උරුමයෙන් දේපල බෙදීයන්නේ මෙහෙමයි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    උරුමයෙන් දේපල බෙදීයන්නේ මෙහෙමයි

    උරුමයෙන් දේපල බෙදීයන්නේ මෙහෙමයි

    උරුමයෙන් දේපල හිමිවීම යනූ යමෙකු නිෂ්චල දේපලක් ඉතිරි කර තබා අන්තිම කැමති පත්‍රයක් නොතබා මියගිය අවස්ථාවකදී ඔහූගේ උරුමකරුවන් අතර එකී දේපල බෙදීයාමයි.

    1876 අංක 15 දරණ විවාහක හිමිකම් හා උරුම ආඥා පනතේ (මෙයට 1889 අංක 2 හා 1923 අංක 18 යන පනත්වලින් සංශෝධන ඉදිරිපත් කර තිබේ) ප්‍රතිපාදන වලට අනූව දේපල හිමිකර නොතබා යමෙකු මියගිය විට ඔහූගේ,ඇයගේ දේපල පහත ආකාරයට උරුමවීම සිදුවේ.

    ස්වාමියා මියගිය විට මූළු දේපලින් භාගයක් බිරිඳට අයිතිවේ. බිරිඳ මියගියවිට භාගයක් සැමියාට හිමිවේ.

    දරුවන් සිටිනවිට බිරිඳට,ස්වාමියාට දේපලින් භාගයක් හිමිවන අතර ඉතිරි භාගය දරුවන් අතර සමසේ බෙදීයයි. යම් දරුවෙකු විවාහකනම් ඔහූ,ඇය මියගොස් සිටී නම් ඔහූට හිමි කොටස ඔහූගේ බිරිඳ,සැමියා සහ දරුවන් අතර නැවත බෙදීයයි.

    යම් විවාහක පූද්ගලයෙකු දරුවන් නොමැති නම් ජිවත්ව සිටින ස්වාමියාට,භාර්යාවට මූළු දේපලින් හරි අඩක උරුමය හිමිවන අතර ඉතිරි භාගය මියගිය පූද්ගලයාගේ මව්පියන්ට අයිතිවේ.

    දරුවන් නොමැති විවාහක පූද්ගලයෙකුගේ දේපලෙන් හරි අඩක් මව්පියන්ට හිමිවන විටකදී මව්පිය දෙපලගෙන් එක් පාර්ශවයක් ජීවත්ව නොසිටීනම් ජීවත්ව නොසිටින මව,පියාගේ කොටස ඔහූගේ,ඇයගේ සහෝදර සහෝදරියන් අතර සමානව බෙදීයාම සිදුවේ.

    යමෙකු මියයන විට ඔයූට,ඇයට දරුවන් නොසිටී නම් සහ දෙමව්පියන්ද ජීවත්ව නොසිටී නම් ජීවත්ව සිටින සැමියාට,භාර්යාවට හරි අඩක් හිමිවන අතර ඉති්රි භාගය මියගිය අයගේ සහෝදර සහෝදරියන් අතර සමානව බෙදීයාම සිදුවේ.

    අවිවාහක පූද්ගලයෙකු මියගියවිට ඔහූගේ,ඇයගේ දේපල ජීවත්ව සිටින මව්පිය දෙදෙනාම සමසේ බෙදීයයි.

    අවිවාහක පූද්්ගලයකුගේ මව,පියා මියගොස් සිටීනම් මියගිය පූද්ගලයාගේ දෙකෙන් පංගුව එකී අවිවාහක පූද්ගලයාගේ සහෝදර සහෝදරියන්ට සමානව බෙදීයයි

    අවිවාහක පූද්ගලයෙකු මියගියවිට ඔහූගේ මව පියාද මියගොස් සිටී නම් ඔහූගේ සහෝදර සහෝදරියන් අතර සමානව දේපල බෙදීයයි. ජීවත්ව නොසිටින සහෝදර සහෝදරියන් වෙනවා නම් ඔවූන් විවාහකනම් විවාහක බිරිඳ ස්වාමියා හා දරුවන් අතර නැවත දේපල බෙදීයයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    18.gif

    රෙප් දුන්නා +6 ක්.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අවිවාහක පුද්ගලයාගේ දෙමාපියන්ද දෙමාපියන්ගේ සහෝදර සහොදරියන්ද ජීවත්න් අතර නැත්නම් ඔහුගේ දේපල කොයි බටද? පුතී (මහා බාරකාර මණ්ඩලයටද):angry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මරන්න ඕනේ නෑ වෙන එකෙක්වත් නෑ ඉතුරුවෙලා මම විතරයි ඉන්නේ :P
    [COLOR="COLOR="Magenta"]
    අන්තිම කැමැත්ත මගේ නමට පවරපන් මගේ කටුස් පුතී:D[/COLOR][/COLOR]
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    [COLOR="COLOR="Magenta"]
    අන්තිම කැමැත්ත මගේ නමට පවරපන් මගේ කටුස් පුතී:D[/COLOR][/COLOR]

    ඈ බොල මුත්තෙ වල පයයි ගොඩ පයයි තියාගෙන
    ඒත් තස්නාවනම් අඩුවක් නෑ නේද?
    :angry::angry::angry::angry::angry: