මගේ ජීවිත කතාව. අහන උන් වරෙන්කො.

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
මගේ ජීවිත කතාව. අහන උන් වරෙන්කො.

මගේ ජීවිත කතාව. අහන උන් වරෙන්කො,දෙයක් තිබ්බොත් ඉගෙන ගනින්. කලින් දාපු හ්‍රේඩ් එක දැකලා සමහර අය මගෙන් ඇහුව ජිවිතේට මොකක්ද කරගත්තේ කියලා කියන්න කියලා. මම කලිනුත් මේක ගැන පොඩි සදහනක් කරලා තියනවා ත්‍රේඩ් එකක. නමුත් මට පොස්ට් එක හොයාගන්න බැ. ඒ නිසා මුල ඉදන් කියන්නම් මගේ ජිවිතේ සිද්දි.. දෙයක් ගන්න තියන කෙනෙක් අරගන්න. බැහැර කරන්න තියනවනම් බැහැර කරන්න.

මම ඉපදුනේ හැදුනේ වැඩුනේ හලාවත. මගේ තාත්තා මාලු බිස්නස් කලේ. අපිට බොට්ටු තිබ්බා, ඒ ඔක්කොම තාත්තා හම්බ කරපුවා. සාමාන්ය වත්කමක් මගේ තාත්තට තිබ්බා. 1999 වෙනකොට තාත්තා මාලු බිස්නස් එකට අමතරව ලන්කාවේ තැන් කීපයක මාලු ලැලි කලා. අපේම ලොරි වලින් ගෙනිහින් මාලු බෙදුවා, වික්කා. අද තියන සිලොන් ෆිශරි එකට මූලික අදහස ගත්තෙත් අපේ තාත්තගේ වියාපාර වලින්. නමුත් ආන්ඩුවෙන් සීෆිශ් කරන්න ගත්තට පස්සේ හැම ටවුන් එකකම ආන්ඩුවේ මාලු ලැලි ඇරියම තාත්තට පාඩු උනා. හැබැයි තාත්තා අත හැරියේ නැ ලන්කාවේ ප්‍රදාන පෙලේ හොටල්වලට තාත්තා දුන්නු ගානට කාටවත් මාලු දෙන්න බැරි උනා. ඒ නිස ඒක පාඩු උනේ නැ. ඔය අතරේ තාත්තා 2000දි විතර අදහසක් ගෙනාව ට්‍රොලර් මූදටාරන් ගිහින් ගෲප් හැටියට මූදෙදි මාලු ටින් කරමු කියලා. මේක ඒ කාලේ නැව් වලින් කලා. නමුත් ලන්කාවේ ආන්ඩුවත්, මූල්ය ප්‍රශ්නත් නිසා වැඩේ කෙරුනේ නැ. ගොඩක් මාලු අපතේ යනවා හරි ශීතාගාර නැති නිසා මයිනස් ගනන්වල මාලු තියාගන්න ශීතාගර නැ ලන්කාවේ ඒ කාලේ.

මාලු බිස්නස් වලට තිත තියපු තාත්තා 2002දි විතර පටන් ගත්තා සිල්ලර වෙලදාම. මුලින්ම ගෙදර ආසන්නයේ ලොකුවට කලා. ලාබත් ගත්තා. 2004දි තාත්තා මුලින්ම හලාවට කාගිල්ස් එක දැම්මෙව්ව. ඒකට බිස්නස් ඒ කාලේ හොදට තිබ්බා. ඒ වෙනකොට හලාවත සුපර් මාකට් තිබ්බේ නැ. සුහද කියලා ෆාමසියක් කරපු කෙනෙක් පොඩියට සුපර්මාකට් එකක් කලා බස් ස්ටැන්ඩ් එක ලග. ඒ හැරුනු කොට ආන්ඩුවේ සතොස විතරයි තිබ්බේ.

මම ස්කූල් අවුට් වෙනකොට අපේ ගෙදර සැහෙන ප්‍රමානයක වත්කමක් තිබ්බ තැනක්. මට ලොකු අද්යාපන සුදුසුකමක් හො කැම්පස් හීනයක් තිබ්බේ නැ. තාත්තා සැහෙන කට්ටක් කැවා මට උගන්නන්න. ඒත් හරි ගියේ නැ මට ඔනා උනේ රස්සවක් කරන්න. නමුත් තාත්තා මට එයා ලග රස්සවක් දුන්නෙ නැ. මගෙ හොදම යාලුවො ඔක්කොම රට ගියා. සමහරු ඉගෙන ගන්න ගියා. සමහරු රස්සවලට ගියා. මම අදුරන එක ක්ලාසෙකේ කෙල්ලොන්ට මම තාත්තා මාර්ගයෙන් සුපර්මාකට් එකේ රස්සා දුන්නා නමුත් මාව ගත්තේ නැ තාත්තා.. මට කිව්වේ " උබ මගේ ලග වැඩ කරන්න බැ, උබ වෙන කොහේ හරි රස්සවක් කරලා එක්ස්පිරියන්ස් එක්ක වරෙන් " ඔකයි කිව්වේ. ඒ කාලේ අද වගේ CIMA, SLITT බිට් ජිට් හුට් නැ එක්කො කැම්පස් එක්කො ජොබ්ස්. හලාවත ටවුන් එකේ ලොකුම ශෙඩ් එක කරපු එකා මගේ තාත්තගේ යාලුවෙක්. තාත්තත් පාට්නර් කෙනෙක්.

මම ඒ අන්කල් ලගට ගිහින් කිව්වා මට රස්සවක් ඔනා කියලා. පොර හිනා උනා ඇයි මගෙන් ඉල්ලන්නේ තාත්තා ලග තියෙන්නේ කියලා. මම විස්තරේ කිව්වම පොර කිව්වා ජොබ් එකක් දෙන්නම් හැබැයි තාත්තගෙන් අහන්න වෙනව කියලා. මම හා කිව්වම තාත්තට ඒ වෙලාවෙම කත කරලා කිව්වා. තාත්ත විරුද්ද උනේ නැ. මම වැඩට ගියේ ශෙඩ් එකේ තෙල් ගහන්න. අද වගේ නෙමෙයි ඉස්සර ශෙඩ් එකක තෙල් ගහන එකත් අමාරු වැඩක්. ගාන ගහපුවහම පෙට්‍රල් ඩීසල් ඩිස්පෙන්ස් වෙන මැශින් නැ. හරියට නොගැහුවොත් එකාට මිලිලීටර් 50 ගානෙ වැඩි උනත් දවසට සැහෙන පාඩුවක්. ඒ නිස ක්‍රමේට වැඩ ඉගෙන ගත්තා එතන එවුන්ගෙන්. උන් මට හිනා උනා මගෙ තත්වෙ එක්ක තෙල් ගහන එක දැකලා. තාත්තා ශෙඩ් එකට ඇවිත් මන් ලව්වා වාහනේට තෙල් ගහගන්නවා. ඩොන්ට් කෙයාර් ඉතින්. ඔහොම එතන වැඩ කලා සැහෙන කාලයක්. ටිට ටික ඉතුරු කරලා බයික් එකක් ගත්තා.

බයික් එක පරන එකක්.. යාලුවෙක් හිටියා ඒ කලේ මැකැනික් වැඩ දන්න. ඌ ඩොන් බොස්කො ගිය එකෙක්. ඌ එක්ක සෙට් වෙලා බයික් එක හැදුවා. පොඩි ගානක් වියදම් කරලා හදලා වික්කා. ලාබේ බෙදා ගත්තා. වැඩේ ලාබයි කියලා තෙරුනාම පරන බයික් ගෙනත් හැදුවා. හදලා පොඩි ගානක් තියන් වික්කා.

හලාවත රේල් ස්ටේශන් එක ලග පොඩියට බයික් රෙපෙයාර් වැඩ පටන් ගත්තා. මම දන්නේ නැ මැකැනික්. යාලුවා දන්නවා. මම ඌට ඇත පැතිවලින් බයික් ගෙනත් දෙනවා අඩුවට ඌ හදනවා. මෙහෙම කරලා ගානක් ඉතුරු කරන් වාහනයක් ගන්න බැලුව ඩිලිවරි වලට. ඒ වෙනකොට මැස්ඩා බොන්ගො කොටයක් වෙනවා ලක්ශ 3-4ක් වගේ. අපි ගාව තිබ්බේ 2.5ක් වගේ. ඉතුරු එක තාත්තගෙන් ඉල්ලුවහම තාත්තා විස්තරේ අහලා බිස්නස් ප්ලැන් එකක් දෙන්න සල්ලි දෙන්නම් කිව්ව. අපිට ලොකු බිස්නස් ප්ලැන් තිබ්බේ නැ.

වාහනයක් ගන්න ආසාව මිසක් ලොකු අයිඩියා එකක් නැති නිස ඒ කාලේ නැගලා යන බිස්නස් බැලුවා. (යාලුව අද බලන් ඉන්නවනම් උබ දන්නව මචො මම කවුද කියල ) යාලුවගේ අයියට තිබ්බා ෆොන් ශොප් එකක්. ඒකට මුස්ලිම් එකෙක් ඩුබායි වලින් බැට්‍රි ගෙනත් දානවා. අද වගේ ස්මාට්ෆොන් නැ ඒ කාලේ නොකියා 3310 එරික්සන් T20 මොටොරොල A130 වගෙ ප්‍රාතමික මොඩල් තමා තිබ්බේ. ඔවට බැට්‍රි වලට මකට් එක තිබ්බා. අපි තාත්තට කිව්වා වාහනෙ බැට්‍රි කඩවලට දාන්නයි යන්නේ කියලා. තාත්තා සල්ලි දුන්නා, අපි මාරවිල එකෙක්ගෙන් වැන් එකක් අරගෙන ආවා. හොද තත්වෙට වාහනේ ගොඩ දාගෙන බැට්‍රි බිස්නස් එකට බැස්සා.

පොඩි වන්ගුවක් තියලා අපි ෆොන් බැට්‍රී, චාජර්, කාර් චාජර්, ෆොන් කවර, සිග්නල් එකට පත්තු වෙන ලයිට් ස්ටිකර් වගේ අරුමොසම් බඩු කුරුණගල නුවර වගේ පැතිවල වික්කා. බිස්නස් යන දාට හලාවතින් පොල් අරන් ගිහින් නුවර වික්කා කඩේකට. නුවර එලියෙන් තේ කොල ගෙනත් පැකට් කරලා වික්කා. අතට අහු වෙන වටිනා ඔනා දෙයක් අපි අරගෙන වෙන පැත්තකට ගිහින් වික්කා. අන්නාසි, ගස්ලබු වගෙ ඉදන් අතට අහුවෙන ඔක්කොම එහෙන් මෙහෙට මෙහෙන් එහෙට වික්කා.

ඔක කරන අතරේ පන්නල ගිය වෙලාවක කඩේක එකෙක් අපෙන් විස්තර අහලා කිව්වා බිස්නස් එකක් තියනව වාහනයක් හොයනවා කරමුද කියලා. ඒකත් අත හැරියේ නැ හොයලා බැලුවා. පොඩි සාරි ගප්පි පැටව් අරන් ගිහින් මීගමුවේ පැත්තේ මාලු ටැන්කි හදන උන් ඉන්නවා උන්ගේ ටැන්කි වලට දාන්න. උන් ලොකු උනාම ආයේ ගිහින් අරන් එන්න. මාසෙට දවස් තුන හතරයි වැඩ සෙට් වෙන්නේ.. අපිත් වැඩේට සෙට් උනා. ටික කාලෙකින් යාලුව රට ගියා. මේ හැමදේම කරන අතරේ මම කොලඹ දීපාල් කියලා සර් කෙනෙක්ගෙන් ටිකටින් කොස් එක කලා. ඒක ෆයිනල් එක්සැම් එක පාස් උනා සාමාන්ය විදියට. නමුත් ට්‍රැවල් එජන්සි කරන්න ආසාවක්වත් එවල වැඩ කරන්නාසාවක් තිබ්බේ නැ දිගටම.

එක වැන් එකකින් සැහෙන ගානක් හොයාගත්තා. ඊට පසි ලීස් එකක් දාලා ෆුල් බොඩි ඉසුසුවක් ගත්තා. ඒක අරගෙන ගමන්ට් ෆැක්ටරියකට දැම්මා. ඒකට වැඩ හැමදාම සෙට් උනා ගාමන්ට් ෆැක්ටරියෙන් රෙදි අරන් ජා එල ග්ලොබල් පාර්ක් එකට ගේන්න. සමහර දට බඩු බාන්නේ නැ ලොරියෙම දවස් ගනන් තියනවා ඒ නිස ඒ ලොරිය වෙන වැඩ වලට ගන්න බැ. වැන් එකේ ඩිලිවරි දිගටම මම කරගෙන ගියා. ලොරියට එකෙක් ගත්තා දවසේ පඩියට. බිස්නස් එක සැහෙන මට්ටමකට ගෙනාවම තාත්තා සැහෙන්න හෙල්ප් එක දුන්නා. නමුත් පොඩි කෙලි හුටපටයක් නිස මම ග්දරින් එලියට ආවා. ඒත් අම්මා හොයලා බැලුවා නමුත් තාත්තා කොහොමත් විරුද්ද උනා. 2007 වෙනකොට මම ලොරි 3ක් ගාමන්ට් එකට දාලා තිබ්බ. වැන් එක ඒ වෙනකොට වැඩක් නැ අන්තිම ලොරිය ගෙනාවෙ වැන් එක විකුනලා. ඩිලිවරි බැට්‍රි වැඩේ අත හැරියා.

සාමාන්ය ලක්ශ 20ක් විතර ඒ වෙනකොට අතේ තිබ්බා ලොරි තුනට අමතරව. 2007 මැදකාලේ කුරුනැගලින් අක්කර 3ක ඉඩමක් ගත්තා ඒ සල්ලි වලින්. ඒ ඉඩම කැලි කරලා වික්කා මාස තුනක් වගේ ඇතුලත. ප්‍රාදේශීය සබාවේ උන්ගෙන් ඇපෲව් ගන්න වැඩ වලට ගිහින් මට එපා උනා නමුත් ආයොජනය කරපු ගානට වඩ තුන් ගුනයක් විතර හම්බු උනා. ඊට පාස්සේ තදට රට යන උන ගැහුවා.

ඉතාලි යන්න ඔනා කියලා ට්‍රයි කලා ඒත් හරි ගියේ නැ. ඒ වෙනකොට ප්ලේන් එකක් ගිහින් තිබ්බෙම නැ. පාස්පොට් එකත් හදාගෙන ඉස්සෙල්ලාම සින්ගපූරු ගියා. ඒ වගෙ තැනකට ජිවිතේට ගිහින් තිබ්බේ නැ. ආතල් ගන්න එකට වඩා මම බිස්නස් ලයින් එක බැලුවා. මට එයාර්පොට් එකේදි හම්බ උනා ගොඩක් උන් හාඩ් ඩිස්ක්, රැම් වගේ කොම්පියුටර් කැලි ගේන උන්. මට ඒව ගැන දැනුමක් තිබ්බේ නැ නමුත් මැරඊන් එන්ජින් පාට් ගේන එකෙක් සෙට් උනා ඒ අතරේ හිටිය. ඌ එක්ක කතා බහ කරපුවහම තාත්තාගේ බොට්ටු නිසා මට දැනුමක් තිබ්බා ඒ ගැන.

ඌ ගේන්නේ යමහා බොට් එන්ජින් පාට්ස්. ඒ මනුස්සය ඒ කාලේ අවුරුදු 40ක විතර හොද මනුස්සයෙක් මීගමුවේ. ඌ ලොස් නැතුව මට කඩ ගන්න තැන් අඩුවට තියන පොඩ් පෙන්නුවා. මිනිහා මාසෙකට සැරයක් එනව බඩු ගන්න. බිලී කොල්ලෙ ඉදන් අරන් යනව. මාත් අයිඩියා එකක් හිතේ තියාගෙන ගෙදර ආවා. තාත්තා ඒ වෙනකොට කෙලි කතන්දර නිසා මාත් එක්ක ඔරොප්පු මූඩ්. නමුත් බොට්ටු කේස් එකට ඔලුව දාගන්න නම් තාත්තා ඔනා නිසා අම්මා ලව්වා කතා කරල ශේප් කලා. ඒ වෙනකොටත් තාත්තා කිව්ව කතා ඇත්ත වෙලා තිබ්බේ කෙල්ල අම්බානක නැම්බියක්. ( එවා වැඩක් නැ ඉතින්. )

තාත්තා එක්ක ශේප් උනාට පස්සේ බොට්ටු පාට්ස් ගේන්න බොට්ටු ට්‍රොලර් උන් එක්ක පොඩි ඇග්‍රිමන්ට් එකකට ආවා. ඊට අමතරව ඉස්සො ෆාම් කරන උන්ට ඔනාගැජට් එකක් තිබ්බා. අර හන්සයො පදිනවා වගේ පැඩල් වෙන මැශින් එකකින් ෆාම් එක කලතන්න ඔනා ඉස්සො ඉන්නවනම්. මේ කරන්නේ එන්ජින් එකකට පැඩල් එකක් හයි කරල ෆාම් එකේ ඔහේ යන්න අරිනවා. ඉස්සො කොටු කරන උන් ඉන්නවනම් දන්නවා.

මේකට ඉස්සර උන් ගත්තේ එක්කො වතුර මොටර් එන්ජින් එකක් නැත්තම් මොටර් සයිකල් එන්ජින් එකක්. ඒක පාඩුයි වගේම කරදරයි. වතුර ගියොත් බඩු බනිස්. මට සින්ගපුරුවෙදි හම්බ උනා ජපන් පාට්ස් විකුනන එකෙක්. ඒ කාලේ තනකොල කපන මැශින් එච්චරම ජනප්‍රිය නැ ලන්කාවේ. ඌ මට මේ ඉස්සො කොටුවලට ඔනා ගැජඩ් එක අඩු ගනකට තනකොල මැශින් එකෙන් හදලා දුන්නා. එයින් එකක් අරන් ඇවිත් බැලුවා ලන්කාවෙ ඉස්සො කොටුවක. වැඩේ හිතුවට වඩා සාර්තකයි. මම දෙවෙනි පර ගිහින් ඒ එන්ජින් 36ක් අරගෙන ආවා. (ප්ලේන් එකේ නෙමෙයි ඉතින් ) ක්කස්ටම් එහෙම ක්ලියර් කරගෙන ලාබයක් තියලා ඉස්සො කොටු උන්ට වික්කා. බොට්ටු පට්ස් වෙනම ගෙනාව. මේක සැහෙන ලාබ ලැබෙන බිස්නස් එකක් උනත් මහන්සියි හරියට. එක දිගට සතියට දවස් 4 සමහර මාස්වල සින්ගපූරු ගියා. ඔහොම 2008-9 වෙනකන් මේන් බිස්නස් එක හැටියට මේක කලා ලොරි වලින් වෙනම ආදායමක් ආවා. සල්ලි තිබ්බ නිස බය නැතුව බඩු ගෙනාව. එමිරේට්ස් එකේ තමා මම සින්ගා ගියේ. නිතර යන නිසා ස්කයිවර්ඩ්ස් පොයින්ට්ස් වලින් මට ප්ලැනිටන් කාඩ් එක හම්බු උනා ඒ නිසා වැඩිපුර කිලො ගානක් ගේන්න පුලුවන් උන් හැන්ඩ් කැරි කරලා. බොට්ටු පාට්ස් වලට අමතරව එක එකාගේ බඩුත් ගෙනාව. හැබැයි එවා මමම බලලා ගත්තේ..

2010තාත්තා ලන්කාවේ ඔක්කොම බිස්නස් අම්මට බාරදිලා වෙන වැඩකට අත ගැහුවා. ඒ වෙනකොට මම මගේ වඩ නිස මේව ගැන හෙව්වේ නැ. නමුත් තාත්තා කරලා තිබ්බේ යුද්දෙන් පස්සේ 2010දි උතුරේ සැහෙන සන්වර්දන වැඩ තිබ්බා, නමුත් මිනිස්සු නැහැ එහේ. ආමි එකේ උන්ට බිම් බොම්බා වලලලා නිස කාටවත් යන්නදෙන්න බැ. ගෙයක් දොරක් හදන්නවත් බඩු මූට්ටු නැ. ඔක්කොම එන්න්කො අනුරාදපුරෙන් පොලොන්නරුවෙන් ගේන්න ඔනා. මන්නාරමත් ඒ වගේ දියුනු නැ. වවුනියා එහා හරිම දුශ්කරයි. තාත්තා ආමි එකත් එක්ක සෙට් වෙලා බ්ලොක් ගල් ගහන මැශින් අරන් ගිහින් උතුරේ බිල්ඩින් හදන සයිට් ලග බ්ලොක් ගල් ගැහුවා. ඒ වැඩේ ලාබයි. නමුත් අමාරුයි. මම මේක ගැන වැඩිය දැනන් හිටියේ නැ ඒ කාලේ. තාත්තා පස්සේ කාලෙක මට කිව්ව විදියට වතුර හොයගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා. කැලේ එහෙ මෙහේ යන බැ බොම්බා නිසා. ක්ලියර් කරපු පැතිවල විතරයි යන්න පුලුවන්. උතුරේ ප්‍රොජෙක්ට් වලට බ්ලොක් ගල් උලු වගේ දේවල් සප්ලයි කලේ තාත්තා දාපු මිනිස්සු හරහා. මේක තාත්තා 2012 විතර වෙනකන් කලා. අන්තිමට නම් හැමොම කරන්න ගත්ත නිස ලාබෙ සෙට් උනාට පස්සේ අයින් උනා. ඔය අතරේ තාත්තට 2013දි හම්බ වෙලා තියනවා ජර්මන් බිස්නස් කාරයෙක්. මිනිහා මුලින් අපේ ඉඩමක් ගන්න ට්‍රයි කරපු එකෙක් හොටලයක් දාන්න. නමුත් ඒ මනුස්සය ඒ වැඩේ අත හැරලා තාත්තා එක්ක සෙට් උනා මාලු රට යවන්න. නමුත් ඒ කාලේ වෙනකොට ඒක අමාරුයි යුරොප් කේස් නිසා,

තාත්තා එක්ක හිතවත් උන නිසා ජර්මන් එකාගේ රෙස්ටුරන්ට් වලට මෙහෙන් තේ යවන්න තාත්තා බිස්නස් එකක් කතා කරගෙන. කොලඹ ඔක්ශන් එකෙන් නොගෙන් කෙලින්ම ෆැක්ටරි වලින් අරගෙන යවන්න තාත්තා කත කරගෙන ඒක පටන් ගත්තා. ඔය අතරේ ජර්මනියේ කුරුදු වලට මාරම ඉල්ලුවක් තිබ්බා. කුලු බඩු හැටියට කුරුදු, කරාබු නැටි, සාදික්කා, සදික්කා වසාවාසි. මේවා රට යවන්න තාත්තා ජර්මනියට ගිය වෙලාවක හිතලා තිබ්බා. එහේට එන බඩු ගොඩක්ම ඉදියන් ඉන්දුනීශියා උන් හරහ තම ඇවිත් තිබ්බේ. එවා ගොඩක් පරනයි. ඔරිජිනල් ඇරොමා එක එන්නේ නැ. ජර්මන් බුවා ප්‍රයිස් වැඩියට හරි ෆ්‍රෙශ් බඩු ගෙන්න ගන්න ට්‍රයි කලා. ඒත් ජර්මන් ඉම්පොට් ලයිසන් එක ගන්න ජර්මන් එකාට සැහෙන කට්ටක් කන්න උනා මොකද ලන්කාවේ අපිට කම්පැනි එකක් තිබ්බේ නැ එක්ස්පොට් කරන්න. ගහකොල කැලි ජර්මනියට ගන්නේ නැ පෙස්ටසයිඩ් කේස් නිසා ඉම්පොට් ලයිසන් නැති උන්ගෙන්. අමාරුවෙන් කට්ටක් කලා ලයිසන් එක ඌ අරගන තිබ්බා.

අපිත් මෙහෙ පොඩියට එකක් පටන් අරන් නුවර පැතිවලින් බඩු එකතු කරලා එක පාර ලොට් එකක් හදාගෙන තාත්තා එයාර් කාගො දාලා තාත්තත් ගිහින් ක්ලියර් කරන අමුතු වැඩක් කලා. මීට කලින් ලන්කාවේ කිසි එකෙක් මේක කරලා තිබ්බේ නැ. ඒ නිසා එමිරේට්ස් කාගො එකේ වැඩ කරන උන් දන්නව මගේ තාත්ත කවුද කියන්න මේකෙන් පස්සේ. එයාර් කාගො දාලා තාත්තම ෆ්‍රැන්ක්ෆර්ට් වලින් ක්ලියර් කරලා දීලා එන සීන් එකක් දිගටම ගියා. ඇත්තටම කිව්වොත් අපිට ඉල්ලුමට සපයුම දෙන්න තරම් බඩු තිබ්බේ නැ.

තාත්තට සැහෙන කන්ටැක්ට් තිබ්බ රට වටේ. හැබැයි දේශපාලනේ නම් කලේම නැ. කන්ටැක්ට් ඔක්කොම බිස්නස්. එහෙම ජර්මන් ගිහින් එන හැම පාරම තාත්තා නිකන් ආවේ නැ. තේ ෆැක්ටරි වලට මැශින්, ඔරිජිනල් මෙඩිකල් ඉක්යුප්මන්ට් වගේ ජර්මන් බ්‍රැන්ඩ් බඩු ගෙනාව. යන එන දෙකේම තාත්තට ලාබ තිබ්බා. මම සින්ගපූරුවෙන් ගැජට් ගෙනත් වික්කා. තාත්තා කෙත් මේ වගේම වැඩක් හැබැයි එයා ගියේ ඉදලා හිටලා. මම සින්ගපූරු බිස්නස් එකෙන් සැහෙන්න සල්ලියක් හෙව්වා. කන්න බොන්න සමහර සතිවල සල්ලි ගිහින් තිබ්බෙම නැ මොකද එමිරේට්ස් ලොන්ජ් එකෙන් කන්න බොන්න හම්බුනා. අම්මා නම් අපේ රස්සා ගැන කලකිරිලා හිටියේ කොයි වෙලාවකවත් ඉන්න තැනක් නැ. නැදැයන්ගේ වැඩ වෙන වැඩ ඉතින් නැ. එව අතපසු වෙනවා.

2014දි මම සින්ගපූරු යන එක නැවැත්තුව. ඉදලා හිටලා ගියත් ලොකුවට කරන්න ගියෙ නැ. එකක් තාත්තගේ වැඩට හවුල් උන නිසා ලන්කාව ඇතුලේ ඉන්න ඔනා උනා. අම්මට අසනීප උන නිසා එවටත් කාලය ගියා.

ලන්කාව ඇතුලේ 2014න් පස්සේ අපි ලොකු දේවල් කලේ නැ. තාත්තට සැහෙන්න ජර්මන් වැඩේ හිතට අල්ලලා ගිහින් තිබ්බා. අපි සැහෙන්න ට්‍රයි එකක් දුන්නා මැක්වුඩ්ස් ටී බ්‍රැන්ඩ් එක ජර්මනියේ ඩීලර්ශිප් එක අරන් කරන්න. නමුත් මැක්වුඩ්ස් එක ඒකට සපොට් එකක් දුන්නේ නැ.. ඒ නිසා කුලු බඩු විතරයි කලේ. 2015දී තාත්තා පලතුරු ඉම්පොට් කරන්න ට්‍රයි කලා ජර්මනියෙන් ඒත් ලන්කාවේ මාකට් එක අල්ලගෙන ඉන්න සෙට් එකක් නිසා වැඩේ අත හරින්න උනා. ගොඩක් බිස්නස් ප්ලැන් ලන්කාවේ කරන්න ද්හෙන්නේ නැ ලන්කාවේ මිනිස්සු වල කපනවා. ඒ අතරේ තාත්තා ජර්මනියෙ ඉදන් පලතුරු අපනයනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මටත් ඉදලා හිටලා එවා ඉගෙන ගන්න ලැබුනා, නමුත් සහතිකෙකට ගන්න තරම් දෙයක් කරන්න ඔනකමක් තිබ්බේ නැ. ජර්මන් මනුස්සයා ඔය කාලේ අපේ පවුලත් එක්ක ලගින් හිතවත්ව හිටිය නිසා තාත්ත එක්ක බිස්නස් එකක් පටන් ගත්තා යුරොප්වල ෆ්‍රොස් කරපු පලතුරු. (ෆ්‍රොසන් ෆුඩ්ස් ) මිඩල් ඊසට් සහා ලන්කාවට ගේන්න. බෙරීස් ජාති තමා ගොඩක්ම. මේකට මාවත් හවුල් කරන් තාත්තා පටන් ගත්තා. ඒ මාර්ගයෙන් තමයි අද අපි මේ හැම බිස්නස් එකක්ම කරන්නේ. මේ දවස් ටිකේම අපි ට්‍රයි එකක් දෙන්නේ හොන්ග් කොන්ග් හරහා සින්ගපූර් මාකට් එකට යන්න. ඉඩ අවස්තා අඩුයි. අපි බොහොම පොඩි තැනක ඉන්නේ මල්ටි මිලියන් කම්පනි එක්ක හැප්පෙන්න බැ නමුත් පුලුවන් හැටියට ගේමක් දෙනවා.
 
Last edited:
මගේ ජීවිත කතාව. අහන උන් වරෙන්කො,දෙයක් තිබ්බොත් ඉගෙන ගනින්. කලින් දාපු හ්‍රේඩ් එක දැකලා සමහර අය මගෙන් ඇහුව ජිවිතේට මොකක්ද කරගත්තේ කියලා කියන්න කියලා. මම කලිනුත් මේක ගැන පොඩි සදහනක් කරලා තියනවා ත්‍රේඩ් එකක. නමුත් මට පොස්ට් එක හොයාගන්න බැ. ඒ නිසා මුල ඉදන් කියන්නම් මගේ ජිවිතේ සිද්දි.. දෙයක් ගන්න තියන කෙනෙක් අරගන්න. බැහැර කරන්න තියනවනම් බැහැර කරන්න.

මම ඉපදුනේ හැදුනේ වැඩුනේ හලාවත. මගේ තාත්තා මාලු බිස්නස් කලේ. අපිට බොට්ටු තිබ්බා, ඒ ඔක්කොම තාත්තා හම්බ කරපුවා. සාමාන්ය වත්කමක් මගේ තාත්තට තිබ්බා. 1999 වෙනකොට තාත්තා මාලු බිස්නස් එකට අමතරව ලන්කාවේ තැන් කීපයක මාලු ලැලි කලා. අපේම ලොරි වලින් ගෙනිහින් මාලු බෙදුවා, වික්කා. අද තියන සිලොන් ෆිශරි එකට මූලික අදහස ගත්තෙත් අපේ තාත්තගේ වියාපාර වලින්. නමුත් ආන්ඩුවෙන් සීෆිශ් කරන්න ගත්තට පස්සේ හැම ටවුන් එකකම ආන්ඩුවේ මාලු ලැලි ඇරියම තාත්තට පාඩු උනා. හැබැයි තාත්තා අත හැරියේ නැ ලන්කාවේ ප්‍රදාන පෙලේ හොටල්වලට තාත්තා දුන්නු ගානට කාටවත් මාලු දෙන්න බැරි උනා. ඒ නිස ඒක පාඩු උනේ නැ. ඔය අතරේ තාත්තා 2000දි විතර අදහසක් ගෙනාව ට්‍රොලර් මූදටාරන් ගිහින් ගෲප් හැටියට මූදෙදි මාලු ටින් කරමු කියලා. මේක ඒ කාලේ නැව් වලින් කලා. නමුත් ලන්කාවේ ආන්ඩුවත්, මූල්ය ප්‍රශ්නත් නිසා වැඩේ කෙරුනේ නැ. ගොඩක් මාලු අපතේ යනවා හරි ශීතාගාර නැති නිසා මයිනස් ගනන්වල මාලු තියාගන්න ශීතාගර නැ ලන්කාවේ ඒ කාලේ.

සිහින ආකරේක වැටුනා වාගේ
 
  • Like
Reactions: shenat

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
Podi Silva - පොඩි සිල්වා;22387326 said:
සිහින ආකරේක වැටුනා වාගේ
හිමීට ලියන්නම්. වෙන වැඩක් කරන ගමන් මේ ලියන්නේ..
 

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
මගේ ජීවිත කතාව.

එල මචන්....දිගටම දාපන්...අහන්න වටින කතාවක්.....
මේකේ හලාවත උනුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා...
රෙප්++++++
 

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එල මචන්....දිගටම දාපන්...අහන්න වටින කතාවක්.....
    මේකේ හලාවත උනුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා...
    රෙප්++++++

    avatar489426_2.gif

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලිය ලිය ඉතිං මේ රෝගියෙක් ගේ වැඩක් ඉවර වුණු ගමන් මේක රිෆ්රෙෂ් කර කර බලං ඉන්නෙ......
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එල මචන්....දිගටම දාපන්...අහන්න වටින කතාවක්.....
    මේකේ හලාවත උනුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා...
    රෙප්++++++
    ඒක තම මචො නම් ගම් එක්ක දැම්මේ සමහර උන්ට එතකොට බැලුවැකිනේ ඇත්ත බොරු. මම අර යාලුවගෙ නමත් කියනව නමුත් ඌ බැදලා ඔස්ට්‍රේලිය ඉන්නේ. මම උගේ වයිෆ්ගේ විස්තර දන්නේ නැ. සමහරවිට ඌ අතීතේ වහලා ගහලා නම් පවුල් කැඩිල්ලක් වෙන නිසා නම නොදැම්මේ.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    තවම කතාව ගොතනවා... ලේසි පාසු වැඩක් ද.... :lol:
    උබට එහෙම හිතෙනවනම් අඩු තරමේ ගොතපු කතාවෙන් හරි දෙයක් ගන්න පුලුවන්නම් වටිනවා. මෙතන මගේ රෙද්ද ගලොන එක නෙමෙයි ත්‍රේඩ් එකේ අරමුන. අතට අහු වෙන ඔනා ජොබ් එකක් කරන්න මිනිහෙක් හිත හදාගන්න ඔනා. එක පාර කොටි ගනන් පාත් වෙන්නේ නැ. සමහර අයට ඩිග්‍රී ගහලා ශෙඩ් එකේ තෙල් ගහන එක ලො ක්ලාස්. හැබැයි එන්ගලන්තේ ගිහින් ඒ වැඩේම කරන්න පුලුවන්..