- ඇන්දෙන්නෙ නැතුව Used Phone එකක් ගමු -
අතේ සල්ලිත් වැඩිය නැත්තම්,
හිතට ගැලපෙන ෆෝන් සේරම ලොකු ගනන් නම් කරන්න තියෙන හොඳම වැඩේ ඉක්මන් වගේ සයිට් එහෙකින් පාවිච්චි කරපු ෆෝන් එකක් ගන්න එක.
එහෙම ගනිද්දි සැලකිය යුතු කරුණු තමා මම අද කියන්න හදන්නෙ
මුලින්ම අපි ගන්න හදන ෆෝන් එකේ බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක දැන ගන්න ඕන.
බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එකයි යූසඩ් ප්‍රයිස් එකයි අතර වෙනස රුපියල් 5000ක් හරි ඊට අඩු නම් හරි හොඳම වැඩේ බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගන්න එක,
අපරාදෙ අර තරම් පොඩි වෙන්සකට පාවිච්චි කරපු ලඩියක් ගන්න එක
ඊළඟට බලන්න ඕන ෆෝන් එක ලිස්ට් කරලා තියෙන්නෙ ඇත්ත ෆොටෝ එකක් දාලද කියලා.
ගූගල් එකෙන් ගත්ත ෆොටෝ දාපුවා, බ්‍රෑන්ඩ් නිව් පෙනුම ඕනවට වඩා තියෙන ඇඩ් මග අරින්න මොකද ඔහොම ෆොටෝ දාන්නෙ
ගොඩක් වෙලාවට කෑලි හැළෙන ෆෝන් තියෙන උන්
ඒ වගේම ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඔන් කරලා ෆොටෝ අරන් නැත්තම් ඒකත් මග අරින්න.
මොකද හම්බවෙන්න ගියාම දකින ඉරි නිසා ඒ ගමන අපරාදෙ වෙන්න පුලුවන්.
ඊට පස්සෙ කෝල් එකක් දීලා ෆෝන් එක බලන්න තැනක් සෙට් කර ගන්න
ළඟ පාත නගරෙක රෙස්ටුරන්ට් එකක්, බැංකුවක්, ෆුඩ්සිටි එකක් වගේ තැනක් තමා වඩා සුදුසු
සමහරු ෆෝන් එක අතට දෙන්නෙ අපි සල්ලි අතට දුන්නාම, එහෙම වෙලාවට ඌ දිව්වොත් සේරම ඉවරයි
ඒක නිසා එහෙම ආවරනය වෙන තැනකට යන එක දෙන්නටම ලේසියි
ඒ යන වෙලාවට තමන්ගේම සිම් එකක්, මෙමරි කාර්ඩ් එකක් අරන් යන්න
ෆෝන් එක අතට අරන් සිම් එක දාලා කාට හරි කෝල් එකක් ගන්න
ඩේටා කාඩ් එක දාලා ඒකට ෆයිල් එකක් මූව් කරලා බලන්න
තව කැමරාවෙන් ෆොටෝ අරන් බලන්න, බ්ලූටූත් වැඩද බලන්න
ෆෝන් එක එක්ක දෙනවා කියලා ඇඩ් එකේ තිබ්බ සේරම තියෙනවද බලන්න
ෆෝන් බොක්ස් එකයි ෆෝන් එකයි එමි අංක ගැලපෙනවද බලන්න
ඔය සේරම බලලා ඔයාගෙ හිතට ෆෝන් එක ඇලූවොත් විතරක් ගාන අඩු කරන්න පුළුවන්ද අහන්න
හැබැයි එහෙමයි කියලා 25,000 ෆෝන් එක ගන්න 18,000ක් අරන් යන්න එපා
හරි දැන් ඔයා ෆෝන් එක ගැන 100%ක් සැටිස් නම් ගන්න හැටි කතා කරන්න
ෆෝන් එක ගත්ත කඩේ බිල් එකක් නැත්තම් අයි.ඩී එකේ කොපි එකක් එක්ක ලියුමක් ඉල්ලන්න.
මේ ෆෝන් එක අහවල් දවසේ අහවල් කෙනාට විකුණුවා කියලා ලියුමක් අරන් දෙන්නම අත්සන් කරන්න.
එයාට කොපියක් දීලා ඔයා ඔරිජිනල් එක තියා ගන්න.
අයි.ඩී එකේ කොපි එකක් වෙනුවට තව කීයක් හරි අඩු කරන්නම් කිව්වොත් උගෙන් නොගෙනම ඉන්න එක හොඳයි.
එහෙම කියනවා නම් මොනා හරි හොරයක් තමා
ඔන්න දවසක පොලිසියෙන් ඔයාට කෝල් එකක් එනවා, ඔයා අරන් තියෙන්නෙ උස්සපු ෆෝන් එකක් කියලා
එහෙම වෙලාවට කරන්න පුළුවන් ලේසිම වැඩේ ෆෝන් එක පොලිසියට දීලා පාඩුව විඳ ගන්න එක
අර ලියුම ඉදිරිපත් කලාම ඔයාට උසාවි නොගිහින් බේරෙන්න පුලුවන්
ඒත් ඔයාට එහෙම සල්ලි අමතක කරන්න බැරි නම් උසාවි ගිහින් හොරා ගෙන් වන්දියක් ගන්න පුලුවන්
මොන දේටත් අර ලියුම ළඟ තියා ගන්න ඕන
ඔතනදි වෙන්නෙ ෆෝන් හොරු සාමාන්‍යයෙන් ලියුමක් ඉල්ලුවම දෙන්න බයයි
හොර බඩුවක් ලියුමකින් පැවරුවාම දඬුවම වැඩියි නිකම් විකුණනවට වඩා
=-=-=-=-=-=-=-=-=-=
මගේම අත්දැකීම වලින් ලිව්වෙ, වැදගත් කියලා හිතෙනවා නම් රෙප් එකක් දාන් යන්න 