නිල්වලා ගුරු පුහුණු විද්‍යාලයේ සිසුවියන&

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    නිල්වලා ගුරුවිද්‍යාලයේ අමානුෂික නවක වදය

    මාතර, නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදුව ඇති නවක වද සිදුවීමක් ආන්දෝලනයට තුඩු දී තිබේ. නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨය යනු ගුරු පුහුණු විද්‍යා පීඨයෙකි. ගුරු පුහුණුව සදහා එයට බැඳුනු පළමු වසරේ සිසුවියන් නිර්ධය ලෙස නවක වදයට ලක්වූ බවට මින් පෙර මාධ්‍යයට වාර්තා වී තිබුනි. අමානුෂික නවක වදයට මුහුණ දුන් පළමු වසරේ සිසුවියන් දැඩි මානසික පීඩාවකට පත්ව සිටින බවද වාර්තා වන අතර එහි දෙවන වසර සිසුවියන් විසින් පළමු වසරේ සිසුවියන් අමානුෂික ලෙස නවක වදයට ලක් කර තිබේ.
    5kq1dh.jpg

    2yy1gtv.jpg

    පළමු වසරේ සිසුවියන්ට දෙවැනි වසරේ සිසුවියන් පරුෂ වචනයෙන් බැන වදිමින් දින කිහිපයක්‌ තිස්‌සේ නවකවධය දෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ. පළමු වසරේ සිසුවියන්ට සිදුවන දැඩි හීංසා පීඩා සහ අමානුෂීක නවක වද නිසා පසුගිය 20 වැනිදා රාත්‍රියේ විද්‍යාපීඨයේ ගැටුමක්‌ ද හටගෙන ඇති අතර එම අවස්‌ථාවේ ගැටුම සමතයකට පත් කිරීමට පොලිසිය පවා පැමිණ තිබේ.

    කෙසේ වෙතත් සිදු වී ඇතැයි කියන නවක වද සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් වාර්තාවක්‌ කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචී මාර්ග ප්‍රකාශ කරනවා.

    මීට පෙර ශ්‍රීපාද විද්‍යාපීඨයේ මෙවැනිම ආකාරයේ නවක වද සිදුවීමක් වාර්තා වූ බවත්, පසුව ඒ සදහා සම්බන්ධ වූ සිසුන් අට දෙනෙකුගේ පන්ති තහනම් කළ බවත් අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් පවසනවා.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නවක වදය තහනම් කරලා උපරිම දඬුවම් දෙන්න පුළුවන් විදියට නීති හදන්න ඕනෙ
    ඒවාගේම සම්බන්ධ වෙන අයට ආයෙත් රජයේ කිසිම පාඨමාලාවක් හදාරන්න තහනම් කරන්න ඕන අවුරුදු 10k වත් යනකං.
    රජයේ job වලට ගන්න හො තරග විභාග වලට වත් ගන්න හොඳ නෑ.
    වෙන වාර්තාවක් හදන්න ඕන ඔය වගේ අයට එතකොට පෞද්ගලික අංශ වුනත් අකැමැති වේවි ඒ අය බඳවා ගන්න
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    නවක වදය තහනම් කරලා උපරිම දඬුවම් දෙන්න පුළුවන් විදියට නීති හදන්න ඕනෙ
    ඒවාගේම සම්බන්ධ වෙන අයට ආයෙත් රජයේ කිසිම පාඨමාලාවක් හදාරන්න තහනම් කරන්න ඕන අවුරුදු 10k වත් යනකං.
    රජයේ job වලට ගන්න හො තරග විභාග වලට වත් ගන්න හොඳ නෑ.
    වෙන report එකක් හදන්න ඕන ඔය වගේ අයට එතකොට පෞද්ගලික අංශ වුනත් අකැමැති වේවි ඒ අය බඳවා ගන්න
    ඒක සහතික ඇත්ත බන් මේ කම්පුස් එකක් නම් තව කමක් නෑ ,මේක ගුරු ශික්ෂණ විද්‍යාලයක් . 2 අව්රුද්දෙ උන් තමයි ඕක කරලා තියෙන්නේ . ලොක්කෝ වෙන්න යනවා පොඩි කෙල්ලොන්ට :lol::lol::lol::lol::lol: රෙප්+++
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    Podi Silva - පොඩි සිල්වා;22288563 said:
    මොන හුස්තෝ ද බන්
    ඔය සංගම් ඔක්කොම අයින් කරලා ජෙප්පෝ ටික ඔක්කොම එලවල දාන්න ඕන

    පොඩි කොල්ලෝ බන් කෙල්ලොන්ට ලොක්කෝ වෙන්න යන :lol::lol::lol::lol: රේප් ++++
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Campus වල ඔහොම නම් ඔය jvp අසහනකාරීන් රට ගත්තහම කොහොම තියේවිද ?jpv ආණ්ඩුවත් ඕන අයට කිව්වේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නවක වදය තහනම් කරලා උපරිම දඬුවම් දෙන්න පුළුවන් විදියට නීති හදන්න ඕනෙ
    ඒවාගේම සම්බන්ධ වෙන අයට ආයෙත් රජයේ කිසිම පාඨමාලාවක් හදාරන්න තහනම් කරන්න ඕන අවුරුදු 10k වත් යනකං.
    රජයේ job වලට ගන්න හො තරග විභාග වලට වත් ගන්න හොඳ නෑ.
    වෙන වාර්තාවක් හදන්න ඕන ඔය වගේ අයට එතකොට පෞද්ගලික අංශ වුනත් අකැමැති වේවි ඒ අය බඳවා ගන්න

    අනිවාරෙන් බන් මේවායේ හෙන මානසික ලෙඩ්ඩු ඉන්නේ.. රැග් දෙන උන්ව අල්ලලා ඇතුලේ දාන්න ඕනේ.. ඉගෙන ගන්නේ නැතුව කාලකන්නි වැඩ කරනවා.. සෞන්දර්ය එකෙත් දරුණුවට රැග් යනවලු.. දන්න එකෙක් කිව්වේ.. ඕකුන්ව එල්ලන්න ඕනේ :growl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනිවාරෙන් බන් මේවායේ හෙන මානසික ලෙඩ්ඩු ඉන්නේ.. රැග් දෙන උන්ව අල්ලලා ඇතුලේ දාන්න ඕනේ.. ඉගෙන ගන්නේ නැතුව කාලකන්නි වැඩ කරනවා.. සෞන්දර්ය එකෙත් දරුණුවට රැග් යනවලු.. දන්න එකෙක් කිව්වේ.. ඕකුන්ව එල්ලන්න ඕනේ :growl:

    ළමයෙක් ඉස්කෝලේ යවන්නත් බැරි වේවි.ඉස්සරහට ළමයි මිස්ගෙන් බේරාගන්න අම්මට පන්තිය ගාවට වෙලා ඉන්න වේවි :lol::lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ළමයෙක් ඉස්කෝලේ යවන්නත් බැරි වේවි.ඉස්සරහට ළමයි මිස්ගෙන් බේරාගන්න අම්මට පන්තිය ගාවට වෙලා ඉන්න වේවි :lol::lol:

    අම්මව බේරාගන්න‍ෙ කවුද එතකොට :lol::lol::sorry: