙවුවෙ. එවක ලෝකයේ විශිෂ්ටතම පිතිකරු වූ ඩොන් බ්‍රැඩ්මන්ව මෙල්ල කරන්න තමයි එංගලන්ත නායක ඩග්ලස් ජාඩින් මේ බොඩිලයින් පන්දුයැවීම භාවිතාවට ගන්නෙ. ඕස්ට්‍රේලියානු පිතිකරුවන් රැසකට තුවාල සහ ආබාධ උරුම කර දෙමින් එවර අළු බඳුන තරඟාවලිය 4ට 1ක් හැටියට ජයගන්න එංගලන්තය සමත් වෙනවා. ඒ ගැනයි මේ ඔස්ට්‍රේලියානු ටෙලි සීරීස් එක හැදෙන්නෙ.





    2. Lagaan

    Cricket-TV-and-Cinema-aniwa-02.jpg


    කවුරුත් දන්නවනෙ මේ ගැන නං. ඉන්දීය සුපිරි නළු අමීර් ඛාන් රඟපාපු, සල්ලිත් හොඳට හොයපු ෆිල්ම් එකක්. සුදු පාලකයන් විසින් ගහන අමානුෂික බද්දක් නිසා අපහසුතාවයට පත්වෙන ගැමියො පිරිසක්, ඒ බද්දෙන් නිදහස් වෙන්නට සුද්දොත් එක්ක ඔට්ටුවකට ගහන ක්‍රිකට් ගේමක් ගැනයි මේකෙ කතාව. සුද්දියෙක් තමයි කොල්ලොන්ට ‍ගේම කියල දෙන්නෙ. ගමේ කියල නෑ ඉතිං. පාවල දෙන එවුනුත් ඉන්නව. එවෙලෙ හොයාගන්න මැජික් කාරයොත් ඉන්නව. ලංකාවෙත් මේ විදියට ෆිල්ම් එකක් හැදුවා. ඒ ෆිල්ම් එකත් අපි මේ ලැයිස්තුවෙ අවසානෙට එකතු කරල තියෙන්නෙ.




    3. Sachin: A Billion Dreams

    Cricket-TV-and-Cinema-aniwa-03.jpg


    ශ්‍රේෂ්ඨ දකුණත් පිතිකරු සචීන් ගැන බොලිවුඩ් වලින් ෆිල්ම් එකක් නොහැදුනොත් ඒක ලෝක පුදුමයක් වේවි. ක්‍රිකට් කියන ඉන්දීය ආගමේ දෙවියො තමයි සචීන්. ඉතිං සචින් ගැන මේ හදපු ෆිල්ම් එක ගැනත් නොකියා බැහැ. මේක වාර්තාමය චිත්‍රපටයක් වගේම චරිතාපදාන ගතියකුත් දකින්න ලැබෙන ෆිල්ම් එකක්. ටෙන්ඩුල්කාර් ගැන මෙතෙක් නොදැන හිටි කතා ටිකකුත් ෆිල්ම් එක හරහා එළියට එනවා.





    4. M. S. Dhoni: The Untold Story

    Cricket-TV-and-Cinema-aniwa-04.jpg


    ඉන්දියාව වැඩිම කුසලාන ජයග්‍රහණ කන්දකට ගෙනගියපු නායක මහේන්ද්‍ර සිං දෝනි ගැනත් තියෙනව ෆිල්ම් එකක්. දුෂ්කර ගමනකින් ලෝකයේ ප්‍රබල කඩුළු රකින්නෙක්, මැද පෙළ පිතිකරුවෙක්, නායකයෙක් විදියට දෝනි ආපු දුර හිතන්නත් අමාරුයි. මේ වෙද්දි ‍වැඩිම ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතර දෙවැනියට ඉන්න දෝනිගේ චරිතය චිත්‍රපටයට රඟපාන්නෙ සුෂාන්ත් රාජ්පුට්. මේ චිත්‍රපටය 2016 අවුරුද්දෙ වැඩිම ආදායම් ලාභී බොලිවුඩ් චිත්‍රපට අතරටත් එක්වෙන්න සමත් වුණා.





    5. Fire in Babylon


    Cricket-TV-and-Cinema-aniwa-05.jpg


    මේක ඉතිං බ්‍රිතාන්‍ය වාර්තාමය ක්‍රිකට් චිත්‍රපටයක්. මේකෙ නළුවො කවුද කියල හොයාගෙන ගියොත් දකින්න ඉන්න දන්න කියන ඒත් වයසක පුද්ගලයො ටිකක්. විවියන් රචර්ඩ්ස්, මයිකල් හෝල්ඩිං, ඩෙරික් මරේ, ක්ලයිවු ලොයිඩ්, ඇන්ඩි රොබර්ට්ස්, ජො‍එල් ගානර් වගේ කට්ටිය තමයි ඉන්නෙ. මේකෙ කතා කරන්නෙ 70-80 කාලෙ ලෝකෙ හොල්ලපු බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම ගැනයි.





    6. Inside Edge


    Cricket-TV-and-Cinema-aniwa-06.jpg


    Inside Edge කියන්නෙ ඉතාම මෑත භාගයේදී විකාශය වීම අරඹපු ඉන්දියානු වෙබ් ටීවී සීරීස් එකක්. විස්සයි විස්ස ලීග් එකකට ක්‍රීඩා කරන “මුම්බායි මේව්රික්ස්” කියන ක්‍රිකට් කණ්ඩායම මූලික කරගෙන හැදිල තියෙන මේ කතාවෙදි ක්‍රිකට් ක්‍රීඩාව ගැන වගේම ක්‍රීඩාවට පිටින් ඉඳගෙන ක්‍රීඩාව හසුරුවන වෙනත් බලවේග ගැනත් ප්‍රේක්ෂක අවධානය යොමු කරවනව. විවේක් ඔබරෝයි සහ රිචා චඩ්ඩා රංගනයෙන් දායක වෙන මෙම මාලා නාටකයේ පළමු සීසන් එක ජූලි 10 වැනිදා නිකුත් වුණා.



    7. Backyard Ashes

    Cricket-TV-and-Cinema-aniwa-07.jpg


    ඩගී කියන පොරත් එයාගෙ මිතුරු කැළගෙත් සති අන්ත හවස්වරු ගතවෙන්නෙ වත්ත පිටිපස්සෙ බීර බොමින් සහ ක්‍රිකට් ක්‍රීඩා කරමින් තමයි. මේ අතරවාරෙදි ඩගීලගෙ වැඩපළේ අලුත් බොස් කෙනෙක් ඔහුගේ අසල්වැසි නිවසේ පදිංචියට එනවා. මේ ලොක්කා ගැන ඩගී සහ යාලුවන්ගේ හිතේ එච්චර මනාපයක් නැහැ. මොකද මේ ලොක්කාගෙ තීරණයක් නිසා මෙයාලගෙ යාලුවෙක්ට වැඩපොළෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. දවසක් ඩගීල ක්‍රිකට් ගහද්දි විසිවුණ බෝලයක් වැදිලා අසල්වැසි බොසාගෙ සුරතල් බළලා මියයනවා. ඌ මියයන්නෙ බාබකියු මැෂිමකට වැටී අලු වීමෙන්. මේ සිදුවීමත් එක්ක ඩගීලත් බොසාත් කියන දෙපාර්ශවය තවත් විරසක වෙනවා. අවසානෙදි බළල් සුරතලාගෙ අළු සහිත බඳුන වෙනුවෙන් ඩගීලාත් බොස්ගෙ ටීම් එකත් මැච් එකක් ගැහීම දක්වා මේ තත්ත්වය දුර දිග යනවා.





    8. 1983


    Cricket-TV-and-Cinema-aniwa-08.jpg


    මේක මලයාලම් ක්‍රිකට් චිත්‍රපටියක්… 1983 අවුද්දෙ තමයි ඉන්දියාව මුල්වරට ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නේ. ඒ ජයග්‍රහණයත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව උන්මාදයක් වෙලා රට පුරාම පැතිරෙනවා. රමේෂන් කියන්නෙ මේ ලෝක කුසලාන ජය රූපවාහිනියෙන් බලපු ගමේ හිටපු පොඩි කොල්ලෙක්. මිනිහටත් ක්‍රිකට් අසනීපෙ හැදෙනවා. හොඳ වෙන්නෙ නැති වෙන්නම හැදෙනවා… ඒ නිසා පොඩි කාලෙ ඉඳන් තරුණයෙක් වෙනකලුත් තාත්ත කෙනෙක් වුණාට පස්සෙත් රමේෂන්ගෙ ක්‍රිකට් හීනයට වෙන දේවල් මුළ ඉඳන් අග වෙනකල් අපේ දෑස් ඉවත් කරගන්න නොදී ගලාගෙන යන මේ ක්‍රිකට් කතාවත් නොබලා ඉන්න එපා. මලයාලම් සුපර් ස්ටාර් නිවින් පව්ලි ඇතුලු නිතර දකින සෙට් එකක් එක්ක සචිනුත් මේකෙ රඟපානවා 😛





    9. සිංහාවලෝකනය

    Cricket-TV-and-Cinema-aniwa-09.jpg


    තිලකරත්න ඩිල්ෂාන් එහෙම රඟපාපු මේ චිත්‍රපටය ටිකක් විතර අභව්‍ය සීන් පිරිච්ච ලගාන් ෆිල්ම් එකේ කොපියක් කියලා හොඳට පේන ෆිල්ම් එකක්. චිත්‍රපටය ටිකක් අවුල් වුනාට හිටපු නළු නිළි කැළ නිසා වැඩේ ටිකක් නැගලා ගියා. ‍ප්‍රධාන චරිත දෙක රඟපාන්නෙ ගායක යුවලක්. ඒ රයිනි චාරුකා ගුණතිලක එක්ක රැප් ගායකයෙක් වෙච්ච ඩෙලෝන්. වැඩේ එච්චරම ගොඩ නැති වුනත් ලංකාවට තියෙන ක්‍රිකට් පැත්තටම බර ෆිල්ම් එකක් විදියට මේක බලන එකත් හොඳයි.



    http://www.aniwa.lk/2017/09/03/1709031-cricket-tv-and-cinema/
     
    Last edited:
    • Like
    Reactions: Sajee85

    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    Hansie: A True Story (2008)

    movieposter.jpg


    "How do you start over once you have betrayed a nation's trust?" The news of Hansie Cronjé's involvement with Indian bookmakers and his resulting public confession rocked the international sporting community. An unprecedented rise to glory was followed by the most horrific fall. A tarnished hero fueled the nation's fury. Hansie, once South African cricket's golden boy, had been stripped of everything he had held dear: a glorious captaincy, the support of his former team mates and the respect of a nation. In its place the stinging rejection of cricket administrators and the humiliating dissection of his life on international television, made his retreat into depression inevitable. Hansie's bravest moment in finally confessing his involvement with bookies had suddenly become a tightening noose around his neck. Hansie explores the very human drama of a man who, after losing everything he has worked for, begins the painstaking journey back to choosing "life". The journey is cathartic. We celebrate with him in his glorious victories on the cricket field but by the same token, we feel the agony of his dishonor and the relief when he finally forgives himself, weeping in the arms of his friend and mentor, Peter Pollock. Amidst the darkness of his downfall, we are inspired by the power his wife's unswerving love, which shines like a beacon of hope. Hansie's journey takes us to South Africa, India and England and his team's fiercest battles are against the mighty Australians. The movie is enlivened through the cultural diversity of its backdrop, with the colors of India, its rambling buildings and beautiful sunsets, adding a notable poignancy to the drama. Like us, Hansie is both glorious and flawed and like him we recognize our need for acceptance and love. Hansie is a movie that will captivate with its human drama, its action-packed sequences and its riveting match-fixing intrigue. But above all the movie will reassure you of the ability of us all to overcome life's difficulties with grace and dignity.