වාහන වලට අයවැයෙන් මොකද වෙන්නේ මට හිතෙන වි&#350

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වාහන වලට අයවැයෙන් මොකද වෙන්නේ මට හිතෙන වි&#350


    2018 අයවැය කාටත් කුතුහලය දනවන අයවැයක් වී හමාරයි . අනෙකුත් දේවල් කෙසේ වෙතත් මට අදාල සීමාව තුල කිරියේ අයට පොඩි UPDATE එකක් දෙන්න හිතුනා . සමහර විට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නමුත් බොහෝදුරට වෙන්න පුළුවන් ප්‍රවනතාවය වැඩියි.

    ගොඩක් අය කතාවෙනවා එන්ජින් ධාරිතාවය 800 CC වලින් පහල වාහන අඩුවන බව . ඔව් එම වාහන අඩුකරන බවට මුදල් අමාත්‍යංශය පවසලා තියෙනවා .

    මෙවර අයවැයෙන් බොහෝදුරට වාහන සදහා සහන ලබාදෙයි කියලා හිතනවා.

    ගොඩක් අයට ගැටළුවක් මෙන්ම ගොඩක් අය බලාපොරොත්තු තබමින් සිටින්නේ 800 CC වලින් පහල එකියන්නේ 650CC වාහන සදහා බදු සහනයක් ලැබේවිද යන්නයි.

    බොහෝදුරට මේවර අයවැය මගින් ජපන් වාහන ආනයන සීමාව අවුරුදු 5 ක් දක්කවා AGE LIMIT එකක් යොදයි . කලින් තිබුණු අවුරුදු 3 සීමාව අහෝසි කර ඒක අවුරුදු 5 ක සීමාව දක්වා උපරිම කරයි . එනිසා ජපානය තුල නිෂ්පාදිත වර්ෂය හෝ පළමු ලියාපදිංචිය අවුරුදු 5 පරණ වාහන ගෙන්වීමට රජය අනුමැතිය ලබාදෙයි.

    ඒවගේම වාහන සදහා DUTY CALCULATE කිරීම සදහා ක්ශ්‍යවීමේ වගුව නැත්නම් DEPRECIATION TABLE එකක් යොදා ගැනීමට නියමිත බවත් පැවසෙනවා.

    ## 2015 වසරට කලින් මේ ආකාරයට DUTY CALCULATE කල අතර බොහෝදුරට මෙවර අයවැය මගින් ද DUTY CALCULATE කිරීම සදහා මෙම වගුව යොදාගැනීමට නියමිතයි.
    ආසන්නව පහත ලෙස වගුවේ අගයන ගත හැක.


    PERIOD OF USE ||| DEPRECIATED FOB VALUE
    LESS THAN OR EQUAL 6 MONTHS 100%
    MORE THAN 6 MONTH AND LESS THAN OR EQUAL 1 YEAR 90%
    MORE THAN 1 YEAR AND LESS THAN OR EQUAL 11/2 YEAR 85%
    MORE THAN 11/2 YEAR AND LESS THAN OR EQUAL 2 YEAR 80%
    MORE THAN 2 YEAR AND LESS THAN OR EQUAL 21/2 YEAR 75%
    MORE THAN 21/2 YEAR AND LESS THAN OR EQUAL 3 YEAR 70%


    මේ ආකාරයට DUTY CALCULATION එක සිදුකළහොත් 2017(2018) නිෂ්පාදනය කල සියලුම වාහනවල මිල ඉහල යාහැක . දැනට සියලුම වාහන සදහා තීරුබදු ගණනය කිරීම සදහා අදාළ නිෂ්පාදක සමගම මගින් නිකුත් කරන ලද මිලෙන් 85% ක් පමණක් ගනු ලබයි. ඒ අනුව 2017(2018) වාහන සදහා 15% මිල වැඩිවීමක් මෙවර යවය තුලින් බලා පොරොත්තු විය හැක.

    මෙහි ඇති අවාසිය වන්නේ ක්ශ්‍යවීමේ වගුව මගින් පළමු අවුරුද්ද ගණනය වන්නේ , නිෂ්පාදිත හෝ පළමු ලියාපදිංචි වර්ෂය 2017/2018 වර්ෂය සදහා 100% හෝ 90% ක් බදු ගෙවීමට සිදුවීමයි. එනම් 2017 වැගොන් R රථයක මිල දැනට පවතින මිලට වඩා වඩා මිලෙන් වැඩි වීමයි.
    දැනට තීරුබදු සදහා ලබා ගන්නා නිෂ්පාදිත මිලෙන් 85% ක අගය නිෂ්පාදිත මිල 100% හෝ 90% දක්වා ගනු ලබයි.

    නමුත් අනෙකුත් අවුරුදු සදහා 2016 / 2015 /2014 නිෂ්පාදිත වාහන සදහා ක්ශ්‍යවීමේ වගුව අනුව ක්ෂයවීම මත බදු අයකීරිමට යෝජිත බැවින් එවැනි වාහන දැනට පවතින මිලට වඩා අඩුවිය හැක .

    නමුත් මෙහි ඇති අවාසිය වන්නේ ජපන් ACTION හරහා වාහන ගෙන්වීමේදී ACTION මිල ගණන අදික වීමයි . මෙනිසා බොහෝවිට සිදුවන්නේ පවතින මිලට වඩා වාහනයක මිල අඩුවීම සිදුවන්නේ 50000 - 75000 අතර පමණි.

    නමුත් සමස්තයක් ලෙස 650 CC වාහන අඩුවෙයි කියලා හිතනවා.

    මෙවර අයවැය මගින් වාහනවල SAFETY උපාංග පිලිබදව වැඩිපුර අවධානයක් දක්වයි. සියලුම වාහන සදහා AIR BAGS අනිවාර්ය කිරීමක් සිදුකරයි. එනිසා ඉන්දියන් වාහන සදහාද AIR BAGS පැමිණීමක් සිදුවෙයි. මිලෙහි අඩුවීමක්ද සිදුවෙයි.

    NISSAN LEAF : LEAF රථ සදහා තීරුබදු අඩුකිරීමක් අනිවාර්යෙන් සිදුවන අතර කොයි ප්‍රමාණයක් අඩුවේද කියා නිශ්චිතව කිව නොහැක . 2014 වසරේනම් LEAF සදහා 192000 තීරුබදු අයකළ අතර මෙවර කෙසේ වෙයි පැහැදිලි නැත නමුත් මට සිතෙන විදියට LKR 700,000 පමණ DUTY අය වීමක් සිදුවේ .

    NOTE : මෙය උපුටා ගැනීමක් නොව.


     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සේෆ්ටි බලන එකනම් ලොකු දෙයක් .මේ මැරෙන මැරිල්ල දිහා බලද්දී..:)

    මෙහෙ 120 ට ගිහිල්ලත් ඔය වගේ මාරක ඇක්සිඩන්ට් වෙන්නේ කලාතුරකින්:)
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,632
    1
    6,333
    113
    මරුසිරා;22351114 said:
    සේෆ්ටි බලන එකනම් ලොකු දෙයක් .මේ මැරෙන මැරිල්ල දිහා බලද්දී..:)

    මෙහෙ 120 ට ගිහිල්ලත් ඔය වගේ මාරක ඇක්සිඩන්ට් වෙන්නේ කලාතුරකින්:)

    Country?
     
    Oct 4, 2017
    231
    13
    0
    බුදු creed මාමේ, ශ්‍රී ලංකා විදුහල්පති සේවය class I (not public administration service) අයට vehicle permit දෙන කතාවක් තියනවද? එහෙම උනොත් අම්මගෙ permit එකෙනුත් තව වණ්ඩියක් බැස්සුවහැකි:P:P:P:P:P කියපන් කුකුලෝ හම්බෙනවනම් උඹෙන්ම ගන්නම්:lol:
     
    Last edited:

    bruges

    Well-known member
  • Sep 12, 2016
    511
    312
    63
    Alto එහෙම කීයට වගේ අඩු වෙයි ද creed අයියේ ?