නීතිමය විසදුම්-ජීවිත භුක්තිය වෙනස් කළ හැ&#3482

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    නීතිමය විසදුම්-ජීවිත භුක්තිය වෙනස් කළ හැ&#3482

    ජීවිත භුක්තිය වෙනස් කළ හැකිද ? නීතිමය විසදුම්



    දෙමව්පියන් සතු සියලුම දේපළවල හිමිකරුවන් වන්නේ තම දරුවන්ය. ඔවූන්ට නිසියාකාරව දේපළ බෙදීම සිදු කරනූ ලබන අතර එසේ දේපළ පැවරීම සිදුකළද දෙමව්පියන්ගේ ජීවිත භුක්තිය හෙවත් පරාණ භුක්තිය ඇතිව තමන්ට හිමි දේපළ දරුවන්ට පැවරීම සිදු කරනූ ලබනවා.

    %25E0%25B6%259C%25E0%25B7%259A%25E0%25B6%25AF%25E0%25B7%259C%25E0%25B6%25BB%2B%25E0%25B6%2585%25E0%25B6%25BA%25E0%25B7%2592%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25BA%2B%25E0%25B6%25B1%25E0%25B7%2593%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BA%2B%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25B8%25E0%25B7%258A.jpg


    එසේ යම් කෙනෙකුට පවරන දේපළ අයිතියක ජීවිත භුක්තිය වෙනස් කර ගන්නට හැකිදෑයි අප මේ ලිපියෙන් දෑනූවත් වෙමූ.

    මා මෙතනදී බොහෝ දෙනා තුළ වැරදි මතයක්ව පවතින ජීවිත භුක්තිය හා පරාණ භුක්තිය පිළිබඳව යමක් පවසන්නට ඕනේ. ජීවිත භුක්තිය හා පරාණ භුක්තිය කියන්නේ එකකටමයි. එහි කිසි වෙනසක් නැහැ.

    ජීවිත භුක්තිය හෙවත් පරාණ භුක්තිය කියන්නේ යම් දේපළක හිමිකාරිය හෝ හිමිකාරයාගේ චංචල හෝ විශේෂයෙන්ම නිශ්චල දේපළ යම් අයකුට පැවරීමේ දී තමාගේ හා අන් අයගේ ජිවිත කාලය දේපළ හිමිකම භුක්ති විඳීමේ අයිතිය තමන්ට සහ වෙන කෙනෙකුට පැවරීමයි.

    උදාහරණයක් ලෙසට යම් දේපළක් හිමි පියෙකු එම දේපළ තම දරුවන් දෙදෙනාට ත්‍යාග ඔප්පූවක් මගින් පවරාදීමේදී තමාගෙත් තම බිරිඳගෙත් ජීවිත කාලය තුළම (ප්‍රාණ භුක්තිය රඳවාගෙන) එම දේපළ දරුවන්ට පවරා දිය හැක.

    එම දේපළ බදු හෝ කුලියට, විකිණීමට, දරුවන්ට හැකියාවක් නොලැබෙන අතර එසේ කිරීමෙන් ලැබෙන ආදායම ප්‍රාණ භුක්තිය හිමි අයටද හිමිවිය යූතුය. එවන් විකිණීමක්, පැවරීමක්, කුලියට දීමක් සිදු කරන්නේ නම් ප්‍රාණ භුක්තිය හිමි අයගේ කැමැත්ත අවශ්‍ය වෙනවා.

    මන්දයත් නාම මාත්‍ර අයිතිය පමණයි දරුවන්ට මෙමගින් ලැබී තියෙන්නේ.

    ඔප්පූවක් ලිවීමේදී නොතාරිස් ආඥා පනතේ ප්‍රතිපාදනය පරිදි ඔප්පූවක් සකස් කිරීමේ ක්‍රමවේද සටහන් කර තිබෙන අතර වංචා වැළැක්වීමේ ආඥා පනත යටතේ නිශ්චල දේපළ බැහැර කිරීමේ ප්‍රතිපාදන අදාළවීම හා ඉඩම් බෙදීමේ පනත යටතේ තිබෙන අයිතිය වෙන අයෙකුට හිමිකර දීමට පූළුවන්.

    බොහෝ අවස්ථාවලදී ත්‍යාග ඔප්පූවකින් දේපළ අයිතිය ලබාදෙන අතර එය ප්‍රතිශ්ඨාවකට (මූදල් මත) ලිවීම දෙමව්පියන් සිදු නොකරයි. එම දේපළ පැවරීම සිදු කරන්නේ දෙමව්පියන් දරුවන්ට ඇති ආදරය, කරුණාව, ස්නේහය පෙරදෑරි කරගෙනයි. එවන් අවස්ථාවකදී තමන් කැමති අයෙකුට ප්‍රාණ භුක්තිය තබා ලිවීම සිදුකරනවා.

    දේපළ ඔප්පූව ලියා අවසන් වූ පසූ තමන්ට අදාළ දේපළ ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි වූ පසූ නිත්‍යානූකූලවම එය බලාත්මක වෙයි. එවිට දෙමාපියන් තමන්ගේ දරුවන්ට තම ප්‍රාණය ඇතිව පවරන ඔප්පූව බලාත්මක වෙනවා.

    අවසාන කැමැති පත්‍රයක් සකස් නොකර දේපළ නොලියා දේපළ හිමි පූද්ගලයා මිය ගියේනම් භූදල් නඩූවකින් ජීවත්ව සිටින සියලු දෙනාටම දේපළ අයිතිය ලබාගැනීමට පූළුවන්. එසේ නොවී පරාණ භුක්තිය ඇතිව දේපළ තම දරුවන්ට පවරන දෙමව්පියන්ට දේපළ බලය ඉල්ලා බලපෑම් කිරීමට නොහැකියි.

    ගරු උසාවියේදී ද දරුවන්ට සහනයක් ලැබෙන්නේ නෑ. වංචනික අවස්ථාවකදී හා ලියවිල්ල නිත්‍යානූකූල නොවූණේ නම් පමණයි දරුවන්ට දේපළ සම්බන්ධයෙන් අධිකරණයේදී අභියෝගයකට ලක් කරන්නට හැකිවන්නේ. එවිට දරුවන්ට සහනයක් ලබාගැනීමට පූළුවන්.

    ජීවිත භුක්තිය ඇතිව ලියූ දේපළක දරුවන්ට කිසිදු දෙයක් කිරීමට නොලැබෙන අතරම එසේ ලියූ දේපළක් තමන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමේ බලය දෙමව්පියන් සතුව තිබෙනවා.

    දරුවන් දෙමව්පියන් නොසලකා දේපළ උරුමය ලබා ගන්නට උත්සාහ කර ඔවූන්ව එයින් නෙරපා හරින්නේ නම්, දෙමව්පියන්ට එම දේපළ වෙනස් කිරීමේ පූර්ණ බලය හිමිවෙනවා. (නඩත්තු ආඥා පනත යටතේ වැඩිහිටි දරුවන් ආදායමක් නොමැති දෙමව්පියන්ට සැලකිය යූතු බව සටහන් කර තිබෙනවා.) මේ නිසා දෙමව්පියන්ට නොසලකන දරුවන්ට තම දේපළ අහිමි කිරීමේ බලය දෙමව්පියන් සතුව පවතිනවා.

    ඒ සඳහා අදාළ ඉඩමට අයත් බල ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයේදී පැමිණිල්ලක් දමා ඉන්පසූ දිසා අධිකරණයේ නඩූවක් ගොනූ කර දෙමව්පියන් විසින් ලියූ ත්‍යාග ඔප්පූ වෙනස් කළ හැකි වෙනවා.

    ස්වාමි පූරුෂයෙකු තම දේපළ බිරිඳට ප්‍රාණ භුක්තිය ඇතිව දරුවන්ට පැවරීම සිදු කරනවා. නමූත් ස්වාමි පූරුෂයා හා බිරිඳ අතර මතභේද ඇති වූ අවස්ථාවක පොලිසියේදී සාමදාන නොවී එය දුරදිග ගිය අවස්ථාවකදී තම බිරිඳට පැවරූ ප්‍රාණ භුක්තියද අවලංගු කිරීමට ගරු දිසාධිකරණය නඩූවක් ගොනූ කොට අවසර ලබා ගන්න පූළුවන්. එවිට ලියූ ඔප්පූව අවලංගු වන අතර තමන්ට කැමති අයූරින් ක්‍රියාමාර්ගයක් ගැනීමට පූර්ණ බලය ලැබෙනවා.

    එමෙන්ම දරුවන් නොමැති අවස්ථාවකදී තම ඥාති අයෙකුගේ දරුවන්ට දේපළ පැවරීම සිදු කළද තම බිරිඳට හෝ ස්වාමියාට ජීවිත භුක්තිය තබා පැවරීම සිදු නොකළානම් බිරිඳගේ හෝ ස්වාමියාගේ මරණින් මතු එම දේපළ අභියෝගයකට ලක් කරන්නට එම දෙදෙනාගෙන් ජීවත්ව සිටින අයෙකුට හැකියාවක් නැත.

    ජීවිත භුක්තිය ඇති දේපළක් දරුවන්ට විකිණීමට නොහැක. ඒ සඳහා ජීවිත භුක්තිය ඇති පූද්ගලයාගේ කැමැත්ත අනිවාර්ය වන අතර ජීවිත භුක්තිය හිමි පූද්ගලයාට දේපළ පවරා තිබෙන ආකාරය වෙනස් කිරීමට හැකියාව හිමිවෙයි.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මචං පුළුවන්නම් ලංකාවෙ ආදායම් බදු නීතිය ගැන විස්තර ටිකක් දාපන්කො. බැංකුවක මුදල් තැන්පත් කලාම කොහොමද බදු වලට සෙට්වන්නෙ.ඉඩම් මිලදී ගැනීමේ දී සහ විකිණීමේදී කොහොමද බදු වලට සෙට්වෙන්නෙ? ව්‍යාපාරයක් කරල උපයන මුදල්වලට බදු ගෙවන්න වෙන විදිය වගේ දේවල්.
     
    Last edited:

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මචං ජිවිත භුක්තිය තියලා දරුවන්ට දේපල ලිවුවම එක අයෙත් වෙන කෙනෙකුට ලියන්න පුලුවන්ද?

    එහෙම පුළුවන් වෙන්නේ ලියනකොට වෙනස් කිරීමේ වගන්ති ඇතුලත් කලොත් විතරයි නේද?

    නැතුව නිකන් ජිවිත භුක්තිය තියලා ලිවුවම වෙන කෙනෙකුට අයෙත් ලියන්න බෑ නේද?
     

    Similar threads