මමත් පියෙක්...... මටත් බිරිඳක්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මමත් පියෙක්...... මටත් බිරිඳක්....


    මමත් පියෙක්...... මටත් බිරිඳක්....

    අද උදෙන්ම ඉතාම හදිසියකට කටුගස්තොට යන්න සිද්ද වුණා... ආයෙත් එද්දී පත බ්ලොක් එකකට මාට්ටු වුණා... බස් එකෙත් සෑහෙන සෙනග... මම වාඩිවෙලා හිටියේ ඉස්සරහම වම් අත පැත්තේ දොර ළගම සීට් එකේ... මෙන්න බොලේ කටුගස්තොට දී අවුරුදු 3 - 4 ක පුංචි එකෙක් අතින් අල්ලගත්ත ගෑණු කෙනෙක් බස් එකට නැග්ගා.... ගෑණු කෙනෙක් කිව්වට දැන් ඒ ලෙවල් ලියල ආව වගේ පුංචි එකියක්... ලස්සන හුරුබුහුටි හෙලූවෙන් (සිංහලෙන්) වැනීමට තරම් ලස්සන එකියක්.... :) මම හිතුනේ අක්ක මල්ලිව මොන්ටිසෝරි අරන් යනවා ඇති කියලා... කතාවෙන් තේරුණා අම්මයි පුතයි කියල.... අම්ම අතේ බෑග් දෙක තුනක්... ඒ මදිවට පොඩි එකා.... :no:

    අසරණයෙක් දැක්ක හැටියේ කොහොමත් මගේ හිත තෙත් වෙනවා... ඉතිං මේ සිද්ධිය දැක්කට පස්සේ මටත් නොදැනිම තෙත් වුණා.... ;)

    ”ආ... මිස් එන්න වාඩිවෙන්න...” මම ඇයට සීට් එක පූජා කිරීමට සැරසුණෙමි...

    ”තෑන්ක්ස්... පුලූවන් නම් පුතාව ටිකක් අල්ලගන්න...” කිංකිණි වොයිස් එකක්....

    මම පුංචි එකාව අල්ලගත්තෙමි... ඌත් සංසාරෙ පතාගෙන ආ බැඳීමක් වගේ තාත්ත ළගට එන පුතෙක් වගේ මගේ ළගට ආවේ කැමැත්තෙන්.... පුංචි හුරතල් කොලූ පැටියෙක්... මම පුංචි එකාව මගේ එක කකුලක් මත වාඩි කරවා ගත්තෙමි... ඌත් කිසිම කුලෑටි කමක් නැතිව ඉන්නවා.... ඇත්තටම පුංචි එකා ගැන ඇති වුණේ ආදරයක්... පියෙක්ගේ ආදරයක්... :D

    මම ඇය දෙස බැලූවෙමි... ඇය මා අසලම හිටගෙන අපි දිහා බලාගෙන.... ලස්සන හිනාවක් මුහුණ පුරා.... පුංචි එකා මගේ අතේ තිබ්බ ෆොන් එකට ආස හිතිල වගේ බලාගෙන ඉන්නවා... මම බෝල කඩන ගේම් එකක් ඔන් කර ඌ අතට දුන්නෙමි... දැන් ඌ බැරි බැරි ගානේ බෝල කඩනවා... කවුරු හරි දැක්කනම් හිතෙන්නේ තාත්තයි පුතයි ගමනක් යනවා කියලා.... :P

    දැන සෙනග ටිකක් වැඩියි... බ්ලොක් එකත් එහෙමමයි... ඇය සීරුවෙන් මගේ උරහිසට බර වෙනවා.... දැන් දැන් ඇයගේ හුස්මත් මගේ ඔලූවට වැදෙනවා වගේ... මගේ දකුණු අතෙහි වැලමිට සිට උරහිස දක්වාම ඇය ආක‍්‍රමණය කරලා... ඇයගේ සිරුරේ හැඩ රුව, තරම, මොලොක් බව දැන් මම දනිමි.... ;) අපූරු උණුසුමක් ඇයත් මාත් අතර කෙමෙන් මෝදුවෙනවා... මම හොර බැල්මෙන් ඇය දෙස බැලූවෙමි.... තවමත් ඇය සිනාවෙන් මුහුණ සරසාගෙන ඈත කල්පනාවක... හැබැයි මුහුණ රතුවෙලා... දහඩිය බිංදු මුහුණ පුරා.... :eek:

    මුලින් ඇති වූ පිය සෙනෙහස සමගම තවත් සෙනෙහසක් මෝදුවෙලා.... බස් එක ඇතුලේ පුංචි පවුලක්... තාත්තා වාඩිවෙලා... දරුවා උකුලේ... අම්ම තාත්තගේ උරහිසේ... :cool:

    හැම බැදීමකම අවසානයක් තියෙනවා වගේ නිත්තවෙල බෝක්කුව ළග ඇති පී‍්‍ර-ස්කූල් එක ළගටත් ආවා.... දැන් ඇය දරුවත් සමග බැසිය යුතුය... දරුවට වගේ වගක්වත් නැත... අම්මටත් බැසීමට වුවමනාවක් නැතිවා වාගේය... ඒත් ඇය සීරුවෙන් මගේ ඈත් වී බැසීමට සූදානම් විය... :(

    දරුවා එක් අතකින් අල්ලාගෙන ඇය මාගේ මුහුණට සමීපව, ”තෑන්ක්ස්... පුතාට හිතට අල්ලල වගේ...” කියා කීවාය... මම දයාබරිත සිනාවක් පෑවාය...

    ඇයි අම්මගේ හිතට ඇල්ලූවේ නැද්ද යැයි ඇසීමට සිතුණත් එය සැර වැඩි යැයි සිතා කරබා ගත්තෙමි...

    ”පුතේ අංකල්ට බායි කියන්න...’‘

    ”බායි අංකල්”

    දෙදෙනා මගේ හිතත් අරගෙන බසයෙන් බැස්සෝ ය....

    මම දෙදෙනා යන දිහා බලාගෙන සිටියෙමි... නිත්තවෙල බෝක්කුවට ඇතුලත් වනවාත් සමග ඇය ආපසු හැරී බසය දෙස බැලූවාය.... මම ජනේලයෙන් ලාවට අත වැනුවෙමි... ඇය සිනා සී අත වනා ඉක්මන් ගමණින් දරුවා කැටුව පියවර තැබුවාය... :)

    ”ඔබ ලෝකයේ සිටින සෑම දරුවෙක්ගේම පියෙක් යැයි සිතන්න.... එහි ඇති වාසිය ඒ දරුවන්ගේ මව්වරුන් ඔබගේ බිරින්දෑවරුන් වන නිසාය” කියල කවුරු හරි කියල තියෙනව වගේ මතකයි... එහෙම කියල නැත්තං අද ඉඳන් එහෙම කතාවක් මා විසින් කියන ලදැයි සිතා සැනසෙන්නෙමි.... :D

    pathfinder_PNG_Face.png

     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් මේකට මොකද කියන්නෙ.ආදරේට සෙනෙහසට සීමාවක් නැති උනත් මේ රටේ ඉන්න කාලකන්නි හැම එකම ඕනවට වඩා ඔලුව උඩ තියන් ඉන්න නිසා ඕනවට වඩා සෙනෙහස පාන එක ඇගට ගුන නෑ..මෙහෙ වෙනස් වැඩක් කරන එකෙක්ව පිලිගන්නෙ පිස්සෙක් කියලා.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දරදඬු ළමයි ගැන හැර අනිත් ඕනෙම ළමයෙක් ගැන මට එහෙම හිතන්න පුලුවන්
     

    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    ”ඔබ ලෝකයේ සිටින සෑම දරුවෙක්ගේම පියෙක් යැයි සිතන්න.... එහි ඇති වාසිය ඒ දරුවන්ගේ මව්වරුන් ඔබගේ බිරින්දෑවරුන් වන නිසාය”:lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔහොම සිද්දියක් වුනා මටත්.
    ට්‍රේන් එකේදි... මතක් වෙද්දිත් මල්ලියා දගලනවා..
    TFS
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ”ඔබ ලෝකයේ සිටින සෑම දරුවෙක්ගේම පියෙක් යැයි සිතන්න.... එහි ඇති වාසිය ඒ දරුවන්ගේ මව්වරුන් ඔබගේ බිරින්දෑවරුන් වන නිසාය”

    :D

    BUMP
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,472
    8,657
    113
    .ඔබ ලෝකයේ සිටින සෑම දරුවෙක්ගේම පියෙක් යැයි සිතන්න.... එහි ඇති වාසිය ඒ දරුවන්ගේ මව්වරුන් ඔබගේ බිරින්දෑවරුන් වන නිසාය..
    :D;):lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ”ඔබ ලෝකයේ සිටින සෑම දරුවෙක්ගේම පියෙක් යැයි සිතන්න.... එහි ඇති වාසිය ඒ දරුවන්ගේ මව්වරුන් ඔබගේ බිරින්දෑවරුන් වන නිසාය”:lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    අම්මෝ ගෑනු කපටියි.
    ඕකුන්ට අහුවෙන්ඩ එපා. කාරිය කෙරෙනකං විතරයි