සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...

    සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...

    අපි වෙනසට හරි කැමතිය... පංච කල්‍යාණයක් බැඳ ගත්තත් වෙනසකට කියා හොරිකඩ ගෑණියෙක් එක්ක හරි නිදි වදින්න ට‍්‍රයි කරන්නේ වෙනසට ඇති ලොල්කම නිසාය... සිරි ලක දේ සිරි සැප දේ කිව්වට පිටරට බඩු හොයන්නේ ද ඒ නිසාමය... ඉතිං මේ වෙනස ටක්කෙටම හඳුනාගත්ත පොරකි පොනිල් බුවා... පොනිල් යනු භාවිතයට නොගෙනම එක්ස්පයර්ඞ් වූ බඩුවක් නිසා පසුගිය ජනාධිපතිවරණයට වෙනස් ම බුවෙක් ගෙනා ආ යුතු විය.... හැබැයි ඒ වෙනස් බුවා තෝරා ගැනීමේ දී පොනිල්ට කරුණු කීපයක් ගැන සිතන්නට සිද්ද විය.

    අංක - 1 : ඒ බුවා කොළ පක්ෂයේ එකෙක් නොවිය යුතුය. මන්ද පසුකාලීනව ඒ බුවා පොනිල්ට කෙලවන නිසාය. නැත්තං වෙනසකට කියා කෙසෙල්වත්තේ බුවාව ගෙන ඒමේ හැකියාව තිබුණා පමණක් නොව ඔහුට පැවති වාතාවරණය තුල ජය ගැනීමට ද හැකියාවක් තිබිණි.

    අංක - 2 : ඒ බුවා ටික කාලයකින් ම ජනතාවගේ අප‍්‍රසාදයට ලක්වන බෙලහීන චරිතයක් විය යුතුය.

    අංක - 3 : තමන්ගේ පදේට නටන බුවෙක් විය යුතුය.

    සොයන්නාට සම්භ වේ කිව්වා සේ පොනිල්ට ඊට සරිලන බුවා සම්භ විය. ඒ කොළොම් තොටෙන් නොව රජරට පැත්තෙනි... එකම පොසිසන් එකකට කාලයක් පුරුදු වී සිටි අපිට ඒ වෙන කොට අලූත් පොසිසන් එකක තදබල අවශ්‍යතාවයක් තිබිණි... ඒ නිසාවෙන් ම පොනිල් ඇතුඵ නඩය පෙන්වලා දුන් ”වෙනස්ම - අලූත්ම” පොසිසන් එකට තෙල් නැතිවම අධෝමුඛය පෑවේය.... ඒ වන විටත් හර්ෂස් සෑදි වණ වී සිටි අධෝමුඛයට වෙනස් පොසිසන් එක ටික දවසකින්ම වදයක් විය... අවසන අධෝමුඛය වණයක් විය.... දැන් අපි ඒ වෙනසට වෛර කරන්නෙමු....

    එහෙව් අස්සේ අපේ වෙනස්ම බුවා ලෝක සමුලූව අමතන්න ඇමරිකා ගියේය.... එහිදී ඔහු ස්ව භාෂාවෙන්ම ලෝකය ඇමතුවේය... කොයික වෙතත් අනන්‍යතාවය රැුකගෙන ජාතික ඇඳුමෙන් සැරසී ස්ව භාෂාවෙන්ම ඇමතීම ගැන අප සතුටු විය යුතුය... මන්ද යත් බුවාට කට පාඩමින් වුවද හරි හැටි ඉංගී‍්‍රසි උච්චාරණය බැරි නිසාය.... හැබැයි කියපු දේවල් නම් සිතාගන්නටවත් බැරිය....

    බුවාගේ කතාව අනුව ලෝකයේ මේ වන විට නීතියේ ආධිපත්‍යය ඇති, වේගවත් සංවර්ධනයක් තිබෙන, සංහිඳියාව ඇති, බලය අතහැරපු ආදර්ශමත් නායකයෙක් සිටින රටක් තිබෙනවාය.... ඒ රටේ ජනතාව ඒ වෙනසට ලොබ බැඳී තව තවත් ඒ වෙනසට තුරුලූ වෙනවාය.... හයියෙන් නොගසා සෙමින් ගසන බැවින් රටේ ජනී ජනයා වශිකෘත වී හමාරය.... රටේ සංහිඳියාව පැටව් ගසාය.... ඇතැම් පල්ලිවල හවසට බෝධි පූජා තියන්නේය.... වේගවත් සංවර්ධනය වන්නේ ෆුකාරා වේගයෙනි.... ලෝකයෙන්ම උතුම් රට බුවා පාලනය කරන රටය....

    හැබැයි බුවා පාලනය කරන අප දන්න රටේ නම් නීතියේ ආධිපත්‍යයක් නැත... එළිපිට බිලියන ගණන් සොරා කෑ එව්වෝ අදත් නිදැල්ලේ සිටිති... ඒ මදිවාට අලූතෙන් නඩයක් ඒ හොර කල්ලියට ඇතුල් වෙලාය.... වේගවත් සංවර්ධනයක් තියා එදා වේල කන්නවත් නැතිව මිනිස්සු වේලනවාය.... සංහිඳියාව කියන්නේ සිංහලයින්ට අයිති නැති ඒත් අනෙක් එවුන්ට හිතු හිතූ දේ කරන්න පුලූවන් අමුතුම වචනයක් වී අවසානය.... බලය අතහැරියා කිව්වට අත හැරපු බලයක්වත් තියෙන බලය නිසියාකාරව කළමනාකරණය කරගන්නටත් බුවාට බැරිය... අවසන සිදුව ඇත්තේ පොනිල් ඇතුඵව එන්ජී ඕ නඩයක ඕනෑ එපාකම් ඉටුකරන පඹයෙක් ගාණට බුවා ඇද වැටීමය.... බුවාට අනුව වේගයෙන් ගැසීම කචල් වැඩකි.... සෙමින් ගසමින් සූරාන්තය පමා කරමින් කල් මැරිය යුතුය.... ඔහු සෙමින් ගසමින් කල් මරන තෙක් ජනී ජනයා අල්ලාගෙන සිටිය යුතුය...

    මෙහෙම බලපුවාම බුවා අප දන්න රටේ ආණ්ඩුකරවන බවක් නොපෙනේ.... අපිට හොරෙන් වෙන කොහේ හරි රටකත් ආණ්ඩු කරන බවක් හැගේ..... මොකද සරල, අල්පේච්ඡ, නීතිගරුක, සත්‍යවාදි, එඩිතර බුවෙක් ලෝකය ඉදිරියේ හිටගෙන බොරු නොකියන නිසාය....

    pathfinder_PNG_Face.png

     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කියන්න ඕන ටික කෙටියෙන් පැහැදිලිව කියල තියෙනවා .රටට කෙළවෙන හැටි දැක්කම දුකයි බන් එත් අපේ කරුමෙට ඕව උන්ට තේරෙන්නේ නැහැ තේරුනත් නැහැ වගේ ඉන්නවා බල තන්හාවට .
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනික් ඒවා කෙසේවෙතත්
    ජනවාරි 8 සිදුවෙන්නට ගිය හමුදා කුමන්ත්‍රණයක් ගැන කතා වුනත් තවම ඒ ගැන කිසි පරීක්ෂණයක් නැත.
    විදේශ අමාත්‍යාංශයේ අය රට වෙනුවෙන් නිවේදන නිකුත් කරන ඒවට පරීක්ෂණ නැති
    ඉතිං අනික් ඒවා ගැන කවර කතාද
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැල කතා දාන්න එපා මේකෙ පොඩි ලමයි ඉන්නව...
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    අංක - 1 : ඒ බුවා කොළ පක්ෂයේ එකෙක් නොවිය යුතුය. මන්ද පසුකාලීනව ඒ බුවා පොනිල්ට කෙලවන නිසාය. නැත්තං වෙනසකට කියා කෙසෙල්වත්තේ බුවාව ගෙන ඒමේ හැකියාව තිබුණා පමණක් නොව ඔහුට පැවති වාතාවරණය තුල ජය ගැනීමට ද හැකියාවක් තිබිණි.

    දන්නේ නැති නිසා අහන්නේ. කවුද මේ කෙසෙල්වත්තේ බුවා ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අංක - 1 : ඒ බුවා කොළ පක්ෂයේ එකෙක් නොවිය යුතුය. මන්ද පසුකාලීනව ඒ බුවා පොනිල්ට කෙලවන නිසාය. නැත්තං වෙනසකට කියා කෙසෙල්වත්තේ බුවාව ගෙන ඒමේ හැකියාව තිබුණා පමණක් නොව ඔහුට පැවති වාතාවරණය තුල ජය ගැනීමට ද හැකියාවක් තිබිණි.

    දන්නේ නැති නිසා අහන්නේ. කවුද මේ කෙසෙල්වත්තේ බුවා ?
    ප්‍රේමදාස උන්නැහේ නෙ :D