මුරුංගා තේ..! ‘ගොඩ යන්න ටිප් එකක්‘
මුරුංගා තේ..! ‘ගොඩ යන්න ටිප් එකක්‘
ලංකාවේ වසර කිහිපයක සිට රැකියා විරහිත උපාධිධාරීන් යැයි කියා ගන්නා තරුණයන් කණ්ඩායමක් නිරන්තරයෙන් තමන්ට රස්සාවක් දෙන්නැයි රජයෙන් ඉල්ලමින් පාරක් පාරක් ගානේ රස්තියාදු වෙමින් උද්ඝෝෂන කරනු දකින්නට ලැබීම දැන් සාමාන්‍ය කාරණයක් වී තිබේ.
එනම් මූලික අධ්‍යාපනයත් ද්විතීයික අධ්‍යාපනයත් ඉන්පසුව උසස් අධ්‍යාපනයත් මහජනතාවගේ බදු මුදලින් ලැබූ පිරිසක් රැකියාව ලෙස ද මහජන මුදල්ම ඉල්ලා කරන උද්ඝෝෂණ සේ මේවා හැඳින්විය හැකිය. එනම් තමන් ලත් දැනුමින් හැකියාවෙන් තමාට පුද්ගලිකව කිසිදු සේවයක් කර ගැනීම හෝ මහජනතාවට කිසිදු සේවයක් කර දීම හෝ සම්බන්ධයෙන් ස්වාධීන වූ හැඟීමක් මේ පිරිසට නැත.
ඇත්තටම මේ පිරිසේ කණ්ඩායම් තම තමන්ගේ හැකියාවන් අනුව කුඩා හෝ සමාගම් ලෙස එකමුතුව කටයුතු කළ හොත් තවදුරටත් ආණ්ඩු මත හෝ පක්ෂ මත හෝ යැපෙන්නේ නැතිව ස්වාධීනව තම ආර්ථික තත්ත්වය නගා සිටුවා ගත හැකිය. එය ‘රැකියාව සහ වැටුප‘ නමැති සීමාවෙන් එහා පිහිනා ගිය හැකි අසීමාන්තික ආදායම් සමුදුරකි. අනූවේ දශකයට සහ දෙදහසේ මුල් දශකයට වඩා දෙදහසේ දෙවන දශකයේ අවසන් කාර්තුව වන මේ යුගයේ එවැනි ස්වාධීන ආර්ථිකයන් ගොඩ නගා ගැනීම සඳහා අවස්ථා ඉතාමත් බහුල ය. අවශ්‍ය මූලික ප්රාග්ධනය කුඩාය. විටෙක ප්‍රාග්ධනයක් ඇත්තේම නැත. අවශ්‍ය වන්නේ හැකියාව සහ කැපවීම පමණ ය. අතරමැදියා ශූණ්‍ය ය. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා මුහුණට මුහුණ හමුවිය හැකිය. ගණුදෙනු කළ හැකිය.
රැකියා විරහිත උපාධිධාරීන් යැයි කියා ගන්නා අයට සහ එවැනි නිෂ්ක්‍රීය තරුණ පිරිස් වලට අනුන් මත යැපෙන්නේ නැතිව තමන්ගේ දෙපයින් නැගී සිටීමට අවශ්‍ය ව්‍යවසායික අවස්ථා හඳුන්වා දෙමින් ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට ලංකා ඊ නිව්ස් කලෙක සිට කල්පනා කෙළෙමු.
අද සිට ඇරඹෙන මෙම ලිපි මාලාව පරිපූර්ණ ව්යවාසයික ව්‍යාපෘති වාර්තා නොවේ. ඉන්දියාවේ නම් එවැනි කුඩා පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා වන පරිපූර්ණ ව්‍යවසායික ව්‍යාපෘති වාර්තා ඉන්දීය රජය සහ ඉන්දීය විශ්ව විද්‍යාල එකතුව තරුණ පරම්පරාවට ලබා දෙන වැඩ සටහනක් කලෙක සිට ඇත්තේ නමුත් ලංකාවේ එවැන්නක් ගැන හිතලාවත් නැත. එවැන්නක් කිරීමට සාමාන්‍ය exile මාධ්‍ය ආයතනයක් වන අපට සම්පත් නොමැති නමුත් අපට ලංකාවේ තරුණ පරම්පරාවට ලෝකයේ නව ව්‍යවසායික අවස්ථා හෙවත් ‘ගොඩ යෑමට‘ හැකි අවස්ථා ගැන හඳුන්වා දීමක් කළ හැකිය. නැතිනම් ‘ගොඩ යෑමට ටිප් එකක්‘ දිය හැකිය.
ඊට මහත් පිටුවහලක් වී ඇත්තේ මෙම ලිපි පෙල ඉදිරිපත් කරන මාධ්‍යවේදියා මාධ්‍යවේදියෙකු ලෙස කලක් රැකියාව කර පසුව ව්‍යවසායකයෙකු ලෙසද සාර්ථකව ව්‍යාපාර කර, ඒ ව්‍යාපාර අතහැර යලිදු පූර්ණ කාලීනව මාධ්‍ය රස්සාවට පැමිණි ලංකාවේ එකම මාධ්‍යවේදියා වීම ය. ඔහු අන්වර්ථ නාමයෙන් ‘චන්ද්‍ර ප්‍රදීප්‘ වේ.
චන්ද්‍ර ප්‍රදීප් මහතා විසින් ‘ගොඩ යන්න ටිප් එකක්‘ නමින් අද සිට අරඹන මේ ලිපි මාලාවේ ආරම්භය ලෙස ලංකාවේ කිසිදු කරදරයකින් තොරව වැවෙන මුරුංගා ගහේ කොළ වලින් ‘ගොඩ යන්න‘ අවස්ථාවක් ගැන හෙළිකර තිබේ.
මොරිංගා තේ Moringa Tea
මුරුංගා ගහ යනු ලංකාවේ ඕනෑම පරිසරයක ලෙහෙසියෙන් වැවෙන ශාකයකි. ලංකාවේ ජනතාව එය බහුලව භාවිතා කරන්නේ මුරුංගා කරල් එළවලුවක් වශයෙන් භාවිතාවට ගැනීම ය. මුරුංගා පොතු, මුරුංගා කොළ වල ඉස්ම දේශීය ඖෂධ ලෙසත් භාවිතා කරති.
නමුත් දැන් වසර 3 ක පමණ සිට ලෝකයේ මුරුංගා කොළ වලට විශාල ඉල්ලුමක් ඇති වී තිබේ. එංගලන්තයේ එය හැඳින්වෙන්නේ ‘මොරිංගා තේ‘ ලෙසය. මුරුංගා කොළ කුඩු කර තේ වෙනුවට පානය කිරීම අලුත්ම විලාසිතාවයි. මෙකී මොරිංගා තේ ග්‍රෑම් 50 ක පැකැට්ටුවක් එංගලන්තයේ මුදලින් පවුම් 5- 8 දක්වා හෙවත් ලංකාවේ මුදලින් රුපියල් 1000 සිට 1600 දක්වා වේ.
ලංකාවේ අහක දමන මුරුංගා කොළ ග්‍රෑම් 50 කින් රුපියල් 1600 ක් උපයා ගැනීමට අවස්ථාවක් තිබෙන නමුත් ලංකාවේ කිසිවෙකු මේ සඳහා අත තබා ඇතැයි වාර්තා වී නැත.
මුරුංගා කොළ වලින් රෝගාබාධ 300 කින් ගැලවීමේ හැකියාව තිබේ.
මොරිංගා තේ වීදුරුවක දොඩම් වීදුරුවකට වඩා 7 ගුණයක් විටමින් සී තිබේ.
මොරිංගා තේ වීදුරුවක කිරි වීදුරුවකට වඩා 4 ගුණයක් ප්‍රෝටීන් සහ කැල්සියම් තිබේ.
මොරිංගා තේ වීදුරුවක වේලකට කැරට් ආහාරයට ගන්නවා වඩා 4 ගුණයක් විටමින් ඒ තිබේ.
මොරිංගා තේ බීමෙන් කෙසෙල් ආහාරයට ගන්නවාට වඩා 3 ගුණයක පොටෑසියම් සිරුරට ලැබේ.
මේ හේතු නිසා යුරෝපීය ජාතිකයා මුරුංගා කොළ තේ ලෙස බීමටත් කොළ සලාද ලෙස ආහාරයට ගැනීටමත් අච්චාරු දමා කෑමටත් අලුතින් පෙළැඹී තිබේ.
මෙය කියවන තරුණයන් මොරිංගා තේ නිෂ්පාදනයට බහින්නට හිතන්නේ නම් ප්‍රථමයෙන්ම මුරුංගා කොළ තේ වැනි පානීය කුඩක් සේ සකසා ගන්නේ කෙසේදැයි අධ්‍යයනය කළ යුතුය. ඒ සඳහා අප උපදෙස් දෙනවාට වඩා හොඳම දේ ලඟම ඇති කාර්මික සංවර්ධන මණ්ඩලයේ උපදේශකයෙකු හමුවී උපදෙස් ගැනීමයි. ඔවුන් ඔබට එහි කාර්මික ක්‍රියාවලිය ගැන උපදෙස් දෙනු ඇත.
දෙවැන්න මොරිංගා තේ සඳහා හෝ මොරිංගා කොළ සලාද ලෙස විකිණීම සඳහා ගැනුම් කරුවන් සොයා ගැනීමයි. මෙය කියවන්නේ අන්තර්ජාලය ගැන හැඟීමක් ඇත්තෝ බැවින් කිව යුත්තේ ෆේස් බුක් වල කොටමින් කාලය නාස්ති නොකර ඊ බේ, ඇමසෝන් වැනි අන්තර්ජාල සුපර් මාර්කට් එකකින් කුඩා ඉඩ කඩක් මිලදී ගෙන තම භාණ්ඩ විකුණා ගැනීමට අවස්ථාව උදා කර ගන්නා ලෙසයි. ඊ බේ, ඇමසෝන් වැනි ජාත්‍යන්තර තලයේ අන්තර්ජාල සුපර්මාර්කට් එකකට ඇතුළු වන ඔබට හොර කළ නොහැකි බවද මතක තබා ගන්න. කළොත් ඒ එකම සහ අවසාන අවස්ථාව වනු ඇත. ඔබගේ ගනුදෙනුවේ මුදල් ලැබීම ගැන ඔවුන් වගවෙනු ඇත. ලංකාවේ ව්‍යාපාර කරද්දී නව ව්‍යාපාරිකයා නන්නත්තාර වන ‘පොලු කෑම‘ ඊ බේ, ඇමසෝන් වැනි අන්තර්ජාල සුපර් මාර්කට් එකක විකිණුම්කරුවෙකු වන ඔබට අත් විඳින්න වන්නේ නැත.
නිෂ්පාදනයකින්, මහන්සි වීමකින් තොරව ඩීල් කාරයෙකු ලෙස මුදල් හම්බ කර කෝටිපතියෙකු වීමේ සිහිනය අත්හැර දමා කුඩාවට, ලෝකයට විකිණිය හැකි, හරි දෙයක් නිෂ්පාදනය කර විකුණා කරදරයකින් තොරව සාමාන්‍ය ධනවතෙකු විය හැකිය.
-චන්ද්‍ර ප්‍රදීප්-
[email protected]