ගඩොල් වැඩ සහ ඉදිකිරීම් තාක්ෂණය

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
ගඩොල් වැඩ සහ ඉදිකිරීම් තාක්ෂණය

Brick Work
නියමිත ප්‍රමිතියෙන් යුතු ගඩොලක ලක්ෂණ :-

නියමිත දිග, පළල, උස පැවතීම.
කඩතොලු වලින් තොර වීම.
නියමිත වර්ණය
නියමිත හැඩය
මතුපිට වැලි මිශ්‍ර ගතියෙන් තොර වීම.

ගඩොල් බැමි බැදීමේ ක්‍රම (බැමි වර්ග):-

♥ Stretcher Bond (බඩගල් බැම්ම)
♥ Header Bond (ඔළු බැම්ම)
♥ English Bond (ඉංග්‍රීසි බැම්ම)
♥ Flemish Bond
♥ Facing Bond
♥ Dutch bond
♥ Garden Wall Bond
♥ Zigzag Bond

වරිය (Course)

ගඩොල් බැම්මක තිරස් අතට පිහිටන ගඩොල් සමූහයක් වරියක් ලෙස හැදින්වේ.

කුස්තුර (Joints)

ගඩොල් දෙකක් අතර පිහිටන බදාම තට්ටුව කුස්තුර ලෙස හැදින්වේ. මෙය සාමාන්‍යයෙන් 10-12mm අතර අගයක පවතී. සෑම විටම බැම්මේ සිරස් කුස්තුර සමාන නොවිය යුතුය. කුස්තුර පිරවීමට භාවිතා කරන බදාමය සදා ගැනීමට හලා ගත් වැලි (ගල් කැට රහිත) භාවිතා කරයි, මේ සදහා සල්ලඩය (chicken mesh) භාවිතයට ගනී.

බ්ලෝක් ගල් බැදීම.

බ්ලෝක් ගල් බැදීමේදී සුලභ ලෙස භාවිතා කරන බැදීමේ ක්‍රමය නම් බඩගල් බැදීමේ ක්‍රමයයි. සිරස් කුස්තුර අනුයාත වරිවල ඒක මත ඒක නොපිහිටන සේ කුස්තුර පැන්නුමක් සහිතව බඩගල් අාකාරයට බැම්ම ඉදිකරනු ලබයි. මෙම බැම්ම බැදීමට 1:5 අනුපාතයට බදාම මිශ්‍රණය සකස් කරගනී. බිත්තිය බැදීමේ දී බිත්තියේ සෘජු බව පරීක්ෂා කිරීමට ලඹය, මුළු මට්ටම, මට්ටම් ලීය, වැනි උපකරණ භාවිතා කරයි. බොහෝ පෙදරේරුවන් බිත්තියේ ලඹ බැලීමට Spirit Level භාවිතා කරයි මෙය වැරදි සහගත ක්‍රමයකි..

රළු ගල් බැම්ම

ස්වාභාවික පරිසරයෙන් ලබාගන්නා නිෂ්චිත ප්‍රමාණ වලින් දැක්විය නොහැකි ස්වාභාවිකව පවතින කළුගල්, කුඩුගල් අාදිය රළු ගල් ලෙස හැදින්වේ. කළුගල් වලට සාපේක්ෂව කුඩුගල් වල ශක්තිමත් භාවය තරමක් අඩුය. රළුගල් අප රට තුළ ප්‍රාදේශීයව භූ විද්‍යාත්මක සාධක මත ව්‍යාප්තව අැත. රළුගල් ලෙස බහුලව භාවිතා කරනු ලබන ගල් විශේෂ කිහිපයකි. ඒවා නම්,

කළුගල්:- ස්වාභාවික පරිසරයේ අැති විශාල ගල් පර්වත වලින් කඩා ඉවත් කර ගනු ලබන කළුගල් ශක්තිමත් භාවයෙන් ඉතා ඉහළය. නමුත් නිෂ්පාදන ක්‍රියාවලියේදී (කඩා ඉවත් කිරීමේදී) ඊට නිශ්චිත හැඩයක් නොලැබේ. නමුත් භාවිතයේ පහසුව සදහා සාමාන්‍යයෙන් 225X150mm හෝ 300X450mm ප්‍රමාණ වලින් නිර්මාණය කරනු ලබයි. (කඩාගනු ලබයි.) මේවායේ නිශ්චිත හැඩයක් නොමැති නිසා විෂමාකාර රළුගල් ලෙසද හදුන්වනු ලැබේ. රළුගල් නියමිත පරිදි උල් කොන් අාදිය නොපිහිටන සේ හැඩ ගන්වා නිර්මාණය කර ගැනීමෙන්,

§ සාර්ථක බැදීමක්(Bonding) හා පිරිහෙවීමක්(Bedding) ලබාගත හැක.

§ ගල් දෙකක් අතර අඩු බදාම තට්ටුවක් රැදවීමට හැකි වීමෙන් රළු ගලකට ගලක් හොදින් හේත්තු වීමෙන් වැඩි බරක් දැරිය හැකිය.

මෙම නිසා රළු ගල් මනාව කාර්යයට උචිත ලෙස සකසා භාවිතා කිරීම සුදුසුය. බැම්ම බැදීමේදී සිරස් කුස්තුර ඒකින් ඒක ඒක ඒල්ලේ අනුයාතව සම්බන්ධ නොවන ලෙස ඉදි කිරිම සිදු කළ යුතුය. මීට අමතරව බැම්මේ ශක්තිමත් භාවය වැඩි කිරීමට සෑම වර්ග මීටරයකට වරක් හෝ අවම වශයෙන් ඒක් බැදුම් ගලක් හෝ භාවිතා කළ යුතුය. (බැදුම් ගලක් යනු මුළු බැම්මේම පළල පැත්තකින් අාවරණය කළ හැකි ගලකටය.) ඒමෙන්ම රළුගල් බැම්ම ඉදි කිරීමේදී බිත්තියේ දිගම ඒක වර ඉදි කිරීම සිදු නොකරන අතර වරකට 900mm ට වඩා වැඩි බැදීමක් ඒකවර සිදු නොකරයි. ඒලෙස ඉදි කිරීමෙන් අත්තිවාරම අසමාන පතිත වීමකට ලක් වී රළුගල් බැම්ම ඉරිතලා යාම සිදුවිය හැක.

කුඩුගල්:- මේවා භූ විෂමතා ලක්ෂණ අනුව ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්තව පවතී. රළුගල් වලට සාපේක්ෂව මෙහි ශක්තිමත්භාවය අඩුය. කුඩුගල වටා ලා කහ පැහැයෙන් මිලි ලීටර කිහිපයක් ඝනකමට පස් වැනි වැලි මිශ්‍රනයක් අැලී පවතී. කුඩා මිටියකින් වැනි යමකින් තට්ටු කිරීමෙන් පහසුවෙන් ඒය කඩා ඉවත් කළ හැක.

චතුරස්‍රාකාර ගල්:- මෙම ගල් සදහා චතුරස්‍රාකාරගල් යැයි නම ලැබී අැත්තේ කුඩා මිටි පහරක් ඒල්ල කළද මෙම ගල් කැඩී යන්නේ අාසන්න ලෙස චතුරස්‍රාකාර හැඩයකටය. ඒම නිසා ඒ්වා
චතුරස්‍රාකාර ගල් ලෙස හදුන්වයි. කන්ද උඩරට ප්‍රදේශයට වන්නට මේවායේ ව්‍යාප්තිය වැඩිය. අලංකාර රටා මවමින් රළුගල් බැම්ම නිර්මාණයේ දී මෙම චතුරස්‍රාකාර ගල් බහුලව භාවිතා කරයි. බැම්මක් සදහා කළු ගල් භාවිතයේදී සිමෙන්ති වැලි බදාමය හෝ මැටි වැලි බදාමය භාවිතා කර බැම්ම බැදීම සිදු කරයි. බැම්ම සදහා භාවිතා කරන කළු ගල් ගඩොල් බැම්මේදී හොදින් ජලයෙන් තෙත් කර භාවිතයට ගන්නා සේම, කළු ගල්ද ජලයෙන් තෙත් කර භාවිතයට ගනු ලැබේ. ඊට හේතුව වියළි කළුු ගල් වල පවතින වියළි ස්වාභාවය නිසා තෙත බදාම මිශ්‍රනයේ අැති ජලය වියළි කළු ගල් විසින් උරාගැනීම නිසා බදාමය සවි වීමට අවශ්‍ය තෙතමනය නොමැති වීමෙන් බදාම සහ කළු ගල් අතර බැදීම දුර්වල විය හැක. කළු ගල් බැම්ම බැදීමේ දී සිරස් කුස්තුර ඒක ඒල්ලේ නොඒන ලෙස බැම්ම බැදීම සිදු කල යුතුය. ඒමෙන්ම බිත්තියේ සම්පූර්ණ දිගම ඒක විට ඉහලට නැංවීම සිදු නොකළ යුතුය. වරකට 900mm උසකට වඩා බැම්ම බැදීම නොකළ යුතුය. ඊට වැඩි උවහොත් අත්තිවාරමේ අසමාන පතිතවීම් හේතුවෙන් පිපිරීම් ඉරිතලායෑම් අැති වී දුර්වල බැම්මක් නිර්මාණය වේ.

රළු ගල් භාවිතයෙන් අත්තිවාරම

අත්තිවාරම ඉදිකිරීමේ දී විශාල ප්‍රමාණයේ අත්තිවාරම් සදහා 300x450mm ප්‍රමාණයේ කළුගල් භාවිතා කරයි. මෙලෙස කළුගල් අත්තිවාරම ඉදිකිරීමේදී ඒ සදහා භාවිතා කරනු ලබන සිමෙන්ති වැලි මිශ්‍රනය 1:6 අනුපාතයෙන් සකස් කර ගත යුතුය. අත්තිවාරම සෑම දික් මීටරයකට වතාවක්ම අත්තිවාරම් පළල
සහිතව තනි විශාල ප්‍රමාණයේ කළු ගලක් යොදාගනී. රළු ගල් බැම්ම බැදීමේදී රළු ගල් අතරට බදාම භාවිතා නොකර රළුගල් බැම්ම ඉදිකරන අවස්ථා ද දැක ගත හැකි වේ. ගොඩනැගිලි අත්තිවාරම්, බිත්ති මායිම්, තාප්පය, රැදවුම් බිත්ති අාදිය නිර්මාණය සදහා රළු ගල් භාවිතා කරයි.

රළු ගල් බැම්ම වර්ගීකරණය

බැම්ම බැදීමේදී ඒම බැම්ම ඉදිකරන රටාව අනුව බැම්ම ප්‍රධාන වශයෙන් අාකාර දෙකකට වර්ගීකරණය කළ හැකිය. ඒවා නම්,

1.) රළු ගල් උළුවම (Rubble Masonry)
2.) අාශ්ලේෂ උළුවම (Ashlar Masonry)

1.) රළු ගල් උළුවම (Rubble Masonry)

අත්තිවාරම්, රැදවුම් බිත්ති අාදිය සැකසීමේදී රළුගල් උළුවම භාවිතා කරන අවස්ථා දැකගත හැකිය. 225mm ට වඩා ප්‍රමාණයෙන් අඩු කැපීම් හෝ හැඩගැන්වීම් හෝ සම්පූර්ණයෙන් කර අැති වැඩි ඝණකමකින් යුත් බදාම තට්ටුවකින් සමන්විත බැම්ම රළු ගල් උළුවම ලෙස හදුන්වයි.

2.) අාශ්ලේෂ උළුවම (Ashlar Masonry)

කැපීම් හෝ හැඩගැන්වීම් ඉතා සැලකිල්ලෙන් කරන ලද පටු බදාම මූට්ටුවකින් සමන්විත බැමි විශේෂය අාශ්ලේෂ උළුවම ලෙස හදුන්වයි. නමුත් මෙම බැම්ම ඉදිකිරීමට වැයවන මුදල් ප්‍රමාණය වැඩි නිසා ගෘහස්තව මෙම බැම්ම භාවිතා කිරීම ඉතා අඩුය.

read more: http://constructionway.blogspot.com/2017/10/blog-post.html?m=0
 
SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    :)
     
    • Like
    Reactions: winrar77