..::[කළු මරණය හෙවත් මහාමාරිය (Black Death Plague)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ..::[කළු මරණය හෙවත් මහාමාරිය (Black Death Plague)]::..

    V61mNMp.jpg


    කළුමරණය (Black Death) යන නමින් හැදින්වුණ මහාමාරිය (Plague) රෝගය ඉතිහාසයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලම ව්‍යසන වලින් එකකි. 1346–1353 අතර කාලයේදී, යුරෝපයේ සහ ආසියාවේ මිලියන 75-200 අතර ජන සංඛ්‍යාවක් මේ හේතුවෙන් මියගිය බවට වාර්තා වෙයි.එය මුළු යුරෝපා ජනගහනයෙන් 60% පමණ බව සදහන් වේ.(දෙවැනි ලෝක යුද්දෙදි මිය ගිහින් තියෙන්නේ මිලියන 50- 80යි ):shocked:

    ZK5CyZU.jpg


    මෙම වසංගත රෝගය මුලින්ම හටගෙන තියෙන්නේ චීනයේ ඊට ඉන්පසු ඉන්දියාවටත් සේද මාර්ගය ඔස්සේ ගමන් ගත් නැව් මාර්ගයෙන් යුරෝපයට පැතිරීමට හේතුව වුයේ ආසියාවේ සිට එහි ගිය ඉතාලි ජාතික නැවියන් විසින් යැයි සදහන් වේ.

    fvLbLuQ.jpg


    මේ රෝගය වියාප්ත වන්නේ මීයන් මගිනි, මහාමාරිය රෝගයෙන් පෙළෙන මීයන් මිනිසුන්ව සපා කෑමෙන්ද සිරුරේ වසන මැක්කන් මිනිසුන්ට දෂ්ට කළ විට මැක්කන් තුළ වූ රෝග බීජ මිනිස් සිරුරට ඇතුළු වීමෙන්ද මිනිසා රෝගී කරයි. :sorry::sorry:

    ooCaeGZ.jpg


    මෙය කළු මරණය ලෙස හැදින්වුයේ රෝගීන්ගේ සිරුර පුරා කළු පැහැති පුල්ලි මතු වීමත් එයින් මිය ගිය අයගේ සිරුරු බෙහෙවින් කළු පැහැ ගැනීමත් නිසාය. එම කාලයේ විසූ කිසිම වෛද්‍යවරයෙකු වෙත රෝගය පිළිබද අවබෝධයක් හෝ ඊට ප්‍රතිකාර පිළිබද දැනුමක් නොවීය. මෙය බැක්ටිරියා ආසාදනයක් උවත් එකල ප්‍රතිජීවක(Antibiotics) නිපදවා නොමැති වීමත් නිසා ඉතා ඉක්මණින් මේ රෝගය පැතිරීමට හේතු වී ඇත.

    මුල් අවස්ථාවේදී ඉස්මතු වූ රෝග ලක්ෂණ නම් අඩු නොවන උණ සහ ලේ වමනය කිරීමයි. මීට ගොදුරු වූ කෙනෙක්ට දින තුනකින් සිය දිවිය අහිමි විය. ග්‍රන්ථි මහාමාරිය, වසංගතයේ ඉතිරි කාලය තුළ පැවතිණ. මේ අවස්ථාවෙහිදීත් අඩු නොවන උණ රෝග ලක්ෂණයක් වූ අතර, බාහිර අංගයන්හි, විශේෂයෙන් කිහිල්ලේ සහ ඉකිලිවල සාරේ සහිත ගෙඩි සහ ලොකු බිබිලි හටගැනිණ. මින් පෙළුණු යමෙක් දින පහකින් මිය ගියේය.” දිනෙන් දින වර්ධනය වූ මෙම වසංගතය හමුවේ එකල වෛද්‍යවරු අසරණ වූහ.

    8ssObmI.png


    එකල සිටි වෛද්‍යවරුන් පැළද සිටි bird mask එක කුරුළු හොට වගේ mask එක දාල තියෙන්නේ මේක සුළගින් බෝ වෙනවා කියල හිතල

    ඊට අමතරව ආගමික බලපෑම් හේතුකොටගෙන පොදු ජනතාවගේ ආකල්පය වූයේ මේ රෝගය දෙවිගෙන් ලත් දඬුවමක් ලෙසය ඒ නිසා මෙම ව්‍යසනය පාලනය කිරීමට ඔවුන් මැලි කමක් දැක්වුහ. මහාමාරිය බෝ වූ ආකාරය පිළිබඳ නිවැරදි වැටහීමක් නොතිබුණු නිසා එකල ඉතාලි වැසියන් වසංගතය පැතිරවීම බළලුන් හා බල්ලන් මගින් සිදු කරන බව සිතා මේ සතුන්ව මරා දැමීම නිසා මීයන් තව තවත් පැතිර යන්නට විය.

    av2r1qD.jpg


    97H0enw.jpg


    PYT3t6n.jpg

    Black Death එංගලන්තයට ඇතුල්වූ Weymouth වාරයේ ඇති සමරු පලකයක්


    ප්‍රංශ ජාතික ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ විශේෂඥයෙකු වූ අලෙක්සෝන්ද්‍ර යර්සැන් මහාමාරි උවදුරට හේතුකාරක වූ බැක්ටීරියාව සොයාගත්තේ 1894දී පමණය. ඔහුව සිහි කිරීම සඳහා එයට නම් තැබුවේ යර්සැනියා පෙස්ටිස් යනුවෙනි.

    lhyBFS6.jpg

    Yersinia pestis (200x magnification)

    මීට වසර හතරකට පසුව, පෝල්-ලුවී සීමොන් නමැති තවත් ප්‍රංශ ජාතිකයෙකු රෝගය පැතිරවීමට (මීයන් වැනි ලෑටිගාන සතුන් පිට වෙසෙන) මැක්කන්ද හවුල් වන ආකාරය සොයාගත්තේය. සුදුසු එන්නතක් වැඩි දියුණු වූ අතර, සීමිත ආකාරයකින් වූ නමුත් යම්කිසි සාර්ථකත්වයක් ඉන් අත් විය.:yes:


    BSnLkvO.jpg

    Ellwangen, Germany වල ඇති සමුහ මිනීවළවල් :sorry::sorry:

    මෙය දෙවැනි ලෝක යුද්දයේදී ජපනුන් විසින් චීනයට ජීව ආයුධයක් ලෙස දමා
    ඇති බවත් සදහන් වේ. :baffled::baffled:

    H1N0uNN.jpg


    2010 තිරගත උන Black Death කියන ෆිල්ම් එකේ එංගලන්තයේ උන සිදුවීම් පෙළක් කතාවේ තියෙන්නේ කැමති කට්ටිය බලන්න :cool: :yes::yes:



    Sources :history.com/topics/black-death,britannica.com/event/Black-Death,.eyewitnesstohistory.com/plague,wol.jw.org/si/wol/d/r125



    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif