MH 370 අවසන් වාර්තාව

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    MH 370 අවසන් වාර්තාව

    ගුවන් ඉතිහාසයට පිළිතුරක් නැති ප්‍රශ්නයක් ඉතිරි කර දෙමින් MH 370 ගුවන් යානය අතුරුදන් වීමට අදාළ විමර්ශන කළ ඔස්ට්‍රේලියානු විමර්ශකයින්ගේ අවසන් වාර්තාව පසුගිය දා නිකුත් කෙරිණ.

    වාර්තාව නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ අධිකාරිය පැවසුවේ, යානය සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බව ය.

    වාර්තාව එළි දක්වමින් විමර්ශකයින් පැවසුවේ, යානයට සිදුවූයේ කුමක් දැයි සිතා ගැනීමට හෝ පිළිගත හැකි සාක්ෂියක් නොමැති වීම අදහාගත නොහැකි සිදුවීමක් බවයි.


    MH 370 අවසන් ගුවන් ගමන…

    මගීන් 239 දෙනෙකු සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර ගමන ඇරඹූ MH370 දරන ගුවන් යානය ගුවන් ඉතිහාසයේ අතුරුදන් වන්නේ, 2014 වසරේ මාර්තු 8 වන දා ය.

    යානය අතුරුදන් වන අවස්ථාවේ එහි සිට මගීන්ගෙන් 154 දෙනෙක් චීන ජාතිකයෝ වූහ.

    යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහී ඇතැයි, සන්නිවේදනය වූ මොහොතේ ගුවන් යානයක් අතුරුදන් වූ බවට වන පුවත ලොවපුරා ලැව් ගින්නක් සේ පැතිරිණ.

    මැලේසියාව, ඔස්ට්‍රේලියාව, චීනය ඇතුළු ලොව රටවල් රැසක් ගුවන් යානයට සිදුවූයේ කුමක් දැයි සෙවීමට යානය අතුරුදන් වූ බව පැවසෙන මුහුදු කලාපය සිසාරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේ ය.

    කෙසේ වෙතත් මෑතක් වන තුරු ම බොහෝ රටවල් මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධ වී සිටි අතර මැලේසියාව, සහ චීනය, සෝදිසි මෙහෙයුම්වලින් ඉවත් වූයේ, පසුගිය ජනවාරියේ ය.

    MH370 යානය සෙවූ මෙහෙයුම ගුවන් ඉතිහාසයට එක්වන්නේ, ගුවනේ සහ මුහුදුපතුළේ සිදුකළ අතිදැවැන්ත මෙහෙයුමක් ලෙසිනි.

    අතුරුදන් යානය සෙවීම සඳහා කුඩා රොබෝ සබ්මැරීනයක් ඇතුළු අතිනවීන තාක්ෂණික උපකරණ ද භාවිත කළහ.




    සිදුවීමෙන් දින 52කට පසුව ගුවන් මෙහෙයුම් අතහැර දැමුණු අතර පසුව යානය පිළිබඳ හෝඩුවාවක් සොයා සාගර කලාපයේ මෙහෙයුම් ආරම්භ කෙරිණ.

    යානය කඩා වැටෙන්නට ඇතැයි, අනුමාන කෙරුණු වර්ග කිලෝමීටර් 120,000 ක තරම් ප්‍රදේශයක සෝදිසි කළ ද යානය පිළිබඳවූ බලාපොරොත්තු පුස්සක් බවට පත් විය.

    2015 සහ 2016 වසරේදී MH 370 යානයේ බවට සැක කෙරුණු සුන්බුන් කොටස් අප්‍රිකාවට නැගෙනහිරින් වූ මුහුදු කලාපයේ මෙන් ම ඉන්දීය සාගර කලාපයේ ද පාවෙමින් ඇති බවට වාර්තා පළ විය.

    පසුව විශ්ලේෂකයින් සුන්බුන් ගසාගෙන යන දිශාව සහ ඒවායේ චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කර ගනිමින් එම ප්‍රදේශවල ද මෙහෙයුම් දියත් කරිණ.

    2014 වසරෙන් පසු විවිධ මුහුදු කලාපවලින් හමු වූ සුන්බුන් කොටස් මෙම යානයේ බවට සැක පළ වුවත් ඒ කිසිවක් අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයේ බවට සනාථ නොවී ය.

    මහ මුහුද සිසාර සිදුකළ සෝදිසි මෙහෙයුම් පළක් නොවූ තැන යානය කඩා වැටී නැති බවටත් එය කිසියම් හෝ ස්ථානයකට එය ගොඩ බස්වා ඇති බවටත් වාර්තා පළ විය.

    එය ද හුදු මතයක් පමණක් සඳහන් කිරීමට සිදුව ඇත.

    ලෝකයේ ප්‍රබල රටවල් රැසක් එක්ව අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් නවීන තාක්ෂණය ද යොදා ගනිමින් සාගරය පීරමින් සෙවූ අතුරුදන් MH 370 ගුවන් අනතුර ගුවන් ඉතිහාසයේ සදාකාලික අභිරහසක් ලෙස ලෝකයෙන් සැඟවී යනු ඇති.


    Source
     
    • Like
    Reactions: somalal

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනිවාර්යයෙන්ම ඕක කඩ වැටෙන්න ඇත්තේ අපි කවදාවත් නොසිතන මුහුදු ප්‍රදේශයකට වෙන්න ඇති.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    එකෝ පිටසක්වලයින් උස්සල .නැත්තම් ගැහුව අලුත්ම ලේසර් වෙපන් එකකින් අලු ටික විතරක් මුහුදට වැටෙන විදිහට :shocked::shocked::shocked:
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    අනිවාර්යයෙන්ම ඕක කඩ වැටෙන්න ඇත්තේ අපි කවදාවත් නොසිතන මුහුදු ප්‍රදේශයකට වෙන්න ඇති.

    Radar walata ahu wenne nethuwa pahalin gihin da?
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    749
    610
    93
    Piliyandala
    eedhm6p2ww5k63q4g.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙච්චර හොයලත් හම්බ නොවුනේ අර තියරිය හරිවගේ ..අර රුසියාවේදී මිසයිලයකින් වැටුනේ මේක කියන hoax එක:baffled:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,374
    19,497
    113
    Colombo
    ඒකාලෙ මේකෙ එවුනුත් හෙන ත්‍රෙඩ් එකක් දාගෙන හෙවුවා නේද
    උන්ට හම්බුනාද දන්නෙ නැහැ
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    No they found the flaperon of the flight near re union islands,

    "
    The Australian Transport Safety Bureau has today released an explosive new report that effectively narrows the search zone for the missing plane down to an area half the size of Melbourne.


    The report places the most likely location of the aircraft “with unprecedented precision and certainty” at 35.6°S, 92.8°E — in between Western Australia and Madagascar."

     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒකාලෙ මේකෙ එවුනුත් හෙන ත්‍රෙඩ් එකක් දාගෙන හෙවුවා නේද
    උන්ට හම්බුනාද දන්නෙ නැහැ

    ubata mathakada lankawe hadahan balana un keedenek talk kalada kiyala TV eke edawas wala :lol:
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    තාක්ෂනය දීයුණූයි කිව්වට එච්චරම දියුණු නෑ... :(
     

    Similar threads