දරු_ප්‍රසූතිය_දැනගමු!!!
සාමාන්‍ය දරු ප්‍රසූතිය පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු
දරුවෙකු පිළිසිඳ ගැනීම, ගැබ තුළ වර්ධනය සහ ප්‍රසූත කිරීම කියන්නේ ඉතාමත්ම ස්වභාවික, එමෙන්ම ඉතාමත්ම විශ්මිත ක්‍රියාවලියක්. නමුත් දරුවෙකු බලාපොරොත්තු වන බොහොමයක් කාන්තාවන්ට ප්‍රසූතිය කියන්නේ තරමක් බිය දනවන සුළු, එමෙන්ම කලබලකාරී සිදුවීමක්. එනිසා ලංකාවේ රජයේ රෝහලක සාමාන්‍ය ප්‍රසූතියක් සිදුවන අයුරු පිළිබඳව සරලව විස්තරයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප සිතුවා. ඔබ දරුවෙකු බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත්, නැතත්, ඔබේ දැනුමට මෙම කරුණු ප්‍රයෝජනවත් වේවි.
මොකද්ද මේ “සාමාන්‍ය ප්‍රසූතිය”?
අපි සරලම තැනින් පටන්ගමු. කටවහරේදි “නෝමල් ඩිලිවරි”, එහෙමත් නැත්නම් “සාමාන්‍ය ප්‍රසූතිය” කියලා හඳුන්වන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීමෙන් පසු නියමිත කාලය සම්පූර්ණ වී (දළ වශයෙන් දින 280ක්) නිවැරදි ආකාරයට හිස පහළට පිහිටන දරුවා ස්වභාවික ක්‍රියාවලියකින් යෝනි මාර්ගය හරහා ගර්භාෂයෙන් පිටතට පැමිණීමයි. දැනට සිදුවන බොහොමයක් උපත් සිදුවන්නේ මේ ආකාරයෙනුයි.
නමුත් දරුවා අඩු කාලයකින් හෝ නියමිත දිනය පසු වී බිහිවුණොත් (සති 37ට පෙර හෝ සති 42ට පසු), දරුවාගේ හිස නොව තට්ටම් හෝ උරහිසක් හෝ පහළට සිටින සේ පිහිටියොත්, ප්‍රසූතිය සෙමින් සිදුවුණහොත් හෝ සිරවීමක් සිදුවුණහොත්, එසේත් නැත්නම් සිසේරියන් සැත්කමක් හෝ උපකරණ භාවිතයෙන් ප්‍රසූතිය සිදුවුණහොත් එය “අසාමාන්‍ය ප්‍රසූතියක්” ලෙස හැඳින්වෙනවා. මේ කතාකරන්නේ ඒ අසාමාන්‍ය ප්‍රසූති අවස්ථා ගැන නොව, අප ඉහත සඳහන් කළ සාමාන්‍ය ප්‍රසූතිය ගැනයි.
සාමාන්‍ය ප්‍රසූතිය ආරම්භ වීමේ පෙර ලකුණු මොනවා ද?
මුළු ගර්භණී සමයම සාමාන්‍යයෙන් විවිධාකාරයේ වේදනාවන්, අපහසුකම් රැසක් සිරුරට දැනෙනා සමයක්. එනිසා ප්‍රසූති වේදනාව මේ වේදනාවන්ගෙන් වෙන්කොට හඳුනාගැනීමේ විශේෂ ලක්ෂණ ඔබ දැනසිටීම වැදගත්.
අන් වේදනා මෙන් නොවෙයි, ප්‍රසූති වේදනාව වරින් වර දැනෙන ඒකාකාරී වේදනාවක් ලෙසයි මුලින් මතුවන්නේ. සාමාන්‍යයෙන් නම් මිනිත්තු 10කට මෙවැනි කැක්කුම් වාර දෙකක් දැනෙනවා. මදින් මද මේ වේදනාවේ තීව්‍රතාවය වැඩි වීම, වඩාත් ළඟ ළඟ වේදනාවන් දැනීම සහ වේදනාව පවතින කාලය වැඩි වීම ප්‍රසූතිය ආරම්භ වීමේ ලක්ෂණයන්.
එමෙන්ම යෝනිය හරහා ජලය වැනි හෝ රෝස පැහැති ශ්‍රාවයන් නිකුත් වීමත් ප්‍රසූතිය ආරම්භ වීමේ ලක්ෂණයි.
මෙවැනි ලක්ෂණ පහළ වුවහොත් ඉක්මණින් රෝහලකට යෑම නුවණට හුරුයි. එහිදී දරුවා බිහිවීමට අවශ්‍ය තරමින් ගැබ්ගෙල, එනම් ගර්භාෂයේ සිට යෝනි මාර්ගයට ඇති විවරය, විවෘත වී ඇතිදැයි වෛද්‍යවරයා විසින් පරීක්ෂා කරනු ලබනවා. සාමාන්‍යයෙන් වෛද්‍යවරයා තම ඇඟිලි දෙකකින් පරීක්ෂා කර, සෙන්ටිමීටර ගණනක් වශයෙන් මේ විවරයේ ඈත්වීම ප්‍රකාශ කරනවා.
ප්‍රසූතියක අදියර
ප්‍රසූතියක් අදියර තුනකට බෙදෙනවා. ඒ, පළමු, දෙවන, හා තෙවන අදියර වශයෙන්.
පළමු අදියර
මේ ප්‍රසූති ලක්ෂණ පහළ වීමේ සිට ගැබ්ගෙල සම්පූර්ණයෙන්ම, එනම් සෙන්ටිමීටර 10ක් දක්වා, විවර වීම වන තෙක් අදියරයි. මේ අදියර අවධි දෙකකට බෙදෙනවා.
එයින් පළමු අවධිය “උදාසීන අවධිය”, එනම් ප්‍රසූතිය ඇරඹී සෙන්ටිමීටර 4 දක්වා අවධිය ලෙසත්, දෙවන අවධිය “ක්‍රියාකාරී අවධිය”, එනම් ගැබ්ගෙල විවරය සෙන්ටිමීටර 4 සිට 10 දක්වා වන අවස්ථාව ලෙසත් අර්ථ දක්වනවා.
දෙවන අදියර
මේ, ගැබ්ගෙල සෙන්ටිමීටර 10 දක්වා විවර වීමේ සිට දරුවා බිහිකිරීම දක්වා වන කාලයයි. මෙයත්, මවට තෙරපුම් දැනීම නොදැනීම මත උදාසීන සහ ක්‍රියාකාරී ලෙස කොටස් දෙකකට වෙන්කරනු ලබනවා.
තෙවන අදියර
මේ දරුවා බිහිවීමේ සිට වැදෑමහ පිටතට පැමිණීම දක්වා අවස්ථාවයි.
මේ එක් එක් අදියර අනුව රෝහලක දී ප්‍රසූතිය කළමණාකරණය කරන ආකාරය වෙනස්. සාමාන්‍ය ප්‍රසූතියේ විද්‍යාත්මක හෝ සෞඛ්‍යමය කාරණාවලට වඩා, මේ ප්‍රසූතිය කළමණාකරණය කරන ආකාරය පිළිබඳව මින් පසු සඳහන් කෙරෙනවා.
ගැබ්ගෙල විවෘත වීම සහ පළමු අදියර
ඉහත කෙටි විස්තරය කියවූ ඔබ දැන් දන්නවා පළමු අදියර කියන්නෙ මොකද්ද කියලා. රජයේ රෝහලක දී පළමු අදියරේ උදාසීන අවධියේදී ගැබිණි කාන්තාව වාට්‍ටුවක තබායි පරීක්ෂා කරන්නේ. ප්‍රසූත වේදනාව දැනුණු පමණින් ප්‍රසූතිකාගාරයට (“ලේබර් රූම්”) ඇතුළත් කෙරෙන්නේ නැහැ.
මෙහිදී වාට්‍ටුවේ තබාගෙන පැය හතරකට පමණ වරක් ගැබ්ගෙල සහ දරුවාගේ හෘද ස්පන්දනය ආදිය පරීක්ෂා කරනු ලබනවා. සාමාන්‍යයෙන් පළමු වරට දරුවෙකු බිහිකරන්නියකගේ ගැබ්ගෙල සෙ.මී. 4ක් විවෘත වීමට පැය 12ක් පමණත්, ඉන් පෙර දරුවෙකු බිහිකර ඇති තැනැත්තියකට පැය 8ක් පමණත් ගතවෙනවා.
එනිසා, “අමාරු වෙලා හොස්පිටල් ආවට තවමත් ලේබර් රූම් දැම්මෙ නෑ” කියලා කලබල වීම අනවශ්‍යයි.
සාමාන්‍යයෙන් ප්‍රසූතිකාගාරයට ඇතුළත් කිරීමට පෙර ගැබිණි කාන්තාවට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සූදානම් කිරීම සහ වස්ති කිරීම සිදු කරනවා. වස්ති කරන්නේ දරු ප්‍රසූතිය අතරතුරදී නොදැනී මළපහ වීම වැළැක්වීමටයි. නොදැන මළපහ වුණොත් ඒවා දරුවාගේ සහ යෝනි මාර්ගය අවට තැවරී ගැටළු මතුවීමට හැකි නිසායි ඒ. එමෙන්ම වාට්‍ටුවේ සිටින කාලය පුරාවට වෙනත් සංකූලතා නැති නම්, දියර වර්ග සහ සැහැල්ලු ආහාර ගැනීමට මවට ඉඩකඩ ලැබෙනවා.
ප්‍රසූතිකාගාරයට ඇතුල් කිරීමෙන් පසු
ප්‍රසූතියේ පළමු අදියරේ පසුවන කාන්තාවක් ප්‍රසූතිකාගාරයට ඇතුල් කිරීමෙන් පසුවත් පෙර පරිදිම පැය 4කට වරක්වත් ගැබ්ගෙල පරීක්ෂාව, දරුවාගේ හෘද ස්පන්දනය, දරුවා කොපමණ පහතට පැමිණ ඇත් ද යන්න, මෙන්ම ගර්භාෂ සංකෝචන ආදිය පරීක්ෂා කිරීම සිදුවෙනවා. මෙය සිදුකරන්නේ ප්‍රසූතිය ක්‍රමානුකූලව සිදුවෙනවාද යන්න නිරීක්ෂණයටයි. මෙහිදී මෙම අගයන් හෙදියන් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (මිඩ්වයිෆ්) විසින් ප්‍රස්තාරයක සඳහන් කරගත යුතුයි.
ගැබ්ගෙල සෙ.මී. 4ක් විවෘත වුණු මොහොතේ පටන් පැය 4කට සෙ.මී. 2ක් පමණ වේගයකින්වත් විවෘත විය යුතුයි. මෙසේ විවෘත නොවෙන අවස්ථාවන් තිබෙන නිසා ඒ ගැන සොයා බැලෙනවා. බොහෝවිට ප්‍රමාණවත් තරමින් ගර්භාෂය සංකෝචනය නොවන විට දී යි මෙය සිදුවන්නේ. එවැනි අවස්ථාවන් වලදී ගර්භාෂය සංකෝචනය වීමට අවශ්‍ය ඔක්සිටෝසින් (Oxytocin) නම් හෝමෝනය ගර්භනී කාන්තාවට ලබාදෙනවා. මව්වරුන් අතර “සින්ටෝ” යන නමින් ප්‍රසිද්ධ වී තිබෙන්නේ මෙලෙස Syntocinon යන නාමයෙන් කෘතිමව නිශ්පාදනය කෙරෙන ඔක්සිටෝසින් හෝමෝනයයි.
සාමාන්‍යයෙන් ගැබ්ගෙල එය විවර විය යුතු ආකාරයෙන් විවර නොවෙනවා නම් සින්ටො ලබාදීම සිදුවෙනවා. ඉන්පසු තවත් පැය 4ක් ගැබිනි මව නිරීක්ෂණය කර, සිදුවිය යුතු පරිදි ගැබ්ගෙල සෙ. මී. 2කින්වත් විවර නොවෙනවා නම් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි සිසේර්යන් සැත්කමකින් දරුවා බිහිකිරීම සිදුකෙරෙනවා.
එනිසා, ප්‍රසූතිකාගාරයට ගෙන පැය 8ක් 10ක් ගතවීම රෝහල විසින් සිදුකරන වැරැද්දක් හෝ නොසැලකිලිමත්වීමක් නොවෙයි. ඒ සියල්ල තීරණය වන්නේ ප්‍රසූතියේ දී ගැබ්ගෙල සකස් වන ආකාරය හා දරුවා පහතට එන ආකාරය අනුවයි.
ප්‍රසූතිකාගාරයෙදි “අනේ මට සින්ටො දුන්නෙ නෑ නේද” කියලා වද වෙන්න එපා. ගර්භාෂය නිවැරදිව සංකෝචනය වීම හා ගැබ්ගෙල නිසි ලෙස විවෘත වීම සිදුවෙනවා නම් සින්ටෝ ලබාදීම අවශ්‍ය වන්නේ නැහැ.
ප්‍රසූතියේ දෙවන අදියරේ දි මොකද වෙන්නෙ?
ප්‍රසූතියක දෙවන අදියර කියන්නේ ගැබ්ගෙල සම්පූර්ණයෙන්ම විවර වූ අවස්ථාවෙ පටන් දරුවා සම්පූර්ණයෙන්ම පිටතට පැමිණීමට ගතවෙන කාලයයි. මෙහිදී දරුවා පිටතට පැමිණෙන බව මවට දැනෙන්නේ නම් පමණක් තටමන ලෙස (push කරන ලෙස) මවට උපදෙස් ලැබෙනවා. මෙම සංකෝචනයන් ස්වභාවිකව දැනෙන්නට ප්‍රථමව තැටමීම ආරම්භ කළහොත් ඉක්මනින් වෙහෙසට පත්වන මවට අවශ්‍ය අවස්ථාවේ දී තැටමීම සඳහා ශක්තිය නැතිව යන්නට පුළුවන්. ස්වභාවිකව සිදුවන ගර්භාෂ සංකෝචනත් සමඟ තැටමීම සිදුකළොත් දරුවා ඉක්මනින් පිටතට පැමිණීමේ ඉඩකඩ වැඩියි.
සංකෝචන දැනීමෙන් පැයත් පැය දෙකකුත් අතර කාලයක් තුළ සාමාන්‍යයෙන් දරුවා බිහිවන බවට බලාපොරොත්තු වන්නට හැකියි. මිඩ්වයිෆ් සහ හෙදියන් මව අසලම හිඳ ඇයට උදව් කරමින් තැටමීම සඳහා ධෛර්යමත් කරන්නේ මෙම කාලය තුල යි.
එනිසා, ප්‍රසූතිකාගාරයේ දී වෛද්‍යවරුන් සහ හෙදියන් තමා ළඟ නොසිට, අවධානය නොදී සිටින බවක් සිතන්නට එපා. මුළු වේලාවම හෙදියන් සහ වෛද්‍යවරුන් ගැබිනි කාන්තාව ළඟ සිටිය යුතු නැහැ. ඔවුන් ලේබර් රූම් එක පෙනෙන දුරකින් සිට, විනාඩි 15කට වරක් පමණ ළඟට විත් පරීක්ෂා කිරීම හොඳටම සෑහෙනවා. වෛද්‍යවරයෙකු පැය 4කට වරක් පැමිණීම ප්‍රමාණවත්.
වැදෑමහ පිටතට පැමිණීම
මේ ප්‍රසූතියේ තෙවන අදියරයි. එහිදී වැදෑමහත්, ඉතිරි පටල කොටසුත් ඉවතට පැමිණෙනවා. පෙකණිවැල ගැටගසා කපා දැමීම සිදුකෙරෙන්නේත් මෙහිදී යි. දරුවා බිහිවී මිනිත්තු 30ක් තුළ වැදෑමහ සාමාන්‍ය ලෙස පිටතට පැමිණීම සිදුවනවා.
ප්‍රසූතියෙන් පසු
දරු ප්‍රසූතියකදි ඕනෑම කාන්තාවකට සුළු රුධිර වහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ප්‍රසූතියෙන් පසු අධික රුධිර වහනය ඉතාමත් බැරෑරුම්. එනිසා ප්‍රසූතියෙන් පසු නොකඩවා රුධිර වහනය, ක්ලාන්තය, අධික පිපාසය හෝ අධික දහඩිය දැමීමක් ඇතිවුවහොත් වහාම අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතුයි.
ඇතැම් අවස්ථාවන් වලදී දරුවා පිටතට පැමිණීම පහසු වීමට යෝනි විවරය අසල සමේ කුඩා කැපුමක් සිදුකෙරෙනවා. අදාල පෙදෙස නිර්වින්දනය කිරීමෙන් අනතුරුව සිදුකෙරෙන මෙම කැපුම Episiotomy යනුවෙනුයි හඳුන්වන්නේ. දරුවා බිහිවීමෙන් පසු දියවන මැහුම් භාවිතා කර මෙම කැපුම මසා දැමෙනවා.
දරුවා බිහිවීමෙන් පසු නිවසට ගියත්, මෙම එපිස් මැහුම ගැන අවධානයෙන් පසුවිය යුතුයි. මෙය පහසුවෙන් ආසාදනය වීමට හැකි නිසා හොඳින් පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. එනිසා, කැපුමේ අසාමාන්‍ය වේදනාවක්, සැරව වහනයක්, හෝ උණක් ඇතිවුණොත් වහාම වෛද්‍යවරයෙකුට පෙන්වීම අනිවාර්යයි.
නියමිත දිනට ප්‍රසූත වේදනාව නොදැනුනහොත්?
පිළිසිඳගැනීමක් සිදු වූ පසු දරුවා බිහිවන දින වකවානු වෛද්‍යවරයා විසින් දැනුම් දුන්නත්, ඇතැම් විට ඇතැමුන්ට මෙම කාලයේ දී ප්‍රසූත වේදනා දැනෙන්නේ නැහැ. මෙහිදී ගර්භාෂය ප්‍රසූතියට අවශ්‍ය පමණින් උත්තේජනය වී නැති නිසා ප්‍රසූති වේදනා නොදැනෙන බව සොයාගෙන, ඒ සඳහා සිදුකළ යුතු උත්තේජනයන් කෘත්‍රිම සිදුකෙරෙනවා.
මෙහිදී මුත්‍රා බටයක් ගැබ්ගෙලට ඇතුල් කිරීම හෝ ගැබ්ගෙල ආසන්නයට ඖෂධයක් ඇතුලත්කිරීම බොහෝවිට සාර්ථක උපක්‍රම ලෙස සැළකෙනවා.
එනිසා, ප්‍රසූති වේදනා දැනීම පමා වූ පමණින් සිසේරියන් සැත්කම් සිදු නොකරන බව සිහි තබාගන්න.
දරු ප්‍රසූතිය පිළිබඳ සිහිතබා ගත යුතු වැදගත් කරුණු:
ප්‍රසූතිය වේදනා සහගත, සංවේදී අවස්ථාවක්. නමුත් වේදනාව මතම පදනම්ව තීරණ ගැනීමට වෛද්‍යවරුන්ට බැහැ. පරීක්ෂාවන්ගෙන් සොයාගන්නා කරුණු මතයි ඔවුන්ට තීරණ ගැනීමට සිදුවන්නේ. මේ කරුණ තේරුම් ගැනීම රෝහලක දී ප්‍රසූතිය සිදු කරනවිට ඉතාමත් වැදගත්.
සෑම විටම සිසේරියන් සැත්කමක් සිදුකිරීම පහසු විසඳුමක් නොවෙයි. අනවශ්‍ය ලෙස සීසර් කිරීම ඉතා හානිදායක වෙන්න පුළුවන්.
කාර්යබහුලත්වය නිසා වෛද්‍යවරුන් සහ හෙදියන්ට ප්‍රසූතියේ සෑම ක්‍රියාවලියක්ම ප්‍රසූතිය අතරතුරදී විස්තර කිරීමට නොහැකි වන්නට පුළුවන්. එනිසා ප්‍රසූතියට ප්‍රථමව තමාගේ වෛද්‍යවරයාගෙන හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් මෙම තොරතුරු විමසීම වැදගත්.
රජයේ රෝහලක දිනකට සිදුවන උපත් ප්‍රමාණය හා කාර්ය මණ්ඩල හිඟකම නිසා වෛද්‍යවරුන්, හෙදියන්, සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සේවය කරන්නේ ආතතියකින් සහ වෙහෙසකින්. එනිසා ඇතැම්විට අඩුපාඩු සිදුවනවා වන්නට හැකියි. එසේම ඔවුන් විසින් සිදුකරන ඇතැම් ප්‍රතිකර්ම ඔබේ දැනුමට අනුව වැරදි වන්නටත් පුළුවන්. නමුත් ශ්‍රී ලංකාව මුළු ලෝකයෙන්ම ළදරු හා මාතෘ මරණ අනුපාතය ඉතාම පහළ රටක්. ඒ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන්නන්ගේ දැනුම සහ කාර්යක්ෂමභාවය හේතුවෙනුයි. එනිසා, ප්‍රසූතියකදී ඔවුන් දෙන උපදෙස් අකුරටම පිළිපැදීම මවගේත් දරුවාගේත් යහපතටම හේතු වෙයි.
වෛද්‍ය හසින්ද උදලාගමගේ සහයෙන් සැකසිනි.
Sources : National Guidelines For Maternal Care – Volume I
https://roar.media/sinhala/arya/features/සාමාන්‍ය-දරු-ප්‍රසූතිය-ප/